(කොස්ගොඩ - කමල් ශ්‍රී ලියනගේ )
මහ ? බඩගිනි වූ වඳුරකු ගෙදරකට පැන කළ කලබලයක් නිසා හොරුන් ඇවිත් යැයි බියට පත් අහළ-පහළ නිවැසියන් කීපදෙනකු නින්දෙන් අවදිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ.
නිවැසියන් මේ වෙලාවේ සුව නින්දේ පසුවිය. නිවස්වල වහළ මතින් ද කෙටි තාප්ප උඩින් ද කිසිවෙක් දුවයන හඬ ඇසී දොරවල් ඇරගෙන විදුලිපහන් දල්වා අහළ-පහළ කීපදෙනෙක්ම අවදිවී සෝදිසි කර බැලූහ. යාබද නිවැසියෝ කිහිපදෙනෙක් මේ නිසා අවදි වූහ.
වටපිටාවේ සොයා බැලූවත් කිසිවකු පෙනෙන්නට නොසිටි නිසා තව තවත් වත්තපිටියේ සොයා බලන්නට විය. එවිට එක් අයකුට හොඳින් වැඞී තිබුණු තම වත්තේ කෙසෙල් පඳුරේ කැනක් ඇද තිබෙණු දක්නට ලැබුණි. වඳුරකු පැමිණ කෙසෙල් කැන කෑමට උත්සාහ දරා ඇති බව පෙනීගියෙන් සොරබිය දුරුවිය. බඩගිනිවූ වඳුරකු එසේ පැමිණ ඇති බව ගම්වාසීහු විශ්වාස කළහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහ රෑ ගෙට පැන්න වඳුරා නිවැසියන් බිය වද්දලා
විකුම් Wednesday, 11 March 2015 03:53 AM
මම දන්න විදියට රෑට වඳුරෝ එලියට එන්නේ නැහැ (අ)
රෙජි-සිඩ්නි Wednesday, 11 March 2015 04:43 AM
හොරා හොරකන් කරන්න එන්නේ හෙමින් සීරුවේ නේද?නමුත් මේ හොරා ඇවිත් තියෙන්නේ සද්ද බද්ධ දාගෙන. අපේ රටේ මේ වගේ හොරුත් ඉන්නවද? (ම)