තම කාර්යාලීය මිතුරාගේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මිතුරන් දෙදෙනෙකු බස් රථයකින් නිවෙස් කරා ආපසු යද්දී එක් මිතුරකු හිටි හැටියේ අතුරුදහන් වූ පුවතක් පස්දුන් කෝරළයේ පිටිසර ගමකින් වාර්තාවෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය. පස්දුන් කෝරළයේ මිතුරන් දෙදෙනා සියනෑ කෝරළයේ පදිංචි තම කාර්යාලීය මිතුරාගේ විවාහ මංගල උත්සවයට සහභාගීවන්නට ගියේ කාර්යාලයේ එකට සේවය කරන තවත් මිතුරන් පිරිසක්ද සමගින් වෑන් රථයෙකිනි.
අතරමගදී පස්දුන් කෝරළයේ මිතුරා ඒ ප්‍රදේශයේම පදිංචි අනෙක් මිතුරාට මෙසේ කීය. මචන් අරුන් කට්ටියත් එක්ක එකට බොන්න හිටියොත් ලේසියෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ. දන්නවානේ හැටි. එහෙම උනොත් අපිට ගෙදර යන්න වෙන්නෙත් මහ රෑට. ඒක නිසා අපි ගිය ගමන්ම ජෝඩුවට කතා කරල අදාළ තැනට ගිහින් ළඟ ළගම නවමු. පස්සේ ඉක්මණට කාලා හිමින් මාරුවෙලා පාරට ගිහින් එන බස් එහෙක එල්ලෙමු.
අන්න හරි ගැටලුවක් නැහැ අපි එහෙම කරමු. අනෙක් මිතුරාද එකඟ විය. සැලසුම එලෙසම ක්‍රියාත්මක වුවත් සැලසුම කරපු කෙනාට නම් එය මතකයට ආවේ අනෙකා මතක් කළ පසුය.
හරි. හරි. එහෙනම් මාරුවෙමු කියා දෙදෙනාම පාරට පැමිණ බස් රථයකට ගොඩ වූහ. එක් මිතුරෙකු පසුපස අසුනක ඉඳගත්තත් අනෙකාට ඉඳගන්නට ලැබුනේ ඉදිරිපස අසුනකය මද දුරක් පැමිණි පසු ඉදිරිපස අසුනේ සිටි මිතුරාට තදින් නින්ද ගියේය. පැයක් පමණ නින්දේ සිට අවදි වූ මිතුරාට දැක ගන්නට ලැබුනේ දෙදෙනාම බස්රථයෙන් බැසිය යුතු ස්ථාන ළංව ඇති බවය. ඒ බව දැන්වීමට වහා අනෙක් මිතුරා සිටි පිටු පස අසුන දෙස විපරමෙන් බැලීය.
එහෙත් ඔහු අසුනේ නැත. මිතුරා කලබලයට පත්විය. ඒ කොහොමද මිනිහා මටත් නොකියා මගින් බහින්න විදියක් නම් නැහැ. පසුපසට ගිය ඔහු අනෙක් අසුන්වල සිටි අයගෙන් මෙතන සිටිය මහත්තයා කොයිදැයි හදිසියේ බහිනවාවත් දැක්කාදැයි විමසීය.
ආ.. ඒ මහත්තය දැන් හිටියනේ බලන්න යැයි අවට සිටි අය කී නිසා සොයා බැලීය. මහත්තය බස් රථයේ සීට් එකක් යටින් හමුවිය. වෙරි මතට නින්ද ගිය ඔහු සීට් එක යටට වැටුනත් ඒ පිළිබඳව අවබෝධයක් නැත. රටකජු ලෙලි ගොඩක්ද තුරුලු කරගත් මහත්තයා තද නින්දේය. හනිකට ඔහුව එළියට ඇදගත් අනෙක් මිතුරා බස් රථයෙන් බැස්සේ විලිලජ්ජාව ඉවසනු බැරිම තැනය.
(බුලත්සිංල විශේෂ ලක්මි කුඩලිගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මඟුල් ගෙදර ගිහින් එද්දි අතුරුදන් මිතුරා බසයේ සීට් එක යට
sampath Monday, 02 March 2020 12:27 PM
ලංකාවේ සිංහල මිනිස්සු මගුල් ගෙවල්වල යන්නෙම බොන්න. මහා පුදුම පෙරේත කමක් තියෙන්නේ මේ බීමට එක්කෝ ප්‍රතිපත්තියක් විදියට මගුල් ගෙවල්වල බොන්න දෙන එක නවත්තන්න ඕනේ... නැත්නම් නීතියෙන් තහනම් කරන්න ඕනේ.... මේක මහා විනාශයක්... මම දන්නා කෙනෙක්ගේ මගුල් ගෙදරක පෝරුවේ චාරිත්‍ර කරන්න පියා සොයනකොට ඔහු හොඳටම බීලා වැටිලා හිටියේ...