(තිහගොඩ - උපසේන ලියනගම)
අවංගල්‍ය උත්සවයක් සඳහා අවමගුල් දැන්වීම් මුද්‍රණය කොට බෙදාහැරීමේදී මියගිය අයගේ ඡුායාරූපය වෙනුවට වෙනත් ඡුායාරූපයක් මුද්‍රණයවීම නිසා සිදුවූ මහත් ආන්දෝලනයක් පසුගියදා වාර්තාවූයේ සබරගමු පළාතේ ගම්මානයකිනි.
මියගිය මේ මවගේ එම පුතා අගනුවර සේවයේ යෙදී සිටි අතර අම්මා මිය ගිය බව සැලවූ වහාම නිවෙසට ආ ඔහු හිතවත් ඥාති පුතකු අත අවමඟුල් දැන්වීම ලියා මුද්‍රණයකට යැවීය.
පසුව මුද්‍රණාලයෙන් ඔහුට දැනුම්දී තිබුණේ වහාම මවගේ ඡුායාරූපයක්ද එවන ලෙසටය. මවගේ ඡුායාරූප නොවූ හෙයින් ඔහු ඇගේ හැඳුනුම්පත යැවීමට ඥාතියකුට පැවසූ අතර ඔහු යවා තිබුණේ වෙනත් හැඳුනුම්පතකි.
මුද්‍රණයකොට එවූ අවමගුල් දැන්වීම් ගම පුරා අලවද්දී මේ ඡුායාරූපය දුටු පුතාට දෙවියන් සිහිවිය. යළිත් දැන්වීම් සියල්ල එකතු කළ ඔහු මවගේ නියම ඡුායාරූපය පසුව මුද්‍රණය කොට ඒ මත ඇලවූයේ මීට සම්බන්ධ සැමට හොඳ දේශනාවක් කරමින්ලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මවගේ අවමඟුල් දැන්වීමට වෙනත් ඡායාරූපයක් දාලා
රුවනි Friday, 03 October 2014 10:03 AM
රැකියාවක් කරල ආදයමක් ඇති පුතෙක් ඉන්න ගෙදර ,අම්මගේ හරි හමත් ඡායාරූපයක් තිබුනේ නැද්ද ? අම්මට තිබුණ සැලකිල්ල එයින්ම පේනවා. (ස)
කසුන් Friday, 03 October 2014 10:59 AM
රුවනි, මැරුණට පස්සේ මොන ඡායාරූප ද ? මැරෙන්න ඉස්සෙල්ල තමයි දරුවන් තමන්ගේ ඩියුටිය උපරිමයෙන් ඉෂ්ටකරන්න ඕනේ. ඡායාරූපයක් තිබුනේ නෑ කියල, යමෙක් සැලකුවේ නෑ කියන්න බෑ. මළාට පස්සේ මිනියට වැඩ දාන්න ඕනේ නෑ. (ස)
තුෂාරි Friday, 03 October 2014 12:15 PM
මැරෙන්න ඉස්සෙල්ලා ඩියුටිය හරියට කල බවක් නම් මටත් පෙන්න නැහැ. හැම වැඩේම ඥාතීන්ට පවරපු එකෙන්ම පේනවා සැලකිල්ලෙ තරම. වෙනත් හැඳුනුම් පතක් යවා තිබුනේ අම්මව ඥාතින් වත් හරියට අඳුනන්නේ නැහැ කියන එකද ? (නදී)
රුවන් Friday, 03 October 2014 01:02 PM
පුතා දැනගන්න ඕනෑ මෙවැනි දෙයක් වෙන කෙනෙකුට පවරන්නේ නැතුව පුතාම සොයාබලන්න. හරියට බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගියා වගේනේ. (නි)
හැරිසන් Friday, 03 October 2014 02:12 PM
මෙහෙම අත්වැරදීම් වෙන්න පුලුවන් (නි)
නාලි Monday, 06 October 2014 05:09 AM
අම්මගේ පින්තුරයක්වත් නැති ගෙදර. අහෝ පුතුනි , ගෙදර බුදුන් අම්මාද ? (නදී)
ඩොනල්ඩ් Monday, 06 October 2014 02:55 PM
පුතා අම්මව මතක් කරන්න ඇති.(අ)