X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මාටියා ගහපු සල්ලිවලින් කොන්දොස්තර අවුරුදු කාලා

මාර්ග අංක 103 දරණ පෞද්ගලික බසය පසුගිය දිනෙක හවස් යාමයේ බොරැල්ලට ළඟා වූ විට මගීන් කිහිප දෙනෙක් එයට ගොඩවූහ. නාරාහේන්පිට දක්වා බස් ගාස්තුව රුපියල් නවයක් වුවත් දහයක්ම ලබාගත් තරුණ කොන්දොස්තර පිටුපස දොරටුවට හේත්තු වී, අසල වාඩිවී සිටි මිතුරකු සමඟ පිළිසඳරේ යෙදිනි.
‘‘කොහොමද අවුරුදු සරුද?’’ කොන්දොස්තරගෙන් ඔහුගේ මිතුරා විමසීය. ‘‘මාස තුනකින් තමයි ගමට යන්නේ. අද අම්මාගේ බැංකු පොතට සල්ලිත් දැම්මා’’ යැයි පැවසූ හෙතෙම, මුදල් තැන්පත් කළ කුවිතාන්සියක් මිතුරාට පෙන්වීය. එය බැලූ මිතුරා පුදුමයට පත්වී ‘‘අවුරුදු කන්න මොකටද අනූදාහක්’’ යැයි ඇසීය. සිනාවක් පෑ කොන්දොස්තර ‘‘මම අම්මාට කෝල් කරලා කීවා, අම්මලාට අවුරුදු කන්න රුපියල් හතළිස් දාහක් අරගන්න. ඉතිරි පනස්දාහ මට අරන් තියන්න කියලා’’ ඔහු උජාරුවෙන් කීය.
‘‘උඹට මොකටද රුපියල් පනස්දාහක්’’ මිතුරා ඇසූවිට, ඇයි බන් අරක්කුවලටයි, සිගරට්වලටයි, බයිට්වලටයි.  ‘‘තව මං හඳුනන බොස්ලා දෙන්නෙක් එදාට පාටියට සෙට් වෙනවා. එයාලට ‘ලෝකල්’ හරි නැහැනේ. එයාලට ඉතින් ‘ස්පෙෂල් බීම තමයි’ තරුණ කොන්දොස්තර සිනහවකින් මුව සරසා ගනිමින් පැවසීය.
මෙම දෙබස අසා සිටි මගියෙක් තමා අසල වාඩිවී සිටි මගියකුට කනට කර මෙසේ පැවසීය. ‘‘ඔය ඉතින් බස් අයිතිකාරයාට නොදී ගහපු මාටියා පාරයි, අපේ ඉතිරි සල්ලි නොදී එකතු කරපුවායි තමයි.’’



අදහස් (0)

මාටියා ගහපු සල්ලිවලින් කොන්දොස්තර අවුරුදු කාලා

ශාලිකා Friday, 26 April 2013 09:06 AM

කොන්දාගේ ලොකු කතා.(නදී)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:09 PM

අම්මාගේ බැංකු පොතට සල්ලිත් දැම්ම නිසා කරපු පව් මැකී යාවි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 30 April 2013 10:57 AM

අනේ,අපේ ගමේ බස් මුදලාලි කෙනෙක් ඉන්නවා. හවසට බස් එක අතුගාන්නෙ එයා. ගෝලයින්ට ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද කියලා දන්නවාද? බස් එකේ ගිය මගීන්ගේ වැටිච්ච සල්ලි අහුලන්න පුළුවන් නිසාලු. (නි)

:       0       0

සිල්වා සරත් Tuesday, 30 April 2013 07:50 AM

මේක මාටියට ගිය රටක්.(නදී)

:       0       0

shiham Monday, 29 April 2013 06:00 PM

කුරුනේරු සිංහල ද දෙමළ ද කියල ඔහේ කොහොමද දන්නේ. දෙමළ අයත් එක සමරනවා. හැම දේටම ජාතිවද ය ගාවගන්න එපා. (අ)

:       0       0

කුරුනේරු Monday, 29 April 2013 02:52 PM

මොනවා වුනත් සිංහල බෞද්ධ කොල්ලෙක් නේ .. ඊර්ෂ්‍යා කරන්න එපා.(ස)

:       0       0

උපාලි Monday, 29 April 2013 08:15 AM

දේශප්‍රේමී ගුණ යහපත් මිනිහෙකුට දොස් කියන එක වැරදියි. සල්ලි දාල තියෙන්නේ ලංකාවේ බැංකු පොතක. දෙමවුපියන්ට සළකන්නත් බාගයක් දීලා. ඔහොමද නියම ගැහිලිකාරයෝ? සල්ලි ලංකාවේ තියන්නේවත් නැහැ. අපේ අදහස් දැකලා මෙයත් එහෙම කෙනෙක් වෙන්න හිතයිද මන්දා. (නි)

:       0       0

Kapila Wasantha Kumara Saturday, 27 April 2013 10:02 AM

විකාර තමයි කියවන්නේ..(ස)

:       0       0

සුනිල් Saturday, 27 April 2013 09:07 AM

අනේ මහත්තයෝ ඕවා බොරු. අවුරුද්ද දවසේ මාටියා මට ගැහැව්වා...(ස)

:       0       0

ලංකා Friday, 26 April 2013 11:57 PM

අයියෝ! අපේ දේශපාලඥයො ගහන ගැහිලි දැක්කම කොන්දොස්තර ගහපු මැටියා පාර මොකක්ද? තව ගොඩක් තියෙනවා ඉස්සරහට. දැනට මතු සම්බන්ධයි. ධර්ම රාජ්‍යය, ධර්ම දීපය, ආසියාවේ ආශ්චර්ය . (නි)

:       0       0

රිෂාන් Friday, 26 April 2013 03:18 PM

අපිටත් බස් එකක් තියෙනවා. අපේ ගෝලයා නම් මාටියා ගහන්නේ නැහැ. හැබැයි දෙන පඩියට අමතර රු. 20ක් අරන් යනවා. (නි)

:       0       0

ගජබා Friday, 26 April 2013 01:03 PM

අපි නොදන්නවා වුණාට මේ රටේ බොහෝ දෙනෙක් අපිට නොදැනීම අපේ සල්ලි මාටියා ගහනවා. කොටුවේ දුම්රිය පොලේ ටිකට් එකක් ගත්තම රුපියල් පහක් මගෙන් මාටියා ගහලා තියෙනවා මාරු නැහැ කියලා... (නි)

:       0       0

චන්දු Friday, 26 April 2013 11:18 AM

රටේ ඉන්න ගොඩක් දෙනෙක් ඔහොම මාටියා ගහනකොට කොහොමද රටක් දියුණුවෙන්නේ?(නදී)

:       0       0

සෙන්තිල් Thursday, 25 April 2013 03:45 AM

මම ඔතන හිටියෝතින් නම් එහෙම,කොන්දොස්තරගේ කනට දෙකක් ගහලා, බස් එකෙන් එලියටම තල්ලු කොරලා දාලා, ඔහුම වැටුනා කියලා පොලිසියේදී කියනවා. (නි)

:       0       0

වරුණ Friday, 26 April 2013 08:12 AM

කොහොමත් රුපියලේ දෙකේ ඒවා දෙන්නේ නැහැනේ. කොන්දොස්තරගේ අදායම හිතාගන්න පුළුවන් (නි)

:       0       0

හේරත් Thursday, 25 April 2013 10:18 PM

වෙන වෙනම කලොත් තුන් දෙනාම වැඩ. ලිද කපනවා. වතුර අදිනවා. නාගන්නවා. එක්කෙනාම කලාම ළිඳත් නෑ. ලඳත් නෑ. වතුරත් නෑ.මිතුරත් නෑ. නා ගන්නත් නෑ. අනාගන්නව ඔක්කොම. කොන් දොස්තර පුතා අම්මට 50,000 අව්රුද්දට දුන්නත් දොස්තර පුතා කොමද ඔච්චර දෙන්නේ?(නදී)

:       0       0

නන්දලාල් Thursday, 25 April 2013 05:37 PM

මගේ බස් එකේ නම් කොන්දොස්තර මමමයි (නි)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 04:04 PM

සහතික ඇත්ත. ඕක තමයි යතාර්ථය. අයිතිකාරයා ලිද කපනවා. රියැදුරු වතුර අදිනවා./කොන්දොස්තර නාගන්නවා (නි)

:       0       0

චින්තක Thursday, 25 April 2013 02:27 PM

සෙන්තිල්, ඔහේට හරියන්නේ මෙහේ නෙමෙයි, ඉන්දියාව. (නි)

:       0       0

සක්විති Thursday, 25 April 2013 12:13 PM

මෙය ඔවුන්ගේ වෘත්තීමය අයිතිවාසිකමකි. ඊට එරෙහි නොවෙනු! (නි)

:       0       0

නිමල් පුනාන්දු Thursday, 25 April 2013 11:49 AM

මොකද සෙන්තිල් ඔයා බටුගැමුණු වෙන්න හදනවද?(නදී)

:       0       0

බන්දුල-කටාර් Thursday, 25 April 2013 09:56 AM

මාටියා නොගහන කොන්දොතර කෙනෙක් හොයන එක හරියට කළුනික හොයනවා වගේ වැඩක්, අර කතාවක් තියෙන්නේ අයිතිකාරයා වියදම් කරලා ලිඳ කපනවා, ඩ්‍රයිවර් වතුර අදිනවා, කොන්දා නාගන්නවා කියල. (නදී)

:       0       0

ඉස'හාක් Thursday, 25 April 2013 09:05 AM

ඕක මාටියා ගහපුවද, නැත්නම් අමාරුවෙන් හම්බ කරපුවද කවුද දන්නේ? බොරුවට මිනිස්සුන්ට පද හදන එක වැරදියිනේ. (නි)

:       0       0

චානක Thursday, 25 April 2013 08:32 AM

කවුද සල්ලි වලට අකමැති? (නි)

:       0       0

යොහාන් Thursday, 25 April 2013 07:31 AM

මේ මාසෙක පඩියද?(නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 25 April 2013 05:31 AM

විදිලිය බිල ගෙවන්නත් මදි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site