X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


මංගල යෝජනාවේ රූමතිය මල් පැළයකුත් එක්ක මනාලයාගේ රියැදුරාට බහ දීලා

(කොබෙයිගනේ නිමල් ප්‍රේමචන්ද්‍ර) 
කපු මහතෙකු ගෙන ආ මංගල යෝජනාවකට අනුව තමා බැලීමට පැමිණි ධනවත් ව්‍යාපාරික තරුණයකුට අකමැත්ත ප්‍රකාශ කරන ලද රූමත් තරුණියක් එම තරුණයා ඇගේ නිවසට පැමිණි වෑන් රථයේ රියැදුරු සමග පෙම් සබධතාවක් ගොඩනගා ටික දිනකින් ඔහුගේ සහකාරිය වූ බව කියැවෙන පුවතකි මේ. 


එය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගම්මානයකිනි. එම පුවත සැකවින් මෙසේය. 


ඔහු යුරෝපා රටක වසර ගණනාවක් සේවය කර මීට මාස කිහිපයකට පෙර ලංකාවට පැමිණි අවුරුදු 32ක පමණ වූ කඩවසම් තරුණයෙකි. විදේශගතවී උපයාගත් ධනයෙන් පොල් අක්කර පහක ඉඩමක් ද මිලදී ගත් ඔහු අලංකාර නිවසක් ද ඉදිකර ගත්තේ ගැලපෙන සහකාරියක් සොයා විවාහ කරගෙන පවුල් ජීවිතයක් ගත කිරීමටය. 


  පසුගිය දිනක මඟුල් කපුවෙකු ගෙන ආ මංගල යෝජනාවකට අනුව මහනුවර ප්‍රදේශයේ තරුණියක් බැලීමට ඔහු ගියේ සිය දෙමව්පියන් හා ඥාතීන් කිහිප දෙනකු ද සමගය. 


ඔහුගේ මෝටර් රථයේ පිරිස සියල්ලටම ගමන යෑමට නොහැකි නිසා නගරයේ වෑන් රථයක් කුලියට ගෙන යෑමට ඔහුට සිදුවිය. මනාලිය දුටු  මුල් අවස්ථාවේ ඇය වෙත සිත ඇදී ගිය අතර තමන් මෙතෙක් කාලයක් විවාහ වීමට අපේක්ෂාවෙන් සිටියේ මෙවැනි යුවතියක් බව ඔහුට හැඟිණි. සිය දෙමව්පියන්ට හා ඥාතීන්ට ඔහු දන්වා සිටියේ ඇය විවාහ කර ගැනීමට තමා කැමති බවය. 


තමා බැලීමට ගිය මනාලියගේ චාම් බව රූ සපුව පිළිබඳවත් මංගල උත්සවයක් ගන්නා ආකාරය පිළිබඳවත් සිහින මවමින් සිටි තරුණයාට දින දෙක තුනකට පසුව කපු මහතාගෙන් ලද දුරකථන ඇමතුම අසතුට ගෙන දෙන්නක් විය. කපු මහතා දන්වා සිටියේ තරුණිය ඔහුට අකමැත්ත ප්‍රකාශ කර ඇති බවය. 


මනාලිය බැලීමට ගොස් මසකට පමණ පසුව තරුණයා නගරයේ රෙදිපිළි සාප්පුවක් වෙත ගියේ සිය මවගේ උපන් දිනය යෙදී තිබුණ නිසා ඇයට තෑග්ගක් ලෙස සාරියක් මිලදී ගැනීමටය. රෙදිපිළි සාප්පුව ඉදිරිපිට දී ඔහුට තම මනාලිය බැලීමට ගිය වෑන් රථයේ රියැදුරු මුණ ගැසුණු අතර ඔහු සිටියේ රූමත් තරුණියක සමගය. ඇඳුම් පාර්සල කිහිපයක්ම ඔවුන් අත විය. 


කිසියම් අපහසුතාවකට පත්ව සිටි ඔහු මෙසේ පවසා එම ස්ථානයෙන් පිටව ගියේ කඩිනමිනි. 


 ‘‘මහත්තයා අපි ඇඳුම් වගයක් ගන්න ආවා. තවත් හදිසි ගමනක් යන්න තියෙනවා අපි යන්නම්.’’ 


රියැදුරු සමග සිටි කාන්තාව මීට මාසයකට පෙර තමා බැලීමට ගිය මනාලිය බවට හඳුනා ගැනීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවූ අතර නගරයේ සිටින මිතුරකු මගින් දැන ගැනීමට ලැබුණේ මනාලියගේ නිවසට ගිය දිනයේ වෑන් රථයේ රියැදුරු ඇයගෙන් මල් පැළයක් ඉල්ලාගෙන ඇති බවත් ඒ අවස්ථාවේ ඇගේ දුරකතන අංකය ඉල්ලාගෙන පෙම් සම්බන්ධතාවක් ගොඩනගා පසුව ඇය විවාහ කරගෙන ඇති බවත්ය. 

 



අදහස් (0)

මංගල යෝජනාවේ රූමතිය මල් පැළයකුත් එක්ක මනාලයාගේ රියැදුරාට බහ දීලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site