ආගම දහමට ලැදි මෙම තරුණයා රැකියාව කළේ කොළඹය. ඔහු දිනක් බාරයක් ඔප්පු කිරීමට දුර බැහැර ප්‍රදේශයකට ගියේය. දින දෙකක් එහි ගතකළ ඔහු ආපසු පැමිණීමට පෞද්ගලික බසයකට ගොඩවිය. ටිකට් පත ලබාගැනීමට මුදල් පසුම්බිය ගත්විට එහි තිබුණේ රුපියල් පනහක් පමණි. ඇඳුම් බෑගය ද රැගෙන බසයෙන් බැසගත් ඔහු රියැදුරු මහතාට කතාකොට ”අයියේ මට කොළඹ යන්න ඕනේ. අතේ තියෙන්නේ රුපියල් පනහයි. පර්ස් එකේ තිබුණු පන්සීය වැටිලා. අයියාට මම සල්ලි කොළඹ දී දෙන්නම්” යැයි අහිංසකව පැවසීය. තරුණයාගේ මුහුණ බැලූ රියැදුරාට ඔහු කීවේ සත්‍ය බව වැටහුණි. ”කමක් නැහැ. සල්ලි ඕනේ නැහැ. අපිත් එක්ක යමු”යි පවසමින් තරුණයාව ඉදිරිපස අසුනක වාඩි කරවීය. පැය කිහිපයකින් බසය දිවා ආහාරය සඳහා සුපුරුදු හෝටලය ඉදිරිපිට නැවැත්වීය. ”යමු මල්ලි මොනාහරි කමු” යැයි රියැදුරු මහතා තරුණයාට ආරාධනය කළත්, ” ඕන් නැහැ අයියේ බඩගිනි නැහැ” තරුණයා පැවසීය. ”පිස්සු ද මල්ලි වියදම කඩෙන්” යැයි පැවසූ රියදුරා, තරුණයා සහ කොන්දොස්තර සමග හෝටලයේ විශේෂ කාමරයකට ඇතුළු විය. එතැන සිටි පුද්ගලයකු ඇමතූ රියදුරු මහතා, ”අද අපේ බස් එක අයිති මහත්තයත් ආවා”යැයි ගජබින්නයක් ඇදබෑවේය. ”එන්න සර්” යැයි තරුණයාට ගෞරවයෙන් පැවසූ පුද්ගලයා නොයෙක් වර්ගයේ ආහාර පාන මේසය මත තැබීය. බසය කොළඹට ළඟා වූ අතර රියැදුරු මහතා ඇමතූ තරුණයා, ”අයියාට බොහොම ස්තුතියි, විනාඩියක් ඉන්න බස් ගාස්තුව ගෙනත් දෙනකන්”යැයි කීය. එවිට රියදුරු මහතා ”මේවාත් උදව් ද මල්ලී, සල්ලි එපා පරෙස්සමින් යන්න” යැයි පිටට තට්ටු කරමින් පැවැසීය
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මඟියා බස් මුදලාලි වෙලා
අමිල Friday, 19 October 2012 02:19 AM
අයියෝස් සල්ලි
දිනේෂ් සෞදි Friday, 19 October 2012 07:36 PM
මුදල් පසුපස හඹා යන මෙවන් සමාජගයක මෙවැනි රියදුරන් දෙවියන්ය.. ඔහුට බුදුසරණයි..!(නු)
පවන් Friday, 19 October 2012 11:10 AM
හොද රියදුරු මහතෙක්. (නි)
වික්‍රම Friday, 19 October 2012 10:32 AM
මගියාගේ වෙලාව හොඳටම හොඳයි වගේ (ස)
පහන් Friday, 19 October 2012 10:10 AM
ජසි තිසර, මෙමෙ රියැදුරා බස්හිමිකරුට මේ කතාව කියන්න ඇති.බස් හිමිකරු ආවත් නැතත් බස් නවත්තන හෝටල් වලින් රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට හොදට සළකනවා .සමහර හෝටල්වලින් බස් එකකට ගානකුත් දෙනවා. ඔබ සර්ව අසුබවාදියෙක්. (නි)
මාලක Friday, 19 October 2012 09:47 AM
රියදුරු මහතාගේ නම දැම්මා නම් තවත් හොදයි. (නි)
චන්ද්‍රා Friday, 19 October 2012 08:40 AM
මේකත් හලාල්ද? (නි)
සෙනරත් Friday, 19 October 2012 06:52 AM
ඔහු හොද රියදුරු මහතෙක්. ඔහුට බුදු සරණයි! (නි)
කුමාර Friday, 19 October 2012 02:12 AM
ෂුවර් එකටම ගාල්ලේ රියදුරෙක්. (නි)
ජයී තිසර Friday, 19 October 2012 09:31 PM
පහන්, මේ රියැදුරා බස්හිමිකරුට මේ කතාව කිවුවා නම් බස්හිමිකරු එවේලේම රියදුරාගේ පඩියෙන් මගියාගේ බස් ගාස්තු කපා ගන්නවා හෝ රැකියාවෙන් අස්කරනවා නිසැකයි. හෝටල් මුදලාලි ඒ තුන් දෙනාට නොමිලේ දුන් කෑම වල මුදල හෝටලේ කෑම කන ලද අනිත් මගියන්ගේ මුදලින් ගනු ලැබේ. බස්හිමිකරු සහ හෝටල් මුදලාලි වෙස්සන්තර වෙලා නැත. වෙස්සන්තර වුනා නම් ඔවුන් දෙදෙනාගේම ව්‍යාපාර මේ කතාව ලිවීමට අද එහි නැත. මම සර්ව අසුබවාදියෙක් නම් නොවේ. යමක සත්‍ය අසත්‍යතාවය සෙවීමට කැමත්තෙක්මි. (නි)
ජයී තිසර Friday, 19 October 2012 12:34 AM
ලක්මාල් සහ තුවාන් ෂෙරිෆ් මා අදහස් කළ කපටි බව වටහා ගෙන ඇත. බස් රියදුරු, මඟියා බස් මුදලාලි කර වෙනදා නොලැබෙන හොඳ රසවත් කෑම නොමිලේ කන්න මඟියා යොදාගෙන ඇත (පළමුවෙනි වංචාව).මඟියාගෙන් බස් වියදම නොගැනීමෙන් බස් අයිතිකරු වංචා කර ඇත (දෙවැනි වංචාව). උදව්ව හොදයි. නමුත් අනෙකෙකුව වංචා කර කරන උදව්ව හරි උදව්වක්ද? පහන්, මෙතැන සිදුවී ඇත්තේ වංචාවක්, සම්ප්රයෝගයක් නොවේ. (නි)
කුමාරි Thursday, 18 October 2012 11:50 PM
ගිලීමලෙත් ඇත දත සුද්දෝ ... (නු)
නලීන් Thursday, 18 October 2012 10:57 PM
හොද මනුස්සයෙක්. (නි)
සමන් Thursday, 18 October 2012 10:38 PM
බස් කොන්දොස්තරලයි රියදුරොයි 99%ක්ම මහා එපාකරපු අය. (නි)
රොෂාන් Thursday, 18 October 2012 10:25 PM
රියදුරු මහත්තයාට මගේ සුභ පැතුම්! (නි)
අසිත Thursday, 18 October 2012 08:51 PM
නිර්මාණශීලී කතාවක්. (නි)
නන්දේ Thursday, 18 October 2012 08:41 PM
මෙහෙම අය සිටිනවා කියලා ඇසීමට ලැබීමත් හදවතට සැනසිල්ලක් (නි)
සමන්ත Thursday, 18 October 2012 08:30 PM
පුද්ගලික බස් රටට කරන සේවය කවුරුත් අගය කරන්නෙ නැහැ (නි)
චම්පික Saturday, 20 October 2012 07:44 AM
දෙවියෙක් වගේ රියදුරු මහතෙක් (ස)
ප්‍රදීප් Saturday, 20 October 2012 10:20 AM
තව කෙනෙකුගේ බඩ පුරවන්න පොඩි බොරුවක් කිවුව නිසාද ඩ්‍රයිවර් කපටියෙක් කියලා කිවුවේ? (නි)
චන්දි Saturday, 20 October 2012 12:21 PM
ජයී තිසර හිතන විදියට හිතුවා නම් අර තරුණයාට කොළඹ එන්න බැරිවෙයි. (නි)
ඩබ්.පී. තාරකා Saturday, 20 October 2012 09:20 PM
ආදර්ශවත් කතාවක්.. අපිට නම් නෙමෙයි. හිතක් පපුවක් නැති මිනිසුන්ට...!(නු)
තිලකා Saturday, 20 October 2012 09:25 PM
සෑම බස් රථ රියදුරෙක්ම මෙය ආදර්ශයට ගත යුතුයි..!(නු)
ජීවා Sunday, 21 October 2012 11:05 AM
කොයිඑකටත් රියදුරු මහත්තයෝ, පොඩ්ඩක් හොයලා බලලා උදවු කරන්න. (නි)
ජයී තිසර Sunday, 21 October 2012 02:51 PM
චන්දි, මම බස් රියදුරු නම් මගේ මුදලින් ඒ මඟියාට ටිකට් පතක් කපා කොළඹට ආ පසු ඒ මුදල ඉල්ලා ගනු ලැබේ. ඒ මඟියා කෙරේ මගේ ත්‍යාගශීලි සහ උපකාර කිරීමේ අදහසේ වගකීම සහ අවදානම මම බාර ගත යුතුය. (නි)
පහන් Sunday, 21 October 2012 04:50 PM
ජසී තිසර මට දැනුයි තේරුණේ. ඔයා බස් මුදලාලි කෙනෙක් නේද ? (නි)
මංගල Monday, 22 October 2012 07:52 AM
ඔබ වැනි අයට තවත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. (නි)
ෂෙරීෆ් Monday, 22 October 2012 11:54 PM
ජයී තිසර, අද අපේ රටේ අයට ඇත්ත තිත්තයි වගෙයි පෙනෙන්නේ. (නි)
මනෝජ් Tuesday, 23 October 2012 10:19 AM
හොද දෙයක් කර විට එකේ හොදපැත්ත දකින්න , කරපු දෙයින් කඩෙ මුදලාලිටත් පිං . බස් මුදලාලිටත් පිං , හොද දේ හොද විදිහට දකින්න ඇස් නැති හැටි (ස)
රන්දිත Wednesday, 24 October 2012 10:41 AM
හොද බස් අංකල්. (නි)
තත්සර Wednesday, 24 October 2012 03:23 PM
කාර්වල යන උදවිය තමයි මේක බලන්නම ඕන (ස)
මංජු Thursday, 25 October 2012 04:33 PM
මෙම කඩහිමියා ලංකාදිප ඔන්ලයින් බැලුවොත් රියදුරාට දෙවි පිහිටයි. (නි)
තරිදු Thursday, 25 October 2012 06:05 PM
මේ වගේ දේවල් අද කාලේ අහන්න ලැබෙනවා අඩුයි. අවංකවම සතුටුයි. ඔබ වැනි කරුණාවන්ත අයට කවදාවත් වරදින්නේ නැහැ. (නි)
රංජිත් පෙරේරා Thursday, 18 October 2012 02:01 PM
මේක ඉතාමත්ම වැදගත් හොද ක්‍රියාවක්.. නම් ගම් ඇතිව පළ කළ යුතු දෙයක්.. අන් අයත් මේලෙස සිටිනවානම් කොපමණ හොදද?(නු)
වරුණ Thursday, 18 October 2012 10:21 AM
වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. මනුස්සකම රුපියල් සත වලට යටකරන යුගයක මෙය උසස් ක්‍රියාවකි..!(නු)
සම්පත් Thursday, 18 October 2012 10:28 AM
ඇත්තටම උතුම් ක්‍රියාවක් මිනිසකු මේ විදියට අසරණ වූ විට පිහිටවීම ඉතාම උතුම් ක්‍රියාවක්..!(නු)
මංජු Thursday, 18 October 2012 10:50 AM
එයා රියදුරු මහත්තයෙක් වගෙයි.. කොහොමද දන්නෙ නැහැ අනිත් වැඩ..!(නු)
මුතු Thursday, 18 October 2012 10:43 AM
හුගදෙනෙක් බස් රියදුරු මහත්වරුන්ට කොන්දොස්තර මහත්තුරුන්ට බනිනවා..ඒත් ඒ මිනිසුනුත් හිත් පිත් ඇති උතුම් මිනිස්සු.. මේක එක උදාහරණයක් විතරයි..!(නු)
නිලන්ත Thursday, 18 October 2012 11:06 AM
දෙවියෙක් වගේ රියදුරු මහතෙක්.. ගොඩක් පිං ඔබතුමාට..!(නු)
ලක්මාල් Thursday, 18 October 2012 11:17 AM
මෙහෙමත් හොද කට්ටිය තාමත් ලංකාවෙ ඉන්නවා එහෙනම්...!(නු)
රජීව් Thursday, 18 October 2012 11:24 AM
එම රියදුරු මහතාට පිං සිදු වෙයි..!(නු)
චින්තන Thursday, 18 October 2012 11:22 AM
කතරගම කොළඹ බස් එකක්..!(නු)
දිල්ශාන් Thursday, 18 October 2012 11:44 AM
සමහර බස් රියදුරන්ගේ ගතිගුණ එතරම් හොද නැති වූවත් හැමෝම එහෙම නැති බව දැනගන්න මංජු..!(නු)
පහන් Thursday, 18 October 2012 11:56 AM
මේන්න නියම මාතලී රියදුරු මහතෙක් .මේවගේ ඒවා කියවද්දී සිත නිවෙනවා .ලංකාවට එන්න හිතෙනවා .මිනීමැරුම් ගැන අහද්දී මානසික අත්තතිය හැදෙනවා මැරෙනකම් රට ඉන්න හිතෙනවා .(නු)
ධුර්ගා ලක්ෂ්මි Thursday, 18 October 2012 12:32 PM
පුංචි පුංචි සිදුවීම් අපි පොඩියට සැළකුවත් ඒවායෙන් අපේ ආධ්‍යාත්මයට ඇති වෙන බලපෑම සුළු පටු නැහැ... මේකත් එහෙම සිදුවීමක්..(නු)
ජයී තිසර Thursday, 18 October 2012 12:40 PM
තව සැරයක් හොඳින් කියවා මෙහි සැඟවුන දේ තේරුම් ගතහොත් බස් රියදුරු කපටියකු බව වටහා ගත හැකිවේ.(නු)
රුවන් Thursday, 18 October 2012 12:54 PM
හොද කතාවක්..(නු)
නිරංජන් Thursday, 18 October 2012 01:23 PM
මනුස්සයෙකුගේ මනුස්සකම මතු වෙන්න තැනක් නොතැනක්, දැන ඇදුනුම්කමක් අවශ්‍ය නෑ... හෘද සාක්ෂිය හොදටම ප්‍රමාණවත්.... මේ එයට නියම උදාහරණයක්..... ඇත්තටම මිනිස්සු ළග තාමත් ටික ටික හරි මනුස්සකම ඉතිරි වෙලා............(නු)
නිරන් සෞදි Thursday, 18 October 2012 02:01 PM
හොද මිනිසුන් අප අතර ගොඩක් ඉන්නවා.. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් කරන පහත් වැඩ නිසා ඔක්කොම එක මල්ලට දානවා..!(නු)
දයා සෞදි Thursday, 18 October 2012 10:11 AM
ඉදලා හිටලා මේවගේ අවස්ථාත් එනවා.. මොහොතකට හරි බස් අයිතිකරුවකු වීමත් උජාරුවක් වෙන්න ඇති එයාට..!(නු)
සරත් Thursday, 18 October 2012 02:16 PM
රියදුරු මහතා හොද කෙනෙක්... අපි හොදනම් මිනිස්සු කොහොමත් හොදයි..!(නු)
ලලිත් කටාර් Thursday, 18 October 2012 02:23 PM
හරිම හොද බස් රියදුරු මහත්තයෙක්.. ඒ වගේම හොද මගියෙක්..!(නු)
පහන් Thursday, 18 October 2012 02:53 PM
ජසි තිසර කියන්නේ කඩමුදලාලිව රවට්ටපු එකනේ, ඒවා බොරු නෙමේ සම්‍යප්‍රයෝග .චේතනාව හොදනම් අගය කරන්න, ඔයාට හොද නරක තේරුම්ගන්න බැහැනේ කරුණාකර දහම්පාසල් යන්න .(නු)
මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 18 October 2012 02:47 PM
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වන්දි.(නු)
ප්‍රදීප් Thursday, 18 October 2012 03:01 PM
බස් එකේ රියදුරු මහතා මහත්තයෙක් නෙවෙයි. සැබෑම මහත්මයෙක්. ඔබ වැනි මිනිසුන් තමයි සිරි ලක් මෑණියන්ට වර්තමානයේ අවශෂ්‍ය. වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.. (නු)
සිරිපාල Thursday, 18 October 2012 03:08 PM
කලු ගල් අතරේ මැනිකක්.......(නු)
රාජා Thursday, 18 October 2012 03:22 PM
ඇත්තෙන්ම අගය කළයුතු රියදුරු මහතෙක්....(නු)
ශාමින්ද Thursday, 18 October 2012 03:18 PM
රියදුරාගේ කිසිම කපටි කමක් නැහැ.. ජායි තිසර දන්න දෙයක් නැහැ.. ඕනෙම බස් එකක් දවල් කෑමට හෝ තේ බොන්න නතර කළාම ඒ බස් එකේ රියදුරාට සහ එහි සහායකයාට කැමති ඕනෙම කෑම ජාතියක් නොමිලේ කන්න කඩ හිමියා අවසර දීලා තියෙන්නේ.. බස් එකේ සෙනග කඩේට ගේන්නෙ ඒ දෙන්නා නිසා තමයි කඩෙන් එහෙම කරන්නෙ..!(නු)
ලක්මාල් Thursday, 18 October 2012 03:19 PM
තිසර, කඩේට බොරුවක් කියපු එකද කපටි කම..!(නු)
මිලාන් ප්‍රනාන්දුපුල්ලේ Thursday, 18 October 2012 03:30 PM
හොද හදවතක් තියෙන මිනිසෙක් හදුනාගත්තා..!(නු)
රොෂාන් Thursday, 18 October 2012 05:28 PM
සිරි ලක් මැණියන්ට මෙ වගෙ උතුම් මිනිසුන් සිටීමත් වර්තමානයේ අපට ආඩම්බරයක්.....(නු)
ජේ.බ්ලූ.කේ. Thursday, 18 October 2012 05:29 PM
තිසර ඔයා කියන දේවල් වැරදියි..!(නු)
තුවාන් ෂෙරිෆ් Thursday, 18 October 2012 05:36 PM
රියදුරු මහත්තාත් කළ උදව්ව හොදයි.. නමුත් බොරු කියලා රස ආහාර කාපු එකනම් හොද නැහැ.. හැම ආගමක්ම කියන්නේ බොරු කියන්න එපා කියලා..!(නු)
නුවන් එස්.කටාර් Thursday, 18 October 2012 05:44 PM
රියදුරු මහතාගේ නම සහ ගම සදහන් කරන්න තරම් වටිනවා.. එයාට ගරු කිරීමක් හැටියට..!(නු)
චන්ද්‍රසිරි Thursday, 18 October 2012 07:07 PM
මේ වගේ හොද රියදුරන් ඕනෑතරම් ඉන්නවා. (නි)