(අක්මීමණ - අමිල මධුශංඛ)
රාත‍්‍රි කාලයේ නිවාසවලට ඇතුළුවී කාන්තාවන් නිදා සිටින අයුරු නරඹමින් ඔවුන්ගේ සිරුරු අතපත ගෑ තරුණයෙක් හිනිඳුම පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පසුගියදා (13) අලූයම් කාලයේ මෙම පුද්ගලයා තලංගල්ල ප‍්‍රදේශයේ නිවාස පහකට පමණ මෙලෙස ඇතුළුවී ඇති අතර අලූයම කොට කලිසමක් හා කළු කමිසයකින් සැරැුසී ප‍්‍රදේශයෙන් පලායෑමට තැත් කරද්දී ගම්වාසීන් අල්ලා හිනිඳුම පොලීසියට භාරදී ඇත.
අත්අඩංගුවට පත් මෙම තරුණයා වයස අවුරුදු විසිතුනක පමණ පුද්ගලයකු වන අතර ඔහු දෙල්ලව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම පුද්ගලයා පොලොන්නරුවේ සිට බසයකින් පැමිණ දෙල්ලව පිහිටි සිය නිවෙසට යෑමට බස් රථයක් නොමැතිකමින් තලංගල්ල ප‍්‍රදේශයේ සිට ඇති අතර පසුව මධ්‍යම රාත‍්‍රියේ මෙලෙස නිවාස තුළට රිංගා ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව ඇති අතර හිනිඳුම පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහ රෑ නිවෙස්වලට රිංගා කතුන්ගේ ලස්සන බැලූ කළු කුමාරයා පොලිස් කූඩුවේ
සුධිර ලක්මාල් විජේවර්ධන Wednesday, 17 June 2015 01:28 AM
මේ වගේ වැඩකරන අයට දෙන දඩුවම් වැඩි කරන්නම ඕනෑ (නි)
බෝගොඩ Thursday, 18 June 2015 04:28 PM
කව්රු උනත් නියම වැඩේ කරලා තියෙන්නේ.? (ර)
සිල්වා Thursday, 18 June 2015 02:16 PM
බන්ටි ..ලිපිය හොදට කියවල අදහස් ලියන්න ..මෙය දකුණේ නොවෙයි පොළොන්නරුවේ ඉදල බස් එකකින් ඇවිත් තියෙන්නේ එ කියන්නේ ඔයාගේ ගමෙන්...(බ)
පියුමි Thursday, 18 June 2015 08:38 AM
අපේ ගමෙත් ඔහොම කෙනෙක් ඉස්සර හිටියා. එය බලනවා විතරක් නෙවෙයි කරන්නේ ? (නදී)
රූපවතී Thursday, 18 June 2015 07:23 AM
යවන්න තිබුනේ මැන්චෙස්ටර් වලට අපේ වියදමෙන් හරි ..සතියක් ගතකරලා එන්න ..? ගිය සතියේ තිබුනා මෑන්චෙස්ටර් සිටිඑකේ කාන්තා සහ පිරිමි සම්පුර්ණ ඇදුම් නොමැතිව "උපන් ඇදුමින්"සයිකල් පැදීමේ මහා තරගයක් ..ඒකට දහස් ගානක් දෙනා සහභාගිවෙලා තිබුනා ඉන්ටර්නෙට් එකේ පවා ඒ සයිකල් සවාරිය ගැන විස්තර ෆොටෝ පළකර තිබුනා..ඒකට මෙයාව සහබාගි කලානම් ..හොඳටම නිරෝගී පුද්ගලයෙක් හැටියට ආපසු ලංකාවට පැමිණෙනවා එහෙමත් නැතිනම් කවදාවත් නැවත ලංකාවට නෑවිත් එහෙම නවතිනවා ෂුවර්. අපේ රටේ හැමදේම හංගාගෙන ඉන්න නිසයි මේ සේරම කාමරැල්ලට මුල ..? (නදී)
බණ්ඩා Thursday, 18 June 2015 06:42 AM
ගෙවල් 5 කට රිංගුවා කියන්නෙ මිනිහ හොඳ වැඩකාරයා ....(ස)
තරංග Thursday, 18 June 2015 05:21 AM
එය දැකපුවට සසර කලකිරෙන්න ඇති. අහිංසකයා (ම)
පියුමි Wednesday, 17 June 2015 02:45 PM
අපරාදේ අපේ ගෙදර අව නං මම.... (ර)
අයුබ් Wednesday, 17 June 2015 05:36 AM
මොහුට උපහාස නොකර මානසික වෛද්‍යවරයෙක් යොමුකරන්න, ලංකාවේ දැන් මෙවැනි මානසික රෝගීන් එන්න එන්නම වැඩි (බ)
ශලිනි Wednesday, 17 June 2015 05:03 AM
නිවසේ ගෘහිනිය රැට නිදා ගන්න කලින් ගෙදර දොර ජනෙල් අගුල් දාලද කියලා පරික්ෂා කරලා නෙවෙයිද නින්දට යන්නේ. මෙතැන් ගෙවල් 5 කටම මේ පුද්ගලයා ඇතුල් වෙලා කියන්නේ වටේට ආවරනයක්වත් නැතිව බවලතුන්ට නිදා ගන්න සිද්ධ වුන තැන් වෙන්න ඇති. (ස)
රූපවතී Wednesday, 17 June 2015 04:37 AM
මේවා ලංකාවට ආවේනික වුණු හේතුත් තියෙනවා ..නුගත් කම මත් කුඩු ..රාගය? අනික් පැත්තෙන් වෙනත් රටවලට වඩා අපේ රටවල දුප්පත් මිනිසුන්ට සැප පහසු නිවාස නැහැ, අතුපැල් නිවාස අඩු ආදායම් ඇති මිනිසුන්ගේ බාගෙට නිමවී ඇති නිවෙස් වලම විතරයි මෙවැනි දේවල් සිදුවෙන්නේ ..? කවදාවත් අපි අහලා නැහැ ..ලක්ෂපති තරු පහේ නිවසක ගේට්ටුවෙන් ..තාප්පෙන් පැනල ..බල්ලෝ දෙතුන් දෙනෙන්ක් ඉන්න නිවසකට ඊයේ රෑ අන්න ග්‍රීස් යකෙක් පැනලා කියලා ..? ඒවගේ නිවෙස් වලට පනින්නේ ග්‍රීස් යක්කු නෙවේ ..පාතාලයෝ සහ මිනීමරුවෝ ...හොරු ,,පුද්ගලික පලිගැනීම් කාරයෝ ..? ඒටික අපි තේරුම් ගන්න ඕනේ මේ ගෙන්දගම් පොලවේ පය ගහල ජීවත්වෙනකොට? දරුවෝ ඉන්න සෑම දෙමාපියෙක්ම අද තම පව්ලට ශක්තිමත් නිවසක් හදාගන්න පව්ලේ ආරක්ෂාවට ..?විශේෂයෙන් ශ්‍රී ලාංකිකයෙකු හැටියට ..මේවාගෙන් ආරක්ෂාවෙන්න ..? (ස)
මාටින් Wednesday, 17 June 2015 03:34 AM
මේක ලංකාවටම පොදු ප්‍රශ්නයක් නෙවෙයි, දකුණේ කොල්ලන්ගේ ප්‍රශ්නයක්, ඒ නිසා දකුණේ යට විතරක් මොකක් හරි පුනරුත්තාපන වැඩසටහනක් දියත් කිරීමයි වටින්නේ (ම)
ලසිත් Wednesday, 17 June 2015 02:04 AM
මේ වගේ මානසික ලෙඩ්ඩු සම්බන්ධයෙන් කාන්තාවන්ට ඉවසන්න අනුකම්පා කරන්න කියල අපිට පිරිමි හැටියට කියන්න පුලුවන්ද ? මෙහෙම අනුකම්පා කලොත් අන්තිමේ ස්ත්‍රී දුෂකයන්ටත් අනුකම්පා කරන්න වේවි. මොකද ඒකත් එක්තරා මානසික ලෙඩක් නේ කියල කියන උදවිය හෙට අනිද්දට පහල වේවි. (නදී)
ජෙනි Wednesday, 17 June 2015 01:54 AM
ඇත්තම තමයි මේක මෙහෙට ආවේනික ලෙඩක් වෙන්න ඕනා. රෑට නෙවෙයි දවලට බස් එකක යන එකත් කාන්තාවන්ට ප්‍රශ්නයක්. පාඨක හිතවතුන් දැක්කද පසුගිය දවසක මහරගම පිටකොටුව බස් එකේ තරුණියක් ලඟින් වාඩි වෙලා නොහොබිනා ලෙස හැසිරුණු ජේත්තු කාරයෙකුට සිදු වුන දේ ගැන වීඩියෝ ක්ලිප් එකක් අන්තර් ජාලයේ ප්‍රචාරය වුනා. (නදී)
චාන්දනී Wednesday, 17 June 2015 01:37 AM
ජනෙල් දොරවල් අරින්න ඕනෑ නැහැ. බස් එකේ යන ලාංකික කාන්තාවට වෙන අතවර කොච්චරද? (නි)
ධනුක Tuesday, 16 June 2015 06:03 AM
මෙහෙම අයට මානසික රෝගීන් කියල අනුකම්පාව දැක්වීමට යාමෙන් සිදු වෙන්නේ අගතියට පත් කාන්තාවන්ට සිදු වුණ ලැජ්ජාව නිසා මානසික ආතතිය හැදීම. (ම)
භානු Wednesday, 17 June 2015 01:28 AM
ප්‍රශ්නය තිබෙන්නේ ලංකාවේ දැන් මෙවැනි මානසික රෝගීන් එන්න එන්නම වැඩිවෙන එක. ලෙඩ්ඩු ලෙඩ්ඩු කිය කියා අනුකම්පා කළොත් මට හිතෙන්නේ අපේ ගැහැණු දරුවෙකුව කවදාවත් බස් එකක යවන්න බැරි රටක් වේවි මේක. (නි)
සඳුන් Tuesday, 16 June 2015 08:50 PM
මේක මානසික රෝගයක් ඇත්තටම. නමුත් ප්‍රශ්නය එය ලංකාවටම ආවේණික රෝගයක්ද කියලා. වෙන කොහෙවත් මෙතරම් අහන්න ලැබෙන්නේ නැහැ. කවදා අපේ කාන්තාවන්ට නිදහසේ පාරේ යන්න, නිවසක ගේට්ටුවක් ඇරලා තියන්න, ජනේලයක් ඇරලා නිදාගන්න ලැබෙයිද මන්දා.
සරත් Tuesday, 16 June 2015 04:11 PM
අනේ ඉතින් බලලා ඇති වුණාම යනවනේ. ලොකු කරදර නැහැනේ. පව් අහිංසකයා! (නි)
තුෂාර සම්පත් Tuesday, 16 June 2015 03:18 PM
මේක මානසික රෝගයක් අපහාස නොකර ඩොක්ටර් කෙනෙකුට යොමු කරමු.(බ)
චතුරි Tuesday, 16 June 2015 01:42 PM
මෙහි අදහස් දමන අයට ඇස් කණ්ණාඩි අරන් දෙන්න ඕනෑ මේ කතාව කියවා තේරුම් ගන්න. මේ තරුණයා රෑ වෙලා ගෙදර යන්න බස් නැවතුමේ සිද්ධිය සහ ගෙවල් අතරේ වුණ දෙයයි බලා අදහස් ලියන්න (නි)
පිටබැද්දර ජයා Tuesday, 16 June 2015 12:50 PM
බෙලහීනතාවයකින් පෙළෙන මනුස්සයෙක්. වහාම මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න. (නි)
චතු Tuesday, 16 June 2015 10:08 AM
ලංකාව කොච්චර රස්නය රටක් උනත් දොරක් ජනේලයක් අසාවකටවත් ඇරලා නිදාගන්න බැහැ මිනිස්සුන්ට . එච්චරට රට සොර සතුරෝ සහ මානසික රෝගීන්ගෙන් පිරිලා .(ම)
ජයනි Tuesday, 16 June 2015 08:33 AM
මේ ප්‍රදේශයේ මිනිස්සු රෑට නිදා ගන්නේ ගෙදර දොර ජනෙල් වහල නෙවෙයි වගේ. (ම)
ජයනි Tuesday, 16 June 2015 08:13 AM
ඇත්තටම මේ ගමේ මිනිස්සු රෑට දොර ජනෙල් වහල නෙවේද නින්දට යන්නේ. එක ගෙදරක නම් මදැයි මුළු ප්‍රදේශයේම බවලතුන්ගේ ඇඟ පත අත ගාලා ගිහින්නේ . (ස)
සඳුන් සුරියහෙට්ටි Tuesday, 16 June 2015 08:05 AM
මම වගේ කෙනෙක්ද ? (නදී)
බන්ටි Tuesday, 16 June 2015 07:42 AM
දකුණේ කෙනෙක් නේ..කියන්න දෙයක් නෑ. ඉතින් මානසික අසහනකාරයෝ තමයි ඔක්කොම. (ස)
ඉසුරන්දි Tuesday, 16 June 2015 07:42 AM
මේ මනුස්සය මානසික ලෙඩෙක්ද කොහෙද? මෙවැනි උන්මන්තකයින් තමයි ජාතික අපරාධ බොහොමයකට මුල පුරන්නේ. (ස)
ජයානි Tuesday, 16 June 2015 06:30 AM
මේ ප්‍රදේශයේ ගෙවල් වල නිවැසියන්ට රාත්‍රී දොර ජනෙල් වහලා නින්දට යන පුරුද්දක් නැද්ද ? එක ගෙදරක් නම් කමක් නැහැ ගෙවල් 5ක්. (ර)
සීල Tuesday, 16 June 2015 06:16 AM
මොහුට උපහාස නොකර මානසික වෛද්‍යවරයෙක් යොමුකරන්න .(ම)