(කුණ්ඩසාලේ - පී. එම්. රාජපක්ෂ)
මනමාල මහතෙකුගේ වංචනික ක්‍රියාවක් නිසා මඟුල් කපු මහතෙකු අමාරුවේ වැටීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය.
මගුල් කපුකම් කිරීම, තම වෘත්තීය කරගත් මෙම කපු මහතා පසුගිය දා මැදිවියට ආසන්න වියේ පසු වූ පුද්ගලයකු සඳහා මනාලියක යෝජනා කළ අතර එම යෝජනාවට අනුවට මනාල මහතා සහ කපු මහතා මනාලිය බැලීම සඳහා මාස කිහිපයකට පෙර එහි ගියහ. මනාලියගේ පාර්ශවය ද මනාලයා ගේ දොර බලා ගැනීමට පැමිණියහ.
ඒ අනුව දෙපාර්ශවයේ එකඟතාව අනුව නව යුවළ හමුවීමට හා අදහස් හුවාමාරුකර ගැනීමට කාලයක් ලබා දෙන ලදී. එම අදහස් ගැළපීමට අනුව මගුල් උත්සවය පැවැත්වීමට ද දිනයක්ද තීරණය කර ගන්නා ලදී.
කෙසේ වෙතත් යම්කිසි සිතේ පැවති දෙගිඩියාවකින් පසු වූ මනමාල මහතා පසුගිය දිනයක මනාලියගේ මව්පියන් හමු වි වැදගත් කරුණක් පැවසීමට ඇතැයි පවසා දිනයක් වෙන් කර ගෙන ඇත.
ඒ අනුව මනාලියගේ මව්පියන් හමුවන්නට යෑමට කපු මහතා ද සහභාගී කරවා ගෙන ඇත. නිවසට පැමිණි මනාලයා තමා මීට පෙර විවාහ ගිවිසගෙන සිටි අයෙකු බවත් එම විවාහය එක් දිනයකට පමණක් සීමා වූ එකක් යයි ද නීතියෙන් වෙන්ව ඇති බවත් පවසා ඇති අතර එය විවාහයට ගැටලුවක් නොවන බවත් පවසා තම සිත නිදහස්කර ගෙන ඇත.
එය ඇසූ මනාලියටත් ඇයගේ මව්පියන්ටත් දෙළොව රත්වූ අතර මනාලයා හා කපු මහතා එක්ව වංචාවක් කර ඇති බව මනමාලයාට චෝදනා කරමින් ඔහුට ද කපු මහතාට ද තදින් දෝෂාරෝපණය කර ඇත.
මේ අතරේ සියලු දොස් අසා තුෂ්නිම්භූතව සිටි කපු මහතා, මනාලයා මීට පෙර විවාහ වූ අයකු බව තමන් නොදන්නා බවත්, තමන් ද ඔහුගේ රැවටීමට අසුව ඇති බවත් පවසා ඇත. මේ මංගල්‍යය සිදු වූවා නම් තමන් කපු ජීවිතය ද කපෝති වන බව පවසා මනාලයාටත් දොස් පවරා මනාලියගෙන් හා ඇගේ මව්පියන්ගෙන්ද සමාව ඉල්ලා මෙම සිද්ධිය කාටවත් සැළවීමට ඉඩ නොදෙන ලෙසත් එය තම වෘත්තීයට කැළලක් බවත් බවසා වැඳ වැටෙන්නට වූ බවත් වාර්තා විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මනාලයාගේ කතාවෙන් කපුවා කපෝතියි