X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


මඟුල් ගෙදර යන්න ඉල්ලාගත් රන්බඩු වෙනුවට උකස් කළ රිසිට්පත දීලා

මඟුල් ගෙදරකට යාම සඳහා  මිතුරියකගෙන් ඉල්ලා ගත් රන් ආභරණ කට්ටලයක් හදිසි මුදල් අවශ්‍යතාවක් වෙනුවෙන්  බැංකුවට උකස් කර ආභරණ වෙනුවට එහි  රිසිට් පත් සිය මිතුරිය වෙත ගෙනැවිත් බාර දුන් කාන්තාවක් පිළිබඳ පුවතක් වාර්තාවේ.


සිද්ධිය මෙසේය.


 ඇගේ සැමියා රජයේ සුර්‍ළු රැකියාවක නිරත වූවෙකි. ඒ නිසාම සිය ආයතනයෙන් ලබා දෙන මාස දහයේ ණය මුදල ලබාගෙන එම මුදලින් තම බිරියට අවශ්‍ය මාලයක් වළලු_ දෙකක් ඇතුළු රුපියල් ලක්ෂ දෙක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ කට්ටලයක් මිලදී ගෙන දුන්නේ ඇයට ඇති ආදරයටත් වඩා එය තම යුතුකමක් සේ සැලකූ බැවිණි.


තම පවුලේම ඥාති සොහොයුරියට ඇගේ සැමියා මිලදී ගෙන දුන් මෙම රන් භාණ්ඩ කට්ටලය ගැන දැනගත් එම පවුලේම තවත් ඥාති කාන්තාවක් පසුගිය දිනෙක ඇය සොයා පැමිණ එම රන් ආභරණ කට්ටලය ඉල්ලා සිටියේ සිය සැමියාගේ හිතවතෙකුගේ මඟුල් ගෙදරකට යාමට ඇවැසි බව පවසමිනි.
තරමක් අදිමදි කළ ද ඥාති හිතවතියගේ දැඩි පෙරැත්තය නිසා ඇය රුපියල් ලක්ෂ දෙක හමාරක් වටිනා රන් භාණ්ඩ කට්ටලය ඇය අත තැබුවේ හැකි විගස එය ආපසු ගෙනැවිත් දෙන්නැයි ඉල්ලීමක්ද කරමිනි.


දින කීපයක් ගතවුණි. එහෙත් රන්භාණ්ඩ කට්ටලය ලැබෙන බවක් දැන ගන්නට නොවූයෙන් දිනක් ඇය සිය සැමියාද සමග ඥාති සොයුරියගේ නිවස වෙත ගියේ රන් භාණ්ඩ කට්ටලය ඉල්ලාගෙන ඒමේ අදිටනිනි.


එහෙත් සිය ඥාති සොයුරියගෙන් අසන්නට ලැබුණේ ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ පිළිතුරකි.


“අනේ නංගි මට ලොකු මුදල් හදිසියක් වුණා. මම ඒ ටික බැංකුවට උකස් තිබ්බා. පුළුවන් ඉක්මනට බේරලා දෙන්නම්” යැයි කියමින් නිවස තුළට ගිය ඇය බැංකුවට රන් බඩු උකස් තැබූ රිසිට් පත් කීපය ගෙනවිත් ඇය අත තැබුවේ තම කතාව තහවුරු කරන්නට මෙන්ය. 

(වියලුව වාර්තාකරු)



අදහස් (0)

මඟුල් ගෙදර යන්න ඉල්ලාගත් රන්බඩු වෙනුවට උකස් කළ රිසිට්පත දීලා

මහේෂ් Tuesday, 03 January 2017 10:00 AM

අපොයි දෙවියනේ! මහා පුදුම මිනිස්සුනේ. නෑයෝ, වේයෝ වගේ කියන්නේ කට කහනවට නෙමෙයිනේ. කොයි වෙලෙත් කන්නමයි බලා ඉන්නේ. ලංකාවේ මිනිසුන්ට උදව් කරනවට වැඩිය හොඳයි පාරේ යන බල්ලෙකුට උදව් කරන එක. (නි)

:       0       0

බුද්ධික Tuesday, 03 January 2017 04:33 PM

ඔය කරපු දෙය මට කළා නම්, මම අද කල්දේරම් බත් කන්නේ... (නි)

:       0       0

අසෝකා Tuesday, 03 January 2017 05:48 PM

මහේෂ්, මිනිසුන් කියන්නේ මිනිසුන්ට. ලංකාවේ විතරක් නොවෙයි කොහේ හිටියත් මිනිස්සු මිනිස්සුමයි. හොඳ නරක දෙගොල්ලොම ඉන්නවා. අවංක සහ වංක අයත් ඉන්නවා. ඒ ඒ අයව අතේ දුරින් ආශ්‍රය කරන්න කියන්නේ මේ නිසා තමයි. (නි)

:       0       0

ක්‍රිෂාන්ත Tuesday, 03 January 2017 06:03 PM

අනේ අම්මපා නෑදෑයින්ගේ සටකපට වැඩ..? (නි)

:       0       0

ජනහිත Tuesday, 03 January 2017 06:16 PM

මේ වගේ වැඩක් මම රැකියාව කරන කාලේ ඒ කාර්යාලයේත් වුණා. ඉල්ලාගත් කෙනා ඊටපස්සේ රැකියාවට ආවෙත් නැහැ. කොහොමත් රන්බඩු ටික නම් ආයේ ලැබුනේ නැහැමයි. හොඳම දේ නම් ඒ හා සමාන කෘතීම රන් භාණ්ඩ ටිකක් ගෙනවිත් ගෙදර තියාගන්න එක නුවණට හුරුයි. ඉල්ලනකොට දෙන්න. ඒ වගේම උගස් තියලා තියෙන්නේ කියලා ඇඟ බේරගන්නත් පුළුවන්. ඕවට නම් කවුරුත් විශ්වාස කරන්න එපා. (නි)

:       0       0

ජනහිත Wednesday, 04 January 2017 03:08 AM

මහේෂ් කියන එකේ ඇත්තක් තියනවා. අද එදා වගේ නොවෙයි මනුෂ්‍යකම තියෙන්නේ කියෙන් කී දෙනාගේද? හුඟක් වෙලාවට පිට අය ඕනෑ නැහැ, තමන්ගේ පවුලේම වුණත් ගන්න පුළුවන් කොහොමද කියලා බලන එක තමයි කරන්නේ. වැඩේ කරගත්තොත් ආයේ පැත්ත පළාත බලන්නේවත් නැහැ. පුදුම ලෝකයක්. (නි)

:       0       0

මයුරි Friday, 06 January 2017 05:30 AM

අම්බලන්ගොඩ හිටිය එක්කෙනෙක් එයත් කළේ මේ ටිකම තමයි, ගොඩක් මිනිස්සු රැවටුණා අන්තිමට ගෙවල් අතෑරල යන්න වුන අම්බලන්ගොඩ ෂෙඩ් එක ළඟ තමා හිටියේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site