(පොල්ගස්ඕවිට – එස්. වික්‍රමආරච්චි)
හොරාට තැනක් නොතැනක් නැත. හොරකම් කළ හැකි ඕනෑම අවස්ථාවකදී හොරකම් කිරීමට හොරු පෙළැඹෙති. හොරකමක් නිසා මධු සමයට යාම වෙනුවට පොලීසි යාමටත් විදුලි සංදේශ නියාමන කොමිසමට යාමටත් සිදුවූ මනාළ යුවළක් පිළිබඳ කතාවකි මේ.
දකුණේ කඳුකර උපනගරයක විසූ තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ විවාහයට දින නියම විය. එහෙත් කොවිඩ් වසංගතය නිසා මංගල උත්සවය කල් දැමීමට සිදු විය. ඒ වරක් නොව දෙතුන් වරකි.
රට සාමාන්‍ය තත්ත්වයට පත්වීමත් සමඟ උපරිම සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කරමින් මංගල උත්සවය පැවැත්වීමට දෙදෙනා සැලසුම් සකස් කළහ. මනරම් පරිසරයක පිහිටි උත්සව ශාලාවක් ඒ සඳහා තෝරා ගැනුණි. සීමිත පිරිසකට පමණක් ආරාධනා කළ යුතු වූ හෙයින් සමීපතම නෑ පිරිසකටද සමීපතම මිතුරන් පිරිසකටද ආරාධනා කෙරිණි.
නව යුවළගේ පැතුම් ප්‍රාර්ථනා මල්ඵල ගන්වමින් අලංකාර ශාලාවේ මංගල උත්සවය ආරම්භ විය. ඥාති හිතමිත්‍රාදීන්ගේ උණුසුම් සුබ පැතුම් මැද පෝරුවේ චාරිත්‍ර ආරම්භවිය. මනාලියගේ අත මත ජංගම දුරකතනය විය. පොරුවේ චාරිත්‍ර ආරම්භ කිරීමට පෝරුව මතට ගොඩවීමේදී මනාළිය එම ජංගම දුරකථනය කා අතට දුන්නා හෝ කිසියම් තැනක තැබුවා විය හැකිය.
ඉමිහිරි ගීත නාද දසත පැතිරෙමින් තිබිණි. සමීපතම ඥාති හිතමිත්‍රාදීහු කමින් බොමින් සතුට සැමරූහ. කාගෙත් සිත්වල වූයේ සතුටකි. මනාළ යුවළගේ සතුට දෝර ගලා යමින් තිබිණි. සියලු කටයුතු හිතුවාටත් වඩා හොඳින් සිදු කෙරෙමින් තිබිණි.
මධු සමය සඳහා පිටත්වීමේ නැකත එළැඹුණි. මවුපියන් නෑ හිතවතුන් සිප වැළඳ ගෙන මනාළ ජෝඩුව හෙමින් හෙමින් පියවර තැබුවේ පෝටිකෝව යට නතර කර තිබූ මෝටර් රථය වෙතය.
මනාළියට එක්වරම අමුත්තක් දැනුණි. ඇයට දෙවියන් සිහිවිය.
මගේ ෆෝන් එක නෑ. මනාළිය කීවාය. සියල්ලෝම යුහුසුළු වූහ. කොතෙක් සොයා බැලිම් කළද දුරකතනය සොයා ගැනීමට නොහැකි විය. උත්සව ශාලාවේ පිටත සීසීටීවී කැමරා සවිකර තිබුණද ශාලාව තුළ සීසීටීවී කැමරා නොවීය.
මංගල උත්සවයට සහභාගීවී සිටියේ මනාළ යුවලගේ පවුලේ සමීපතමයන් හා හිතවතුන් පමණි. එහෙත් ජංගම දුරකතනය නැත.
‘අසූ දාහක් දිලා ගත්තේ’ මනාළියගේ හඬ හැඬුම්බරය.
‘කරන්න දෙයක්නෑ. අපි පොලිසියට යමු’ මනාළයා කීවේය.
මධු සමයට යා යුතුවුවද ගමන ප්‍රමාද කෙරිණි. මනාළ යුවළට සිදුවූයේ මංගල ඇඳුමෙන්ම පොලිසියට යාමටය. ඊට පසු විදුලි සංදේශ නියාමන කාර්යාලයටද පියවර මැන්නේ මංගල ඇඳුම් පිටිනි. ඒ සියල්ල අවසානයේ මධු සමයට පිටත්වන විට අලුත් ජෝඩුව සිටියේ හොඳටම හෙම්බත්වය.
මාර සමීපතමයෝ වැඩිහිටියකු කියනු ඇසිණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මගුල් ගෙදර ඇවිත් නෑයෙක් මනාලියගේ ෙෆා්න් එක උස්සලා