(ගලගෙදර ජී.ජී.එම්. රත්නායක)
මඟුල කඩාකප්පල්වීම හේතුවෙන් කෝපයට පත් මනාලිය මඟුල්කපු මහත්මියට කපුගාස්තුව වශයෙන් දුන් රුපියල් දස දහසක මුදලක් තෑගි ලෙස දුන් සාරියත් ආපසු ඉල්ලාගත් පුවතක් ගලගෙදර ප‍්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
තරුණයෙක් මඟුල්කපු මහත්මියකගේ ආධාරයෙන් වෑඋඩ ප‍්‍රදේශයෙන් සිය අනාගත සහකාරිය තෝරාගෙන දෙපාර්ශවයේම වැඩිහිටියන්ගේ කැමැත්ත අනුව විවාහ ගිවිස ගෙන ඇත.
ඒ අනුව උසස් ලෙස මංගල උත්සවය පැවැත්වීමට දින නියමකරගෙන දෙපාර්ශවයේම නෑදෑහිත මිතුරන්ටද බුලත් දී ආරාධනා කළහ.
එහෙත් මංගල දිනයට පෙරදින කිසිවෙකුටත් නොදන්වා හොර රහසේම මනාලිය මනාලයාගේ නිවෙසට පැමිණියාය. වැඩිහිටියන් විසින් එය රහසක් සේ තබාගෙන යොදාගත් පරිදි පසු දින මංගල උත්සවය පවත්වා සියල්ලන්ගේම ආශිර්වාදය මැද්දේ මනාලිය කැන්දාගෙන පැමිණියහ.
එහෙත් නවයුවළ අතර ඇතිවූ විවිධ මත ගැටුම් හේතුවෙන් විවාහ දිවිය මාසයකට පමණක් සීමා වූයෙන් මනාලිය ආපසු මව්පියන් වෙත පැමිණියාය.
දින කීපයකට පසුව ඇය මව සමග කපු මහත්මියගේ නිවෙස සොයා ගොස් වංචාකරුවකු සොයා දුන්නේ යැයි ඇයට දොස් නගා ගෙවන ලද මුදලත් සාරියත් ආපසු ඉල්ලාගෙන ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගුල අවුල් වුණාම කපු නෝනාට දුන් සාරියත් ඉල්ලාගෙන
Thusha Monday, 02 October 2017 08:18 AM
මංගල දිනයට පෙර දිනයේ මනාලයාගේ ගෙදරට මනාලිය ආවා නම් හිතා ගන්න පුළුවන්නේ තිබුන හදිස්සිය ...කපු නෝනා මොකටද මුදලුයි සාරියයි ආපසු දෙන්න ගියේ.? කසාදෙට ඉස්සෙල්ලා කොහොමද කියලා කියන්න කොස්ද ,දෙල්ද ..? කාලම ඉන්න එපායැ !