ඔහු එම ආයතනයේ වසර ගණනාවක් සේවය කළේය. වාර්ෂික ස්ථාන මාරු ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත්ව තිබුණි. වසර ගණනාවක් තමන් සමග සිටි සගයාට අවසන් දිනයේදී සුබ පැතීමට සාදයක් පැවැත්වීමට මිතුරෝ කටයුතු සුදානම් කළහ. ප්‍රදේශයේ අවන්හලකදී ඉහළම අන්දමින් සාදය සූදානම් කළහ. ආහාර පාන මෙන්ම මධුවිතද නොඅඩුව තිබුණි. කවුරුත් කා බී විනෝද වූහ. මිතුරාගේ ගුණ වැනූහ. ඔහු කළ උදව් පදව් සිහිපත් කළහ. ඇතැමුන් මිතුරා බදාගෙන සිප වැළඳ ගනිමින් සුහදතාව පළකළහ. රෑ බෝවීමත් සමග දැඩි අපහසුවෙන් මිතුරාගෙන් වෙන් වූහ. පසුදා ආයතනයට ගිය පිරිසට දැකගත හැකි වූයේ තමන් සුබපතා පිටත් කළ මිතුරා නැවතත් ඔහුගේ ආසනයේම රැඳී සිටින බවකි. කාටත් පුදුමයකි. ඔහු වෙත ගිය මිතුරෝ කරුණු විමසූහ. ”ට්‍රාන්සර් කැන්සල් කරල” මිතුරාගේ පිළිතුරෙන් එකිනෙකා මුහුණු බලාගත්වනම සිටියහ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාරුවට සුබ පැතූ මිතුරෝ අමාරුවේ
sanu Wednesday, 15 February 2012 07:05 PM
මේක නම් වෙන්න බැහැ..මොකද ට්‍රාන්සර් එක කැන්සල් කරනවනම් කලින් දැනුම් දෙනවනෙ..මොකද උදේ පාන්දර කියන්නෙ නැහැනෙ.???????