(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා)
ඇඳිරි නීති සමයේ නිවෙසේ අගහිඟ තිබියදී, ඒවා පසෙක ලා මත්පැන් පානය කරන සැමියාට අපූරු කටගැස්මක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් කුරුණෑගල දිසාවේ එක්තරා පෙදෙසකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය:-
රට පුරා පවතින ඇඳිරි නීතිය හා ආදායම් අහිමි වීමෙන් දිනෙන් දින පවුලේ අගහිඟද ඉහල යමින් තිබුණි. දරුවන් තිදෙනකු සහිත පවුලේ එදිනෙදා අවශ්‍යතා සඳහා බිරිඳ ණය තුරුස් වී ලබා දෙන මුදලින්ද සැමියා මත්පැන් පානය කිරීම හේතුවෙන් බිරිඳ මහත් පීඩාවට ලක්ව සිටියාය.
මෙදිනද පොලියට ගත් මුදලට බඩු තුණ්ඩුවක්ද ලියා දී ඒවා රැගෙන එන ලෙස බිරිඳ සැමියාට බාර දුන්නේ තමන්ට කුඩා දරුවාද රැගෙන පාරට බැසීමට නොහැකි නිසාවෙනි.
මින් මහත් සතුටට පත්වූ සැමියා මගට බැස්සේ මත්පැන් ගැණීමේ සිහිනයටද ඉව අල්ලමිනි. මග නැවතුන සැමියා බිරිඳ දුන් බඩු තුණ්ඩුව අතට ගෙන එහි ප්‍රමාණයන් වෙනස් කරමින් මත්පැන් ගැනීමට අවැසි මුදලද ගලපා ගත්තේය.
බඩු ටිකක් ද රැගෙන සවස් වී බීමත්ව පැමිණෙන සැමියා දුටු බිරිඳටද මළ පැන්නේලු. තමා ලියා දුන් බඩු ප්‍රමාණ අඩුව හා ඇතැම් බඩු වර්ග නොමැති වීමද බිරිඳගේ කේන්තිය දෙගුණ තෙගුණ වූයේලු.
සැමියාට බැණ වැදුන බිරිඳ සියල්ල ඉවසා දරාගෙන කුස්සියට ගොස් වහා උයා පිහා දරු තිදෙනාට කන්නට දුන්නේලු. සැමියා කාමරයට වී මත්පැන් බොමින් පදම් වී බිරිඳගෙන් කටගැස්මක් ඉල්ලමින් කෑ ගැසුවේ මේ අතරතුරය.
“නෝනේ මට කරවල කෑල්ලක් බැදලා ගේනවද” සැමියා කීප වරක් කෑ ගසද්දී බිරිඳට තවදුරටත් යකා නැග්ගේ බඩු මල්ලේ කරවල නොතිබීම හේතුවෙනි.
සැමියාට අමතක නොවන හොඳ කරවල බැදුමක් දීමට අදහස් කළ බිරිඳ කුස්සියට ගොස් ලිපේ තිබූ නිවී ගිය දර අඟුරු ටිකක් දීසියට දමා සැමියා ළඟින් ගෙනගොස් තැබුවේලු. බීමත්ව සූර් වී සිටි සැමියා අඳුරේම අතපතගා අඟුරු කමින් මත්පැන් බීවේය.
”මේ ගෑනිට හරියට කරවල කෑල්ලක්වත් බැදගන්න බෑනේ. ඒකත් කර කරනවා ”....යැයි සැමියා කියනු ඇසුණ බිරිඳ කාමරයට වී තනිවම සිනාසුණේ එතුවක් වේලා සිතට නැගී තිබුණ කේන්තිය ද අකා මකා දමමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බේබදු සැමියාට අපූරු බයිට් එකක්