ඔහු නිතර මත්පැන් පානයට ඇබ්බැහිවූ පුද්ගලයෙකි. දිනකට තුන් හතර වතාවක් හෝ ගමේ තිත්පොළට ගොස් අඩියක් ගැසීම ඔහුගේ දින චරියාවේ ප‍්‍රධාන අංගයකි.
අතේ මුදල් නැතිවිට කුමන හෝ උපායකින් මුදල් සොයා ගැනීමටද හෙතෙම රුසියෙකි.
පසුගිය දිනෙක ඔහුට අඩියක් ගහන්නට වුවමනාවුවත් අතේ ශත පහක් නොවිණි. ඊට ඔහු යෙදවුයේ අපූරු උපායකි.
හොඳින් ඇඳ පැළඳගත් ඔහු කෙළින්ම ගියේ ගමේ රත්තරන් බඩු සාප්පුවටය. හොඳින් දැන හඳුනන්නෙකු වූ එහි හිමිකරු ඇමතූ හෙතෙම මල්ලි මට පෙන්නන්නකො පොඩි කරාබු කුට්ටමක් යැයි කීවේ එය ඉක්මනින්ම මිලදී ගන්නා බවක්ද අඟවමිනි. වෙළෙඳසල් හිමියාගේ ද උදව්වෙන් ඔහු රුපියල් 4000ක් වටිනා කරාබු කුට්ටමක් තෝරා ගත්තේ එය තම සහෝදරයාගේ දියණියගේ ඉඳුල් කට ගෑමේ මංගල්‍යයට බව කියමිනි.
කරාබු කුට්ටම යළිත් වෙළෙන්ඳා අත තැබූ හෙතෙම වෙළෙඳසල් හිමියාට ගෙනාවේ අපූරු යෝජනාවක්. ”මල්ලි ඔය කරාබු කුට්ටමට බිල දානකොට 500ක් වැඩිපුර දාල මට බිල දෙන්න” වෙළෙඳ සල් හිමියාද යෝජනාවට අවනත වුණේ ඔහු දන්නා හඳුනන අයකු වූ නිසාය.
හරි මල්ලි දැන් පස්සෙ වැඩිපුර දාපු 500 මට දෙන්න. මං ගිහින් මේ බිලයි 4500යි එවන්නම්. එතකොට කරාබු දෙක දෙන්න” එසේ කියූ හෙතෙම රුපියල් 500ත් බිලත් අතට ගත් ඔහු කුරුල්ලා මිටෙන් ඇරියාක් මෙන් එතනින් පිටවූයේ රත්තරන් බඩු සාප්පු හිමියාගේ ගුණ වර්ණනාවක් ද කරමිනි.
බිල රැගෙන ගොස් දැන් සති ගණනකි. තවමත් කරාබු කුට්ටම රැගෙන යන්නට වත් වැඩිපුර ගත් 500 දෙන්නටවත් ඔහු නගරයට ආවේ නැතිලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බොන්න සල්ලි නැතිව රන්බඩු කඬේ පන්සීයකට විදලා
කුමාරි Saturday, 13 July 2013 01:13 AM
සංජීව ඇත්තටම හරි. ගොඩක් අය හිතන්නේ මිනිහෙකුගේ ගුණ යහපත් කම, අවංක කම මෝඩකම කියලා.(නදී)
නනදලාල් Monday, 15 July 2013 08:01 PM
ඔබ හරි සංජීව. මෙහෙම ළුණාම තව කෙනෙකුට උදවුවක් ගන්න තියෙන අවස්ථාව නැතිවෙනවා . උදවු නොකරනකොට මිනිස්සු දොස් කියනවා මනුස්සකම නැහැ කියල .සමාජයේ හර පද්දතිය විනාශ කරන්නේ මේවගේ ඕලමොට්ටයෝ තමා.(අ)
සමන් කුමාර Monday, 15 July 2013 05:50 PM
මම නම් හොයාගෙන ගිහින් කනපලනවා ඔය වගේ යාලුවන්ගේ (නි)
අනුර Monday, 15 July 2013 02:27 AM
ඔයාලට අපේ අදහස ගැලපෙන්නේ නැතිද?(නදී)
අනුර Sunday, 14 July 2013 11:34 PM
එක, එක දේවල් වලට පුරුදු වුනාම දෙමවුපියන්ව වුනත් විකුනගෙන කන කාලයක් මේක (නි)
හේරත් Sunday, 14 July 2013 07:09 PM
සල්ලි වලට ඇස් නෑ මලේ. බොන එකාට ආයු දිගත් නෑ මලේ. ඔහොම ගියදාට කෙහෙල් ගහකට අනිවී කොට්ටෝරුවා.(නදී)
චින්තක Saturday, 13 July 2013 08:47 PM
වැඩි කල් මිනිහට ඔහොම දුවන්න හම්බවෙන්නේ නැහැ ලගදීම මාට්ටු වෙනවා ෂුවර්.(නද)
ප්‍රසන්න Saturday, 13 July 2013 07:35 PM
කෝ මතට තිත (අ)
කෙවීන් Saturday, 13 July 2013 10:42 AM
මේකට කියන්නේ ශරීරය වෙහෙසල වැඩක් කරලා සල්ලි හොයන්න තියන කම්මැලි කම. බිල් ගේට් අමාරු වැඩක් කම්මලියෙකුට දෙන්න කිවේ මේක නිසා තමා. කම්මැලි මිනිසා කෙටි මාර්ග හොයන නිසා.කොහොම උනත් මෙවෙනි මිනිසුන්ගෙන් වැඩ ගන්න ඕනේ ඉතාම කල්පනාවෙන්.(අ)
වරුණ Friday, 12 July 2013 10:10 AM
මේ ගොල්ලන්ට තමයි කියන්නේ බත් කන වෘෂභ රාජයෝ කියලා (දී)
ගාමිණී-සිරි Friday, 12 July 2013 06:39 PM
මොනවා වුනත් සාධාරණව වැඩේ කරලා , කරාඹු කුට්ටම පන්නාගෙන නොගිහින්. (නි)
සාලිය Friday, 12 July 2013 04:40 PM
ඔන්න එහෙනම් වරුණ උන්නැහෙත් යමක් කිව්වා!(නදී)
චන්දි Friday, 12 July 2013 04:15 PM
මිට කලිනුත් ට්‍රිවිල් එකකටත් මේවගේම දෙයක් කරලා තිබුන නේද අනේ මෙහෙමත්,මිනිස්සු.., මේවා අහන අපිට පිස්සුද මන්ද ..!!!! (අ)
මදු Friday, 12 July 2013 03:15 PM
ඔය මිනිහට තියන මොලේ වෙන හොද දේකට යෙදෙව්වා නම් අද ඒ මනුස්සයා හොද පොහොසතෙක්. (දී)
සංජීව Friday, 12 July 2013 02:17 PM
මිනිස්සු විශ්වාසෙට තව කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒක උදව්ව කරන මනුස්සයාගේ තියෙන ගුණ යහපත්කම නිසා. නමුත් උදව්ව ගන්න සමහරු හිතන්නේ මිනිහා මහා ලොකු මොළකාරය, අනික් කෙනාව ඇන්දුවා කියලා. ප්‍රායෝගිකව මම මේ වගේ සිද්ධි දැකලා තියෙනවා. රත්තරන් බඩු කඩේ මල්ලි මෙයාව අඳුනන නිසා විශ්වාසයටයි සල්ලි දෙන්න ඇත්තේ. රුපියල් 500 වගේද මිනිස්සුන්ගේ විදිය තේරුම් යාමම කොච්චර දෙයක්ද? නිවී සැනසිල්ලේ සිතලා බලන්න. මේකෙන් සල්ලි ගත්ත මනුස්සයට වෙන පාඩුව රැපියල් වලින් මනින්න පුලුවන්ද.... (දී)
පැතුම් Friday, 12 July 2013 11:04 AM
අපේ මිනිස්සුන්ගේ මේ දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි ඇයි? (දී)
උපාලි Friday, 12 July 2013 11:03 AM
මේකෙන් කාරණා දෙකක් කියවෙනවා. නහුතෙට බිව්වහම මොලේ සෛල මැරෙනවා කියන්නේ බොරු බව. මේ මිනිහට හොඳට මොලේ තියනවා. අනික තමයි ලැජ්ජ නැත්නම්, ආත්ම ගෞරවය කියලා දෙයක් නමටවත් නැත්නම් කරන්න බැරි බලු වැඩක් නැති බව. (දී)