මනාලියක හැඩගැන්වීම සඳහා ආභරණ වෙනුවට එළවළු මල්ලක් රැගෙන ගිය රූපලාවන්‍ය ශිල්පිනියක පිළිබඳව නගරබද ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය. පසුදින නැකත් දිනයක් වූ බැවින් එදින මංගල උත්සව කිහිපයක්ම එම
රූපලාවන්‍යාගාරයට ලැබී තිබුණි. එහෙයින් එදින අමතරව තාවකාලික රූපලාවන්‍ය ශිල්පිනියකගේ සේවය ලබා ගැනීමට ආයතනය හිමි රූපලාවන්‍ය ශිල්පිනිය කටයුතු කළාය.
කෙසේ වෙතත් නියමිත දිනයේ රූපලාවන්‍යාගාරයකට පැමිණි අමතර රූපලාවන්‍ය ශිල්පිනිය මනාලියට නියමිත ඇඳුම් ගෙන ආභරණ කොහෝ දැයි විමසා ඇත. ආභරණ පාර්සලය සකස් කර කළු බෑගයක දමා ඉදිරියේ තබා ඇති බව ආයතනය හිමි රූපලාවන්‍ය ශිල්පිනිය පැවැසුවේ ඇය ඒ වනවිටත් වෙනත් වැඩක යෙදී සිටි බැවිනි. මගුල් ගෙදර තරමක් දුර බැහැර බැවින් ශිල්පිනිය ආයතනය ඉදිරිපස තබා තිබුණු පාර්සලය රැගෙන ඉක්මණින් පිටත්ව ගියාය. නිසි පරිදි මනාලිය අන්දවා ආභරණ පාර්සලය ලියා බලද්දී එතුළින් මතුවූ එළවළු දැක ඇය අන්දුන් කුන්දුන් වූවාය. නැකත් වෙලාව ආසන්න බැවින් ඇය හනික මගුල් ගෙදරට ආ ත්‍රිරෝද රථයකින් ගොස් ආභරණ රැගෙන විත් නැකතට විනාඩියකට කලින් තම කාර්යය නිම කර යාන්තමින් ජාං බේරා ගත්තාය.
ඇය රූපලාවන්‍ය ආයතනයෙන් රැගෙන ගොස් ඇත්තේ ඇහිබැම සකස් කිරීමට පැමිණි කාන්තාවකගේ එළවළු මල්ල බව පසුව දැනගන්නට ලැබුණි.
(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මනාලිය හැඩ කරන්න එළවළු මල්ලක් අරන් ගිහින්