X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මනාලයා ගිය ත‍්‍රිරෝද රියේ රියැදුරු සමග මනාලිය පැනගිහින්

මනාලියක බැලීමට කපුවකු සමග ගිය මනාලයා වෙනුවට ඔවුන් කැඳවාගෙන ගිය ත‍්‍රිරෝද රථයේ රියැදුරාට මනාලියගේ මල් ඊසර වැදීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශයකිනි.

පෞද්ගලික ව්‍යාපාරයක නිතරවී සිටි ඔහු විවාහ විය යුතු වයස ඉක්මවමින් සිටි නිසා කපුවකුගෙන් ඇරයුමක් ලැබුණේ තම දන්නා හඳුනන තරුණියකගේ ගෙවල් දොරවල් බැලීමට යාමටය.

කපු මහතා, මනාලයා හා ඔහුගේ මව මේ ගමන ගියේ කුලී ත‍්‍රිරෝද රථයකිනි. ත‍්‍රිරෝද රථ රියැදුරා හැඩකාර තරුණයෙකි.

එම නිවසේ ගත කළ කාලය තුළ යෝජිත තරුණිය වැඩිපුරම කතා කළේ ත‍්‍රිරෝද රථ රියැදුරු සමගය. ජංගම දුරකතන අංක ද  රහසේ හුවමාරු කර ගත්තේය.
තම කැමැත්ත දුන්න ද සති ගානක් ගියත් ඒ පැත්තේ තොරතුරු නොලද නිසා ඔහු කපුවාගෙන් තොරතුරු විමසූ විට ”අපිත් එක්කගිය ති‍්‍රරෝද කාරයා ඒකිත් එක්ක සෙට් වෙලා පැනලා ගිහිං. ඒ ගෙදරින් මටත් දෝස් මුරේ” කපුවා කීවෙන් ඔහුට තරු පෙනුණාලූ.



අදහස් (0)

මනාලයා ගිය ත‍්‍රිරෝද රියේ රියැදුරු සමග මනාලිය පැනගිහින්

ශාන්ති Friday, 23 May 2014 03:50 AM

පව් නේන්නම් අසරණයා, නේද ප්‍රගීත්? (නි)

:       0       0

සේනක Wednesday, 21 May 2014 08:57 PM

අනේ තිලක්, ඉඳල හිටලා අදහසක් ලියලා , පැත්තකට වෙලා හිටපු බවලතුන් ටිකක් කුලප්පු කරගෙන ඔබ කරගත්ත දෙයක්. ! (නදී)

:       0       0

ලංකා තිලක් Wednesday, 21 May 2014 09:38 PM

කට්ටියට තේරුම්ගියේ නැතුවට ඔය ලජ්ජා බයට ගෙයි මුල්ලේ හැදුනු බෝ පැල වගේ බවලතුන් ටිකටනම් මම කිව්වා දේ තේරිලා ඇති.දත් කෑල්ල හැලුවනම් අනෙක් අයටත් මතක් වේවි. (අ)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 21 May 2014 10:03 PM

එකනේ සේනක,අපොයි .... තිලක් අයියාට වෙච්චි දේ සෙල්ලම ලෙල්ලම වුණා වත්ද. (අ)

:       0       0

ෂෙරිෆ් Wednesday, 21 May 2014 11:54 PM

ඔන්න එක ගමක හිටියලු කපටි කපුවෙක්, දවසක් එම ගමේම හිටපු පාදයක් අහිමි තරුණයකුට තරුණියක් සොයන ලෙස තරුණයාගේ දෙමාපියන් දන්වා ඇත, පසුව කපුවා ඔහුට ගැලපෙන තරුණියකගේ චයාරුපයක් පෙන්වා තරුණිය බලන්න යන්න දිනයක් සහ වෙලාවක් යොදාගෙන තරුණයාගේ පාර්ශවය තරුණියගේ නිවසට ගොස් ඇත, දැන් දෙපාර්ශයම සුහදව කතා බහ අවසානයේදී තරුණයාට පාදයක් අහිමි බවත් තරුණියට අතක් අහිමි බවත් දෙපාර්ශවයම දැනගෙන ඇත, පසුව අසල සිටි කපුවාගෙන් මේ බව විමසුවිට කපුවා තරුණියගේ පාර්ශවයට කලින් දන්වා ඇත්තේ තරුණයා එක පයින්ම කැමති බවත් තරුණයාගේ පාර්ශවයට දන්වා ඇත්තේ ඒ අතේ වැඩ හරි යනුවෙනි, (ස)

:       0       0

ලලිත් Thursday, 22 May 2014 04:18 AM

මට තේරෙන හැටියට මේ දත් කුට්ටම සම්බන්ධ ප්‍රශ්නයකට මේ සභාවෙදීම බන්දුල පෙරේරා තමා හොට බිම ඇනගත්තේ. එකත් එකටම තිලක් නමින් ඉන්නෙත් ඔහුම තමා. බවලතුන්ට කරන උපහාස වල ස්වභාවයෙන්ම එය ඔප්පු වෙනවා. (නි)

:       0       0

බිමල් Thursday, 22 May 2014 04:24 AM

තිලක්, මෙතන පුවතට අදාළ ස්වාධීන අදහස් ලියනවා වෙනුවට ඔබ කරන්නේ , අදහස් ලියන කාන්තාවන්ට අපහාස කරමින් ඉන්න එක. ඒ උදවියගේ ලැජ්ජා බය ගැන ගැනයි, පිටඔපයට කැමැත්තයි ගැන හරියටම කියන්න ඔබ ඒ අයගේ ගෙවල් වලට ගිහින් නැහැනේ. සමහර උදවියට ඔබට තිබෙන ඔය ලෙඩේ තියනවා. (නි)

:       0       0

මනෝජ් Thursday, 22 May 2014 09:09 AM

නිලානි, මෝඩ කතා කියන්න එපා. ඔයිට වඩා හොඳ ඒවා ඔයාලගේ පැත්තේ වෙනවා ඇති. (ස)

:       0       0

කුසුම් Thursday, 22 May 2014 11:54 AM

වෙඩින් එකට ඇරයුම් කල කාඩ් පත.......හෙප්පුව මත තබමින් ඒ බුලත් අත.........වෙඩින් එකට සූදානම් වුවත් වැඩක් නැත.(අ)

:       0       0

දයා අලහාකෝන් Thursday, 22 May 2014 12:27 PM

මේ මනමාල මහතාගේ නැකත් පත අමතක වීමකින් මෙහි ගෙනත් නැත. එ් නිසා දුවේ මේ මගුල හරියන්නේ නැත.(නදී)

:       0       0

පහන්දී Thursday, 22 May 2014 04:53 PM

කීමට යමක් ඇත සොහොයුරු තිලක් වෙත., බවලත් අයට දොස් කීමෙන් පලක් නැත. ඔබගේ ගෙදර බවලත් අය ගොඩක් ඇත.. ඒ අතරට පුත නුබගේ මවත් ඇත..(නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 22 May 2014 06:41 PM

අයියෝ තිලක් මල්ලි දාගන්න ලෙඩ මම කොච්චර කියල තිබෙනවද ? පොඩ්ඩක් හොයල බලල වැඩ කරන්න කියලා ඔන්න මම නැහැ.(නදී)

:       0       0

සෙලිනා Thursday, 22 May 2014 06:52 PM

අපෝ ගුණවර්දන.., කියපු දේවල් අහන්න ගිහිල්ල තමයි අපේ තිලක් මල්ලි අමාරුවේ වැටිලා තියෙන්නේ නේද තිලක් මල්ලි....? (නදී)

:       0       0

ප්‍රශීන් Thursday, 22 May 2014 07:24 PM

හිත ගිය තැන මාලිඟාවනේ. ඉතින් වැරැද්දක් පෙනෙන්න නැැහ. මනමාල මහත්තයා පව් නේද? (නි)

:       0       0

නදීක Wednesday, 21 May 2014 08:33 PM

අමතක වෙලා දත් කුට්ටම ත්‍රිරෝද රියේ... තබලා තිලක් ඔබ තරුණිගේ ගෙදර ගියේ ... ඒ දැක තරුණි පැන දිව්වාලු මර බියේ... දැන් මෙහි ලියන බවලතියන් හා වලියේ ... (නි)

:       0       0

චන්ද්‍රා Friday, 23 May 2014 05:33 AM

අනුන්ට ගරහලා තමන්ගේ ප්‍රශ්න වහගන්න බැහැ නිලානි. (නි)

:       0       0

මාධවී Friday, 23 May 2014 05:36 AM

මෙතන අදහස් දාන සමහරුත් මේ වගේම හොඳ පරිප්පුවක් කාලා වගේ. (නි)

:       0       0

නිලුපුලී Friday, 23 May 2014 05:40 AM

ඉරණම්කාරයා මුණගැහුණු හැටි වෙන්න ඇති. මනමාලයාට වචනයක් දීලා නැත්නම් මොන වැරැද්දක්ද? (නි)

:       0       0

අනුරාධ Saturday, 24 May 2014 01:44 PM

ත්‍රී වීල් මල්ලිලා හැබෑම දක්ෂයෝ ..මේ එක සිද්දියක් විතරයි.බලාගෙන හයර් යන්නේ ..සමාජයේ බොහෝ වැරදි වැඩ කෙරෙන්නේ මේ අය සම්බන්ද කරගෙනෛ කියල මම අහල තියනවා...කුඩු,ගණිකා ප්‍රවාහනය වගේ දේවල්...හැමෝම නෙවේ බහුතරයක් (අ)

:       0       0

සරසි Sunday, 25 May 2014 11:52 AM

මල්ලී, තව ටික කාලෙකින් හිතෙයි කෙක්කෙන් පොල් කැඩුව නම් දැන් මම කෝටිපතියෙක් කියලා. (ස)

:       0       0

චිරාත් Monday, 26 May 2014 12:26 PM

අයියො සල්ලි කියන්නෙ මේවට තමයි..(ස)

:       0       0

නීලා Monday, 26 May 2014 06:57 PM

මනාලිය වෙන්න කලින්නේ මෙහෙම වෙලා තියෙන්නේ , ඒ නිසා ගැනු ලමයගෙ වරදක් නැහැ (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 27 May 2014 03:55 AM

මනමාල මහත්තයට දුක් වෙන්න දෙයක් නැහැ. තව පොඩ්ඩෙන් '' ඔන්න මාමේ කෙල්ල පැනපි' තමා වෙන්නේ. දැන් හොඳ තැනකින් කට යුත්තක් කරගන්න. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 27 May 2014 04:46 AM

හෙන්දී ගේ කවිය දැක්කම පරණ කවියක් මතක් වුනා මේ මනමාල මහතාගේ නැකත් පත.... වැරදීමකින් අද එන විට ගෙනත් නැත....ක්ෂණයකින් මනමාලිය මනමාල යාට ගස්සා එහෙනම් අනේ මේ මගුලෙන් වැඩක් නැත කියල ගෙට ගියාලු. (නදී)

:       0       0

ගයනි Tuesday, 27 May 2014 05:35 PM

කමක් නැහැ. කාවහරි බැන්දානේ.... (නි)

:       0       0

හසිත Wednesday, 28 May 2014 06:47 AM

අනේ මෙහෙමත් මිනිස්සු.....!!! (නි)

:       0       0

විකුම් Wednesday, 28 May 2014 08:33 PM

අනේ ලොකු දෙයක්.(නදී)

:       0       0

මේනක Wednesday, 21 May 2014 06:00 PM

කොහොමද තිලක් දන්නේ මෙතන අදහස් දමන බවලතුන් පිටඔපයට රැවටෙනවා කියලා? (නි)

:       0       0

තිලක් Wednesday, 21 May 2014 09:58 AM

අපේ අනුශ්කලා, නෙලුම්ලා, කුසුම්ලා වගේ ගමේ ගොඩේ ගෙයි මුල්ලේ ලැජ්ජා බයට හැදුනු බවලත් උදවිය ඔය වගේ තමයි.හැමදේම මනින්නේ බාහිර ඔපයෙන්.(නි)

:       0       0

සංජීව Wednesday, 21 May 2014 10:03 AM

ඉරණම් කාරය වෙන්න ඇති. ගේ දොර වැඩ නොදත් එකී ..ගත්තු මිනිහ අමාරුවේ,, එ්කයි මට කණගාටු,,,(ස)

:       0       0

නිලානි Wednesday, 21 May 2014 10:05 AM

අනේ! ඔය පළාතේ අය ඔහොමමයි. (නි)

:       0       0

පද්මේ Wednesday, 21 May 2014 10:48 AM

වැරද්දක් පේන්න නැහැනේ.ඒ ළමය මනමාලයට වචනයක් දීල නැහැනේ.කැමති කෙනා එක්ක ගිහින්.බැන්දට පස්සේ මෙහෙම වුනානම් හරි වැඩේ.මනමාලයා තව තැනක් බැලුවනම් හරි. (ස)

:       0       0

ශාන්ති Wednesday, 21 May 2014 11:58 AM

මනමාල මහත්තයට බඳින වයස පහු වෙලා නම්, අර තරුණයත් කඩවසම් නම් , ප්‍රශ්නයක් නැහැ නේ? (ස)

:       0       0

සෑම් Wednesday, 21 May 2014 12:59 PM

කාට හරි මතකද අපේ පරණ සිංහල නවකතාවක මේ වගේ සිද්ධියක් තිබුනා. තිරික්කලෙන් මනාලිය බලන්න ගියාම මනමාලයාට කැමති නැති උනත් කරත්තේ දක්කන්න ආව මනමාලයාගේ සොහොයුරාට මනමාලිය කැමති බව කිව්වා. මට මේ සිද්ධිය මිසක් නවකතාවේ කතාව වත් නම වත් මතක නැහැ. (අ)

:       0       0

අසෝකා Wednesday, 21 May 2014 02:12 PM

ඉරණම් කාරයා ගෙදරට යවන මගක් ,..මල් හි විදින උන්දැට ආ කදිම හිතක්...ළඟා කර ආදරෙන් එක්කර නව යුවලක්!..කාරිය නිමා කෙරුවා ඔහු නැතිව පැනක්! (ස)

:       0       0

සනත් Wednesday, 21 May 2014 03:44 PM

හොදට හැදිච්ච ගැහැණු ළමයි ඔය වගේ තමයි.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 21 May 2014 04:22 PM

හිඳීීීවී කොතනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්.....!!! මේකේ වරදක් නම් නෑ.අකමැත්තෙන් දීග ගිහින් පවුල් ඉහිරව ගන්නවට වැඩිය දෙන්නා කැමත්තෙන් ගිහින් එන ප්‍රශ්නයකට මුහුණදීම වැදගත් කියල මම හිතන්නේ. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 21 May 2014 04:22 PM

හිදිවී කොතනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්. මේකේ වරදක් නම් නැහැ. අකමැත්තෙන් දිග ගිහින් පවුල් ඉහිරවා ගන්නවට වැඩිය දෙන්නා කෑමත්තෙන් ගිහින් එන ප්‍රස්නයකට මුහුණදීම වැද ගත් මන් හිතන්නේ.(නදී)

:       0       0

සුමින්ද ජයනාත් Wednesday, 21 May 2014 04:38 PM

කොච්චර කලෙයක් පවුල් කාවිද දන්නේ නැහැ.(නදී)

:       0       0

දයා අළහකෝන් Wednesday, 21 May 2014 05:42 PM

එහෙනම් ඒකත් ජයසිරි මංගලම්! (නි)

:       0       0

මහින්ද Wednesday, 21 May 2014 09:39 AM

අන්න නියම මිනිස්සු (නි)

:       0       0

නෙලුම් Wednesday, 21 May 2014 06:06 PM

තිලක්, ඔබේ පිටඔපයට රැවටෙන බවලතුන්ගේ ලැයිස්තුවට ඔබේ හාමිනේවත් එකතු කර ගන්නා ලෙස මම කාරුණිකව ඉල්ලනවා. (නි)

:       0       0

ලාලනී Wednesday, 21 May 2014 06:09 PM

තිලක්ගේ සිතේ බවලතුන් ගැන තිබෙන කළකිරීමේ හැටියට මට සිතනවා මේ පුවතේ මනමාලිය බලන්න ගිය මනමාල මහතා ඔ‍බවත්ද කියා. (නි)

:       0       0

හර්ෂ Wednesday, 21 May 2014 06:16 PM

තිලක් මහතා , ස්ත්‍රී ජාතියම කෙරෙහි බලවත් සේ කලකිරිලා වගේ. වැරදිලාවත් මේ පළවූ පුවතට ඔබේ සම්බන්ධයක් නැහැ නේද? (නි)

:       0       0

සුසන්ත Wednesday, 21 May 2014 06:32 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

කුසුම් Wednesday, 21 May 2014 06:32 PM

පිට ඔපයට රැවටෙන් නැති තිලක් අපේ... හොඳට හිතල ගත්තනෙ මුට්ටියක් අගේ... ගෙදර ගෙනත් බැලුවාමයි පෙනුනෙ වැඩේ ... කරුමෙටදෝ ඒ මුට්ටියෙ හිලක් අනේ! (නි)

:       0       0

අසෝකා Wednesday, 21 May 2014 06:55 PM

තිලක්, ඔය කියල තියෙන විදිහට ඔයා තෝරා ගත්තේ ලැජ්ජා බයට හැදුනු කෙනෙක්වද නැත්නම් ලජ්ජා බය තියා මෙලෝ හසරක් නැති කෙනෙක්ද? (නදී)

:       0       0

කෙවින් Wednesday, 21 May 2014 07:08 PM

අනේ තිලක් , මේ පුවතේ මනමාලය ටත් නොවුණු අලකලංචියක් නේ ඔබට වුනේ. මේ සභාවේ ඉන්නේ බවලතුන් ගේ ලජ්ජා බය ගැන කතා කරන්න ගිහින්.(නදී)

:       0       0

කාංචන Wednesday, 21 May 2014 07:17 PM

ලජ්ජා බය මනින්නට ගොස් අපේ තිලක් , අහගත්තේය මදි නොකියන්න කතා ටිකක්. (නදී)

:       0       0

කවිඳු Wednesday, 21 May 2014 07:49 PM

තිලක්, ඉතින් දත් කුට්ටමයි මේ අදහස් ලියන බවලතුන් අතරයි තියන සම්බන්ධය මොකද්ද ? ඒ උදවිය ඔබේ දත් කුට්ටම ඉස්සුවා වත්ද ? (නදී)

:       0       0

ගයනි Wednesday, 21 May 2014 07:59 PM

මට දැන් තේරුනා. තිලක් මහතාට මේ මංගල කටයුත්ත කරගන්න බැරිවෙන්න ඇත්තේ පාඨක සභාවේ බවලතුන් දත් කුට්ටම පැහැරගත් නිසායි. එහෙම නේද ? (නි)

:       0       0

නිලේන්ද්‍ර Wednesday, 21 May 2014 08:07 PM

ලැජ්ජා බයට මුළු ගැන්වුණු මහිලාවක්... දත් කුට්ටම ඔබේ ඉස්සුවේ ඇයිද තිලක්.... (නි)

:       0       0

අනුෂ්කා Wednesday, 21 May 2014 08:25 PM

හැබැයි තිලක් ,අර මනමාල මහත්තයාගේ "නැකත් පත" ඔයාට ගැළපෙනවා හොඳට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site