(මාවරල පී.එස්. මද්දුමගේ)
කොරෝනා වසංගත තත්ත්වය පැවැතියද තරුණ තරුණියන්ගේ ආවාහ-විවාහ කටයුතු සිදුකිරීමේ අඩුවක් නොවීය. මේ මංගල උත්සවයක පලහිලව්ව වාර්තා වන්නේ දකුණු පළාතේ පාතෙගම ප්‍රදේශයෙනි.
තරුණිය, නව යෞවනයේ සුරූපී දැකුම්කළු ලළනාවකි. ඇය ගැමි ගම්මානයක සාමාන්‍ය පවුලක දියණියක් වුවද, මවුපියන් ඇගේ අධ්‍යාපනය වෙනුවෙන් දැඩි උනන්දුවක් දැක්වූ බැවින් නගරයේ උසස් මිශ්‍ර පාසලක අධ්‍යාපනය ලැබීමට තරම් ඇය වාසනාවන්ත වූවාය. පාසල් අධ්‍යාපනය ලබන අවදියේ පාසල් මිතුරකු සමග ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම නිසා ඇයට පාසල් යාමේ ඉඩ කඩ මවුපියන් විසින් අවුරා දමන ලදී. පාසල් නොගියද, පාසල් මිතුරා සමග නිරන්තර සම්බන්ධතා පැවැත්වීමට ඇය සමත් වූයේ ජංගම දුරකථනයට පිං සිදුවන්නටය.
කාලය ගෙවී ගොස් විවාහ වන අවස්ථාව එළඹ තිබූ බැවින්, මගුල් කපු මහතකු මගින් ගැළපෙන මනාල මහතකු සොයා දුව විවාහ කරදීමට මේ අතර, මවුපියෝ කටයුතු කරමින් සිටියහ. තරුණිය පදිංචි ගමට ආසන්න ගම් ප්‍රදේශයක පෙනුමැති තරුණයකු පිළිබඳව ගෙන ආ යෝජනාවකට මවුපියන් කැමැත්ත පළ කළ නිසා, මනාල මහතා පෙර ගමන් යාමේ චාරිත්‍රය පරිදි මනාලියගේ නිවසට පැමිණියේය. තරුණියද මනාලයා ගැන අකැමැත්තක් පළ නොකළ බැවින් මංගල්‍යය දෙපාර්ශ්වය විසින් තීන්දු කර උත්සව දිනයද තීරණය කර ගත්හ. මංගල නැකැත් බලා උත්සවය ගැනීමට තීරණය කෙරිණි. රජයේ කාර්යාලයක සේවය කළ තරුණයා, තරුණියගේ රුවට අතිශයින්ම ඇලුම් කළාය.
තීරණය කරගත් දින නගරයේ තරු පංතියේ හෝටලයක මංගල උත්සවය ගත් අතර, දෙපැත්තේ ඥාති හිතවන්තයෝ උත්සවයට පැමිණ නව යුවතිපතීනට ආශිර්වාද කර පිටත්ව ගියෝය.
හෝටලයේ තමන් වෙන්කර ගත් කාමරයට, නව යුවළ ගොස් දවස තුළ වූ අධික විඩාබර ගතිය නිසා, ජලය නා පිරිසිදුව, විවේක ගැනීමටත්, ප්‍රිය සම්භාෂනයේ යෙදෙමින් දෙදෙනා සතුටු වෙමින් සිටියහ.
“ටක්..ටක්..” කාමරයේ දොරට තට්ටුකරමින් “මහත්තයා සමාවන්න. හදිසි සහ සුළු අවශ්‍යතාවකට දොර අරින්න කාරුණික වන්න.” යැයි හොටල් කළමනාකරු මනාල මහතාට ඇමැතුමක් දුන්නේය.
අනපේක්ෂිතව සිදු වූ මෙම සිදිධියෙන් තිගැස්සී ගිය නව යුවතිපතියන් මද වේලාවක් ගොස් මනාල මහතා කාමරයේ දොර විවෘත කළේය.
“සමාවෙන්න කරදර කළාට. මහත්තය වැඩ කරන කාර්යාලයේ කීපදෙනෙකු කොවිඩ් පොසිටිව් බවට හඳුනාගෙන තිබෙනවා. අපි ආවෙ මහත්තයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කරන්න. කාර්යාලයේ සේවය කළ අයට කොවිඩ් ආසාදිත දැයි පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් උපදෙස් දුන්නා. ඒ නිසා සියලුම අය සොයා කරන පරීක්ෂණය, මහත්තයටත් කරන්න වෙනවා., හෝටලයේ කළමනාකරු සමග පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් කීවේය.
අනපේක්ෂිතව සිදු වූ දෙයින් මනාල මහතාත්, කථාව අසාගෙන සිටි මනාලියත්, තැතිගෙන බියට පත් වූහ.
“කමක් නෑ පරීක්ෂණය කරන්න.,, මනාල මහතාගෙන් ලද අවසරය නිසා පරීක්ෂණය කළ සෞඛ්‍ය නිලධාරීන් කීවේ, මහත්තයා ‘‘කොරෝනා පොසිටිව්,, කියාය.
බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දුන් මනාල මහතා, දැඩි ලෙස කම්පනයට පත්විය. මනාලියටද සිදුකළ පරීක්ෂණයෙන් ඇයටද කොරෝනා “පොසිටිව්” බව හඳුනා ගැනිණි.
තව සුළු කාලයකින් ගිලන් රථයක් එවනව ඔය දෙන්නම ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යන්න. ඒ සඳහා සූදානම්ව සිටින්න” යයි කිව් සෞඛ්‍ය නිලධාරීන්, හෝටල් කළමනාකරුට නියම කළේ කාමරය සහ අවට විෂබීජහරණය කිරීමට පියවර ගන්නා ලෙසටය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මඟුල්දා රෑ මංගල කාමරේට ‘සැන්ටිපෝට්ලා’ කඩා පැනලා