‘‘කාගේද මේක’’
පවනට බඳු වේගයෙන් අගනුවර බලා ගමන් ගන්නා බසයක අසුනක ඇන්දකට හේතුවූ කොන්දොස්තර බසයේ මගින් සියල්ලටම පෙනෙන පරිදි පොල් ගෙඩියක් ඉහළට එසවූයේය.
හොඳින් ලෙලි ගැසු එහි මුඩුවද නොවීය. ගෙඩිය පුරාම ඇති කෙඳි පවා ශුද්ධ කර තිබුණේ පූජා වට්ටියකට තැබීමට පරිද්දෙනි.
”ආ මල්ලි මේක ඔයා ළඟම තියා ගන්න. එසේ කියමින් කොන්දොස්තර” මොහොතකට පෙර තම ආසනය යටින් රෝල් වෙමින් තිබූ පොල් ගෙඩිය තමාට දුන් මගියාට භාර දුන්නේය.
ඔහු එය නැවත ආසනය යටින් තැබුවේය.
විටෙක රෝල් වී ගොස් ඉදිරි අසුනේ සිටි තම බිරියගේ පාදයේත් විටෙක තමාගේ පාදයේත් ගැටෙමින් එහෙට මෙහෙට රෝල් වෙද්දී මේ රුපියල් හැටක් නොවේ දැයි දෙදෙනාටම සිතී තිබුණි.
එසේ බස්රථය අගනුවර දක්වා පැමිණියේය.
පොල්ගෙඩිය තවමත් රෝල් වෙමින් තිබේ. එක්වරම බසයේ පිටු පසින් ‘‘දඩාස්’’ යන හඬක් ඇසුණේය.එය තවත් පොල් ගෙඩියකි. එය වැටී තිබුණේ මගී භාණ්ඩ අසුරන ඉහළ රාක්කයේ සිටය. මොහොතකින් එක් අසුනක සුවසේ නිදා සිටි මගියෙක් නැගිට්ටේය.
ආසන යටින් එබී එබී ඔහු කුමක්ද සොයන්නට විය.
එකක් තියෙනවා, අනේ ඔය ඕකදෙන්න.
නින්ද ගොස් සිටියදී පාදයෙන් ගැලවී ගිය පාවහන් යුගලම ඔහු එසේ එකතු කර ගත්තේය.
ඔහු නැවත මගී ආසන යටට එබෙන්නට විය. මොකද ආයෙත් එබෙන්නේ. දැන් දෙකම හම්බ වුණා නේද?
ඔහේ සෙරෙප්පු කීයක් දානවද කුකුල් දෙකට. මැදිවියේ අයකු එසේ අසද්දී ඔහු මෙසේ කීවේය.
මම මේ බැලූවේ මල්ලේ පොල් ටික කට ගැලවිලා එහෙමෙහේ ගිහින්. එසේ කියමින් එක් පොලයක් අහුලා ගත්තේය. නැවතත් ආසන යටට එබෙන්නට විය. ඒත් සමඟ බසයේ පාපුවරුව අසලින් තවත් දඩාස් යන හඬක් ඇසුණේය.
එහිද පොල් ගෙඩියකි.
එය වැටී තිබුණේ හොඳින් හැද පැළඳගත් කාන්තාවකගේ අත් බෑගයෙනි.
බසයේ සී සී කඩ ගිය පොල් අතරින් ඇය එක් ගෙඩියක් අත් බෑගයට ඔබාගෙන තිබිණි. හදිසියේ බැස යද්දී මල්ලෙන් පොල් ගෙඩිය එළියට වැටී තිබිණි.
ඔය නාන්න යන කොට එහෙම අනුන්ගේ වතුවලින් පොල් අහුලන කට්ටියට බසයේ කියලා ගානක් නෑ. ඇරත් පොඩි ගාණක් යැ අද රුපියල් හැටක්නේ. පොල් ගෙඩියක්.
කොන්දොස්තර එසේ කියද්දී මල්ලෙන් පොල් හැළුණු කාන්තාව දුම්රිය පොළ දෙසට වේගයෙන් ඇවිද ගියාය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මල්ලෙන් පැන්න පොල්ගෙඩි මඟීන්ගේ බෑග්වල
මුහම්මද් Wednesday, 22 January 2014 08:06 AM
ආරියසේන, හිතන් ඉන්නේ මේ 1960 කියලද? (නදී)
ජනක සිඩ්නි Saturday, 25 January 2014 07:01 PM
මම පොල් ගන්නේ රුපියල් 350 කට විතර. (නදී)
අජිත් Thursday, 23 January 2014 07:15 PM
ගණන් ගන්න එපා අනේ, ඔව්ව ඔහොම තමා. පද්මේගේ කතාව මටත් ඒවගේම තමා. අපේ ගමෙන් එනකොට පොල්, කොස්, දෙල් එහෙම අරගෙන තමා එන්නේ. ඇත්තටම හරිම ෂෝක්. අපේ ළමයිට ඒවායේ කිසිම අගයක් දැනෙන්නේ නැහැ. දැන් කලේ හැදෙන ළමයි (අ)
නිලූ විතානගේ, සෞදි අරාබිය Thursday, 23 January 2014 02:13 PM
නිලූ කියලා කවුද මගේ නමින් කොමන්ට් දානවා, කරුණාකර ඔය ජරා වැඩේ නවත්වන්න.(නදී)
සමන්ති Thursday, 23 January 2014 07:00 AM
පොල් අපිත් ගන්නේ නැහැ .ගෙදෙට්ට ගේන්නේ ගාපු පොල් සිලිසිලි බෑගයක. අපේ අම්මල දුන්න "හිරමනය " කුනුලොරියට දුන්නා . අපට කොයන්ද .ඕවට වෙලාවක් "අලුත් අවුරුද්දට" විතරයි පොල්ගාන්නේ නේද ආනේ . (අ)
රුපවති Thursday, 23 January 2014 05:54 AM
චන්ඩි අක්කේ මම වැඩ කරන තැන නෝනා ලඟත් තියෙන්නේ ඉලෙක්ත්‍රික් පොල් ගාන මැසිමක්. (අ)
ශාන්ති Thursday, 23 January 2014 01:41 AM
මටත් පෙන්නේ අරියසේනට එලව පොල් පෙනිලාද කොහෙද සද්දයක් වත් නැත්තේ (අ)
නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 23 January 2014 12:26 AM
මන් දන්නා විදිහට සෞදි වල පොල් ගෙඩියක් රියල් 10,15, වෙනවා අපේ නම් වලින් ලියන කෙනා ඒක නොදැන ලියලා. පව් තමා.අනුන්ගේ නම් වලින් ලියන ඒවගේ පල විපාක ඔහොම තමා.(නදී)
කුරුවිට Wednesday, 22 January 2014 02:56 PM
ආරියසේනට එලොව පොල් පෙනිලා.(නදී)
චන්දි Wednesday, 22 January 2014 12:23 PM
2014-01-22 01:56:09 මගේ නමින් ලියපු කෙනාට පොඩ්ඩක් වැරදිලා මේ රටවල් වල පොල් ගාන්නේ නැහැ. එහෙම යන්ත්‍ර මෙහෙ නැහැ. මට ඔයා ගැන මාර දුකයි.(නදී)
ආරියසේන Wednesday, 22 January 2014 11:40 AM
මම ඇමරිකාවේ ලොක්කෙක්. ඒ වුනාට රැට ෂෙඩ් එකේ පෙට්‍රල් ගහනවා.(නදී)
සිනෝ සෞදි Wednesday, 22 January 2014 10:02 AM
නිලූ 150 ක් අපේ පැත්තේ.(නදී)
ශාන්ති Tuesday, 21 January 2014 11:48 AM
ඇත්ත නේන්නම් දැන් පොල් ගෙඩියක් කීයද? සල්ලිවලටවත් ගන්ඩ පොල් නැති වෙලේ නිකන් ලැබුණු පොල්ගෙඩිය නේ.(නදී)
කපිල Wednesday, 22 January 2014 08:01 AM
යන්නේ කොහෙද මල්ලේ පොල්.(නදී)
නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 22 January 2014 03:55 AM
ඒකනේ චන්දි අක්කේ, මන් හිතන්නේ ආරියසේන මහත්තයාට වැරදීමක් වෙන්න ඇති. රුපියල්,සත,මාරු වෙලා වගේ. (නදී)
චන්දි Wednesday, 22 January 2014 01:56 AM
මම ඉන්න ගෙදර පොල් ගාන යන්ත්‍රයත් ඉලෙක්ට්‍රික්.(නදී)
ගාමිණී - සිරි Wednesday, 22 January 2014 12:02 AM
සබරගමුවේ පොල්මිල අද රුපියල් 60 /= දක්වා ඉහල ගිහින්. රිලා රංචු නිසා ඇට්ටි ගෙඩියක් වත් ඉතුරු නොකරන කාලේ කුමන මිල පාලනයක්ද ? (නදී)
චන්දි Tuesday, 21 January 2014 06:14 PM
අනේ ආරියසේන., මට මේ දැන්ම පොල් 1000ක් විතර එවනවද...?සත 50 යිනෙ .(නදී)
ශාන්ති Tuesday, 21 January 2014 05:31 PM
අනේ ආරි මට පොල්ගෙඩි 50ක් විතර අරගෙන දෙනවද ? (නදී)
නිලූ විතානගේ, සෞදි අරාබිය Tuesday, 21 January 2014 05:26 PM
මෙහෙ සෞදි වල පොල් ගෙඩියක් රුපියල් 100යි .(නදී)
පද්මේ Tuesday, 21 January 2014 04:26 PM
අනේ පවු මට මතක් වෙන්නේ අපේ සීයා.අම්මගේ තාත්ත.අපිව බලන්න එනකොට පොල්ගෝනියක්ම ලෙලි ගහගෙන කට හොඳට බැඳගෙන කළුතර ඉඳන් කොළඹට බස් එකේ ගේනවා.අම්මයි තාත්තයි නම් කියනවා එනකොට මුකුත් ගෙන්න එපා කියල.එත් පවු සීයා ගොඩක් දේවල් උස්සගෙන එනවා.සීයා දැන්නම් නැහැ.සීයා නිවන්ම දකින්න ඕන..... (දී)
ආරියසේන Tuesday, 21 January 2014 01:02 PM
පොල් ගෙඩියක් සත පනහක් විතර වෙනවා.(දිල්)
සෑම් Tuesday, 21 January 2014 12:06 PM
මටත් ඔහොම දෙයක් උනා, හැබැයි පොල් නෙමෙයි දෙල්. බෑග් එකෙන් දෙල් ගෙඩියක් එලියට ගිහිල්ලා ඉස්සරහම ඉන්න කෙනෙක් කාගේද මේ දෙල් ගෙඩියක් රෝල් වෙවී තියෙන්නේ කියාපුවාමයි මම දැනගත්තේ. මම හිටියේ බස් එකේ පිටිපස්සෙම සීට් එකේ. (දී)