ගුරුවරයෙකි, මැදිවියේය, සැමියෙකි. ඔහුට නිර්ණාමික දුරකථන පණිවුඩ, කෙටි පණිවුඩ, නිර්නාමික ලිපි යනාදිය ඔස්සේ පණිවුඩ ගලා එති. ඔහුගේ බිරිය ඉඩහසර ලැබෙන විට තම ප්‍රථම පේ‍්‍රමයේ සොඳුරු ආශ්වාදය රහසින් විඳින බව ඒ පණිවුඩවලින් කියැවිණි. පසුගිය දිනක සැමියා සුපිරි හෝටලයක මංගල සාදයකට බිරිය සමග ගියේය. එහිදී ඔහුට ජේත්තුවට ඇඳගන කණුවකට හේත්තුවී සිටි තරුණයකු ඇස ගැසුණේය. වැඩි අවධානයෙන් ඔහු තරුණයා දෙස බලා සිටියේය. බිරියගේ පරණ ආදරවන්තයා ඔහුය. විශේෂයෙන් ඔහු ඇඳගන සිටි කමිසය තමාගේ කමිසයක වර්ණය හැඩය හා වර්ගයත් ඔහුට එක්වරම මතකයට ආවේය. මගේම කමිසේ වත්ද මූ අගේට ඇඳගන උගේ වගේ ඉන්නේ යැයි සිතින් සිතුවේය. ඒත් බිරියට දැනෙන්න වෙනසක් නොපෙන්වා සාදයෙන් සමුගෙන බිරියත් සමග නිවෙසට ගියේය. ගෙදර පැමිණි විගස තවත් ගමනක් යන්න තියනවා කියා එම කමිසය සොයන්න පටන්ගත්තේ කෝ මගෙ අර අළුපාට කමිසේ කොහෙද අයිසේ ඒක තිබ්බේ? යනුවෙන් අසමිනි. බිරියට කරුණු අවබෝධ විය. එනපොට හොඳ නැති බවද දැනිණි. ඇය ඇත්ත කීවාලූ. මීට පස්සේ පැත්ත පළාතක ඔහුට එන්න නොදෙන බවට පොරොන්දු වුනාලූ. යළිත් වැරැද්දක් කළොත් මැරුවත් කමක් නෑ කියා සමාව ගත්තාලූ. ඒ කමිසේ මගෙන් තෑග්ගක් කියා ඌටම දෙන්නැයි කීවාලූ. දෙන්නා දැන් හොඳින් ජීවත්වෙනවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිරිය සැමියාගේ කමිසය පෙම්වතාට දීලා
තිළිණ Thursday, 08 November 2012 12:13 PM
ගහලා පන්නන්නයි තියෙන්නේ. (නි)
ජයී තිසර Tuesday, 06 November 2012 09:47 PM
ඇය විශ්වාස කරන්න අමාරුයි. එක් වරක් හොරෙක්, සැමදා හොරෙක් කියා කථාවක් ඇත. (නි)
මයිකල් ප්‍රනාන්දු Wednesday, 07 November 2012 04:40 AM
මටත් කමිසයක් දෙන්න පුලුවන්ද? පින් සිද්දවෙයි! (නි)
තිළිණ Wednesday, 07 November 2012 06:40 AM
සමාජයට ආදර්ශවත් පුද්ගලයෙක්. (නි)
ආනන්ද Wednesday, 07 November 2012 06:58 AM
සමුපකාර ක්‍රමය අපි කවුරුත් අගය කරන්න ඕනෑ. (නි)
සකලා Wednesday, 07 November 2012 07:10 AM
හෙට අනිද්දා කඩුවත් දේවි.. මනමේ නාටකයේ දෙවැනි කොටස .එනවා අලුත් චිත්‍රපටියක්. ''කමිසේ- තමුසේ'' කියලා (ස)
ජයන්ත Wednesday, 07 November 2012 08:52 AM
කමක් නැනේ .ඔයිට වඩා කොච්චර පොඩි ප්‍රශ්න වලට සමහරු පවුල් අවුල් කර ගන්නවද...? (ස)
කැලුම් Wednesday, 07 November 2012 09:00 AM
අනේ මගේ මාලේ අල්ලපුගෙදර අක්කා ලඟ. ඒවා හොඳඳ (ස)
නුවන් Wednesday, 07 November 2012 09:22 AM
කතාව සරල උනාට විසඳුම හොඳ ආදර්ශයක්. කමිසෙ එයාටම තෑගි කලා කිව්වම මට මතක් උනෑ "එලොව ගිහින් මෙලොව ආව" කතාව. (ස)
ෂෙරීෆ් Wednesday, 07 November 2012 11:03 PM
හැම වාසනාවන්ත පිරිමියෙක් පිටුපසම විනාශකාරී ගැහැණියක් සිටිනවා. (නි)
ගලබඩ Thursday, 08 November 2012 01:39 AM
අදුරේම ඇදුම් ඇදගන්නා විට කමිසය මාරුවෙන්න ඇති. (නි)
ක්‍රිස්ටි Thursday, 08 November 2012 09:46 AM
කවුද ඔයාට මේ කතාව කිව්වේ (ස)
අසෝක Thursday, 08 November 2012 10:37 AM
බොරු කතාවක් (ස)
රියාස් Thursday, 08 November 2012 11:59 AM
ලංකාවේ අපේ ලංකාවේ... (නි)
රසිකා ප්‍රනාන්දු Tuesday, 06 November 2012 08:55 PM
නියම සැමියෙක්.. එහෙනම් තව ටික දවසකින් දෙයියෝ සාක්කි වලින්ම බලාගන්න පුළුවං වෙයි පැරණි පෙම්වතා එක්ක පැනලා ගිහිං කියන පුවතත්..!(නු)
සිරි Thursday, 08 November 2012 07:59 PM
"විශ්වාසය නිධන් කෙරුව සිතක් බිඳුණ පසු කල්පයක්ම සොයා ගියත් නොමැත කිසිම ඔසු!" පෙම්වතාගෙ කමිසය හදිසියට ගෙදර දමලා ගිහින් වගෙයි. (නි)
හේරත් Thursday, 08 November 2012 10:37 PM
සර්ට කමිස කීයක් තියෙනවද? ඔට්ටුයි මතක නැතුවට. (නි)
ෆ්රෑන්ක් Friday, 09 November 2012 05:43 AM
ඔය ගෑණුන්ට විරුද්ධව යහපත් පිරිමි වගේ අදහස් දාන අයම තමා ගෑනු දැක්කහම ඔක්කොම අමතක වෙන්නෙත්. (නි)
හේරත් Friday, 09 November 2012 09:00 AM
නෝනගේ සාය හැට්ට එහෙම වටපිටාවේ අයට දීලා නැතුව ඇද්ද (ස)
සාලිය Saturday, 10 November 2012 11:19 AM
ආයෙත් කරන්නෑ කිව්වේ කමිස දෙන එක විතරද දන්නේ නෑ (ස)
දිනේෂ් Sunday, 11 November 2012 03:41 PM
මිනිහට හොඳ පල්ලම. එයාගේ හොර වැඩ අහුවුණත් දැන් නිදහසට කරුණු තියෙනවා (ස)
සෑම් Tuesday, 13 November 2012 09:50 AM
තෑගි දෙකයි... බිරිය කිසි භයක් නැතිව කියපුහැටි... කෝකටත් මහත්තයෝ ටිකක් බිරිය ගැන අවධානයෙන් සිටියොත් හොඳයි... (ස)
එරංග Tuesday, 13 November 2012 09:40 AM
මොනවා උනත් මේ ගෑනු කෙනා මටනම් විශ්වාස නෑ (ස)
රුවන් Tuesday, 13 November 2012 02:47 PM
ගුරුතුමණි ඔබ ඇයට අනුකමිපාකලත් ඇය විස්වාස කල කැකිද?....... (ස)
භාරත Tuesday, 13 November 2012 04:06 PM
නරියා මනමේ කුමාරිට කිවුවලුනේ “මට කවිය හරියටම මතක නැහැ“ කියලා. මේකත් ඒ වගේ තමයි. (නි)
සමන් Tuesday, 13 November 2012 10:27 PM
හොර සැමියාට තෑග්ගක් දෙන්න ඕන නම් තමන්ගේ මනුස්සයාගේ ඒවා දීල හරියන්නේ නැහැ කියලා මේකෙන් ගන්න ඕන ආදර්ශය..!(නු)
ජුඩ් Tuesday, 13 November 2012 10:27 PM
තමන්ට කමිසයක් ගන්න බැරි එක්කෙනා එක්ක මොකට මගුල් කනවාද කියලා මේ ගැහැනු කෙලාට හිතෙන්න ඇති...!(නු)
ජූඩ් Tuesday, 13 November 2012 10:49 PM
කවුද දන්නේ යට ඇදුමත් මහත්තයාගේ වගේ එකක් අරන් දුන්නද කියලා..!(නු)
විජේ Tuesday, 06 November 2012 02:16 PM
අනේ අනේ..!(නු)
එම්ආර්එෆ් Tuesday, 06 November 2012 10:58 AM
මේක නම් දෙයියෝ සාක්කිමයි.. මෙහෙමත් ලංකාවෙ මිනිස්සු පවුල් කනවානේ..!(නු)
සිල්වා Tuesday, 06 November 2012 11:18 AM
ගුරුතුමෝ කූඩැල්ලා මෙට්ටේ තිබ්බට වැඩක් නෑ .(ස)
රාජා Tuesday, 06 November 2012 11:21 AM
හොද සැමියෙක්, හොද බිරිදක්, හොද පෙම්වතෙක්, හොද කතාවක්. (නි)
දයා සෞදි Tuesday, 06 November 2012 11:23 AM
අවසර කල රහස් තැන - ගැහැණු කවුරුද වරදේ නොබැදෙන..(නු)
ගාල්ලේ කපිල Tuesday, 06 November 2012 11:29 AM
ඕකට අපේ ගම්වල නම් හොද වචනයක් කියනවා.. මේ නිසා තමයි අද මිනීමැරුම් වැඩි වෙලා තියෙන්නේත්..!(නු),
හසිත් Tuesday, 06 November 2012 11:30 AM
මාර ආදරයක් .(ස)
තාරක Tuesday, 06 November 2012 11:38 AM
ඔහොම කිවුවට ගෑණු කවදාද විශ්වාස කරන්න පුලුවන්. (නි)
කමල් Tuesday, 06 November 2012 11:40 AM
ගැහැණු ඇයි මෙච්චර පහත් වැඩ කරන්නේ.. හොරෙන් කන්නමයි හදන්නේ..!(නු)
වරුණ Tuesday, 06 November 2012 12:32 PM
කමිසයක් විතරක් දෙනවනම් මදැයි .(ස)
සජී Tuesday, 06 November 2012 01:22 PM
මේ වගේ ගැහැණුත් එක්ක පවුල් කන්නේ කවුද?(නු)
සරත් Tuesday, 06 November 2012 01:22 PM
මොනවා උනත් දෙන්නම බුද්ධිමත් ගත යුත්තක් තියෙනවා..!(නු)
ජයා සමී Tuesday, 06 November 2012 01:25 PM
ස්ථානෝචිත ප්රඥාවෙ හොදම එක... ඇති යංතං...(නු)
මුතුකුඩ Tuesday, 06 November 2012 02:22 PM
ඒත් විශ්වාසනීය පොරොන්දුව කඩවුනාට පස්සේ ආයෙත් එසේ නොවෙයි කියලා කොහොමද ඔහු විශ්වාස කරන්නෙ..?(නු)
හේමන්ත Tuesday, 06 November 2012 10:39 AM
පටලැවිල්ලක්
යෙහාන් Tuesday, 06 November 2012 02:20 PM
හොදට හිතලා බලලා සැමියා ගත්ත තීරණ්යක්.. නමුත් නෝන ගැන සැළකිලිමත් වෙන්න..!(නු)
චන්ද්‍රසිරි Tuesday, 06 November 2012 02:44 PM
අහිංසක සැමියට වැරදි කරන එක හොද නැහැ... කරුණු තේරුම් ගෙන වැරදි හදාගැනීම හොදයි..!(නු)
ගාමිණී සිරිවර්ධන Tuesday, 06 November 2012 02:56 PM
අනේ බිරිදත් තෑගි කළානම් ඉවරයිනේ..!(නු)
සේනානායක Tuesday, 06 November 2012 03:49 PM
ඔය ඇත්තමද? නැත්නම් අමරදේවයන්ගේ පෙරදිනයක මේ පෙම්කල ගීතයට ගෙතූ කතාවක්ද?(නු)
හනීෆා Tuesday, 06 November 2012 04:06 PM
ඉවසීමෙන් සැණසීම ලැබේ..!(නු)
ගයාන් Tuesday, 06 November 2012 04:50 PM
මනමේ දෙක.(නු)
ජයතිලක Tuesday, 06 November 2012 05:50 PM
නියම ගුරුතුමා සාදු සාදු..!(නු)
සුභාෂ් Tuesday, 06 November 2012 06:36 PM
අයියෝ අපේ රටට ගිය කලක්..!(නු)
චරිත් Tuesday, 06 November 2012 06:41 PM
ආයිමත් යාවිද එයත් එක්ක..!(නු)
පිටිගල මිලානෝ Tuesday, 06 November 2012 06:57 PM
බිරිද තම සියළු දේ හොර සැමියට දුන්න එකේ කමිසයත් ලොකු දෙයක්ද?(නු)
හර්ෂණ Tuesday, 06 November 2012 08:00 PM
උගත්කම සහ නිවුණු ස්වාභාවය තියෙන මිනිසකුට පහත් ගැහැණියකකුත් සමාව දීලා තමන්ගේ ජීවිතය නාස්ති නොකරගෙන ජීවත් වෙන්න පුළුවං.. මෙතුමා සමාජයට හොද ආදර්ශයක්..!(නු)
ෆෙරෝස් Tuesday, 06 November 2012 08:08 PM
දෙදෙනාම හොදයි. සමගියෙන් ජීවත් වෙන්න..!(නු)
හිල්මි Tuesday, 06 November 2012 08:27 PM
කමිසෙ නැතිවුනාට හොරෙන් හොරෙන් හමුවෙලා කරන දේවල් සැමිය දන්නෙ නැහැනේ..!(නු)