(බටපොල දීපාල් ද සිල්වා)
මාතර සිට කොළඹ බලා ධාවනය වූ පොද්ගලික මගී බස්රථයක ගමන් ගත් මගියකු අම්බලන්ගොඩ මාදම්පාගම උස්මුදුල්ලාව මංසන්ධියේදී බසයෙන් බැසයන විට බස්රථයේ යතුර ද උදුරාගෙන පලාගිය බව බස්රථයේ රියැදුරා පැවසීය.
බස්රථය කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී උස්මුදුල්ලාව මංසන්ධිය ආසන්නයේදී සීනුව නාදවී ඇත. ඒ අනුව රියැදුරා නිසිලෙස බස්රථය මංසන්ධියේ බස්නැවතුමේ නැවැත්වීය. මගීන් කිහිප දෙනෙකු කඩිමුඩියේ ඉදිරිපස දොරටුවෙන් බැසගත් අතර බසයෙන් බැසගත් තරුණ මගියෙක් රියැදුරාට පරුෂ වචනයෙන් එකි දිගට බැණ වැදුනේය. ඒ දුටු මගීහු රියදුරාගෙන් විමසුවේ කාරණාව කිමද යන්නයි.
”මම මොනවත් කිව්වේ නෑ. ඒ මනුස්සයා බස් එකේ යතුර උදුර ගත්ත. යතුර නැතුව යන්නෙ කොහාමද දැන් බස්එකේ ඔල්ටනේටර් එක පිච්චෙන්න පුළුවන්” ඒ සමඟ රියදුරා බසයෙන් බැස පලායන මගියා පිටුපස හඹා ගියේය.
ඒ සමඟ මගීන් කිහිප දෙනෙක්ද දිව ගියහ. පලායන මගියා මාදම්පා මාවත ඔස්සේ දිවයමින් සිටියදී අල්ලාගෙන යතුර රැුගෙන රියැදුරා සමඟ මගීන් පැමිණ නැවත බස්රථය ඉදිරියට ධාවනය කරවීය. මේ හේතුවෙන් බස්රථය විනාඩි 15 ක් පමණ උස්මුදුල්ලාව මංසන්ධියේ ප‍්‍රමාද වීමට සිදුවිය.
පෙරේදා (7) රාතී‍්‍ර 8ත් 8.30ත් අතර මෙය සිදුවිය. එම මගියා සමග අසුනේ සිටි මගීන් පැවසුවේ ඔහු බීමතින් සිටි තරුණයකු බවයි. කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගියා බස්රියේ යතුරත් අරගෙන පැන ගිහින්
රෙජි-සිඩ්නි Monday, 09 March 2015 02:07 AM
බලන්න කොයිතරම් හොඳ නිහතමානී රියදුරු මහතෙක්ද කියලා. මඟියා බස් එකේ යතුර උදුරා ගන්නතුරු නිකන් හිටියා. (නි)
අරවින්ද Monday, 09 March 2015 04:25 AM
මේක තමා යහ පාලනය කියන්නේ (නදී)
දුමින්ද Monday, 09 March 2015 09:43 AM
කියන්න හිතවත් අරවින්ද-හැම දේම දැන් යහපාලන ලේබල යෙන්ද (අ)
ගමගේ Monday, 09 March 2015 03:07 PM
අරවින්ද තමුන් මානසික රෝගියෙක්ද ? මොකා වැරදි කලත් යහපාලනය පලිද මෝඩයෝ ?(නදී)
ජයන්ත Monday, 09 March 2015 05:33 PM
අරවින්ද, මෝඩ කතා කියන්න එපා (නි)
පියුමික Tuesday, 10 March 2015 04:09 AM
අරවින්ද කියන්නේ රියදුරාගේ යහ පාලනය ගැන නේද.... හා හා හොඳයි (නදී)
චතුර Wednesday, 11 March 2015 03:36 AM
"කොන්දොස්තරවරයා හා රියදුරා පැවසුවේ මෙම මගියා සමඟ කිසිදු බහින්බස්වීමක් හෝ ආරවුලක් සිදු නොවූ බවත් මෙවැනි අත්දැකීමක් මෙයට පෙර අත්නොවිඳි බවත් ය." ඒ උනාට ඇත්ත කතාව දැනගන්න නම් මගියගෙනුත් අහන්න වෙනවා,මොකද බස් මහත්තුරු ගැන අපි ද්නවනේ (දිල්)