X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මඟුල් දා රෑ අලි ජංජාලයක්

ඔහු හමුදා සෙබළෙකි. එකම සේවය කරන මිතුරකුගේ මාර්ගයෙන් ඔහුගේ නැගණිය හා පේ‍්‍රම සම්බන්ධතාවක් ඇති කරගෙන දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද චාරිත‍්‍රානුකූලව මනාලිය කැඳවාගෙන ගියේ මනාලියගේ නිවසේ පැවති මංගල්‍ය උත්සවයකින්ද අනතුරුවය.

මනාලිය කැඳවාගෙන යන දිනයේ මනාලයාගේ නිවසේද සාදයක් පැවැත්වුණු අතර උදව් පදව් කිරීම සඳහා බොහෝ ඥාතීහුද පැමිණ සිටියහ. ඒ අතර මනලයාගේ නෑනා කෙනකු වන විවාහක එක් දරු මවක් බොහෝ වෙහෙස මහන්සි වී උදව් පදව් කරමින් සිටියයා.

රාත‍්‍රි කාලයේද මංගල සාදය පැවති අතර කා බී නටා ගයා විනෝද වී සියලූ දෙනා රාත‍්‍රී 12ට පමණ පසු ඉඩ කඩ ඇති පරිදි නින්දට ගියේය.

මුලින් සඳහන් කළ නෑනාගේ ස්වාමිපුරුෂයා අඩ නින්දෙන් හදිසියේ දුටු දෙයින් ඔහුට තරු විසිිවිය. ඔහු දුටුවේ තම බිරිඳ මනමාල මස්සිනා සමග බෑගයක්ද රැුගෙන හොර රහසේ නිවසින් පිටව යන ආකාරයයි.

ඔහුගේ විලාප හඬින් අවදි වූ නිදාගෙන සිටි පිරිස නැගිට ජෝඩුව පිටුපස මාර්ගයට බැස ලූහුබඳින්නට විය. අලූත් මනාලිය මහ හඬින් හඬන්නට පටන් ගත්තේය.

ටික දුරක් ලූබු බැඳ ජෝඩුව තම ග‍්‍රහනයට ගැනීමට පිරිස සමත්වූ අතර බැන වදිමින් ගුටි බැට දෙමින් යළි නිවසට කැඳවාගෙන පැමිණියහ. එහෙත් නෑනා පැවසුවේ මස්සිනා සමග කෙසේ හෝ යන බවය.

අඩදබර මැද පැයක පමණ කාලයක් ගතවිය. එක් අයකු මහ හඬින් පැවසුවේ මෙම දෙදෙනා පෙනෙන්නට නොමැති බවයි. සියලූ දෙනා එකතුවී සොයා බැලීමේදී හෙළි වූයේ දෙවෙනි වරටත් කාටත්හොරා ජෝඩුව රහසේ පැන ගොස් ඇති බවය.
 



අදහස් (0)

මඟුල් දා රෑ අලි ජංජාලයක්

නුවන් Friday, 17 January 2014 09:13 PM

අර තනිවුන මනාලිය මට කැමතිද දන්නෙ නෑ.(නදී)

:       0       0

කසුන් මදුසංක අබේසුන්දර Thursday, 16 January 2014 07:08 PM

පිස්සු හැදෙන සඳ.(නදී)

:       0       0

නීලා Thursday, 16 January 2014 08:36 PM

යාලුවට තුවක්කුවක් තියෙනවා නේද ? (අ)

:       0       0

ආනෝල්ඩ් Thursday, 16 January 2014 09:13 PM

නෑනා ලස්සනද? (ත)

:       0       0

ශාන්ති Thursday, 16 January 2014 11:03 PM

නීලා ඔයා තුවක්කුවක් තියෙනවද කියල ඇහුවේ ඇයි (දිල්)

:       0       0

එච් සරත් Friday, 17 January 2014 01:42 AM

බ්‍රාවෝ.(නදී)

:       0       0

කසුන් Friday, 17 January 2014 02:36 AM

අනේ කාලේ.(නදී)

:       0       0

සමිර උදයංග ලක්මාල් Friday, 17 January 2014 08:16 AM

කෙල්ලන්ට ඔහොම වෙලා මදි. කෙල්ලෝ දස කපටියිනේ.(නදී)

:       0       0

චතුර රන්දුනු Friday, 17 January 2014 05:27 PM

මට නම් හරි සතුටුයි.(නදී)

:       0       0

සන්දිය[මාදිපොල] Thursday, 16 January 2014 05:17 PM

මේවා ඉතින් ලංකාවට අලුත් දේවල් නෙමෙයිනේ.(නදී)

:       0       0

රවින් Saturday, 18 January 2014 04:26 PM

ළමයි ඉන්න අම්ම කෙනෙක් වෙලත් මගුලේ වැඩ ඔක්කොම කරලා තියෙන්නේ එයා. අපේ කොල්ලට හිත යන්න ඇති.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Saturday, 18 January 2014 10:43 PM

පරයෙක් කියලයි කියන්න වෙන්නේ. (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 19 January 2014 01:21 AM

නිලා එහෙම ඇහුවේ පතුරමක් එවන්න ශාන්ති. සුද්දගේ නිතිය පාවිච්චි කරන්න. නරකමත් නැහැ අදහස ඇයි ශාන්ති බය උනාද..? (නදී)

:       0       0

එඩී දයාරත්න - ඕස්ට්‍රේලියාව Sunday, 19 January 2014 02:27 AM

තාත්ත දුවව බිරිය කරගන්න කලේ ඕවත් වැඩද ? (නදී)

:       0       0

පී.එම්.ඩී මණසිංහ Sunday, 19 January 2014 09:58 AM

නියමයි! (නදී)

:       0       0

ශාන්ති Sunday, 19 January 2014 12:02 PM

බය නොවී තියෙවිද නිලුවෝ (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 19 January 2014 05:02 PM

නැනාත් එක්ක මෙයාගේ ඉස්සර ඉඳම්ම සම්බන්ධයක් තියෙන්න ඇති. මනමාලිගේ පතිවත ආරක්ෂා කිරීම ගැන ස්තුති කරන්න ඕන. එච්චරම නරක කොල්ලෙක් වෙන්න බැහැ.(නදී)

:       0       0

කුමාරි Thursday, 16 January 2014 10:04 AM

ප්‍රධානම වැරැදිකාරී නෑනා පව් මනමාලි(දිල්)

:       0       0

මංජුල Wednesday, 15 January 2014 03:15 PM

හීනෙකින්වත් හිතන්න එපා මෙහෙම දෙයක් නම් (දී)

:       0       0

ධම්ම Wednesday, 15 January 2014 04:10 PM

හරි අසාධාරණයිනේ. එතකොට අර කැන්දාගෙන ආ මනමාලිට මොකද වෙන්නේ. (දී)

:       0       0

ශාන්ති Wednesday, 15 January 2014 07:35 PM

අර අසරණ කෙල්ලට මොකද වෙන්නේ (දිල්)

:       0       0

මනෝජ් Wednesday, 15 January 2014 07:48 PM

යනවනම් කලින් පැනල යන්න තිබුනනේ .දෙමව්පියන්ගේ සල්ලි විනාස නොකර ,දැන් අර මනමාලි සමාජයට මුණ දෙන්නේ කොහොමද ?.ලැජ්ජා නැති කම මහා මුදලි කමටත් වඩා ලොකුයි (අ)

:       0       0

ආරියසේන Wednesday, 15 January 2014 08:16 PM

කැන්දාගෙන ආ මනමාලිය ට වුනේ මොකද ? අනේ පවු. (අ)

:       0       0

අකිල Thursday, 16 January 2014 07:49 AM

මෝඩයෙක් අර කෙල්ල පව්.(නදී)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 January 2014 07:54 AM

කෙනෙකුගේ ජීවිතයක් තුට්ටුවකට මායිම් නොකරන මෙවැනි අයට ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙනවා. (නදී)

:       0       0

චමින්ද Thursday, 16 January 2014 09:49 AM

හපොයි

:       0       0

නිකුක්ෂි Wednesday, 15 January 2014 02:35 PM

අබුද්දස්ස කාලේ නේ (දී)

:       0       0

ඉන්දික Thursday, 16 January 2014 11:12 AM

ලැජ්ජයි...... (දී)

:       0       0

ශාන්ති Thursday, 16 January 2014 11:53 AM

ආරියසේන බැරිද ඒ අසරණ කෙල්ලට උදව් කරන්න.(නදී)

:       0       0

ජීවන්ත Thursday, 16 January 2014 02:07 PM

මේවත් ප්‍රශ්නද ලෝකේ වෙන දේවල් එක්ක බලන කොට (දී)

:       0       0

ප්‍රදීප් Thursday, 16 January 2014 02:26 PM

කැන්දාගෙන ආ මනමාලිය පවු....(අ)

:       0       0

ඉරෝෂා දිලානි පෙරේරා Thursday, 16 January 2014 03:11 PM

මේ මනුස්සයාට නෑනා එක්ක යන්න ඕන වුනා නම් මේ අහිංසක කෙල්ලගේ නම කැත නොකර ඉන්න තිබුනනේ.(නදී)

:       0       0

චාමික Thursday, 16 January 2014 04:19 PM

කොහෙද සේවය කලා කිව්වේ? කටුස්සාගේ කරේ රත්තන් බදින්න හොද නැහැ! (දී)

:       0       0

දනු Thursday, 16 January 2014 04:40 PM

පව් අසරණ කෙල්ල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site