(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
අලුත ගෙනා මනාලියගේ දැවැද්දට ලැබුන අල්මාරියෙන් ගැරඬින් දෙදෙනකු එළියට පැමිණීම නිසා මනාලියගේ නිවස එකම ජංජාලයක් වූ පුවතක් කටුගස්තොට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
වාර්තාවන අන්දමට සිදුවී ඇති සිද්ධිය මෙසේය.
ඇයගේත් ඔහුගේත් එකම ගමේ වැලි කෙළියේ පටන් පැවැති සෙනෙහස ප්‍රේමයක් බවට පත්වුයේ ඇගේ බාල සොහොයුරාගෙන් ලැබුණු ආධාර උපකාරවල ප්‍රතිඵලයක් ලෙසිනි.
කෙසේ වෙතත් දෙපාර්ශවයේ මවුපියන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ පැවැති ප්‍රේමය මංගල්‍යයකින් අවසන්වීමට අවස්ථාව නොලැබුනේ වෙනත් මනාලයකුගේ මනාලියකවීමට ඇයට සිදුවූ නිසාය.
මේ පිළිබඳව දැඩි සිත් තැවුලෙන් පසුවූ ඔහු මේ සිදුවීමට එරෙහිව කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට සිතා ඊට විකල්පයක් ලෙස තෝරා ගත්තේ නව යුවළට කොට්ට දෙකක් යැවීමට අවශ්‍ය බව පවසමින් ඇගේ බාල සොයුරාගෙන් දැවැදි සමඟ යවන අල්මාරියේ යතුර සුළු වේලාවකට ඉල්ලා ගැනීම පමණි.
කිසිත් නොදත් මනාල යුවළ සිය මධු සමයද ගතකොට දින දෙකකට පසු ලැබුණ තෑගි බෝග හා දෑවැදි මනාලයාගේ නිවසේ අස්පස් කරන අතර විවෘත කළ අල්මාරියෙන් හදිසියේ එළියට ආ විශාල ගැරඬින් දෙදෙනෙකු නිසා මනාල නිවසේ බොහෝ බඩු බාහිරාදිය ද කැඩී බිදී යාමට ගතව ඇත්තේ ද සුළු වේලාවකි.
පසුව ආරංචි වූයේ මනාලියගේ පැරණි පෙම්වතා කොට්ට දෙකක් දෙන මුවාවෙන් ගොනියක දැමූ ගැරඬින් දෙදෙනා අල්මාරියේ දමා ඒවා ඇති බවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මනමාලියට දෑවැද්දට දුන් අල්මාරියේ ගැරඬි දෙන්නෙක්