(බිංගිරිය - වික්ටර් සෝමවීර)
භූතයෙකු දමා සිරකළ බව කියන ප්ලාස්ටික් ඇසුරුමක් සමග තවත් පරිවාර ඇසුරුම් කීපයක් ත්‍රීරෝද රථයකින් ගමන් කළ පිරිසක් විසින් බරාගෙදර කාරඹුඔය පාලම යටට විසිකරනු ලැබීම හේතුවෙන් බරාගෙදර හා කැලෑගෙදර අවට ප්‍රදේශවාසීහු පසුගියදා මහත් කැළඹීමකට පත්වූහ.
භූතයා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථය පිටුපස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකු යම්කිසි සැකකටයුතු පාර්සලයක් වැනි යමක් කාරඹුඔයට විසිකරන අයුරු දැක ඒ පිළිබඳව ත්‍රීරෝද රථයේ සිටි අයගෙන් විමසා ඇත. එවිට ඔවුන් පවසා ඇත්තේ දේවාලයක සිට රැගෙන ආ භූතයකු කාරඹුඔයට විසිකළ බවයි. බෝම්බ පිපිරීම ගැන මේ දිනවල බියක් පවතින හෙයින් මෙම සිද්ධිය සම්බන්ධ ආරංචිය ප්‍රදේශය පුරා ඉක්මනින් පැතිර ගියේය. මෙම කාරඹුඔය හරහා පිහිටා තිබෙන බරාගෙදර පාලම බෝවත්ත කුලියාපිටිය මාර්ගයට සම්බන්ධ වී පවතී. දිනපතා වාහන විශාල ප්‍රමාණයක් මෙම පාලම මතින් ගමන් කරන බැවින් යම් අනතුරක් සිදුවේ යැයි බියෙන් සිද්ධිය දුම්මලසූරිය පොලිසිය වෙතද දැනුම් දී තිබුණි.
ඒ අනුව වහා ක්‍රියාත්මක වූ දුම්මලසූරිය පොලිසිය නාවික හමුදාව දැනුවත් කොට ඇත කාරඹුඔයට විසිකරන ලද ප්ලාස්ටික් ඇසුරුම් තුළ පුපුරණ ද්‍රව්‍ය ඇතැයි යන සැකය නිසා නාවික හමුදා නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් දුම්මලසූරිය පොලිසිය එම ස්ථානයට විශේෂ ආරක්ෂාවක් ද සලසා තිබුණි. නාවික හමුදා නිලධාරින් පැමිණ බරාගෙදර පාලම යට වතුරේ පාවෙමින් තිබුණ ප්ලාස්ටික් ඇසුරුම් ගොඩට ගෙන පුපුරවා හැරීමට කටයුතු කළේය. එහෙත් ඒවා තුළ කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් නොතිබිණි. මේ පිළිබඳව දුම්මලසූරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගෙන් කළ විමසීමේදී කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුනොවුන බව කියා සිටියේය. කෙසේ වෙතත් ත්‍රීරෝද රථයේ ගමන් කළ පිරිස මුස්ලිම් අය බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙන හෙයින් සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන අදාළ ත්‍රීරෝද රථය අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරීය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
භූතයාගේ පාර්සලයෙන් ගම්මු හොල්මන්
sam Wednesday, 15 May 2019 07:07 AM
භූතයා මළාද දන්නේ නැහැ.
himal Wednesday, 15 May 2019 12:02 PM
භූතයා තමයි දන්නේ ඇත්ත.....