X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බීලා කටගහන්න ගිහින් යාළුවාගේ සායම හේදිලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)


සිය මිතුරාගේ මනාලිය බැලීමට ගොස් බීමතින් පැවසූ කතාවකින් එම මංගල්‍යය කටයුතු නතර වූ පුවතක් නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


ඔවුන් දෙදෙනා පාසල් සමයේ සිට ආදරය කර ඇති අතර පසුව ඔහුගේ පෙම්වතිය පවසා ඇත්තේ මේ ගැන සිය නිවෙසට පවසා ඇති බැවින් සිය නිවෙසට මාපියන් සමග පැමිණ විමසන ලෙසය. 


ඇයගේ මවුපියන් ඔහුගේ පවුලේ අයට වඩා වත් පොහොසත්කම් වලින් පරිපූර්ණ වූ අතර මෙම කටයුත්ත සඳහා එකඟව ඇත්තේ ඔවුන් පාසල් සමයේ සිට ආදරය කර ඇති බැවින් හා මෙම ආදරය අවස්ථා කිහිපයකදී නතර කිරීමට කටයුතු කළද එය අසාර්ථක වූ බැවිනි. 


මොවුන්ගේ ප්‍රේමයට මිතුරකු ආරම්භයේ සිටම උදව් කර ඇති අතර ඔහු මත්පැන් වලට තදින් ඇබ්බැහි වූවෙකි. මත්පැන් පානය කළ පසුව කටට එන දේ පවසන ඔහු නූගත් කයිවාරු කාරයකු බව ගමේ ප්‍රචලිතය. 
කෙසේ වෙතත් ඔහු මෙම මංගල්‍යය කටයුතු සදහා සිය මිතුරා ඇයගේ නිවෙසට යන බව දැන බලහත්කාරයෙන් මෙන් එම ගමනට සහභාගි වී තිබේ. සිය මිතුරාගේ හැටි හොඳින් දන්නා ඔහු පවසා ඇත්තේ ගිහින් එනකම් කිසිවක් නොපවසන ලෙසය.


ගමන පිටත් වූ දා පාන්දරින්ම මත්පැන් කාලකින් සප්පායම් වූ ඔහු තවත් කාලක් ඉනෙහි ගසාගෙන ඇත්තේ මගදී පානය කිරීමටය. මංගල්‍යය කටයුතු කතිකා කර ගැනීමට පිරිස නිවෙසට ගිය පසු වැසිකිළියට ගිය මිතුරා ඉතුරු කාලත් එක හුස්මට කටේ හලාගෙන බුලත් විටක් කා නැවත මංගල්‍යය කටයුතු සාකච්ඡා කිරීමට පැමිණ තිබේ. 


ඒ වන විට මාපියන් සාකච්ඡා කරමින් සිට ඇති අතර මනාලියගේ මාපියන් පවසා ඇත්තේ දෙදෙනාටම අත්දැකීම් අඩු හෙයින් පවුල් ජීවිතය ඉතා කල්පනාකාරීව සිදු කර ගෙන යා යුතු බවය. 


මෙය ඇසූ මනාල පාර්ශවයේ කලින් සඳහන් කළ මිතුරා ”‍ පිස්සුද අංකල් මම නොදන්නවාද? මේ දෙන්නා ගැන යැයි පවසා පඩික්කම යැයි සිතා අසල තිබූ පිත්තල මල් බඳුනකට කෙළ ගසා උගුරේ රැල් බුරුල් ඇර “අපේ එකයි මේ නංගියි කොච්චර හෝටල් වල ගිහින් ඇද්ද? ඇරත් අපේ එකා අත්දැකීම් ගත්තේ මේ නංගි එක්ක විතරක් නෙවෙයි. පළමු අත්දැකීම ගත්තේ ගමේ ඉන්න සිරිපාල අයියගේ පවුලගෙන් යැයි පවසා ඇත්තේ සිය මිතුරා අත්දැකීම් අඩු පුද්ගලයකු නොවන බව තහවුරු කිරීමටය.
සිය පෙම්වතිය නිවෙසේ සී.ඩී. යන්ත්‍රයේ ප්‍රේම ගීතයක් ගායනා කළ ගායකයාගේ කට වසා දමද්දී, සිය මව්පියන් දෙස දේව බැල්මක්  හා මිතුරා දෙස යක්ෂ බැල්මක් හෙලූ මනාලයා ගෙදර සිට රැගෙන ආ ආදරය එම නිවෙසේම දමා වහා පිටව ගොස් ඇත්තේ මවුපියන් එහි දමාය.

 



අදහස් (0)

බීලා කටගහන්න ගිහින් යාළුවාගේ සායම හේදිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site