කොරෝනා එන්නත් ලබා ගැනීමේදී තම නිරෝගීභාවයට වඩා තනතුරක් පිළිබඳව ඇතිවූ බලාපොරොත්තුවක් නිසා එන්නත ලබානොගෙන ආපසු ගිය ප්‍රාදේශීය දේශපාලකයකු පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශකින් වාර්තාවේ.
කොරෝනා වසංගතය තුන්වන රැල්ලත් සමග මහජනතාව වැඩි වශයෙන් එන්නත් ලබා ගැනීමට උනන්දුවක් දැක්වීමත් සමග ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් බස්නාහිර පළාතේ විවිධ ස්ථානවල එන්නත් කරන වැඩසටහන් සංවිධාන කර තිබුණු අතර එම සෑම ස්ථානයකම විශාල පිරිස් පැමිණ පැය ගණන් පෝලිම්වල රැඳී සිටිනු අයුරු දක්නට ලැබුණි. තම ජීවිතයට තිබෙන අසිමිත ආදරය සහ තම ආදරණීයයන්ට තිබෙන බැඳීම නිසා කොරෝනාවෙන් ජීවිතය ආරක්ෂා කර ගැනීමට මෙසේ අවදානම නොතකා එන්නත ලබා ගැනීමට උනන්දු වූ බව එම පිරිස් කීහ.
මෙසේ උනන්දුවෙන් එන්නත ලබා ගැනීමට එක්තරා එන්නත් මධ්‍යස්ථානයකට පැමිණි පළාත්පාලන ආයතනයක ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එන්නත ලබා ගැනීමට පෙර පිරවිය යුතු පොර්මය ද පුරවා එන්ත ලබාදීමට පෙර වෛද්‍යවරයාගේ පරීක්ෂාවට සුදානමින් සිටිය දී එන්නත ලබානොගෙන හදිසියේම එම ස්ථානයෙන් පිටවී ගොස් ඇති අතර ඔහු එම ස්ථානයේ සිටි තම හිතවතුන්ට පවසා ඇත්තේ දැන් බෙතේ විදින්න බැහැ, මම වෙන දවසක විදගන්නවා යනුවෙනි.
කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත ලබාගැනීමට දැඩි උනන්දුවක් දැක්වූ මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එන්නත ලබා නොගන පිටවී යාම පිළිබඳව ඔහුගේ හිතවතුන්ට දැඩි කුතුහලයක් ඇතිවීම නිසා එම කිහිප දෙනෙක් එන්නත ලබාගෙන මන්ත්‍රීවරයාගේ නිවසට ගියේ මෙසේ අවසන් මොහොතේ එන්නත ලබා නොගැනීමට හේතුව විමසීමටය.
ඇයි මන්ත්‍රීතුමා, ඔබතුමා අපිවත් උනන්දුකරලා බෙහෙත විදගන්න අන්තිම මොහොතේ බෙහෙත විදින්නේ නැතිව ආවේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණාදැයි විමසීය.
නෑ නෑ කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ. මට ඉස්සෙල්ල අපේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමයි උප සභාපතිතුමයි බෙහෙත් විදිනවා මම දැක්කා. මේ කොරෝනා බෙහෙත් විදින සමහරුන්ට විවිධ අවදානම් තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදුවෙනවා, කියලා මම අහල තියෙනවා. කලින් පාර කොරෝනා බෙහෙත් විදපු කීප දෙනෙක් මැරුණා කියලත් මම අහල තියෙනවා.
ඉතින් මේ කාරෝනා බෙහෙත විදලා අපේ සභාපතියි, උප සභාපතියි හදිසියේවත් කූරියා ගැහුවොත් ඊළඟට සභාපති වෙන්න ඉන්නේ මමනේ. පෙර පිනකටවත් මටත් සභාපති වෙන්න වාසනාවක් තිබුණොත් ඒ චාන්ස් එක ගන්න නම් මම ජීවත්වෙලා ඉන්න ඕනනේ. ඒකයි මම බෙහෙත විදින්න නැතිව ආවේ. තව ටික දවසක් කොත්තමලිල් ටිකක් බීලා දුම් ටිකක් අල්ලලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්නවා. අර දෙන්නට ප්‍රශ්නයක් නැත්නම් පස්සේ දවසක බෙහෙත විදගන්නවා යැයි පැවසීය.
මෙම මන්ත්‍රීවරයාට තමන්ගේ ජීවිතයට වඩා තනතුරකට තිබෙන අසීමිත ආශාවත් කෙනෙකු දෙන්නෙකු මැරිලා හෝ බලාපොරොත්තු වන තනතුරට යාමට තිබෙන බල තණ්හාවත් පිළිබඳව තවදුරටත් සාක්කි අවශ්‍ය නොවු නිසා හිතවතුන් පිරිස මන්ත්‍රීවරයාගේ නිවසින් පිටවුණෙ ඔහු සමග ඉදිරියටත් හිතවත්කම් පවත්වනවාදැයි සිත්වල නැගුණු පැනයත් සමගය.
(මතුගම බන්දු තඹවිට)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මන්ත්‍රීතුමා සභාපති පුටුවට රිංගන්න කොෙරා්නාෙව පිහිට පතලා