X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 30 වන බදාදා


බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

කුඩා කඩ මණ්ඩියකි. එහි ප‍්‍රධාන කඩයක් අසල බංකුවක් හා පුටු කීපයක් තබා තිබුණෙන් වැඩි පිරිසක් එක්ව කතා කරමින් පසුවෙති. පසුගිය දිනක ඔවුන් දේශපාලනය කතා කිරීම නිසා ගැටුම් පවා ඇතිවූයෙන් මුදලාලි පුටු ඉවත්කොට ‘දේශපාලනය අරගෙන එන්න එපා’යි දැන්වීමක් ද එල්ලූවේය. 

මේ නිසාම කඬේට එන පිරිස අඩු විය. ‘වැඩිපුර මිනිස්සු ඒම වළක්වන්න මුදලාලි ගහපු ගැටයක් ඕක. දැං ඔතෙන්ට අර ‘....’ කියන ගෑනි රිංගනවා ‘මුදලාලිගේ බිරියට අසල්වැසි කාන්තාවක් ඔත්තුවක් දුන්නාය.

කරුණු සෙවූ ඇයට වැඬේ ඇත්ත බව පෙනිණ. මේ නිසාම අඹුසැමි අරගලද ඇතිවිය. පසුගියදා කඬේ එල්ලා තිබූ ‘දේශපාලනය යන අකුරු මත කවුදෝ ‘කාන්තාවගේ නම අලවා තිබුණි. මෙය දුටු මුදලාලිට යකා වැහිණි. මෙය බිරියගේ වැඩක් යැයි සිතා මුදලාලි එය ගලවා ඉරා විසිකළේ හොඳ වචන දෙක තුනක් කියමින්ලූ.



අදහස් (0)

බිරියගේ උප්පරවැට්ටියෙන් මුදලාලිට යකා වැහිලා

ශාන්ත Saturday, 16 January 2016 03:00 AM

කරුණු සෙවූ ඇයට වැඩේ ඇත්ත බව පෙනුනා නම් ඇගේ ප්‍රතිචාර දැක්වීම වැරදිද? (නි)

:       0       0

සුරනි Friday, 15 January 2016 12:14 PM

ඔව් එයාට අපි පාඨක සභාව ගානේ මල් මල් චිත්තයක් දෙනවා මනෝජ්. (බ)

:       0       0

පද්මී ස්මිත් Friday, 15 January 2016 12:17 PM

තමන්ගේ අම්මාට ආදරය කරන පිරිමිපක්ෂය කවදාකවත් ගැහැණුනට අපහාස කරන්නේ නැහැ.බටහිරයන් " ලේඩීස් ෆස්ට් " කියලා කියන්නේ කට කහනවාට නොවෙයි. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 15 January 2016 02:08 PM

මුදලාලිගේ කඩේට රිංගුවා හොර අම්බෙනිය විවේචනය් කල නිසාද කට්ටියම මාව දඬු කන්දේ ගහන්න හදන්නේ ? අනේ ඉතින් මේ අවනඩු රජ්ජුබණ්ඩාර දෙවියන්ටවත් කියමු නේද ? ඔන්න මාව බාරයි හත් කට්ටුවක් බණ්ඩාර දෙවියන්ට (කෞ)

:       0       0

වික්‍රම Friday, 15 January 2016 02:22 PM

වැටත් නියරත් ගොයම් කයි නම් කාට පවසමුද අවනඩුව,(කෞ)

:       0       0

චන්දි Friday, 15 January 2016 04:29 PM

ටික දවසකින් එසැණට ගොඩවෙන්නත් බැරිවුණා. මගේ එසැණ පරණ යාළුවො එකතුවෙලා පෙර ලියු කවි කතා කියෙව්වා. මොනතරම් සුන්දරද? පෙර ලියූ සමහරුන් එසැණට දැන් නොලිවුවත් ඔබ සැම කොහේ, කොතන හිටියත් යෝධබල,යෝධ ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

චන්දි Friday, 15 January 2016 04:34 PM

මේ මුදලාලි වගේම මමත් අකමැති මාතෘකාවක් තමයි දේශපාලනය. අපේ ජයා සොයුරාට බවලතියන් ඇලජික් වගෙයි නේද..? (නි)

:       0       0

රත්න Friday, 15 January 2016 11:39 PM

හැමදාම දකින කුකුළාගේ කරමලේ සුදුවට පේනවා වාගේ බවලතෙක් මොනවාහරි දෙයක් කළාම පිටබැද්දර මුළු කාන්තා සංහතියටම බැණ වදිනවා. අපේ පාඨක සභාවේ කාන්තාවෝ උඩදාගෙන ජයාට බනිනවා.එක්කෝ කතාව වෙනස් වෙන්න ඕනෑ, නැත්නම් ජයා වෙනස් වෙන්න ඕනෑ (නි)

:       0       0

චාන්දනී Saturday, 16 January 2016 12:53 AM

අත්පොළසන් දෙන්නත් තනි අතින් බැරි බව පිටබැද්දර මහතා තවම දන්නේ නැහැනේ. අනියම් බිරිඳට බැන්නට මොකද ඒ වැඩේට පිරිමි පුළුටක් සම්බන්ධ නැති ගානටනේ බවලතුන්ට විතරක් බනින්නේ. ඒකනේ මෙතන ප්‍රශ්නය! (නි)

:       0       0

බටගල Saturday, 16 January 2016 01:46 AM

කමෝන් ජයා කමෝන්! (නි)

:       0       0

මෙල්වින් Saturday, 16 January 2016 01:46 AM

නයනා, ඔයා කියලා කට ගන්න වුණේ නැහැනේ. ඒකම නේද වුණේ? (නි)

:       0       0

මනෝජ් Friday, 15 January 2016 12:04 PM

ජයාගේ අදහස් වලින් පෙනෙන්නේ ගැහැණු ගතියක් මට නම්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 January 2016 07:17 AM

රත්න ඔබ නියම තැන ඇවිත් තියෙනවා , අද මගේ නිවාඩු දවස වතේ පිටියේ වැඩක පලක් කරලා මහනිසියට පොඩි අඩියක් ගහල නිවිහැනහිල්ලේ ඉන්න වෙලාවක අපේ රත්නේ ළමය කියල තියෙන විදියට මම වෙනස් වෙන්න ලෑස්තියි , එහෙනම් ඉතින් මම වැල යන අතට මැස්ස ගහන්නද ? එතකොට නිකන් ගතියක් නේ වගේ නේද ? කවුරු හරි දුස්ටයෙකුත් ඉන්න ඕන නේද ? (කෞ)

:       0       0

සිසිර Saturday, 16 January 2016 08:01 AM

බිරින්දෑවරු ඔහොම තමයි ඕවා ගණන් ගන්න ඕනේ නෑ... (ර)

:       0       0

වුවනි Saturday, 16 January 2016 08:40 AM

ආ දැන් තමයි තේරුනේ, පිටබැද්දර ජයා මෙතන ලියන්නේ කොයි වෙලාවටද කියලා.? (ර)

:       0       0

වික්‍රම Saturday, 16 January 2016 08:58 AM

ජයයි මායි ඉස්සර, ඔය වගේ දවස් වල ජෝතිගෙ, කපුගේගේ සින්දු කියනවා. ජයා හදන කටගැස්මෙයි, කටහඩෙයි තියෙන රස දන්නවා නම් මෙතන ඔක්කොම මල් මාල දාලා ජයාව පිලිගන්නේ. (ර)

:       0       0

අනෝමා Saturday, 16 January 2016 09:51 AM

වික්‍රම , ජයා මේ සින්දුව නම් අනිවාර්යයෙන් කියනවා ඇති. " ආලේ කලමුත් පණට පණසේ...ස්ත්‍රී ජාති නෑ විශ්වාසේ " (ර)

:       0       0

තරුෂි Saturday, 16 January 2016 06:55 PM

අනේ මෙහෙමත් නොසන්ඩාල මිනිස්සු ඉන්න රටක්? (නි)

:       0       0

කරුණාපාල Saturday, 16 January 2016 08:07 PM

උගතුන් පන්නාදමා මෝඩයින් හට තැනක් දීමත් නරකම නැහැ නේද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 16 January 2016 10:33 PM

වික්‍රමයි මමයි එකතු වුණාම ඔය වගේ බොලඳ සින්දු නම් ගායන කරන්නේ නැහැ , දවසක් පැල නැති හේනේ .....සබඳ අපි කඳු නොවෙමු .... වගේ හරවත් ගීත තමයි ගායන කලේ . දම්පාටින් ලා සඳ ගීතයටත් අපි කැමතියි නැද්ද වික්‍රම (අ)

:       0       0

මෙලනි Sunday, 17 January 2016 10:04 AM

ගයන ගීත නෙවෙයි මෙතන පලවෙන හැම පුවතටම බවලතුන්ට බැනලා ලියන එකේ ඇති හරය මොකද්ද කියලා තමයි ප්‍රශ්නය ! (බ)

:       0       0

රූපවතී Monday, 18 January 2016 12:37 PM

මටත් දෙවියෝ සාක්කියට ගොඩවෙන්න බැරිඋනා හුගක් දවසකින්....? අපේ රටේ නිව්ස් වගේම ඒ ප්‍රතිචාර බුද්ධිමත් භාවයෙන් තොරයි එකී නෙකී කුලල් කා ගැනීම විලාසිතාවක් වගෙයි ? (කෞ)

:       0       0

මේනක Friday, 15 January 2016 01:23 AM

කෝ මේ අපේ පාඨක බවලතුන් අද සද්දයක් නැත්තේ මොකද?

:       0       0

නන්දලාල් - ප්‍රංසය Thursday, 14 January 2016 10:33 AM

දේශපාලනෙයි, බිස්නස් වැඩයි, හොර අඹු සම්බන්ධයයි නිසා මේ දුප්පත් මනුස්සයා වැටුන වැටිල්ලක්... මේවා කාට කාටත් හොඳ පාඩම්. (ර)

:       0       0

රමණි Thursday, 14 January 2016 10:47 AM

අනේ මන්දා මිනිස්සුන්ට මොනා වෙලාද කියලා. (ර)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 14 January 2016 12:07 PM

අනේ මන්ද මේවා කියලත් බැහැ නොකියත් බැහැ , අද කාලේ සමහරක් ගැහැනුන්ට ඇත්තන ඇට කැවිලද කියලා ? කලොත් අමන වැඩක් තමයි. (ර)

:       0       0

ගයානි Thursday, 14 January 2016 01:10 PM

හොර අඹු පුවත දැකපු ගමන් අසවලාගේ මානසික විශාධි තත්වය ඔන්න වැඩි වෙලා. කවුරුවත් කාන්තා පක්ෂය ප්‍රතිචාර දක්වන්න එපා. (බ)

:       0       0

මේනක Thursday, 14 January 2016 01:26 PM

පිටබැද්දරට, හොරඅඹු පුවතයි මෝඩ බවලතුන්වයි මෙතන ලියන කාන්තාවනුයි ඔක්කොම දැන් පැටලිලා වගේ . වැඩිය කාන්තා පක්ෂය විවේචනය කරන්න ගියොත් ඔය වගේ වැඩ සිද්ධ වෙනවා. (ර)

:       0       0

මෙල්වින් Thursday, 14 January 2016 01:32 PM

මේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ පිටබැද්දර මුදලාලිට දෝ කියලා අපිට හිතෙන්නේ අසු හාරදාහට නැගලා , ලියලා තිබෙන ප්‍රතිචාරයේ හැටියට. (ර)

:       0       0

හිමාෂි Thursday, 14 January 2016 02:43 PM

සමහරක් අමන වැඩ කරනවා කිය කිය කෙහෙවලු පටලව ගන්නත් එන එකනෙ වැඩේ.(අ)

:       0       0

නිම්මී Thursday, 14 January 2016 05:23 PM

අසවලාට, සමහර ගැහැණුන්ට ඇත්තන ඇට කැවිලා වාගේ පෙනුනාට, පතිනියන් වාගේ පෙනෙන ගැහැණුත් මෙහිම ඉන්න බව අමතක කරන්න එපා ගයානී. (නි)

:       0       0

විනෝදනී Thursday, 14 January 2016 07:21 PM

ඔන්න...ඔන්න....බැද්දේ එක්කෙනා පටන්ගත්තා ඉතින් සුපුරුදු ඈඩියාව. අඬන්න දීලා නිකන් ඉඳිමු නේද? (නි)

:       0       0

පාඨලී Thursday, 14 January 2016 10:35 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

සමන් වසන්ත Thursday, 14 January 2016 07:16 AM

පුදුම මනුස්සයෙක්නේ. මොන කඩේ මුදලාලිද වැඩිපුර මිනිස්සු එන එක වළක්වන්න ගැට ගහන්නේ? (නි)

:       0       0

ශලිනි Friday, 15 January 2016 01:54 AM

මෙතන සමහරු මොනයම් හෝ හේතුවක් නිසා කාන්තා පක්ෂයට සීමාව ඉක්මවා වාග් ප්‍රහාර එල්ල කරනකොට කාන්තාවන් අදහස් ලියාවිද මේනක? (නි)

:       0       0

නයනා Friday, 15 January 2016 02:01 AM

පිටබද්දරට ඕනෑවෙලා තියෙන්නේ මෙතන කාන්තාවන් ටික පන්නලා දාලා අර එයාගේ කට සද්ද "හොඳ " නංගිලා දෙන්නව සභාවට ගෙනෙන්න. ඔහොම බවලතුන්ට දිගට හරහට වචනයෙන් පහර දෙනකොට ඒගොල්ලෝ මෙතන ලියන එක නවත්වනවානේ. ඒ ටික තමයි උන්නැහේට කරගන්න ඕනෑ. (නි)

:       0       0

මලික් Friday, 15 January 2016 02:23 AM

පිටබැද්දර ජයාගේ ගෙදරටත් ළඟදි දැන්වීමක් ඇලවෙයි වගේ. කාන්තා පාඨකයන්ට රතු කට්ට පැනලා ජයෝ ! (නි)

:       0       0

චන්දි Friday, 15 January 2016 03:01 AM

ජයාගෙ අදහස් වල හරයක් තියෙනවා බොරුවට තරහින් උඩ පනින කෙනෙක් නෙවෙයි ජයා.(අ)

:       0       0

ජෙහාන් Friday, 15 January 2016 05:47 AM

හෙරලිය නිසා වූ හබයත් පසෙක තියා..මුදලාලිත් කඩේ කෙරුවලු පුරුදු නියා.. අත්තන ඇට කැවුන අඟනුන් කරේ තියා...තවමත් නටයි පිටබැද්දර අපේ ජයා.! (බ)

:       0       0

ජානක Friday, 15 January 2016 07:53 AM

මෙහි දමා ඇති අදහස් නම් හරිම අපූරුයි.හරිම විනෝද ජනකයි.අපේ කාන්තා පක්ෂයේ නිර්භීත ප්‍රතිචාරයන්ට මගේ ආචාරය...! (බ)

:       0       0

කාන්ති Friday, 15 January 2016 08:13 AM

කාන්තාවන් ඉඳහිට මෙහෙම නොමනා වැඩත් කරනවා කියලා අපිටම පිළිගන්න වෙන්නේ පිටබැද්දර වගේ පුරුෂ රත්නයන් සමාජයට එකතුවෙනකොට තමයි. (නි)

:       0       0

ජයමිණි Friday, 15 January 2016 08:26 AM

අදහස් වලට ජයාගේ අපේ පිට බැද්දේ ලැබෙන්නේ නැහැ, බවලත් අපගේ ඡන්දේ සොහොයුරියන්ට නොකර මෙලෙස අපහාසේ ඉනු මැන ජයා මහතාණනි, හිත සතොසේ.. (ර)

:       0       0

ජයා Friday, 15 January 2016 11:19 AM

දැන්වත් මේ මනුස්සය බිරිය සමග සමගියෙන් පවුල් කාවිද දන්නේනේ නැ දරුවෝ ඉන්නවනම් ඔවුන් තමයි අසරණ වෙන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site