X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


මඩු වලිගයේ ප්‍රශ්නෙන් ඉස්කෝලෙත් අවුල්වෙලා

දකුණේ වෙරළබඩ උප නගරයක් ආශ්‍රිත පාසලකි. විවේක කාලයේ පාසල් සිසුන් ක්‍රීඩා පිටියට එක්ව සිටි අතර සීනු නාදයත් සමඟ ඔවුන් යළි පන්ති කාමරවලට ගියත් සාමාන්‍ය පෙළ පන්තියක සිසුවියන් දෙදෙනකු යළි ආපසු පැමිණ සිටියේ නැත.

පන්ති භාර ගුරුවරයා ඔවුන් පිළිබඳව සෙව්වද සොයාගත නොහැකි වූයෙන් විදුහල්පතිවරයාට දැන්වූයේ දැඩි විමතියකිනි. මොහොතකින් සිසුවියන් දෙදෙනා පාසලට දිව ආවේ හතිලමිනි. “කොහෙද ළමයිනේ ගියේ. “මම ගිනිපත්තුවෙලා හිටියේ” පන්ති ගුරුවරයා විමසුවේ තරමක කෝපයකිනි. “සර් මෙයා ඊයේ ගෙදරදි මල්ලිත් එක්ක රණ්ඩුවෙලා තාත්තා කිව්වලු ආයෙ රණ්ඩු වුණොත් කෝටුවකින් නෙවෙයි මඩු වලිගෙන් ගහනව කියලා.

මෙයා මඩුවලිගදැකල නෑ. අපේ ගෙදර එකක් තියෙනවා. ඒක පෙන්නන්න එක්ක ගියා” ඇය සිය යෙහෙළිය පෙන්වමින් කී විට යෙහෙළිය ලජ්ජාවෙන් ඇඹරුනාය. “ඒත් අවසර නැතිව ඉස්කෝලෙ වෙලාවෙ එහෙම යන්න බෑ” කී විදුහල්පතිවරයා “මඩුවලිගේ ගැන අහල තිබුණට මාත් දැකල නං නෑ” පන්ති ගුරුවරයාට කීවේ මහ හඬින් සිනාසෙමින්ලු.

(තිහගොඩ - උපසේන ලියනගම) 



අදහස් (0)

මඩු වලිගයේ ප්‍රශ්නෙන් ඉස්කෝලෙත් අවුල්වෙලා

පිටබැද්දර ජයා Thursday, 24 March 2016 07:59 AM

අම්මපා! කරලා තියෙන වැඩේට නම් කෙල්ලෝ දෙන්නටම මඩු වල්ගෙන් තලන්න ඕනෑ. මඟදී මොකක්හරි වුණා නම් ගුරුවරුත් අමාරුවේ (නි)

:       0       0

රූපවතී Thursday, 24 March 2016 09:57 AM

දැන් ඔය මඩුවලිගේ උලුප්පන් කෑගහන පිටබැද්දර ජයා දැකල තියෙනවද ඕක. අපේ ලොකු අයියලාගේ ගෙදර මඩු මාලුවගෙන් කපාගත්තු අලුත්ම අලුත් මඩු වලිගයක් තිබිල මීට වසර 22 කට පෙර මාත් ඕක දැක්ක ..? (බ)

:       0       0

අබරන් Thursday, 24 March 2016 12:00 PM

අනේ රූපවතී, අවුරුදු විසිදෙකක් පරණ අලුත්ම අලුත් මඩු වලිගයක්? (ර)

:       0       0

රූපවතී Thursday, 24 March 2016 01:44 PM

හනේ පව් මේවා කියවද්දී මට අන්දරේ අතුරේ ගිය හැටි මතක්වෙනවා ...? (බ)

:       0       0

රෝෂන් Thursday, 24 March 2016 03:47 PM

රූපවතී, අන්දරේ අතුරේ ගියහැටි නොවෙයි, අපේ රටේ දරු පරපුරේ අනාගතය ගැන මොකුත් හිතෙන්නේ නැද්ද? (නි)

:       0       0

වික්‍රම Friday, 25 March 2016 02:44 AM

දකුණේ අපිට නම් මඩු වලිග ගැන කියලා දෙන්න කවුරුත් ඕනෑ නැහැ, නේද රූපවති. නැද්ද ජයා? (නි)

:       0       0

පිටිගල Friday, 25 March 2016 04:22 AM

1971 දී මමත් දැක්ක මඩු වලිගයක් සබරගමුවේ පොලිසියකදී. එ්කෙන් කාපු කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ. (බ)

:       0       0

පහන් Friday, 25 March 2016 04:31 AM

ඔය පෙරහැරවල් වල ඉස්සරහින්ම ගහ ගහ යන කසේ හදල තියෙන්නේ මඩු වලිගෙන් .මම හිතන්නේ මඩුවලිග ගොඩක් එක් කරලා .(බ)

:       0       0

රජිත් Friday, 25 March 2016 07:35 AM

අයියෝ පහන්, කස හදන්නේ මඩුවලිග වලින්ද?කොහෙද ඔයාගේ ගම? (නි)

:       0       0

ටෙනිසන් Friday, 25 March 2016 08:07 AM

මේ දවස්වල මඩු වලිගය පාසල් වලටත් ප්‍රශ්නයක් වෙලා වගෙයි (නි)

:       0       0

ක්‍රිශාන්ත Friday, 25 March 2016 01:35 PM

පහන්, මම හිතුවේ ඔයා පොතේ දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් ඇති කෙනෙක් බව. කසය කෙරවල හදන්නේ හණ ශාකයේ පත්‍ර මඩේ පල්වෙන්න දාලා ලබාගන්න කෙඳි වලින්. (නි)

:       0       0

සමන්ති Saturday, 26 March 2016 01:01 AM

මඩුවලිගයක් දැයි බලු බැල්මට කිව නොහැකියි .රස පරීක්ෂක වාර්තාවක් කැඳවන්නේ නැතුව . මඩු වලිගය කපා වියලා ඉරා ගොතාගැනිමෙනුයි මඩු වලිගය පහර දීමට යොදාගන්නේ .(ම)

:       0       0

මැගී Sunday, 27 March 2016 12:24 AM

ක්‍රිෂාන්ත, ඔයා හරි. මඩු වලිගයයි කසයයි එකක් නොවේ, වර්ග දෙකක්. (නි)

:       0       0

උපුල් Tuesday, 29 March 2016 09:48 AM

බොරු දේවල වලට බොරු කමෙන්ට්ස් කරන්න එපා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site