X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මළ ගෙදරට ආ පොලිස් පරීක්ෂකට කසිප්පු දීලා

කන්ද උඩරට පොලිස් ස්ථානයක සේවයට මෙම පොලිස් පරීක්ෂකවරයා ගියේ ස්ථාන මාරුවක් නිසාය. මේ ප‍්‍රදේශයේ හිතවතකුගේ පියා මියගිය බව දැනගත් ඔහු යහළුවන් දෙදෙනකු සමග සිවිල් ඇඳුමෙන් එහි ගියේය.
එම නිවසේ මඳක් රැඳී සිටි ඔහු පියාගේ ආදාහනය සිදුකිරීමට නියමිත ස්ථානයට ගියේ හිතවතා එහි සිටින බව දැනගත් හෙයිනි.
එතැන වැඩ කරමින් සිටි අයට සිසිල් බීම රැගෙන ආ නිසා හිතවතා පොලිස් නිලධාරීන්ට ද බීම පිරිනැමීය. එහෙත් බීම වීදුරුව කට ළඟට ගත් පොලිස් පරීක්ෂකවරයා එය පසෙක තැබුවේ මදක් විමතියෙනි.
එතැන සිටි මිතුරන් සැඟවෙද්දී වීදුරුව ඉවකළ හිතවතාට තරු පෙනිණි. සිසිල් පැන් බෝතලවල දමා තිබුණත් එහි වූයේ ප‍්‍රාදේශීය මට්ටමින් පෙරන මත් වතුරය. පොලිස් පරීක්ෂකවරයා නිවෙසින් පිටවන තුරුම හිතවතා සමග වචන දෙක තුනකට වඩා කතා කළේ නැතිලූ.



අදහස් (0)

මළ ගෙදරට ආ පොලිස් පරීක්ෂකට කසිප්පු දීලා

හේරත් Wednesday, 27 February 2013 07:26 PM

මට හිනා යනවා (දී)

:       0       0

මනෝජ් Thursday, 21 March 2013 03:10 PM

කසිප්පු කියන්නේ හොද බීමක්නේ.... (නි)

:       0       0

සම්පත් Monday, 04 March 2013 11:07 AM

මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 03 March 2013 07:59 AM

මේක සුලු දෙයක්නේ අනේ. (නි)

:       0       0

නීල් Friday, 01 March 2013 10:48 PM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

දිසානායක Friday, 01 March 2013 09:50 AM

කසිප්පුවන්ට කසිප්පු දෙන්නේ නැතිව ඔරේන්ජ් බාර්ලි දෙන්නද ? (ස)

:       0       0

ලිල් Thursday, 28 February 2013 02:24 AM

කසිප්පු, විස්කි.... ‍ඔය කොයි එකෙත් තියෙන්නේ මත්පැන් රස විතරයි. (නි)

:       0       0

සරත් Wednesday, 27 February 2013 08:42 PM

වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා තමයි ඉන්න වෙන්නේ. (නි)

:       0       0

පහන් Wednesday, 27 February 2013 07:47 PM

වරුණ ඔබහරි ඒක ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවක් .මුස්ලිම් ආගමේත් යුදෙව් ආගමේත් තියන ඉතාම හොද සිරිතක් තමයි පය 24 ඇතුලත අවසාන කටයුතු කරනඑක .හොදට හොදයි කියලත් කියන්න එපායැ.(නදී)

:       0       0

අමිල Wednesday, 27 February 2013 11:03 AM

කොකාගේ උනත් සුද පේන්නේ ඉගිලෙනකොටලු නේ..!!!(ස)

:       0       0

අජිත් Wednesday, 27 February 2013 07:15 PM

අන්න වැඩ (දී)

:       0       0

ධම්ම Wednesday, 27 February 2013 05:46 PM

අරක්කුවත් දුන්න නම් පිළිගන්න තිබුණා. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 05:35 PM

සීල් නම් එපා. සුදුවා තමයි හොද... (නි)

:       0       0

ලලිත් Wednesday, 27 February 2013 03:17 PM

පොලිසියට කසිප්පු අරහං. ඔන්න විස්කි නම් කමක් නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 27 February 2013 01:21 PM

දැන් අරක්කු ගිනි ගණන් නිසා කසිප්පු පෙරන එක ලාභයි. (නි)

:       0       0

සරත් Wednesday, 27 February 2013 12:43 PM

ඇයි ඇල්ලුවේ නැත්තේ ....(ස)

:       0       0

වරුණ Wednesday, 27 February 2013 11:03 AM

දැන් මළ ගෙවල්වල කසිප්පු, බූරුවෝ ගැහිලි ගජරාමෙට යනවා. ඒව සඳහා වෙනම ම පිරිසක් පළාතෙම ඉන්නවා. සමහර අය මළගෙදරට අනුග්‍රහයත් දක්වනවා.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site