(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මවුපියන් බොරුවෙන් ක්‍රියා කරමින් ඉහළ පෙළේ පවුලක තරුණියක ලේලිය කරගන්නට තැත් කරද්දී පුත්‍රයා තමන්ගේ ඇත්ත හෙළිවන පරිදි හැසිරී මවුපියන්ගේ බොරුව හෙළිකළ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
දෑතේ රස්සාවකින් දිවිය සරි කරගන්නා ගසට කොළට මෙන්ම වඩු බංකුවටද ලැදි තරුණයෙකි. නිසි වයස එළැඹීමෙන් පසු මව්පියෝ මේ පුත්‍රයාට මනාලියක සෙවූහ. මගුල් කපුවන් කිහිප දෙනකුගේ සහයද ලබා ගත්හ. එක් කපුවකු ගෙනා මංගල යෝජනාවක් මේ අතර සැමගේ කතාබහට ලක් වූයේ ඉහළ පැලැන්තියේ පවුලක එකක් නිසාය. යෝජිත මනාලිය රටේ නමගිය රාජ්‍ය ආයතනයක ඉහළ නිලයක් හෙඹවීය.
තරුණයා මනාලිය බලන්නට ගියේ හැඩවැඩ වීමෙන් පසුවය. සුපුරුදු සරම කමිසය වෙනුවට බටහිර පන්නයේ ඇඳුමින් සැරසුණේ කාගේත් ඉල්ලීම නිසාමය. ගමනට සතියක පමණ සිට පැයකට දෙක තුනක් හපන බුලත් විටද ඔහුට තහනම් කෙරිණි. කිරිවන් දත් දෙපල සමග ඔහු ගමන ගියේ කළ හැකි දෙයක් නැති තැනය. කඩවසම් මනාලයා දුටු මනාලිය එකපයින් කැමති වූවාය.
මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන්ද මනාලයාගේ ගේ දොර බලන්නට ආවේ ඉන් පසුවය. මංගල්ලය තීන්දු කෙරුණේ ඉන් පසුවය. තරුණයා මෙයට වැඩි කැමැත්තක් දැක්වූයේ ද නැත. මනාලයාගේ පාර්ශ්වයේ පිරිස මනාලයාට දිනෙන් දින තහනම් නියෝග දමන්නට වූයේය.
සරම කමිස ඉවත් කරන්නට මෙන්ම බුලත් විට හැපීම සඳහටම නවතා දමන ලෙසටද බල කිරීම් සිදුවූයේය. මවුපියන් උත්සාහ ගත්තේ ඉහළ වැටුපක් ලබන කැපී පෙනෙන පවුලක දියණිය තම ලේලිය කරගන්නටය.
එහෙත් තරුණයා සිටියේ මහත් අමාරුවෙනි. තම සුපුරුදු දිවිය වෙනස් කළත් රස්සාව හංගාගෙන සිටින්නට බැරි බව ඔහු දැන සිටියේය. මේ අතර මනාලිය සේවය කරන ආයතනයේ විනෝද චාරිකාවක යෙදෙන්නට ඔහුට ඇරියුම් ලැබිණි. ඔහු ඒ ගමන මගහරින්නටද ගත් උත්සාහයන් වැඩිහිටියන් නිසා වැළැකිණි.
නියමිත දිනය උදාවිය. ඔහු පුරුදු පරිදි සරමෙන් කමිසෙන් සැරසුණේය. ඒවායේද කලඑළියක් නොවීය. රැවුල කැපුවේද නැත.
පාන්දරින්ම බුලත් විටක රස බැලීය. කට රතු කරගෙන යෝජිත මනාලියගේ නිවෙසට ගියේ ගමනට එක්වන්නටය. ඒ කැමැත්තකින් නොවේ. වැඩිහිටියන් සතුටු කරන්නටය.
තම අනාගත සහකරුවා සමග විනෝද ගමනක යෙදෙන්නට ලැබුණු අවස්ථාව මහත් සතුටින් ගත කරන්නට සැරසී සිටි තරුණිය යෝජිත මනාලයා දුටු විගස වික්ෂිප්ත වූවාය. ඇඳුම පොඩිවෙලාය. කටේ බුලත් විටකි. වැවුණු රැවුල කැලෑවක් සේය. කිසි පිළිවෙළක් නැති බව ඇයට වැටහිණි. යෝජිත මනාලයාගේ මේ පෙනුමත් සමග ගමනේ යෙදුණහොත් තමන් මිතුරන්ගේ විහිළුවට ලක්වෙන බව ඇයට තේරිණි.
ඇය හදිසි අසනීප ගතියක් මවා ගත්තාය. ගමන අවලංගු කළාය. තරුණයාගෙන් ඒ ගැන සමාව ඉල්ලුවාය. තරුණයා ආපසු නිවස බලා ආයේ එදා හවසට දෙන්නට පොරොන්දු වූ වැඩ අවසන් කරන අදහස ඇතිවය.
තරුණයා නිවෙසට එන අතරදී කපු නිවෙසට පණිවිඩයක් කියා තිබුණි. ඒ මගුලට මනාලිය අකමැත්ත පළ කළ බවයි. දෙමව්පියන්ගේ දොස් පරොස් එල්ල වෙද්දී තරුණයා පැවසුවේ බොරුවෙන් සැමදා දිනන්ට බැරි නිසා තමන් ඇත්ත හෙළිවන ලෙස කටයුතු කළ බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බුලත් විටක් කාලා පරණ තාලෙට ගිහින් මංගල්ලයක් කඩලා
දිමුත් Monday, 30 November 2020 06:29 AM
ඇති යාන්තම් පහුවෙලා හරි මොලේ පෑදුණා...
sampath Monday, 30 November 2020 01:53 PM
මේ මනුස්සයාගේ කිසිම වැරැද්දකත් නැහැ. මනාලි වැඩේ වරද්දගෙන... පොළවේ පයගහලා ඉන්න අව්‍යාජ මනුස්සයෙක් ලබන්න පිනක් නැතිකම.. මනමාලිට ඕවා වෙනස් කරගන්න තිබුණා. වඩු කාර්මිකයෙක් කියන්නේ සොච්චම් පඩියක් ගන්න කෙනෙක් නොවේ. මොකද ඒ මනුස්සයා කිසිම රැවටීමක් කරලත් නැහැ. අනුබල දීලත් නැහැ.