X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


බිරියට පාඩමක් උගන්වන්න සැමියා අවුරුදු දා කෑමට 20 කට එන්න කියලා

(කමල් ශ්‍රී ලියනගේ - කොස්ගොඩ)
අමනාපයෙන් සිටින බිරිඳට පාඩමක් උගන්වා ඇයගෙන් වාඩුව ගැනීමට තමාගේ මිතුරන් රැුසකට අවුරුදු උදාවූදා ගේ ඉඳුල් කරන්න නිවෙසට පැමිනෙන්නැයි සැමියකු කළ ආරාධනයක් නිසා ඒ සැම දෙනාටම සංග‍්‍රහ කිරීමට බිරිඳකට සිදුවීමේ පුවතක් බළපිටියේ ගම්මානයකින් වාර්තා විය.


මේ නිසා ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරිය ද සමග එක්වී ලහිලහියේ අවුරුදු උදාවූ සුබ මොහෙතේ සිට දෙදෙනා එක්වී කෑම පිසීම සිදුකොට තිබේ.


සිද්ධිය මෙසේය.  මෙම අඹු-සැමි යුවළ කලක සිට අමනාපයෙන් පසුවිය. බිරිඳ අවුරුදු ප‍්‍රීතිය නිමිත්තෙන් වත් අමනාපය අත්හරිතියි සැමියා සිතුවේය. එහෙත් බිරිඳ තමා සමග තරහෙන් සිටින බව සැමියාට වැටහුණි. ඔහු බිරිඳට හොඳ පාඩමක් උගැන්වීමට කල්පනා කළේය. ඒ අනුව අවුරුදු ලබන දා තම ගේ ඉඳුල් කිරීමට ඔහු මිතුරන් රැුසකට ආරාධනා කළේය. නැකැත් වේලාව ළංවන විට මිතුරන් විසි ගණනකට වැඩි පිරිසක් ගෙදරට පැමිණියහ. මේ සැමියාගේ ක‍්‍රියාව නිසා බිරිඳට හීන්දාඩිය දැම්මාය. ඇය ඒ නිසා හඬමින් කුස්සියට වී සිටියාය.


මේ අතර ගෙහිමි කාන්තාවගේ ඇරයුමෙන් ගෙය ඉඳුල් කිරීමට ඇගේ මිතුරියද නිවෙසට පැමිණියාය. මිතුරියට සැමියාගේ උපාය ගැන ගෙහිමි කාන්තාව සියල්ල කියා සිටියාය.


දැන් ඉතිං කරන්න දෙයක් නැහැ. ගෙදරට ආපු මිනිස්සුන්ට කන්න නොදී පුළුවන්ද? තියෙන දෙයක් ගිහින් හදලා දෙන්න. කියමින් ඇය ගෙහිමි කාන්තාව සමග එක්ව ලහි ලහියේ ආහාර පිසින්නට විය. පරිප්පු, සලාද, සමග කුකුළු මස් වෑංජන සමග කඩිමුඩියේ දෙදෙනා දිවා භෝජනය සකසා තිබේ.


කුඩා දරුවකුද සිටින ගේ ඉඳුල් කිරීමට පැමිණි මිතුරියගේ ප‍්‍රමාදයට ඇයගේ නිවසින් කීපවතාවක් දුරකතන ඇමතුම් ලැබී තිබුණි. එහෙත් ඇය ඒ සියල්ල අමතක කොට තම මිතුරියගේ ජාම බේරා ගැනීමට ඇයට උදව් කළ බව මෙම පුවත හෙළිකරමින් ඇය කීවාය.



අදහස් (0)

බිරියට පාඩමක් උගන්වන්න සැමියා අවුරුදු දා කෑමට 20 කට එන්න කියලා

ගැමුණු Monday, 27 April 2015 04:31 PM

ඉතින් දැන් කාගේ සල්ලිද වියදම් වුණේ? (නි)

:       0       0

චන්ද්‍ර Wednesday, 29 April 2015 02:39 AM

මේ කතාව තේරුම් ගන්න අමාරුයි.(හේ)

:       0       0

ඉෂාණි Tuesday, 28 April 2015 06:10 PM

ඉතින් අවුරුදු නැකතට කිරිබත් උයලා ලුණු මිරිසක් හදලා දුන්නා නම් හරිනෙ ඔය කට්ටියටම. ඇයි කුකුල් මස් උය උයා මෙච්චර නටලා තියෙන්නෙ. අවුරුදු නැකතට හදන්න ඕනෑ කිරිබත් නෙමෙයිද? (නි)

:       0       0

ලලිත් Tuesday, 28 April 2015 02:49 PM

අද කාලයේ අඹු සැමියන් අතර සිදුවන ගැටුම් හා සසඳනකොට මේක ටිකක් සොඳුරු පරිප්පුවක්. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 28 April 2015 01:30 PM

අජිත් , කාන්ති , මට එ් වගේ දෙයක් උනොත් මම උයන්නේ නෝනට උන ගැනෙන්න , මට හොඳට උයන්න පුළුවන් අනේ (බ)

:       0       0

කෙවින් Tuesday, 28 April 2015 06:14 AM

අපෝ ගෑණු ගැන නමි කතා කරන්න එපා. (අ)

:       0       0

කරු Tuesday, 28 April 2015 06:14 AM

අත්දැකීමෙන් කියන්නෙ අද කාලේ ඉන්න අම්මන්ඩිලාව මේච්චල් කරන්න හරි අමාරුයි. පොඩ්ඩ බැරි වෙන කොට කෝටි ගනන් ඉල්ලා දික්කසාද දානවා. නැත්න්ම නඩත්තු නඩු දානවා. මේක හොඳ පාඩමක් උද්දච්ච කම යන්නත් එක්ක. (අ)

:       0       0

ජයාත් Tuesday, 28 April 2015 02:11 AM

මේක ප්‍රවෘත්තියක් විදියට අවුරුදු කැවූමක් තරමටම රහයි නමුත් මෙතැනදී සැමියා අනුගමනය කළ ක්‍රියාකලාපයට මම නම් එකඟ නැහැ. බිරිය වුණත් මීට වැඩිය ටිකක් නම්‍යශීලී වන්න තිබුනා අඩුතරමේ අවුරුද්ද දවසේවත් (නි)

:       0       0

ජෙහාන් Tuesday, 28 April 2015 02:08 AM

මට හොඳටම විශ්වාසයි මිතුරන් ගියාට පසුව හට්ටි වළං සේදිල්ල, කුස්සිය අස්පස් කරන එක සැමියාටම තමයි කරන්න වෙන්න ඇත්තේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 28 April 2015 12:39 AM

බිරිඳ ටිකක් මෝඩයි.සැමියා මිතුරන්ට අරාධනා කළා නම් එයාට කියන්න තිබුනේ සැමියාටත් ඇවිල්ලා උයන්න උදව් වෙන්න කියලා. (නි)

:       0       0

සමන්ත Monday, 27 April 2015 05:27 AM

මෙන්න නියම සිංහල ක්‍රමයට අවුරුදු කෑම (දිල්)

:       0       0

අජිත් Monday, 27 April 2015 02:27 PM

නැහැ, මං දන්නවා ඒ රහස. කාන්ති, පිටබැද්දර ජයාට ඒවගේ සන්තාසියක් තමයි වෙලා තියෙන්නේ. (අ)

:       0       0

ජෙහාන් Monday, 27 April 2015 01:06 PM

ඕනෑ ඔට්ටුවක්. අන්තිමට යාළුවො ගියාට පසුව පිඟන් සෝදන, කුස්සිය අස්කරන වැඩේ නම් සැමියාටම කරන්න සිද්ධවෙන්න ඇති. (නි)

:       0       0

ජයනි Monday, 27 April 2015 01:02 PM

ඇත්තටම ඇයි මේ ජයා මහතාට කවදාවත් නැතුව කාන්තා පාර්ශවය ගැන මෙච්චර අප්‍රසාදයෙන් ලියන්න හිතුනේ? (නි)

:       0       0

භානු Monday, 27 April 2015 12:56 PM

නෝනා ඔය කියන තරම් නරක කෙනෙක් නොවෙන්න ඇති. නැත්නම් විසි දෙනාටම අහළ පහළ වැසිකිළි සොයාගෙන දුවන්න වෙන තාලෙට කෑමක් දෙන්න තිබුනානේ. (නි)

:       0       0

කාන්ති Monday, 27 April 2015 12:53 PM

පිටබැද්දර ජයා මහතා ඇයි මේ බවලතුන් සමග බොහොම තරහකින් . අර බන්දුල පෙරේරා හෙවත් යහපාල එයාගේ ලෙඩේ, මේ යසට හිටපු ජයා මහතාට බෝ කරලා වගේ. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 27 April 2015 12:37 PM

නියම පිරිමියෙක් , උද්දච්ච් බිරිඳට අමතක නොවන පාඩමක් , යහළුවන්ට පෙර කල පිනක් පල දී රසමසවුලු කෑම වේලක් , ජීවිතය අලුතෙන් හිතන්න පටන් ගන්න හොඳ ආරම්බයක් , පවුලේ සමගිය උදාවේවා , (ස)

:       0       0

නෙලුම් Monday, 27 April 2015 08:49 AM

මම ඒ මිතුරියව අගය කරනවා. අමාරුවේ වැටුන වෙලාවේ මග හරින මිතුරියන්ගෙන් වැඩක් නැහැ. (ම)

:       0       0

හසාන් Monday, 27 April 2015 08:01 AM

තමාගේ බිරිඳ සතුටින් තියන්න පුළුවන්නම් එක තමයි උතුම් දේ (දිල්)

:       0       0

දුම්න්ද Monday, 27 April 2015 07:15 AM

ඉල්ලන් කෑමක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site