වියලුව වාර්තාකරු
අගනුවර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක දහඩිය වගුරවමින් සේවය කරන තම පුතුගේ වියදමින් ඉදිවන නව නිවෙසේ ඉදිරිපස දොර ගලවා විකුණා ලබාගත් මුදලින් බූරුවා ගසා පරාජයට පත්ව නිවැසියන්ගේද සෙනෙහස අහිමිකරගත් පියකු පිළිබඳ පුවතකි.
ඔහු සුරාවට මෙන්ම සූදුවට ඇබ්බැහි වූ මැදි වියේ පුද්ගලයෙකි.
දිය කදුරුවලින් වැලි ගොඩ දමා ඒවා අලෙවි කිරීම ජීවිකාව කරගත්තේය. උදේ සිට මහන්සි වී උපයා ගන්නා මුදලින් සොච්චමක් නිවෙසේ වියදමට දුන් හෙතෙම ඉතිරි සියල්ල විය පැහැදම් කළේ සුරාවට හා සූදුවටය.
පියාගේ නොපනත්කම් දරාගත නොහැකි වූ වැඩිමහල් දරුවා අගනුවර ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක රැකියාවට ගියේ පවුලේ එදිනෙදා වියපැහැදම් හෝ පියවා ගැනීමේ අටියෙනි.
නිවෙසේ වියපැහැදම් හැකි පමණින් සැපිරූ හෙතෙම මහ ගෙදරට යාබද ඉඩමේ නව නිවෙසක් ඉදිකිරීම ආරම්භ කළේ ටිකෙන් ටික ඉතිරි කරගත් මුදල් වැය කරමිනි. පසුගිය නිවාඩුවට පැමිණි හෙතෙම රුපියල් විසිපන්දහසක් පමණ මුදලක් ගෙවා ලී මඩුවකින් සකස්කරගත් නවීන පන්නයේ දොරක් ගෙනැවිත් නිවෙසේ ඉදිරිපස උළුවස්සට සවිකළේ නිවසේ ආරක්ෂාව පිළිබඳවද මෙනෙහි කරමිනි.
මේ අතර ගමේ ඉළව් ගෙදරක රාත්‍රී කාලයේ පැවැත්වෙන සූදු පොළක් පිළිබඳ කන වැකුණු ඔහුගේ පියා අතේ තිබූ සුළු මුදලද රැගෙන එහි ගියේ සුපුරුදු සූදු කෙළියේ යෙදීමටය. එහෙත් ඔට්ටු දෙක තුනක් අල්ලද්දී සාක්කුව හිස් කරගත් හෙතෙම පරාජිතයකු සේ බූරුපොළෙන් පිටවූයේ යළිත් ඔට්ටුවක් ඇල්ලීමට කෙසේ හෝ මුදලක් සොයාගන්නේ කෙසේදැයි මෙනෙහි කරමිනි.
දහඅතේ කල්පනා කරමින් සිටියදී ඔහුගේ සිහියට ආවේ තම දරුවා අලුතින්ම සාදන නිවසේ ඉදිරිපසට සවිකළ නවීන පන්නයේ දොරය. දෙවරක් නොසිතූ හෙතෙම දොර පලුව ගලවාගෙන රෑ මැද්දේ ම එය තම හිතවතකුට රුපියල් 10,000 ක මුදලට උකස් කළේ හැකි විගස එය පොළියක්ද ගෙවා බේරාගන්නා බව පවසමිනි.
ලද මුදලද රැගෙන යළිත් සූදු පොළට ගියද යළිත් ඔහුට හිමි වූයේ පරාජය පමණි. අවසානයේ හොර පූසකු සේ නිවසට රිංගා ගත්තද ඒ වන විටත් නිවැසියන් සිදු වූ සියල්ල දැනගෙන තිබූ අතර ඔහුට ලුණු ඇඹුල් ඇතිව සංග්‍රහ කළේ තව දුරටත් නිවෙසේ රැඳී නොසිට පිටව යන්නැයි තර්ජනය කරමිනි.
දැන් ඔහු සිටින්නේ වැලි තිප්පොළේ අටවාගත් ලෑලි මඩුවකය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බූරුවා ඔළුවට ගහලා අන්තිමේ ගේත් නැතිවෙලා