X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මංගල ගමනක් ඇවිත් හෙමින්ම මාරුවුණ රියැදුරාට බසය කරේ තියන් එන්න වෙලා

මංගල ගමනක් ආ බසයේ රියැදුරා පිරිස බස්සවා තම ජාතික හැඳුනුම්පත අලූත් කරගන්නට කොළඹ යාමෙන් එහි ආ පිරිස පැය ගණනක් යනඑන මං නැතිව සිට අන්තිමේ වෙනත් බසයක් කුලියට ගෙන ගම්බිම් බලා ගිය පුවතක් පසුගියදා ඇතුගල්පුරයෙන් වාර්තා විය.

ඌව පළාතේ තරුණයකු හා ඇතුගල්පුරවරයේ තරුණියක අතර මංගල උළෙල සුබ නැකතට යෙදුනේ ඔවුනොවුන් හා බැඳුණු ආදර අන්දරයක් මල්ඵල ගැන්වීමෙනි.

ඌවේ මනාලයා ඇතුළු නෑදෑ පිරිස මේ ගමනට යොදා ගත්තේ ප‍්‍රදේශයේ හිතවත් අයකුගේ බස්රියකි. රියදුරා පිරිස සමග මනාලියගේ නිවෙසට ආයේ උදේ කාලයේය. සියලූ චාරිත‍්‍ර හමාර වීමෙන් පසු නව යුවළ පිටත්වන නැකත යෙදී තිබුණේ පස්වරු හතරත් පසුවීමෙන් පසුවය.

ඒ බව දැනගත් රියැදුරා තම ජාතික හැඳුනුම්

පත අලූත්කර ගැනීමද මේ ගමනින්ම කරගන්නට අදහස් කළේය. ඒ නිසා ඔහු කළේ පිරිස මනාලියගේ නිවෙසට බැස්සවීමෙන් පසු වෙනත් බසයකින් කොළඹ බලා යාමය. සවස හතරට පෙර ආපසු එන අදහස ඔහු තුළවිය. ඔහුගේ ඉල්ලීම් පත‍්‍රයේ අඩුපාඩු නිසා ගිය කටයුත්තට කල් වේලා ගත කරන්නට සිදුවිය. පස්වරු හතරට ආසන්න වුවත් ඔහුට කොළඹින් පිටත්වීමට අවස්ථාව ලැබුණේ නැත.

සුභ නැකතට යුවළ පිටත්වීමට සූදානම්ය. මනාලයාගේ ඥාතී හිතවත් පිරිස බසයේ රියැදුරා ගැන සොයා බලන්නට වූයේ ඒ අවස්ථාවේදීය. ඔහු තවම නැත. දුරඇමතුම් එකින් එක ගත්තත් පිළිතුරක් ද නැත. බොහෝ වේලාවකට පසු ආ ඇමතුමෙන් කියවුණේ ඉක්මනින් එන බවය. වේලාව පැයෙන් පැය ගෙවෙන්නට විය.
බලා සිටීමෙන් පලක් නොවන බව දැනගත් පිරිස මනාලියගේ පාර්ශ්වයෙන් සොයා දුන් බසයකින් ආපසු ගම රට බලා පිටත්වූයේ රාත‍්‍රි හතට පමණය. ඒ අතර පිරිසේ සිටි ගැටවු කීපදෙනකු එක්වී ඔවුන් ආ බසයේ රෝදවල හුළං ඇර තිබූ බව කිසිවකු දැන සිටියේද නැත.

රාත‍්‍රි දහයට පමණ දියැදුරා මනාලියගේ නිවෙස ළඟට ආයේය. පිරිස නැත. බසයේ රෝදවල හුළංද නැත. කරකියා ගත දෙයක් නැතිවී ඔහු පසුදා පහන්වනතුරු ගත කළේ මදුරුවන් තලමිනි. මනාලියගේ පියා ඔහුට රාත‍්‍රි ආහාරය ලබා දෙන්නට කාරුණිකවී තිබිණි. ගමන ඒමට පෙර අත්තිකාරමක්වත් නොගත් නිසා පසුදා පහන්වීමෙන් පසු බසයේ අඩුපාඩු හරි ගස්වාගෙන ඔහු ගමට යන්නට පිටත්වූයේ හිස් අතිනි.
 



අදහස් (0)

මංගල ගමනක් ඇවිත් හෙමින්ම මාරුවුණ රියැදුරාට බසය කරේ තියන් එන්න වෙලා

චන්දි Friday, 18 October 2013 09:34 PM

අනේ ඔච්චරම ගණන් නම් අපිට එපා, මගේ පුංචි පෙත්තා පුතේ. ඕන් පුතා කියන්නකෝ රස කතාවක් අපිට. (නි)

:       0       0

කුමාරිහාමි Thursday, 17 October 2013 02:44 PM

රියදුරා මෙහෙම හිතන්න ඇති. ඇතුගල්පුර කොල්ලෝ නැද්ද? ඌවේ කෙල්ලෝ නැද්ද? කපුකමක් නම් කමක් නෑ. මුන් දෙන්නම මොකටද සෙට් වුනේ? (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 17 October 2013 04:35 PM

ඉල්ලීම් පත‍්‍රයේ අඩුපාඩු නොතිබුණත් ඔය වෙලාවම යනවා. (නි)

:       0       0

චන්දන Thursday, 17 October 2013 06:14 PM

මජිඩ්, කොහේද එතකොට හලාල්? (නි)

:       0       0

පෙරේරා Thursday, 17 October 2013 08:19 PM

මම කියන්නද පොඩි කතාවක්, හැබැයි මේකට කොහෙත්ම සම්බන්ද නැහැ. සෑහෙන කාලෙකට පෙර මම හිටියේ එක හමුදාවක, උදේ කාලේදී අපිට නිතරම අපේ සගයන්ගේ මළගෙවල් වල යන්න සිදුවෙනවා. දිනක් අපි මාතර ගියා යාලුවෙකුගේ මල ගෙදර ආචාර පෙළපාලිය සදහා, යන අතරේ කෑමට කියල හික්කඩුව හරියේ නැවැත්තුවා. මට ඉදිරිපිට සිටි මගේ යාලුවෙක් තව කෙනෙකුට කිව්වා එක්තරා ලොරියක අංක ටික බලාගෙන එන්න කියලා. මම දැක්කා ඔහුගේ අතේ අර ටිකට් පත තියනවා,කොහොම හරි අමාරුවෙන් මම අංක ටික බලාගත්තා. ඉක්මනට ගොස් අනිත් යාලුවට කිව්වා මේ විදිහට අංක ටික ලියාගෙන ගිහින් දෙන්න මේකේ විහිළුවක් හැබැයි කියන්න එපා කියලා. ඔහුට අංක දීමෙන් පසු ඔවුන් දෙදෙනා දිනුමක් තිබේ දැයි බැලුවා. ලොරිය අයිති මගේ යාළුවා වටපිට බැලුවේ ඉතා සතුටිනි. ඔහු කාටවත් මේ බව කිව්වේ නැහැ. නමුත් මගේ අනිත් යාළුවගේ පෙරැත්ත මත ඔහු සියලු දෙනාටම මේ ගැන පැවසුවා. අප ගමන් කල බසයේ 50 වගේ ගානක් සිටියා. පසුව අපි කාගේත් පෙරැත්ත මත යහළුවන්ගෙන් නයට ඉල්ලා ගත් මුදලින් නොයෙක් කැම බීම අප හට ලැබුනා. ක්ෂණිකවම රාත්‍රී 2 කට පමණ අපි නැවතත් කදුරට පැමින ඔහුට පැවසුවේ මෙය විහිළුවක් බවයි, ඉන්පසු සිදු උන සිදුවීම අහන්න ආසනම් කියන්න.(නදී)

:       0       0

පැංචි Thursday, 17 October 2013 08:39 PM

කියන්නකෝ ඉතිරි ටිකත්?.(නදී)

:       0       0

චන්දි Thursday, 17 October 2013 11:44 PM

අනේ පෙරේරා කියන්නකෝ ඉතිරි ටිකත් ...!!! (නි)

:       0       0

කට්ටා Friday, 18 October 2013 06:13 AM

තාම නැහැනේ.මමත් බලාගෙන ඉන්නේ.. (නි)

:       0       0

රූපවතී Friday, 18 October 2013 09:24 AM

පෙරේරා,කෝ කියන්න බලන්න ඔයාගේ ලස්සන ඉතිරි ටික (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 18 October 2013 09:52 AM

අනේ පෙරේරා, ඉක්මණට කියන්න. මට වැඩ තිබෙනවා (නි)

:       0       0

පෙත්තා Friday, 18 October 2013 06:55 PM

අනේ රත්තරන්, මොකද කතා මෙච්චර ගණන්? (නි)

:       0       0

සුජීව Thursday, 17 October 2013 01:31 PM

මිනිහ හදල තියෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක මරන්න (දිල්)

:       0       0

බට්ටා Saturday, 19 October 2013 06:08 AM

කතා පෙට්ටියේ බැටරිය බැහැලලු මාමේ (නි)

:       0       0

බටිල්ලා Saturday, 19 October 2013 03:45 PM

පෙරේරා, ඔය පද කතාව කියන්නම බැරි නම් යන්න. (අ)

:       0       0

සමදරා Saturday, 19 October 2013 04:01 PM

ආරි ඔයාට තේරිලා නැහැ මම කියපු කතාව. කොළොඹ ගිහින් ඔක්කොම ලිපිගොනු පෙන්නලා ඔප්පු කරන්න ඕන හැඳුනුම්පත ගන්න. නිකන් ආවට ගියාට දෙන්න හොඳ නැහැ. මට පේනා හැටියට පිරිමින්ගෙන් මොලේයි හැඳිමිට තරම් දිග (අ)

:       0       0

නිහාල් Saturday, 19 October 2013 08:14 PM

මජිඩ් අපේ කට්ටිය ඉන්නවා. ඇයි මොකද වෙන්න ඕනෑ? (අ)

:       0       0

පෙරේරා Saturday, 19 October 2013 08:20 PM

කතාව කිව්වා මේකේ දල නෙහෙ වෙනත් දවසක (අ)

:       0       0

සමදරා Sunday, 20 October 2013 11:17 AM

චන්ඩි පෙත්ත පැටිය මගේ. හොරකම් කරන්න එපා (නදී)

:       0       0

චන්දි Sunday, 20 October 2013 11:42 AM

ඔහේගේ නම් ඔහේ ගන්න හොද නැහැ නොව දොස් කියන්න පෙත්තෙක් කොහිද මාළග.. (සමදරා මන් හොරකම් කරන්නෙත් නැහැ හැබැයි තාම සිල් ගන්නෙත් නැහැ )(නදී)

:       0       0

පෙටී Sunday, 20 October 2013 05:01 PM

එතකොට පෙත්ත පැටිය පූස් පැටියෙක් වෙන්ටැති. බලාගෙන මියෝ අල්ලාවි.(නදී)

:       0       0

පැංචි Sunday, 20 October 2013 05:09 PM

දැන් පෙත්තට අයිති කාරයෝ දෙන්නයි. හා සමදරා අදින්න ඔයාට ඕන පැත්තට චන්දි අදින්න ඔයාට ඕන පැත්තට...එකයි...දෙකයි...තුනයි...හයියෙන් අදින්න ..පෙත්ත ඇඩුවට කමක නෑ....තිත්ත එක්කෙනාගේ පෙත්ත...(නදී)

:       0       0

සමදරා Thursday, 17 October 2013 06:25 AM

පැංචි, පැහුණු රා ටිකක් බිවුවා නම් ඔක්කොම හිතේ අමාරුව යනවා (නි)

:       0       0

රූපවතී Wednesday, 16 October 2013 06:57 PM

හොද වැඩේ අනුන්ගේ එළියෙන් පහන බලනවට ... (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 16 October 2013 07:17 PM

කතාවක් නම් තියෙනවා, කොහොමද ලියන්නේ කියලයි කල්පනා කරන්නේ.... (නි)

:       0       0

පැංචි Wednesday, 16 October 2013 07:18 PM

කොහොම වුණත් ගමේ මිනිහා ගැන කවුරුත් ටිකක් අනුකම්පා කරන්න ඕනෑ. වරදක් වුණත් සිතකින් නොවේ...පළිගන්නේ ඇයි...ඉවසන්න... (නි)

:       0       0

සුනේත්‍රා Wednesday, 16 October 2013 07:21 PM

මීට පෙර රජයේ ආයතනයකින් වැඩක් කරගෙනම නැද්ද? (නි)

:       0       0

ඉන්දු - ලන්ඩන් Wednesday, 16 October 2013 07:43 PM

දෙගොල්ලෝම පවු නේද? (නි)

:       0       0

ආරියසේන Wednesday, 16 October 2013 08:34 PM

පළාතේ ග්‍රාමසේවක මාර්ගයෙන් ජාතික හැඳුනුම්පත අලුත් කරවාගත හැකි බව ඔහු නොදැන ඉන්න ඇති. (නි)

:       0       0

පෙත්තා Wednesday, 16 October 2013 08:55 PM

එතකොට මනමාලි?පව් නේ! (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 16 October 2013 11:52 PM

අම්මපා! ඇගේ මාළු නටනවා (නි)

:       0       0

මජිඩ් Thursday, 17 October 2013 01:11 AM

කෝ බොදුබල සේනාව? (නි)

:       0       0

සමදරා Thursday, 17 October 2013 06:11 AM

රූපවතී හොදයි කිවුවට හුලන් යවපු එක වැරදියි (නි)

:       0       0

සමදරා ආරියදාස Wednesday, 16 October 2013 05:56 PM

කොළඹ හරියට ට්‍රැෆික්, වැඩක් කරගන්න දවසම යනවා (නි)

:       0       0

පෙත්තා Thursday, 17 October 2013 06:52 AM

අම්මපා! ඇගේ මාළු නටනවාද? ඉක්මනට ටැංකියකට දා ගන්න (නි)

:       0       0

සමදරා Thursday, 17 October 2013 08:16 AM

ආරි, සමහර වෙලාවට ග්‍රාම සේවක කොළඹ යන්න කියනවා. ඒක හොඳයි. ඔක්කොම පරීක්ෂා කරලනේ දෙන්න ඕනෑ (නි)

:       0       0

සරත් Thursday, 17 October 2013 08:57 AM

ගණන් ගන්න දෙයක් නැහැ අයියේ. රාජකාරි අස්සේ පුද්ගලික වැඩ කරන්න ගිහින් අපිත් ඔහොම කරගෙන නැත්තේම නැහැ. (නි)

:       0       0

ආරියසේන Thursday, 17 October 2013 09:40 AM

සමදරා,ග්‍රාම නිලධාරියා කොළඹ යන්න කිවුවත් ,තමන්ට ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්.හේතුව ඒක ග්‍රාම නිලධාරියාගේ රාජකාරියේ කොටසක්. (නි)

:       0       0

පැංචි Thursday, 17 October 2013 09:47 AM

හුළං යවපු එක වැරදියි.දැන් ඉතින් හුළං ගහන්නත් එපායැ. (නි)

:       0       0

සුමනා මනන්දුව Thursday, 17 October 2013 11:01 AM

මජීඩ් කියන කෙනාට ඕනා එකකට "බොදු බල සේනාව" (ස)

:       0       0

චින්තක Thursday, 17 October 2013 11:24 AM

මජිඩ්, කියන කෙනාට මොලේ නැහැ. යන්නේ කොහෙද මල්ලේ පොල්. (ස)

:       0       0

සම්පත් කුවේට් Thursday, 17 October 2013 11:31 AM

මේ මජීඩ් කියන කෙනා තම්බියෙක් නිසා තොප්පියත් රවුම් නිසා හැම වෙලේම මතක් වෙන්නේ බොදු බල සේනාව, ගණන් ගන්න එපා. ඔහොම තමයි ඒ ගොල්ලන්ගෙ හැටි. (ස)

:       0       0

පද්මිණි Thursday, 17 October 2013 01:11 PM

එකත් එකටම රියදුරාට ඔය යෝජනාව කලේ එයාගේ බිරිඳ වෙන්ට ඕන. දඹුලු ගිහින් තලගොයිත් මරන එන්න කියලා. මටත් ඉන්නවා ඒ වගේ නෑනෙක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site