X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


බෝංචි මාලූව හැදි ගාද්දී දුරකථනයක් මතුවෙලා

ඇය දරුවන් තිදෙනකුගේ මවකි. තම ස්වාමියා රට රැකියාවක නිරතව සිටින බැවින් තමා යන යන තැනට ජංගම දුරකථනය රැගෙනයෑම මෙම කාන්තාවගේ සිරිත විය. මෙදින නිවසෙහි කිසිවකු නොසිටි අතර දිවා ආහාරය සකස් කිරීම සඳහා සුපුරුදු පරිදි ජංගම දුරකථනයද රැගෙන මුළුතැන්ගෙට ගොස් ගෑස් ලිප තබා ඇති ස්ථානයට ඉහළින් තනාතිබූ රාක්කයමත එම දුරකථනය තැබුවාය.

දැන් ඇය ආහාර පිසිමින් සිටී. එක් ලිපක බතද අනෙක් ලිපෙහි බෝංචි මාළුවද ඉදෙමින් පවතින අතරවාරයේ අසල්වැසි කාන්තාවක් පැමිණ නිවෙසෙහි ඉදිරිපස සිට කතා කර ඇත. ඒ හඬ ඇසුණු මෙම කාන්තාව නිවසෙහි ඉදිරිපසට ගොස් එම කාන්තාව සමග කෙටි පිළිසඳරක යෙදී සිට නැවැත මුළුතැන් ගෙටවිත් පිසෙමින් තිබූ බත බලා එය ලිපෙන් රැුගෙන පසෙක තබා බෝංචි මාළුවට ලූණු මිශ‍්‍රකර එය හැන්දෙන් කලවම් කළාය. පුදුමයකි. එයින් ජංගම දුරකථනයක් මතුවිය. ඇය ක්‍ෂණිකව තමාගේ දුරකථනය තිබූ තැන බැලූවාය. ඇයට දෙවියන් සිහිවිය.

සිදුවී ඇත්තේ අසල්වැසි කාන්තාවට කතා කිරීමට නිවෙස ඉදිරියට ගිය පසුව එම ජංගම දුරකථනයට ඇමතුමක් පැමිණ එහි කම්පනයට සෙමින් ඉදිරියටවිත් පිසිමින් පැවැති බෝංචි මාළුවට වැටීමය.

පසුව එය අලූත්වැඩියා කිරීම සඳහා රු. 2500 ක මුදලක් වැයවූ බව එම කාන්තාව පැවසුවාය.   
 



අදහස් (0)

බෝංචි මාලූව හැදි ගාද්දී දුරකථනයක් මතුවෙලා

සමදරා ආරියදාස Friday, 06 September 2013 05:09 PM

චන්ඩි අක්කේ ඔයා හරි, මම වැරද්යි - සොරි හොඳේ'(නදී)

:       0       0

මඩු Wednesday, 04 September 2013 09:54 PM

දිසානායක අයියටකදුල්ල ආරක්ෂා කරලා හොදට පුරුදුයි වගේ (දී)

:       0       0

රූපවතී Thursday, 05 September 2013 01:46 AM

චන්දි නංගි, දිසා කියන්නේ ඇත්ත වෙන්න ඕනා. මැච් එක පටන් ගත්තු වෙලේ ඉදන් නෝනා හාමිගේ කන් කරච්චලේ බැරිලු. දවසක් මැච් එක පටන් ගනිද්දී දිසා හිතාගෙන ඉදලා තියෙන්නේ තැඹිලි ගහකට ගොඩවෙලා කියලලු. තවම බාගයක්වත් බිමට බැහැල නැහැ කියලා දවාගන්න කඩුල්ලක් වත් ඉතුරුවෙයිද මේ ගොයියලට. (නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 05 September 2013 02:47 AM

පොල් කටු හැන්දේ මිට වගේ, රූබර ඇගේ ආදරේ... ඇය එන්නේ නැහැ අනේ ඇගේ භූමිතෙල් මොලේ.. (නි).

:       0       0

ඉන්දු melbourne Thursday, 05 September 2013 07:30 AM

මේකේ අදහස් දාන අය දැන් එක සංගමයක් වගේ, හැමෝම යාලුවෝ වගේ. කොමෙන්ට්ස් බලන එකත් විනෝදයක්. (අ)

:       0       0

චන්දි Thursday, 05 September 2013 08:02 AM

ඔව් ඉන්දු !! අපි ඔයාටත් අරාධනා කරනවා ,අපිත් එක්ක විනෝද වෙන්න කියල මෙහෙම අදහස් වලින් අපි ගොඩක් සතුටක් ලබනවා හැබැයි සමහර අයට නම් මේ වැඩේ එච්චර අල්ලන්නේ නැහැ වගේ ''ඒත්''ඉතින් අපේ කතෘ තුමා දුක හදුනන නිහතමානි මහත්මයෙක් නිසා අපේ සතුටට බදා නොකර අදහස් පල කරනවානේ වැඩ කරලා මහන්සි වෙලා ඉන්න වෙලාවට මේක හොද බෙහෙතක් විඩාව නිවා ගන්න ''ඒ'' ඉතින් අපේ හද දිනු ලංකාදීප පුවත් පතට පින් සිදු වෙන්ට තමයි ''ජයවේවා කතෘ තුමනි'' (දී)

:       0       0

කටා මාමා Thursday, 05 September 2013 09:36 AM

සිතට නැගෙන දෙයක් ප්‍රකාශ කිරීමේ සිමා නොමැති වුවත් යම් මට්ටමක නැණ පහන පුබුදුවන අදහස් මනදොල තුටු කරයි. සුළු දිය පානය නොකරනු මැනවි රුපු විස ගත නොමැති නම්. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 05 September 2013 01:34 PM

ඉන්දු, අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ (නි)

:       0       0

මංජු Thursday, 05 September 2013 02:17 PM

දුරකථනය හොදට තැමිබිලාද?(නදී)

:       0       0

දම්මි Thursday, 05 September 2013 04:08 PM

පව්....... මහත්තයට ආදරේ නිසානේ මේ කරදර.(නදී)

:       0       0

රූපවතී Thursday, 05 September 2013 11:58 PM

ඉන්දු සොයුරිය ..හැමදාම ..උදේට වැඩට යන්න කලින් .. කෝපි එක අතට අරන්, ලංකාදීපේ විගහට පිටුවක් පෙරලන්නේ ,මේ හපුටුවන්ගේ මුණු ටික බලන්න ...නැතිනම් දවසම මුස්පෙන්තුවයි.. දවසක මේ ආදරණීය සහෝදර සහෝදරියෝ ටික, එකම තැනකින් දෑසින් දැක ගන්න...මලක් තියල බුදුන් වැදලා ප්‍රර්ථනා කරනවා....? (නදී)

:       0       0

සමදරා ආරියදාස Friday, 06 September 2013 08:22 AM

හිතන්න අමාරුයි කතාව. මොකද වතුර ගෑවුණ ගමන් මොබිල් දුරකථන කැඩෙනවා, හඬ නගන්න විදියක් නැහැ. ඇරත් කැඩුණ බව ඔප්පු වෙනවා 2500 කතාවෙන්.එහෙනම් කොහොමද රින් වුණේ? තව හොයලා බලමු. රූපවති නැන්දේ, ඔයා මොකද හිතන්නේ? (නි)

:       0       0

චන්දි Friday, 06 September 2013 08:44 AM

අයියෝ සමදරා ආරියදාස, ඔච්චරටම මොලේ නැද්ද?  රින්ග්ස් යද්දී තමයි හට්ටියට වැටිලා තියෙන්නේ හොද්ද හැදී ගාන වෙලාවේ තමයි දැකලා තියෙන්නේ. නැතුව හට්ටියට වැටුනට පස්සේ හඩ නගලා නෙවෙයි (අයියෝ සිරිසේන) නැහැ නැහැ වැරදුනා අයියෝ ආරියදාස.(නදී)

:       0       0

සරත් Friday, 06 September 2013 09:05 AM

ඔව් රූපවතී අක්කේ ඔය හරි අපිත් මොන රාජකාරිය තිබුනත් වෙලාවක් ලත් සැනකින් ලංකාදීපය ඕපන් කරලා බලන්නේ සහෝදර සොහොදරියන් වගේ ඉන්න ඔයාලගේ නම් ටික බලන්න! නම් තිබුනේ නැත්නම් පුවතත් වැඩක් නැහැ. අපි පුවත කියවන්නේ එක පාරයි! නමුත් අදහස් කීප පාරක් බලනවා! විඩාබර මනසට යම් අස්වෙසිල්ලක්.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 04 September 2013 07:06 PM

දැන් කලේ ගොඩක් අයට ෆෝන් එක නැතිවම බැ හරියට ෆෝන් එක ඇගේ කොටසක් වගේ .මොකද මේ දවස් වල දිසානායක,සරත් නින්දෙන් කියවනවා කියන්නේ රූපා අක්කේ අපි නොදන්නා අසනීපයක්ද. (දී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 06 September 2013 05:35 PM

රූපවති අක්කේ, ඔයා වගේම චන්දී අක්කාගේ අදහස් තමා මමත් පළමුවෙන්ම කියවන්නේ.වෙලාවකට හිනා යනවා මොන ප්‍රශ්නේ තිබුනත්.ඒ වගේම අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ අදහස් අනිවාර්යෙන්ම කියවනවා ලෝකේ කොහේ සිටියත්. ඒ වගේම ලංකාදීපයටත් තුති. (නි)

:       0       0

දිසානායක Friday, 06 September 2013 08:24 PM

සිහිය නැද්ද අනේ ඔය තරම් (දී)

:       0       0

සමන් Friday, 06 September 2013 08:29 PM

මේවා කියවනකොට ලැජ්ජයි (දී)

:       0       0

නාමල් Saturday, 07 September 2013 01:57 AM

සමන්, ඔයාට ලැජ්ජයිද? (නි)

:       0       0

සිරි අයියා Saturday, 07 September 2013 10:29 AM

අර කලින් කතාවේ කක්කා වලට වැටිච්ච ෆෝන් එකද දන්නේ නැහැ මේ බෝංචි ඇතිලියෙන් මතුවුනේ? (නදී)

:       0       0

ලලිත්-එස්ගඑල් Saturday, 07 September 2013 11:01 AM

මේක නම් ජංගම බෝංචි මාළුවක කතාවක් නේ. (නදී)

:       0       0

දිසානායක Saturday, 07 September 2013 11:49 AM

ඇයි සමන් අපි හෙළුවෙන් වගේද පේන්නේ. ඔයාගේ මුණ බැලුවේ නැද්ද? කන්නාඩියක් ලගට ගිහිල්ලා.(නදී)

:       0       0

චන්දි Saturday, 07 September 2013 06:48 PM

සිරි අයියගේ අදහස බලලා මට ජීවිතේටම බෝංචි කන්න අප්පිරියා හිතුනා.(නදී)

:       0       0

හේරත් Sunday, 08 September 2013 03:26 AM

දුරකථන මාළුවත් හරි රසයිනේ නැන්දේ?රෙසිපි එකත් දාන්නකො හොඳ නැන්දා වගේ. (නි)

:       0       0

දිසා සේකර Sunday, 08 September 2013 11:11 AM

ලෝකෙටම හෙනය උන් ඔය දුර කථනය තමයි (දී)

:       0       0

රෝහණ Monday, 09 September 2013 01:50 PM

අපරාදේ හොද්දට වැටුන වෙලේ ලුණු ඇතිද කියලා කෝල් කරලා දැනගන්න තිබ්බා. (ස)

:       0       0

චන්දි Monday, 09 September 2013 08:06 PM

රෝහණ, ඔයාගේ අදහස නියමයි හොදේ (නි)

:       0       0

සමදරා ආරියදාස Tuesday, 10 September 2013 06:42 AM

වෛබ්‍රේට් වුණාට සක්මන් කරන දුරකථන නැහැ, තව හොයා බලන්න (නි)

:       0       0

කටා මාමා Wednesday, 04 September 2013 01:40 PM

මේකනේ ගැටලුව ''දෙයියෝ සාක්කි'' තීරුව ''මල කෝලන්'' තීරුව වෙලා සංජිව.(නදී)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 09:57 AM

නැහැ ලිඳ ළඟ සංගමේ විපාකේ. (ස)

:       0       0

වලලවිට Wednesday, 04 September 2013 10:03 AM

වරුණ, අර අරුණි පන්ති පවත්වනවා. මෝඩ කතා නොකියා ඒ පන්තියකට සහභාගී වෙන්න. (ස)

:       0       0

රූපවතී Wednesday, 04 September 2013 10:19 AM

මේක නම් කරලා තියෙන්නේ සරත් මල්ලිගේ ...නෝනා හාමි ...? (ස)

:       0       0

ෂාන් Wednesday, 04 September 2013 10:20 AM

ඇති කොහොම හරි ෆෝන් එක ආයෙත් වැඩ නම්... (ස)

:       0       0

දුම්මලසූරිය. Wednesday, 04 September 2013 10:43 AM

ඒ කාන්තාව ගැන කණගාටුයි...මහත්තයා විදේශ ගතව ඉන්න නිසා කොයි වෙලාවේ කතා කරයිද කියන්න බැහැනේ...ඒ කෝල් කරන වෙලාවට ඒකට උත්තර නොදුන්නොත් මහත්තයගෙනුත් බරබරේනේ....ඒ නිසා වෙන්න ඇති දුරකථනය ළඟම තියන්නේ...මමත් එහෙම තමා...හැබැයි මට තාම ඒ වගේ අකරතැබ්බයකට නම් මුණදෙන්න සිදුවෙලා නැ...නමුත් මෙය මමත් පාඩමකට ගන්නවා... (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 September 2013 10:55 AM

ලුණු ඇඹුල් ඇතුවම දැන් මහත්තයට උත්තර ලැබෙනවා ඇති. (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 11:02 AM

දැන් ඒ කෝල් එක අරන් තියෙන්නේ එයාගේ මහත්තයද..?රූපවති අක්කා කියන්නේ, සරත්ගේ නෝනාහාමි කියලාද..? මට නම් හිතුනේ දිසානායකගේ නෝනාහාමි කියලා මොකද , දිසා ....දන්නවා එයා ලිඳ ළඟ සංගමේ සභාපතිනි.., කියලත් (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 11:12 AM

වලල්ලාවිට, මම අරුණි ගාවට කන්නන්ගරව ඇරියා. දැන් සමහරවිට අරුණි එයාට ටියුෂන් දෙනවා ඇති? (ස)

:       0       0

නන්දාවතී Wednesday, 04 September 2013 12:06 PM

වරුණ පුතා ඔයා හොඳට ඉගන ගන්න. අනුන්ට පන්දම් අල්ලලා උඩට යන්න ට්‍රයි කරන්න එපා. ඩ්‍රයිවර් වුනාට තව විභාගයක් කරන්න. වැඩ පොළේ මිනිස්සුන්ට කතා කරලා උදව් ගන්න. (ස)

:       0       0

සංජීව Wednesday, 04 September 2013 12:15 PM

කතාව සහ අදහස් දිහා බැලුවහම හරියට නිකන් යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 12:20 PM

හොඳ ඩ්‍රයිවර්ලට ඇන්ටිලත් එක්ක හොඳට පදවන්න පුළුවන්. (ස)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 01:27 PM

රූපවතිලා, නන්දාවතිලා, චන්දිලා ඔක්කොම ඔය සංගමේ හිටපු ඇන්ටිලා තමයි. අපි වගේ තරුණ කොල්ලන්ට බැල්ම දාන්න හොඳට දන්නවා. (ස)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 01:27 PM

රුපවතිලා නන්දාවතිලා චන්දිලා ඔක්කොම ඔය සංගමේ හිටපු ඇන්ටිලා තමයි. අපි වගේ තරුණ කොල්ලන්ට බැල්ම දාන්න හොදට දන්නවා.(නදී)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 09:49 AM

'වයිබ්රේට්' දැමීමේ විපාක (නි)

:       0       0

සම්පත් Wednesday, 04 September 2013 02:19 PM

ඉතින් ෆෝන් එක අයිතිකාරයා වෙන්න ඇති දාන්න ඇත්තේ. (ස)

:       0       0

සරත් Wednesday, 04 September 2013 02:33 PM

මට නම් හිතෙන්නේ ඔය දේ වෙලා තියෙන්නේ අපේ රූපවතී නැන්දට! බෝංචි හොද්දට වැටිලා තියෙන්නේ, අපේ තාත්තා මගෙන් හොරකම් කරලා රූපවතී නැන්දට විකනපු ෆෝන් එක තමයි! හොදම වැඩේ! කොටියම කාපිය දෙන්නම! (ස)

:       0       0

නාමල් Wednesday, 04 September 2013 02:36 PM

ඔව්! දිසානායක! වැඩට ගන්න බැරි පරණ වාහන පාලු ඉඩම් වලට ගිහින් දානවා වගේ! රූපවතිලා, නන්දාවතිලා, චන්දිලා ඔක්කොම ඇන්ටිලා ටික මුහුදෙන් වටවුන එක එක දූපත්වලට ගිහින් දාලා තියෙන්නෙ! (ස)

:       0       0

අසෝක Wednesday, 04 September 2013 02:55 PM

දිසානායකලගේ ගෙදර කණ්නාඩි වල මකුළු දැල් බැඳිලා. ඉතින් තාම හිතනින්නේ 16යි මාසයයි කියලා. ඒ වුනාට තට්ටේ විතරයි. (ස)

:       0       0

රූපවතී Wednesday, 04 September 2013 03:00 PM

පරිසම් වෙලා හිටියා නම් සරත් කොලුවෝ ටිකක් හොඳයි ...? මම මේ වගක් අප්පොච්චට කීවොත් ..? ඕන දේටයි එපා දේටයි සරත් කොලුවා හොට ගහනවනේ ...?ඊ ළඟ වතාවේ මට ..සරත් කොලුවා සින්ක්කරම ලියලා දෙයි, අර පොල් ඉඩමත් එක්ක ...?ඔන්න මම කීවා ..??? (ස)

:       0       0

කටා මාමා Wednesday, 04 September 2013 03:55 PM

පවුල් අවුල් ඇදගෙන නාන්නේ මොකෝ නංගිලා මල්ලිලා (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 04:07 PM

අපරාදේ!!! මට ඉන්නේ පුතාලා දෙන්නෙක්නෙ. දුවලම දෙන්නෙක් වුනා නම් මං දිසානායකටයි .., නාමල්ටයි බන්ඳලා දීලා (යථා කාලයේදී) නාමල්ගේ ෆෝන් එක තාත්තා හොරකම් කරාම මට ඉතා අඩු මිලකට ගන්න තිබුණා. ඔය ''කසිප්පු'' බොන්න කියක් හරිනේ ගන්නේ!!(නාමල් පුතේ කොහොමත් අපි ඔක්කොම මුහුදෙන් වට වෙච්ච දුපතක තමයි ඉපදිලා තියෙන්නේ )අනේ දිසෝ...වැඩේමයි බැල්ම දාන්න හිතන් ඇති 18 කොල්ලෙක් කියලා (අසෝක ඔයාගේ කතාව නියමයි ) (ස)

:       0       0

දයා අලහකෝන් Wednesday, 04 September 2013 04:07 PM

ඒක නෙමෙයි. අර පහුගිය දවස්වල පාන්දර යාමේ පෙන්ෂන් කාරයෙක්ගේ මෝටර් සයිකලයට නැගලා බැහැලා තියෙන ගෑණු කෙනාගෙ නම රූපවතීලු. (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 04:14 PM

රූපවති අක්කත් ආසයි වගේ අලුත් පොඩි පොඩි වාහන පදින්න නේද සරත් ? (ස)

:       0       0

වරුණ Wednesday, 04 September 2013 04:22 PM

අද අරුණි තාම ආවේ නැහැ නේද? (නි)

:       0       0

දිසානායක Wednesday, 04 September 2013 04:26 PM

මේ චන්දි 18 කොල්ලෝ වගේද අපි අපිට ඕනෑම දෙයකට පළපුරුද්ද තියනවා .ටෙස් මැච් එක ඉවර වෙනකම් කඩුල්ල ආරක්ෂා කරගෙන ඉන්න අපිට පුළුවන්. බොරු නම් රුපවතිගෙන් අහන්න. (ස)

:       0       0

චන්දි Wednesday, 04 September 2013 05:00 PM

මෙන්න බොලේ අපේ වරුණ ගිහිපු දුරක් !!! අනේ දිසෝ!! කොහොම හරි මැච් එක දිනන්න බලන්න හොදේ !!මට ලිඳ ළඟ සංගමේ සභාපතිනි කීවා විස්තරේ ..,අපේ රුපා අක්කා දන්නේ නැහැනේ ඔයාගේ කඩුලු රැකිල්ල (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site