X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


බොරු මැණිකකට ලොල්වී මාසේ පඩියම දන්දීලා

(උණවටුන ඩි.ජී.සුගතපාල)

සංචාරක හෝටලයක සේවය කරන කාන්තාවක් වැටුප් ලෙස ලබාගත් රුපියල් විසිපන් දහසද රැුගෙන බස් නැවතුමට ආවේ නිවෙස බලා යාමටය.
මාතර බලා යන  බස් නැවතුමේ ඒ වනවිට තවත් කාන්තාවක් ද සිටියාය. ටික වේලාවකට පසු එතැනට පැමිණි පුද්ගලයෙක් වැටුප් ලබා නිවෙසට යාමට පැමිණි කාන්තාවට මදක් පසෙකට කතා කොට මෙසේ කිවේය.

”නංගි ඔය ගෑනි ළඟ මැණිකක් තියෙනවා. ලක්ෂ පහක් විතර වටිනවා. මම ඉල්ලූවට දෙන්නේ නැහැ. නංගී පුලූවන්නම් ඉල්ල ගන්න. මං නංගිට ලක්ෂයක් දෙන්නම්” රුපියල් ලක්ෂයක් සොයා ගැනීමට හෝටලයේ කොපමණ කාලයක් වැඩ කළ යුතුදැයි සිතූ ඇයගේ යටි සිතද එයට කැමැත්ත දක්වන්නට විය.

ඒ සමගම බස් නැවතුමේ සිටි කාන්තාව ඇයට ළංවී ”නංගි මගේ ළඟ මැණිකක් තියෙනවා. ඒක විකුණන්න  ඕන. ඔය මිනිහ ඉල්ලනවා ඒත් මට ඔය මිනිහ විශ්වාස නැහැ. නංගිට පුලූනම් විකුණන්න’’ පසුව නිවෙසට යාම පසෙක තබා ඇය එම කාන්තාව සමග මැණික විකිණීම සඳහා ගාල්ල බලා යන බස් රථයකට ගොඩ වූවාය.

ඒ සමග පිරිමි පුද්ගලයාද බසයට ගොඩවිය. ගාල්ල මහා විදීය බස් නැවතුම්පොළෙන් තිදෙනාම බැස කාන්තාව රෙදි කඩක ඔතා තිබු මැණික ඇයට දුන්නාය.

”නංගි ඔයා මං අඳුනන්නේ නැහැනේ. ඒක හින්දා ඔයාගේ අතේ තියෙන රුපියල් විසිපන් දාහයි කරේ තියෙන මාලෙයි මගේ අතට දිලා යන්න. විකුණන තැනට යනකම් මැණික දිගඅරින්න එපා.’’  එම කාන්තාව ඇයට කිවාය. ඇයද කිසිම සැකක් නැතිව මුදල් සියල්ලම සහ මාලයද ගලවා දුන්නාය.

ඉන් පසු ඒ අසලම සිටි පුද්ගලයා මැණික විකිණීම සඳහා ඇය මහා විදිය ඔස්සේ ටික දුරක් කැඳවා ගෙන ගියේය. මැණික අයිති කාන්තාවද ඔවුන් පසු පසින් ආවාය. ටික දුරක් යනවිට එක් වරම ඔහු අතුරුදන්විය. ඇය ආපසු හැරි බැලූවේ මැණික අයිති කාන්තාවට ඒ බව කීමටය. එහෙත් ඇයද අතුරුදන්ය. පසුව ඇය රෙදි කැබැල්ල ලිහා බැලූවාය. ඇය දුටුවේ ලස්සනට දවටා තිබු තිරුවාණා ගල් කැබැල්ලකි.

ඒ අසල සිටි කිහිප දෙනෙකුගෙන් ඔවුන් පිළිබඳ විමසුවත් ඇයට සහනදායි පිළිතුරක් ලැබුණේ නැත. අවසානයේ ඇය හිස් අතින් හඬා වැටෙමින් ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණියාය.

විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයංක කරුණාදාස මහතා පැවසුවේ මෙවැනි වංචාකරුවන්ට හසු නොවන ලෙස ජනතාව කොතෙක් දැනුම්වත් කළද තවමත් එවැනි පිරිස් සිටින බවය.



අදහස් (5)

බොරු මැණිකකට ලොල්වී මාසේ පඩියම දන්දීලා

sachith Wednesday, 19 July 2017 09:45 AM

තණ්හාය ජායතී සෝකෝ. ඊයෙත් ගාල්ලේ ඕවගේම මුද්දක් හොරකම් කරපු එකක් තිබ්බා නේද? මිනිස්සු කෙටි මාර්ග වලින් ඉක්මනට පොහොසත් වෙන්න යන නිසා තමයි මේ වගේ වංචා කාරයෝ හැමදාම මේවා කරන්නේ.

:       0       50

arschfikaa Wednesday, 19 July 2017 02:27 PM

මේ අය කරන්නෙම ඔයවගේ වැඩමයි...

:       0       30

Thusha Wednesday, 19 July 2017 03:08 PM

ඕවාට කියන්නේ... "ටීම් වර්ක්" කියලා ....අනුවණ මිනිසුන් ඉතින් අහුවෙනවා. මේ හොරුන්ට තියෙන කපටි මොලේ... තමයි. හොඳ වැඩකට යෙදුවොත් , ලංකාවත් ඉතින් තුන්වෙනි ලෝකයේ රටක් වෙන්නේ නැහැ.

:       0       24

naradha Thursday, 20 July 2017 12:47 PM

මොනතරම් රටේ සාක්ෂරතාව ඉහලයි කිවත්, මට තේරෙන්නේ නෑ ඇයි ලංකාවේ මේ තරම් මෝඩ මිනිසුන් ඉන්නේ කියා. යමෙක් තමන් අතට දෙයක් දුන් පලියට, ඒ දුන් දෙය කුමක්දැයි නොබලා, තමන් අතේ ඇති සන්තකයම පුජා කරන්නේ කුමන වර්ගයකට අයත් මොඩයින්ද?

:       0       51

bamunu Wednesday, 26 July 2017 06:53 AM

අනේ මේ ගැහැණු කෙනාගේ දරුවන්ට සහ සැමියාට දෙවියන්ගේම පිහිටයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site