බීම වීදුරුවක් සම්බන්ධයෙන් හටගත් බහින්බස්වීමක් මහා ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග යාම හේතුවෙන් විවාහ මංගල උත්සවයක ඇතිවූ කලබලයක් සංසිඳුවීමට පොලිසිය පවා ගෙන්වීමට සිදුවීමේ පුවතක් කුරුණෑගලින් වාර්තාවේ.
කුරුණෑගල නගරයේ දෙපිරිසක් අතර පැවැති මෙම විවාහ මංගල්‍යය ප‍්‍රදේශයේ හෝටලයක පැවැත්විණි. එයට සහභාගිවූ දෙපිරිසේ දෙදෙනකු අතර බීම වීදුරුවක් සම්බන්ධයෙන් ආරවුල ඇතිවී තිබේ.
අවසානයේදී එම ආරවුල මහා ගැටුමක් බවට පරිවර්තනය වී මනාලයාගේ සහ මනාලියගේ පාර්ශවයේ දෙපිරිස හෝටලය තුළත් හෝටලයට පිවිසෙන මාර්ගයේත් එකිනෙකා ගුටිබැට හුවමාරු කරගත්හ.
මෙම කලබලයෙන් කම්පනයට පත් මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය සෑදීමෙන් ඔවුන්ට ප‍්‍රතිකාර ලබාදීමට පවා සිදුවිය. අවසානයේදී ගැටුම සමථයකට පත්කරවීමට 119 හදිසි අංකයට කතාකොට පොලිසිය ගෙන්වීමට හෝටල් බලධාරීන්ට සිදුවිය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බීම වීදුරුවට ගෝරි වී මඟුල් ගෙට පොලිසියත් ඇවිත්
වරුණ Wednesday, 17 July 2013 02:32 PM
එහෙනම් ගිම්හාන ඔයාගේ නුවණක්කාර අදහස් දාන්නකෝ... (ස)
එල් ගුණරත්න Saturday, 20 July 2013 11:41 PM
මගුල කෙසේවෙතත් අවමගුලක් සිදුනොවී මෙය අවසන් විමගැන සැමට සැහිමට පත් වුණ එක ලොකුදෙයක් (අ)
හේරත් Saturday, 20 July 2013 05:25 AM
"මනාලිය සහ ඇගේ මවට ක්ලාන්තය " මනාලයා තව බීම වීදුරු කීයක් බිව්වද? මගුලෙන් පස්සේ කටයුතු කොහොමද? බිම වලට ඉක්සුපාක මිශ්‍ර කරලා දීල මගේ යාලුවෙකුගේ ගෙදර මගුලකදී ගහගන්න ගිය යාලුවෙක් මම කාර් එකට දා ගත්තා. මේ යකා මගේ කාර් එකේ සීට් හපලා කැවා හැටි මතක් උනා. සෝමේ අය්යට මතකද සිද්දිය.(නදී)
ෂෙරිෆ් Thursday, 18 July 2013 11:47 PM
නියමයිනේ මඟුල් ගේ. මොකුත් කියන්නත් බැහැ රුපවති අක්කලාගේ නෑදෑයෝ හින්දා.(නදී)
ප්‍රසාද් Thursday, 18 July 2013 02:04 PM
මගුල් ගෙවල් වල ඹ්වා වෙනවා තමයි. මෙයාලා හොදට බීලා ගුටිකාලා යනවා. පොලීසිය ආවා නම් හොදට බීලා හොදට කාලා පාර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීලා යන්න ඇති. රූපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතරතුර. මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා. මෙතන හෝටල් අයිතිකාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි (නි)
සිද්ධික් Thursday, 18 July 2013 04:49 AM
ගමේ ඉන්න අය කවදා ගිය හොටෙල්ද? එයා මේ පෙරේත කමට සිසිල් බීම එකකටත් ගහගෙන, මුන්ගේ ගමේ කඩවල සිසිල් බීම නැද්ද අප්පා?(නදී)
ගුනේපල appuhami Thursday, 18 July 2013 03:31 AM
අපේ රටේ මින්ස්කම නැති වෙගනේ යනවා. නීතියක් රීතියක් සාධාරණයක් නැති රටක මිනිස්සු බල්ලෝ බලල්ලු වගේ හැසිරෙනවා. මේවට පාලකයෝ කෙලින්ම වග කියන්න ඕනේ. තව තව දේවල් ඉස්සරහට බලාගන්න පුළුවන්.(නදී)
රන්දි Wednesday, 17 July 2013 06:32 PM
අපේ පළාතේ කුරුණෑගල මේ වගේ දේවල් වෙනවා සාමාන්‍යයෙන් අඩුයි. ඒත් දැන් ලංකාව හැමතැනම එකයි. අර පහුගිය කාලේ නිල් ,කහ ,රතු , කොළ , දම් කිය කියා එක එක වැහි ඇදහැලුනේ. මට හිතෙනවා පිට රට ජීවීන්ගේ ක්‍රියාවකටවත් මිනිසුන්ගේ හෝර්මෝන වෙනස් වෙලාද කියලා. (නි)
බංඩා Wednesday, 17 July 2013 05:13 PM
මගුලට ආරාදනා කරන කොට තෝරලා බේරලා සුදුසු පුද්ගලයෝ විතරක් ගත්තා නම් හරි.(නදී)
සමීර් වී ... Wednesday, 17 July 2013 04:27 PM
මංගල උත්සව වලට සහභාගි වන අය හොදට කාල බීලා විනෝද වෙනවා. මෙයාලා හොදට බීල ගුටිකාලා යනවා. පොලීසිය ආව නම් හොදට බීල හොදට කාල පර්සලයකුත් බැදගෙන අවවාදයකුත් දීල යන්න ඇති. රෑපවති අක්කා ඔතන හිටියා නම් රෝස් කරපු කුකුලෙක්ම කන්න තිබුනා ගුටි බැට යන අතර තුර මේක විවාහ වෙන අයගේ පළවැනි පාඩම. කොන්ඩේ කපන්න ගියාම බාබර් කොන්ඩෙත් ගන්නවා, සල්ලිත් ගන්නවා මෙතන හෝටල් අයිති කාරයට සල්ලිත් ලැබෙනවා කෑමත් ඉතුරුයි.(නදී)
ෂිරන්ත Wednesday, 17 July 2013 10:01 AM
පුදුම මගුලක් තමයි. (ස)
චතූ Wednesday, 17 July 2013 01:46 PM
මොන දෙයක්ද මේ?(නදී)
වරුණ Wednesday, 17 July 2013 01:21 PM
හම්බන්තොට පැත්තේ වගේ කුරුණෑගලත් මදාවියෝ බිහිවීගෙන එනවා වගේ? (නි)
සංජීව Wednesday, 17 July 2013 12:56 PM
මතට තිත... (නි)
සමන් Wednesday, 17 July 2013 12:27 PM
ආරවුල බීම වීදුරුවකට නම් වෙන්න බැහැ, මත් පැන් වීදුරුවකට වෙන්න ඕනෑ මට හිතෙන විදියට (නි)
ශාන සෞදි Wednesday, 17 July 2013 12:18 PM
ඕක තමා බල්ලොත් එක්ක බැහැ කියන්නේ . මගුලක් ගන්නකොට දෙපැත්තේම අය ගැන හොදින් හොයලා බලන්න කියන්නේ මේ නිසා. බීම වීදුරුවට මෙහෙම වුනානම් වෙන දෙයකට ප්‍රශ්නයක් වුනානම් මිනියක් වුනත් මරන්න තිබුනා. දැන් ඉතින් පාරේ බැහැලා යන්න බැරි එක විතරයි වුනේ (නි)
දර්ශන් Wednesday, 17 July 2013 12:06 PM
හැම ලොකු ගෝරියකටම මුල සුළ ප්‍රශ්නයක්. ඡන්ද දිනක මගේ අසල්වැසියෙක් ඔහුගේ බිරිදගේ කොන්ඩෙන් ඇද ගහනවා. හේතුව ඡන්ද කොළය බිරිද නැති කරගෙනලු. මා ඔවුන් දැනුවත් කලා හැදුනුම් පත අරන් ගොස් ඡන්දය දමන්න (නි)
ගිමිහාන Wednesday, 17 July 2013 11:15 AM
වරුණ ඔයත් ඒ පැත්තේ හිටියද? මේ පිළිබඳව ඔබ දරන අදහස් මොනවද? ගොඩක්ම තියෙන්නේ තේරුමක් නැති පණ්ඩිත අදහස් (නි)
චන්දි Wednesday, 17 July 2013 11:08 AM
බිම වීදුරුවකට...? අය්යෝ සංසාරේ හැටි.(නදී)
හේමන්ත Wednesday, 17 July 2013 10:28 AM
අපායේ මගුල් ගෙවල්වලවත් මේ වගේ ගෝරි නැහැ. චී..චී හරිම කැතයි. (නි)