X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 22 වන ඉරිදා


මනාලයාගේ මඟුල් ගෙදරට මනාලයාටත් ඇරියුම් පතක්

ඔහු අගනුවර බැංකු ආයතනයක තරුණ මාණ්ඩලික නිලධාරියෙකි. පසුගියදා ඔහුගේ විවාහ මංගල්‍යය වෙරළබඩ නවීන හෝටලයක පැවැත්වීමට සැලසුම් කොට තිබිණි. රාජකාරි කටයුතු බහුල වූයෙන් මෙම උත්සවයේ සියලූ කටයුතු බාර දී තිබුණේ පෞද්ගලික සංවිධානයකටය. විවාහය පිළිබඳ තොරතුරු හා කාල වේලා සහිතව මංගල ආරාධනා පත‍්‍රය පවා සකස් කළේ එම ආයතනයයි. පසුගියදා ඔහුගේ නමට ආ මංගල්‍ය ආරාධනා පත‍්‍රයක් ඔහු විවෘත කළේ තම මංගල්‍යය දිනයේම මෙය ද යෙදී තිබුණොත් මහ ගැටලූවක් යැයි සිතමිනි. මේ නිසාම ආරාධනා පත‍්‍රයේ උත්සව දිනය ක්‍ෂණිකව බැලූ ඔහු එයත් එදිනටම බව දැනගෙන සංවේගයෙන් සෙසු තොරතුරු කියවීමේදී මේ තමාගේම විවාහ මංගල්‍ය උත්සවය බව දැනගත්තේය. තම විවාහ මංගල්‍ය උත්සවය පිළිබඳව තමාටම ආරාධනා පත‍්‍රයක් ලැබීම පිළිබඳව ඔහු මවිතයට පත්වී තිබෙනවාලූ.



අදහස් (0)

මනාලයාගේ මඟුල් ගෙදරට මනාලයාටත් ඇරියුම් පතක්

අරුන් Monday, 26 November 2012 03:26 PM

මම යනවා එයාලගේ ගේ ගාවට ගෙයක් අරන් (ස)

:       0       0

නන්දන Saturday, 24 November 2012 06:28 PM

ඇත වැරදීමක් වෙන්න ඇති

:       0       0

දිල් Saturday, 24 November 2012 07:37 PM

කෝ මට හිනා ගියේ නැහැනේ. (නි)

:       0       0

සෙනරත් Saturday, 24 November 2012 11:21 PM

තව මොනවා වැරදිද දන්නෙ නැහැ. පොඩ්ඩක් සෙවිල්ලෙන් ඉන්න වෙයි. (නි)

:       0       0

නිරාන් Sunday, 25 November 2012 09:08 AM

මෙයාලා පදිංචි වෙන පැත්තෙන් කුලියට හරි ගෙයක් ගන්න තියෙනවා නම් කියලා මට හිතෙනවා. (නි)

:       0       0

රාජු Sunday, 25 November 2012 10:39 AM

ඒකත හොදයි නේ

:       0       0

හිරාන් Sunday, 25 November 2012 12:32 PM

හිනා ගිහින් බඩ පැළෙනෝ.... (නි)

:       0       0

චාමි Sunday, 25 November 2012 02:37 PM

එයාගේ ගෙදරට සේවකයින් එහෙම අවශ්‍යද දන්නෙ නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 03:15 PM

බැංකුවේ රාජකාරි කරන වෙලාවට මුදල් එහෙම පටලවා ගනීද මන්දා? (නි)

:       0       0

ජනක Monday, 26 November 2012 10:10 AM

වැදගත් කටයුතු කාටද බාර දුන්නෙ(ස)

:       0       0

බින්දුමති Saturday, 24 November 2012 06:35 PM

මට නම් හිනාත් යනවා මේවට (දී)

:       0       0

රාජා Monday, 26 November 2012 04:52 PM

මනාලයාට පමණක් ආරාධනා කළහම හරිද? මනමාලිට ආරාධනා නොකලා නම් මගුල්ගෙදර ගිහින් බඳින්නෙ කාවද? අසාර්ථක සංවිධානයක්. (නි)

:       0       0

විදුරංග Tuesday, 27 November 2012 08:55 AM

එතකොට එයත් එනවනේ .

:       0       0

ජී. වැලිගොඩ Wednesday, 28 November 2012 12:32 PM

හැමදේම භාරදුන්නද එයාලට (ස)

:       0       0

සනා Thursday, 29 November 2012 07:44 AM

දුර්වල සංවිධායක ආයතනයක්. (නි)

:       0       0

නන්දි Thursday, 29 November 2012 12:16 PM

සේරම දේවල් එයාලටම භාර දුන්නානම් හරි (ස)

:       0       0

විපුල Thursday, 29 November 2012 03:11 PM

මොනවාද මේ විහිළුද (දී)

:       0       0

නුවන් Thursday, 29 November 2012 03:47 PM

එකත් හොදයි නේ, නවීනම පන්නයේ මගුලක්

:       0       0

රුවන් Thursday, 29 November 2012 10:42 PM

කාඩ් එක ලැබීම සුළු දෙයක් . මට හිතාගන්න බැරි මේක පෞද්ගලික ආයතනයකට බාර දීපු එක . යාලුවෙක් , නෑයෙක් නැද්ද උදව්වට . මම කැනඩාවේ හෝටලේක වැඩකරන්නේ , මෙහෙවත් නැහැ ඔයවගේ වැඩ .උත්සහවන්ත , දක්ෂයෙක් වෙන්න හැමවිටම කටයුතු කරන්න .(ස)

:       0       0

ක්‍රිෂ් Friday, 30 November 2012 01:32 PM

අබුද්ධස්ස කාලේ නරි කයිද‍ රෝස්පාන් (ස)

:       0       0

සිරී Friday, 23 November 2012 02:54 PM

හැබෑට................(ස)

:       0       0

සරත් Friday, 23 November 2012 08:57 AM

තමන්ගේ මගුල් ගෙදරටත් වෙලාවක් හොයාගන්න බැරිනම් ඔයා කොහොමද දීග කන්නේ (ස)

:       0       0

වරුණ Friday, 23 November 2012 09:46 AM

කිචි කවන් හිනාවෙමු (ස)

:       0       0

විවේකා Friday, 23 November 2012 10:11 AM

එයා වැඩ වැඩියි කියලා හැම වැ‍‍ඩේම අනිත් අයට භාරදේවිද දන්නේ නෑ (ස)

:       0       0

ගිරිගෝරිස් Friday, 23 November 2012 10:49 AM

නියම කියමන සරත් (ස)

:       0       0

අමිල Friday, 23 November 2012 11:06 AM

ඕවා හිනා වෙන්න ඕන කාරනා නොවෙයි

:       0       0

නදී Friday, 23 November 2012 11:52 AM

වැදගත්ම දේ කාට භාරදේවිද ?? (ස)

:       0       0

මිරිස්ස Friday, 23 November 2012 12:21 PM

මාර වැඩේ. (නි)

:       0       0

කිර්ති Friday, 23 November 2012 01:20 PM

මම නම් කැමති ඒ සිරිතට

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:29 PM

මුදල් පසුපස හඹායන ලෝකයේ මෙය පුදුම විය යුතු නැත (ස)

:       0       0

සජී Friday, 23 November 2012 08:36 AM

මාර වැඩේ. (නි)

:       0       0

සාලිය Friday, 23 November 2012 06:26 PM

කබලකාරි වෙලාවට මෙවන් ඇත වැරදීම් වෙනවා (දී)

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 07:34 PM

අද ඉතින් බොහෝ දෙනෙක් මරණ කටයුතු, මගුල් කටයුතු, රෝහල් කටයුතු, පාසැල් කටයුතු, තමන්ගේ පවුලේ පුද්ගලික කටයුතු යනාදී මෙකී නොකී සියල්ලක්ම... ඒ විතරක්යෑ, අද පාර්ලිමේන්තුවේ තීරණයක් ගැනීමේදී පවා විදේශ රටවලින් ලැබෙන උපෙදස් අනුව තීරණ ගන්නවා. මොනවාද අද අපේ කියලා තියෙන්නේ? (නි)

:       0       0

අනුර Friday, 23 November 2012 09:38 PM

හරිම හිනා....හි..හි..........හුුුුුුුුුුුු (නි)

:       0       0

සෙනරත් Friday, 23 November 2012 09:57 PM

විශිෂ්ට සේවාවක් කියන්නේ ඒකයි. (නි)

:       0       0

උදේශිකා Saturday, 24 November 2012 08:56 AM

පව් අනේ..... (ස)

:       0       0

ලලිත් Saturday, 24 November 2012 10:00 AM

කාර්‍යය බහුල මනමාලයට මගුල් දවස ගැන සංවිධායකන් විසින් මතක් කිරීමකුයි කරලා තියෙන්නේ .නැත්නම් එයා එදාටත් වැඩය යයි (ස)

:       0       0

චමින්ද Saturday, 24 November 2012 10:11 AM

හැමදේම පෞද්ගලික සංවිධායකයන්ට භාරදීලද දන්නේ නෑ (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 24 November 2012 11:14 AM

මල්ලි ඔයාට වැඩ වැඩිනම් මටත් පුළුවන් ඔයාගේ වැඩවලට උදව්වෙන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site