(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවක මන්ත්‍රීවරියකගෙන් ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන්නේ කුමක්දැයි මාධ්‍යවේදිනියක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී තාත්තාගෙන් අහන්න ඕනේ යැයි පැවසීමේ සිද්ධියක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවකින් වාර්තාවේ.
සිද්ධිය සැකෙවින් මෙසේය.
පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ සභාවල සභාපති වැඩ බාර ගැනීමේ උත්සවයකට පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට මෙන්ම ඒ පක්‍ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මෙන්ම මන්ත්‍රීවරියන්ගේ ඥාති හිතවතුන්ද සහභාගි වී මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ උත්සවයේ මූලික කටයුතු ආරම්භ විය.
මෙවර පළාත් පාලන මැතිවරණයට සීයට විසිපහක් කාන්තා නියෝජනය අනිවාර්ය කර තිබුණු බැවින් පෙර නොවූ විරූ තරමට නවක මන්ත්‍රීවරියන්ගෙන්ද අඩුවක් නොවීය.
එකී උත්සවයට සභා පරිශ්‍රය පමණක් නොව සභා පරිශ්‍ර භූමියද පිරී ඉතිරී ගොස් තිබූ බැවින් මන්ත්‍රී කවුද?
මන්ති්‍රීවරිය කවුදැයි නිශ්චිතව සොයා ගැනීම දැඩි ගැටලුවක් විය.
පිරිත් දේශනයට සවන් දී අනතුරුව පිරිත් නූලක්ද අතෙහි ගැට ගසා ගත් මන්ත්‍රීවරියක් පසෙකට ආ පසු මාධ්‍යවේදිනියක් ඇය අසලට ගොස් මන්ත්‍රීතුමියනි ඔබ තුමිය මොකක්ද ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ යැයි ප්‍රශ්න කළේ ඇයගෙන් ලැබෙන පිළිතුර පළාත් පාලන මැතිවරණයට කාන්තා නියෝජනය යෙදීමෙන් සිදුවන ප්‍රතිඵල පුවත්පතෙහි ප්‍රසිද්ධ කිරීමටය.
ඇය ගත් කටටම “තාත්තාගෙන් අහන්න ඕනේ” යැයි පැවසීමත් සමග ඇයගෙන් ප්‍රශ්න ඇසීම නතර කළ මාධ්‍යවේදිනිය ඇය පැවසූ පිළිතුර තවත් මාධ්‍යවේදියෙකුට ඒ මොහොතේම පැවසුවේ සිහින් සිනහවක් පාමින් කනට කොඳුරමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාධ්‍යවේදිනිය ඇසූ ප්‍රශ්නයට තාත්තාගෙන් අහලා කියන්නම් කියලා
sam Saturday, 31 March 2018 11:37 PM
ලංකාවේ කාන්තාවන්ට සමතැන්, ඒ කියන්නේ 50/50 දෙනවා කියලා පළාත් පාලන මැතිවරණයේ 25/75 දීලා මේ කරන්නේ විකාරයක් . තම අභිමතය පරිදි කටයුතු කිරීමට ලිංග භේදය බාධාවක් නොවිය යුතු බව රටේ සම්මත නීතියයි . මේ කියන 25% අවම කාන්තා නියෝජනයෙන් සිදු වන්නේ දේශපාලනයට ඒමට කිසිම කැමැත්තක් , දැනුමක් නැති කාන්තාවන්, කාගේ හෝ බල කිරීමකට අර ඉහතකී 25% නියෝජනයේ වාසිය ලබාගැනීම මත පමණක්ම මේ තනතුරු වලට පත්වීමයි . ඉහත සිද්ධිය මේ ගැන හොඳ උදාහරණයක් .
janahitha Monday, 02 April 2018 05:15 AM
එයා තාම විවාහ වෙලා හෝ පෙම්වතෙක්වත් නැතිව ඇති නිසා පියාණන්ගේ උපදෙස් අකුරටම පිළිපදින එක්කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රශ්නය මේකයි සභා රැස්වීම් වලට යනකොට පියාණන්ව එතෙන්ට එක්ක යන්න බැරි එකයි.