මංගල්‍ය උත්සවවලදී පෝරුවේ චාරිත්‍ර ඉටුකිරීම කලක් තිස්සේ කරගෙන ගිය ඔහු මත් වතුරට ලැදි බව ප්‍රදේශවාසීන් දැන සිටියත් දුර බැහැර අය දන්නේ නැත.
කඩවසම් පෙනුමත්, සුපිරි ඇඳුම් කට්ටලයත් මුඛරි කතාවත් නිසා ජනප්‍රිය වූ ඔහුට මඟුල් පෝරුවක අෂ්ඨක කීමට ඇරියුමක් ලැබුණේ ගමට තරමක් දුර සබරගමුව පළාතේ උප නගරයක් අසල නිවෙසකිනි.
උදේම මඟුල් ගෙදර ගියත් පෝරුවේ නැකත එන තුරුම ඔහු පෙනෙන්නට නොවීය. මොහොතකින් ඥාතියකු ඔහු කැඳවාගෙන ආවේය. එහෙත් ඒ වන විට ඔහු සිටියේ බමන ගතිනි.
පෝරුවේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළත් එහිදී කළ ගායනා විලාසය අමුතු විය. වැඩිපුරම කියැවුණේ මහා ප්‍රාණ අකුරුය. ඇතැම් වචන පුනරුච්චාරණය විය. මනාලියගේ පියාට යකා වැහිණි.
ඔහුගේ ගනුදෙනු පියවා වහාම ආපහු යවන්නැයි පියා කීවේ කෝපයෙනි. ”තවත් මේ වගේ බේබද්දන් මේවට ගාව ගන්න එපා” යැයි ඔහු කීවේය. ”මේ වගේ හිඟන මඟුල් ගෙවල්වල මාත් එන්නේ නැහැ”යි ඔහුත් කීවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බීමතින් අෂ්ටක කිව්වාට මනාලියගේ පියා දෙහි කපලා
චන්දි Friday, 29 November 2013 10:07 PM
ඉන්දු නගෝ.., ලෝකය විෂම තමයි.., නමුත් ආදරය තියෙන තැන සැබෑ මිහිරියි.., අද ලෝකේ සොයා ගන්න නැත්තෙත් ඒ ආදරේම තමයි නංගි.., හැම තැනම වංචාව, බොරුව, අසාදාරනය, රජවෙලා, මේ අෂ්ටක කියන්න ආපු කෙනත්, එහෙම කෙනෙක් නේද නංගි....?(දිල්)
චන්දි Saturday, 30 November 2013 09:23 AM
විජේසුන්දර, ඔබේ පවුල් ජීවිතය තව තවත් සතුටින් ''පිරේවා'' යනු චන්දිගේ එකම පැතුමයි. කෙනෙකුගේ සතුටේදී සතුටු වෙන්නත්, දුකේදී දුක් වෙන්නත් අපිට පුළුවන් විය යුතුයි. (නදී)
සිරි බිරිස් Saturday, 30 November 2013 09:07 AM
හොඳයි නේ. තුන් පාරක් හිත හදා ගනින් නංගියේ. ලද දෙයින් සතුටු වෙයන්. හිත හරියාවි. (නදී)
ඉනදු ලංඩන් Saturday, 30 November 2013 07:51 AM
ස්තුතියි සමදරා අක්කේ.. (නදී)
සමදරා Saturday, 30 November 2013 06:54 AM
අස්ටක කියල පෝරුවේ 3 පාරක් නැගල මටනම් සෙතක් නැහැ විජේසුන්දර මම යන තැනක මුසලකම ගහනවා (නදී)
සමදරා ආරියදාස Saturday, 30 November 2013 06:37 AM
ඉන්දු ලන්ඩන් ඔබේ 15:52:59 නැවත තීක්ෂනව කියවුවෙමි. ඔබ හරි. ඔබව පහත් කර ලියු අදහස ඉල්ලා අස්කර ගනිමි. හොඳට ඉගෙනුම අවසන්කර ලංකාවට එන්න (නදී)
සමදරා Saturday, 30 November 2013 06:29 AM
ඉන්දු ලන්ඩන් ඔබගේ අදහස් විෂමයි. ඔයා ලන්ඩන් වලම ඉන්න හොඳේ. (නදී)
විජේසුන්දර Saturday, 30 November 2013 06:22 AM
මගුල් පෝරු,අෂ්ටක නැතුව බැඳපු අපි දෙන්නා 23 වසරක් යහපත් පවුලක් වශයෙන් ඉන්නවා. අවබෝධය අෂ්ටක වලට වඩා හොඳ බව කියමි (නි)
හේරත් Friday, 29 November 2013 10:49 PM
පියුමක රොන් බොති කළු බඹරු.. මලමත නොරදති සුදු දෙබරු.... (අනේ මටත් පැටලුනා නේද.. බීම... බීම... තමයි මේ සියල්ලටම මුල) (නි)
ඉන්දු-ලන්ඩන් Friday, 29 November 2013 10:44 PM
ඔව් චන්දි අක්කේ, නව තාක්ෂණික දැනුම, දියුණුව මේ හැම දෙයක්ම තිබිලත් මිනිස්සු අසහනයෙන් පිරිලා. හොඳ ගතිගුණ ඈත්වෙමින් තිබෙන්නේ. ඒ කෙනත් බඩ වියත රැකගන්න ඕනෑම හොර වැඩක් කරන තත්වයට පත් වෙලා. (නි)
කසුන් Saturday, 30 November 2013 01:11 PM
නියම සීන් එක ..(අ)
පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 04:20 PM
අර ගුණසිරි කොලුවා මේ පැත්තේ ආවාද?(නදී)
ඉන්දු ලංඩන් Friday, 29 November 2013 03:52 PM
චන්දි අක්කේ, අද ලෝකය ගොඩක් විෂමයි. හැබැයි අපි අපේ රටේ අතීතයට ගිහින් බැලුවොත් පේනවා, සුද්දා දාපු නීති සහ ඉන්දියාවේ බමුණු නීති දැන් අපේ සදාචාරය සංස්කෘතිය කියලා අපි අරගෙන තියෙනවා. ඉස්සර අපේ රටේ මිනිස්සු කොච්චර පුළුල් විදියට සාධාරණව සිතන්න පුරුදු වෙච්ච ජාතියක්ද කියලා රොබට් නොක්ස්ගේ එදා හෙළදිව කෘතියේ තියෙනවා. සතුටෙන් පවුල් ජීවිත ගෙවලා. ඉන්න බැහැ කියලා හිතුනාම රණ්ඩු වෙවී මිනී මරාගන්නේ නැතුව මහ ගෙදරට හරි වෙන කෙනෙක් ලඟට හරි ගිහින් තියෙනවා. පාරිශුද්ධත්වය කියලා සිතලා තියෙන්නේ දැන් පිළිවෙලට නෙවෙයි. තමන් සමග එකට ජීවත් වෙන කෙනාට විශවාසවන්තව හිඳීමයි. මේක ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම සමානව තිබිලා තියෙනවා. අපි ඉන්දියාවේ බමුණු ක්‍රමයට ගැහැණුන්ගේ පමණක් පිරිසුදු බව සොයනවා. ගැහැණු පිරිමි අකමැති අයත් සමගත් ජීවත් වෙනවා ලෝකෙට පේන්න. ඉන්නම බැරි වුණාම මිනී මරනවා හොර සම්බන්ධකම් පවත්වනවා. අසහනය වැඩි කමට පොඩි ළමයි අපහරණය කරනවා. අපට මේ සංස්කෘතිය හදලා දුන්න සුද්දන් දැන් අපේ අතීත ක්‍රමය අනුගමනය කරනවා. මේ මට හිතුණු අදහසක් පමණයි.....(නදී)
ඉන්දු-ලන්ඩන් Friday, 29 November 2013 01:48 PM
ඒක නම් ඇත්ත චන්දි අක්කේ. ඒත් ඔය වගේ වැදගත් කටයුත්තක් කරන්න ඉන්න කෙනෙක් ඒ වගේ වැඩක් කරන එක හොඳ නැහැ. අඩු ගණනේ වැඩේ අවසන් වෙනකම්වත් ඉන්න තිබුණා නේද? (නි)
ඉන්දු-ලන්ඩන් Friday, 29 November 2013 01:18 PM
මගේ නමින් ලියන අනෙක් කෙනා වෙත, ඔබ අලුතින් හොද අදහස් ලියන්නට පටන් ගෙන තිබීම ගැන සතුටු වෙමි (නි)
චන්දි Friday, 29 November 2013 11:06 AM
ඉන්දු නංගි බ්‍රහස්පතින්දා දවසම වැඩ නිසා ගොඩවෙන්න බැරි වුනා. මං හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා කියපු ඒවායින් එකක් ගජබා කියලා තියෙනවා, අද ලෝකේ වෙන දේවල් දිහා බැලුවම එහෙම නොවුනොත් තමා පුදුමේ......? (නදී)
පොරමොලා -බින්තැන්න Friday, 29 November 2013 09:55 AM
බීමතින් අෂ්ටක කිව්වා වගේ මාත් කොමෙන්ටු ලිව්වට දෙහි කපනවද? (නදී)
සමදරා Friday, 29 November 2013 09:06 AM
ඉහත සමදරා 2013-11-29 05:51:38; නිලාන්, මම කලිනුත් කියලා ඇති, ඔය සමදරා කියලා අදහස් දාන්නේ මම නොවේ යන අදහසේ සමදර වශයෙන් වෙනස් විය යුතුයි (නදී)
බමුණු Friday, 29 November 2013 06:58 AM
සමදරා ගේ ප්‍රතිචාර ගණන බැලුවම ඉන්න සිතේ හැගීම් පෙනෙනවා. (නි)
බට්ටා Friday, 29 November 2013 06:56 AM
අද හැමදේටම ඉස්සර කරගන්නේ 'බීම' (නි)
චන්දි Monday, 02 December 2013 11:12 AM
බොරු කියන්න එපා සමදරා, ඔයාමයි මේවා ලියල පස්සේදී මම නොවෙයි කියල ලියන්නෙත්, ඔයා කියන්නේ ඇත්තනම්,මේ ඔයා මෙතන නටපු නැටිල්ලට දෙවියෝ දීපු දඩුවමක්, අනුන්ට කපන වලේ තමන් වැටෙන බව දන්නේ නැද්ද...?ඔයාට නම් හොඳම වැඩේ සමදරා, (ස)
සමදරා Tuesday, 03 December 2013 09:30 AM
මම යනවා යන්න දුස්ටර් සමාජයට සලාම් සල්ලම් මම මානසිකව අඩපන වෙලා දැන් හොදටම වරුණ පුතේ (නදී)
ශාන්ති Monday, 02 December 2013 10:53 PM
කොතන බැලුවත් බොරුව වංචාව, රැවටිල්ල, කෙටවිල්ල ඉවරයක් නැහැ? (අ)
සමදරා Monday, 02 December 2013 08:16 PM
17.58.52 මේ බලන්න හොර සමදරා.මම ලියන ලියන ඒවා මගේ නෙමෙයි කියො මගේ තැන ගන්න හදනවා (නි)
සරා Monday, 02 December 2013 06:37 PM
බීමත්කම බීමත්කම... (නි)
සමදරා Monday, 02 December 2013 05:58 PM
ඉහත සමදරා නමින් දා ඇති සමහර අදහස් මගේ අදහස් නොවේ. (නි)
බන්චි Monday, 02 December 2013 04:31 PM
මගේ අම්මේ ලොකු අප්පොච්චි ගේ මුනේ තියෙන හිනාව...චෝගම් එකෙන් බෙන්ස් එකක් ලැබුන වගේ...ගෑස් තමයි ගණන්. (ස)
සමදරා Monday, 02 December 2013 04:13 PM
අද වැඩ වැඩි උනා අපේ ලොකු අම්ම ලොකු ළමයෙක් උනා (නදී)
සමදරා Monday, 02 December 2013 01:21 PM
නැවත මගේ අදහසකට 10.45.45 අදහසක් දමා ඇත. මෙය මගේ නෙමයි. (ස)
සමදරා Monday, 02 December 2013 01:21 PM
නැවත මගේ අදහසකට 10.45.45 අදහසක් දමා ඇත. මෙය මගේ නෙමෙයි.(නදී)
සමදරා Friday, 29 November 2013 05:59 AM
ජයමංගල ගාථා කියනකොට මම හිමිහිට මාරු වෙනවා. අහගෙන ඉන්න බැහැ දුකයි (නි)
සමදරා Monday, 02 December 2013 10:45 AM
ඉහත සමදරා 2013-12-02 00:59:48 සහ සමදරා 2013-12-02 09:34:51 අදහස් මගේ නොවෙයි. (ස)
චන්දි Monday, 02 December 2013 10:38 AM
සමදරෝ, ඔයාගේ මොලේ ටිකක් හෝදගන්න විෂබීජ නාශකයක් දාලා, ඒක හොඳටම නරක් වෙලා, ඔඩු දුවලා වගේ...!!! (ස)
සමදරා Monday, 02 December 2013 09:34 AM
මට රණ්ඩු වෙන්න ඕනේ නැහැ .නමුත් දිසලට චන්දිලට රුපට ඉන්දුට සරත්ට නිලුට වන්නිට මම ලියන්න ඉඩ දෙන්නේ නැහැ .මෙතන ඒකදිකාරයට මගෙන් ගැලවුමක් නැහැ. දැන් මට ඕන විදිහට මෙතන ලියන්න අනිත් අයට පුළුවන්. මම ලගදීම අපේ ගෙදර ලොකු පාටියක් ගන්නවා මේක සමරන්න. දැනට මම දිනලා ඉවරයි සමදර නම මගේ .හදා ගත්තේ උප්පරවැට්ටි යොදලා.(නදී)
සමදරා Monday, 02 December 2013 12:59 AM
මගේ ගින්නට සමානයි අයියෝ ,එපා වෙනවා අයියෝ (නදී)
පැංචි Sunday, 01 December 2013 07:52 PM
ආ ඒක ලව් ගින්නක්..පොඩ්ඩක් දැල් උනා..ඇවිලුනා...(නදී)
ප්‍රියන්ත Sunday, 01 December 2013 06:44 AM
මනාලයාගේ පරණ අාදරය අැවිලිලා බොන්න දෙන්න ඇති (නි)
සමදරා Saturday, 30 November 2013 06:09 PM
විජේසුන්දර ඔයා පරිස්සමින් (අ)
සමදරා Saturday, 30 November 2013 06:09 PM
මටත් ෆේස් බුක් එකක් හදා දෙන්න (අ)
සමදරා Saturday, 30 November 2013 06:08 PM
විජේසුන්දර, අපේ චරිත්රවලට ගරු කරන්න (අ)
සිරි අයියා, තව්තිසාවේ සිට Thursday, 28 November 2013 10:53 AM
අපේ තව්තිසාවෙ ඕනැවටත් වඩා අමෘතය තියෙනවා. අපි අමෘතෙ බීල සින්දුත් කියනවා අශ්ඨකත් කියනවා. ඒත් මෙහෙම විකාර වැඩනම් කරන්නෙ නැහැ.(නදී)
පද්මේ Thursday, 28 November 2013 02:06 PM
හැබැයි දැන් නාගරික තරුණයින් නම් අරක්කු සිගරට් බොනවා අඩුයි. ඒ වෙනුවට ඔවුන් තාක්ෂණික මෙවලම් අයිපොඩ්,අයිපෑඩ්,ස්මාර්ට් ෆෝන් වගේ දේවල් සමඟ තමයි වැඩිපුර කාලය ගෙවන්නේ. සමහර කම්කරුවන් දවසම මහන්සිවෙලා හම්බකරන මුදලෙන් බාගයකට වඩා බොන්න සහ නරක පුරුදුවලට යොදවනවා.ඇත්තටම අපරාදයක්. නොබීම ඉන්න බැරිනම් ඉඳල හිටලා බොන්න පුළුවන් තත්වයට මනස දියුණු කරගන්න බලන්න ඕනා. සමාජ විද්‍යාඥයින්ට ලොකු වගකීමක් තියෙනවා මිනිසුන් නරක පුරුදු වලින් බේරාගැනීමට. (නදී)
ඉන්දු ලංඩන් Thursday, 28 November 2013 01:59 PM
මෙන්ඩිස්, දැන් පිරිත් ගෙවල් වලටත් හාමුදුරුවෝ වඩින් නැතුව කැසට් රාජයා ව ඩම්මනවා කියලා ලඟදි පත්තරෙන් දැක්කා. ඉතින් ඔයා කියන එක වෙන්න අවුරුදු දහයක් යන එකක් නෑ...(නදී)
නිරුපමා Thursday, 28 November 2013 01:09 PM
දැන් කව්ද අනේ මෙන්ඩිස් බොන්නේ? (නදී)
නිරූපා පෙරේරා Thursday, 28 November 2013 01:09 PM
මෙවැනි දේවල් විශ්වාස කරන්න එපා. තමන්ගේ ආගම පමණක් විශ්වාස කරන්න.(නදී)
මෙන්ඩිස් Thursday, 28 November 2013 12:59 PM
පැංචි - ඒ කාලේ නෙවෙයි දැනුත් තියනවා. පරණ මෙන්ඩිස් අරක්කු හැබැයි කොම්පැනියේ අයිතිකාරයා අලුත්. (ස)
පැංචි Thursday, 28 November 2013 12:24 PM
මෙන්ඩිස් කියල අරක්කු ජාතියකුත් තිබුනා ඒ කාලේ... (ස)
පෙත්තා Thursday, 28 November 2013 12:08 PM
නගිමුද අනේ? (ස)
සමදරා Thursday, 28 November 2013 11:48 AM
පීටර් අයියේ, මේකෙත් මොනවා හරි ලියන්න. (ස)
මෙන්ඩිස් Thursday, 28 November 2013 11:26 AM
තව ටික කාලයක් යනකොට මිනිස්සු අෂ්ටක කියන්න මනුස්සයෙක් ගන්නවා වෙනුවට අෂ්ටක රෙකෝඩ් කරලා අදාල අවස්ථාවේ වාදනය කරන්න පටන් ගනීවි. බොරු නම් තව අවුරුදු දහයකින් විතර බලන්න. (ස)
ඉන්දු ලංඩන් Thursday, 28 November 2013 02:22 PM
දිසා අයියේ, රූපා අක්කේ,නිලූ ඔයාලා අද පේන්න නෑනේ. චන්දි අක්කේ මොනවද ඔයා හිතන්න ගොඩක් දේවල් තියෙනවා කීවේ? පදමේ අයියේ, ආගම් වලටත් ලොකු වගකීමක් තියෙනවා නේද?(නදී)
සමදරා Thursday, 28 November 2013 10:39 AM
මම කවදාවත් මඟුල් පෝරුවක නැගල නැහැ (නදී)
සිරී Thursday, 28 November 2013 10:22 AM
කව්ද බොලේ බිමත් කම අනුමත කරන බලදාරියා...(නදී)
සිරී Thursday, 28 November 2013 10:10 AM
දෙහි කපන්නේ නැතුව ඔලුවෙයි කකුල් වලයි ගෑවා නම් වෙරි බහිනවලු. (නදී).
සශිමාල් Thursday, 28 November 2013 10:02 AM
ඔයා හරි දයා. (ස)
කුමාරි Thursday, 28 November 2013 09:49 AM
මම දන්නා මේ වගේ කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා.මුලදී මනුස්සය මේ කාර්යය හරියටම කළා. කට්ටිය සතුටු වෙලා පුද පඩුරු වැඩි වැඩියෙන් දුන්නා. ඒවා වැඩි වෙන කොට දැන් එයත් බිල නැති වෙලාවක් හොයා ගන්නවත් බැ වගේම දැන් එයාට කවුරුත් එන්න කියන්නෙත් නෑ. (ස)
දයා අලහකෝන් Thursday, 28 November 2013 09:42 AM
බුදුන්, දහම්, සඟුන් සිහිකර මංගල පෝරුවල අෂ්ටක කියන අය අද රටේ අඩුයි. මුලු රටම මතට යටයි. (ස)
චන්දි Thursday, 28 November 2013 09:33 AM
හිතන්න ගොඩක් දේවල් තියෙනවා., කොහොම වුනත් මේ වගේ දේකට බිමත්ව සහභාගි වීම අනුමත කරන්න බැහැ.(නදී)
ආරියසේන Thursday, 28 November 2013 08:07 AM
සමරවිට මංගල්‍ය හොඳට කෙරනවා බලා ඉන්න බැරි නෑයෙක් හොඳට බොන්න දෙන්න ඇති. පදම වැඩිවෙන්න දෙන්න ඇති.(නදී)
ඉන්දු-ලන්ඩන් Thursday, 28 November 2013 04:19 AM
උගත්, ගෞරවණීය, හිත හොඳ කෙනෙක් හොයා ගන්න ඕනෑ විවාහයක් වගේ සුභ අවස්ථාවකට.මෙහෙම කෙනෙකුගෙන් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන්න බැහැ. අනිත් එක අෂ්ටක කියන එක හැමෝටම කරන්න පුලුවන් දෙයකුත් නෙමෙයි. අදාළ අක්ෂර හොඳින් නිවැරදිව කියවුණේ නැත්නම් සුභ ඵල ලැබෙන්නෙත් නහැ. (නි)
සිරි Thursday, 28 November 2013 06:17 PM
බීමත්කම තමයි අද කාලේ හැම කරදරයකටම වගේ මුල (නි)
සමදරා Friday, 29 November 2013 05:58 AM
අෂ්ටක නියම විදියට කියනකොට අහගෙන ඉන්න ලස්සනයි (නි)
සමදරා Friday, 29 November 2013 05:51 AM
නිලාන්, මම කලිනුත් කියලා ඇති, ඔය සමදරා කියලා අදහස් දාන්නේ මම නොවේ. (නි)
නිලන් Friday, 29 November 2013 02:56 AM
සමදරා, වැරදි තීරුවේනේ මංගල දැන්වීම දාලා තියෙන්නේ. (නි)
සමදර Friday, 29 November 2013 02:47 AM
අපේ අප්පච්චි නම් ඒ කලේ අතින් වියදම් කරගෙන ගිහින් හරි, හරියටම ඔය රාජකාරිය දක්ෂ විදියට කළා කියලා අම්මා කියනවා (නි)
රූපවතී Friday, 29 November 2013 02:01 AM
පරිස්සමට දිසා මාමේ, මහපාරේ තාලය මතක්වෙයි (නි)
නාමල් Friday, 29 November 2013 01:42 AM
මේකත් දැන් චැට් රූම් එකක් වගේ. කට්ටිය 'චැට්' කරන එක නවත්වලා අදාල අදහස් විතරක් එවන්න (නි)
siribiris Thursday, 28 November 2013 08:29 PM
හහා හැඩයි රූපේ ..බෝ..නික්කි වාගේ සෝ..බනා..- ඔයා තමයි මට ගැලපෙන එක්කෙනා...( අල්මාරියේ දාල යතුරු දාල තියන්නයි මට වෙන්නේ. මොකද බෝ..නික්කි නේ!) (අ)
සමදර Thursday, 28 November 2013 08:16 PM
ඒ උනාට අපේ අම්මයි තාත්තයි කැතයි ..මට එක වෙලාවකට පුදුමයි මේ මමද කියල පැණි බේරෙන හිනහව (අ)
සමදර Thursday, 28 November 2013 08:15 PM
ලස්සන උනාට මෙලෝ රහක් නැහැ කියල තමයි හැමෝම කියල අයින් උනේ (අ)
ශාන්ති Thursday, 28 November 2013 01:14 AM
අතාරින්න නම් එපා. පෙන්නන්න හොද සෙල්ලමක් (නි)
සමදරා Thursday, 28 November 2013 05:22 PM
ලස්සනම ලස්සනයි මම ඒත් තනිකඩය මම හේතුව මොකද කිම පෙර කළ පවය ඒ බව (නදී)
සමදරා Thursday, 28 November 2013 05:19 PM
ලබන ආත්මෙත් මා ගැනියෙක් වෙලා ඉපදුනාට කමක් නැහැ හැබැයි මෙච්චර ලස්සන වෙන්න එපා දෙයියනේ (නදී)
සමදරා Thursday, 28 November 2013 05:17 PM
කවදාවත් ඕනවට වඩා ලස්සන වෙලා ඉපදෙන්න හොඳ නැහැ (නදී)
සමදාරා Thursday, 28 November 2013 05:17 PM
මගේ කරුමේ (නදී)
සමදරා Thursday, 28 November 2013 05:16 PM
පෙත්තෝ නගිමු (නදී)
කේ.එච්.ආර්.කේ. දිසානායක Thursday, 28 November 2013 04:13 PM
ඉන්දු නංගි අපි ඉන්නවා කරුවල අදුන ගා ගෙන ඉන්නේ පේනවා හොරයි ....නැටුන් තෙල් ටිකක් සප්පායන් වෙන්න තිබ්බනම් හොඳ කියල හිතෙනවා ජැකට් 2ක් ඇදලත් සීතල ඉවසන්න බැහැ (ස)
ගජබා Thursday, 28 November 2013 04:04 PM
ඇත්තද ඔය අෂ්ටක කියකොට සමහර මනමාලියන්ට කලන්තේ හැදෙනවා කියන්නේ..? ඉතින් ඒ වගේ කේස් එකකින් ගොඩ දාන්න නම් ටිකක් දාලම තමා යන්න වෙන්නේ.. (නදී)
සුනිල් අබේරත්න Thursday, 28 November 2013 03:42 PM
අනේ පද්මේ, අද පරම්පරාව තාක්ෂණික මෙවලම් එක්ක දගලන දැගලිල්ල දැක්කම අරක්කු ටිකක් බොන එක හොඳයි කියල හිතෙනවා මට නම් (ස)
ශමීරා Thursday, 28 November 2013 03:21 PM
මම මේ අදහසක් දාන්නේ පළමු වතාවට .නමුත් සති කීපක සිට මෙය කියවනවා.මෙය ලස්සන වන්නේ විවිධ මත තියෙන අයගේ ගුණාත්මක අදහස් අනුවයි.මට පේන ආකාරයට ඒ වගේ අ