X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා

යතුරු පැදියකින් පැමිණි සොරකු තම මාලය කඩාගෙන යද්දී උපහාසාත්මකව සිනාසුණායැයි එම සොරා ආපසු පැමිණ මාලය හිමිකාරියට කම්මුලට ගැසීමේ සිද්ධියක් අරණායකින් වාර්තා වේ. මහ දවල් එම කාන්තාව මාර්ගයේ ගමන් ගන්නා අතර යතුරු පැදියකින් පැමිණි අයකු ඇය අසල    යතුරුපැදිය නවතා ගෙල බැඳි මාලය වටිනා රන් දම්වැලක් යැයි සිතා කඩා ගෙන යාමට සැරසෙද්දී එය ”ඉමිටේෂන් වර්ගයේ” කිසිදු වටිනා කමක් නැති එකක් කියා උපහාසාත්මකව සිනාවක් පා ඇය ආපසු යාමට සැරසෙද්දී මෙය දුටු සොරා ආපසු පැමිණ ඇයගේ කම්මුලට ගසා මාලයද විසිකර පලාගොස් ඇත.



අදහස් (0)

මාලය කැඩූ හොරාට හිනාවුණාම කතට කම්මුල් පහරකුත් දීලා

ගිහාන් Thursday, 12 July 2012 09:32 AM

හොරෙක් වුණත් තමන්ගේ රැකියාවට ගරු කරන හොරෙක්.ඒකෙත් හැටි

:       0       0

ලලිත් Wednesday, 11 July 2012 04:51 AM

මේක හරිම අතාත්වික්යි. හොරා රත්තරන් බඩු සාප්පුවක වෙන්නැති වැඩ කරන්නේ; නැත්නම් ඔය කලබලේ මාලේ අතට ගත්තගමන් ඒක අයිතිකාරයා කියපු කථාව විශ්වාසකලේ?

:       0       0

හනුමා Wednesday, 11 July 2012 06:23 AM

හොරකමට අලුත් වගේ.ඒකනේ හැගීම් වලට යට වෙලා කම්මුල අතගෑවේ

:       0       0

අයියෝ සල්ලි Wednesday, 11 July 2012 08:07 AM

අයියෝ සල්ලි

:       0       0

සලීම් Wednesday, 11 July 2012 08:24 AM

මේ හොරු ඉක්මනට මැරෙන්න ඕනේ පව් කාරයෝ .

:       0       0

තිලක් Wednesday, 11 July 2012 07:59 AM

මහ මෝඩ කාන්තාවක් බොරුවට හරි කෑ ගහන්නයි තිබ්‍බෙ එහෙනම්‍ ගුටිනොකාවත් ඉන්න තිබුන

:       0       0

ඩයස් Wednesday, 11 July 2012 01:01 PM

හොරුන්ගෙන් බේරීම සදහා කාන්තාවන්ට ML 40 ඇසිඩ් වර්ගය ළග තබා ගැනීමට ඉඩ දෙමු

:       0       0

නයන ශ්‍රී Wednesday, 11 July 2012 01:46 PM

"දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා.. ලංකාව දැන් පල්හොරුන්ටම ගිය රටක් වෙලා.."

:       0       0

කැලුම් Wednesday, 11 July 2012 03:16 PM

කම්මුලේ ඩෙංගු මදුරුවෙක් හිටියා, ඒකයි කම්මුලට ගැහුවේ

:       0       0

ධනංජය Thursday, 12 July 2012 08:43 AM

හොරා හැගීම්බර වෙන්න ඇති. පවු හොරා

:       0       0

සුනිල් පෙරේරා Wednesday, 11 July 2012 02:13 AM

ආසියාවෙ ආශ්චර්යයට යන්න බය මොකද? අත් බෑගයට සෙල්ලන් පිස්තෝලයක් ඇතුලට ඇසිඩ් ටිකක් දගෙන ගියාම සෙල්ලන්ද කොල්ලො කියලා ‍දුන්නනම් පොලිසියට බැරි දේ නිකම්ම නවතී..

:       0       0

දම්මි Thursday, 12 July 2012 02:19 PM

දැන්නම් බය නැතිව කරමාල දාගෙන යන්න පුළුවන් වේවි...

:       0       0

ජුවල් ලෝරිස් Friday, 13 July 2012 02:31 AM

ඉදිරියේදි බයිසිකල් චේන් තමයි කරේ දාගෙන යන්න වෙන්නේ මේ යන විදියට

:       0       0

සහෘදයා Friday, 13 July 2012 02:17 PM

හොරාට ආත්ම ගරුත්වය මතක් වෙන්න ඇති...ආපහු හැරිලා ඇවිත් ගහලා යද්දිත් හිනා වෙවී හිටියද...නම්බර් එකවත් ලියා නොගෙන....අයියෝ යෝ..යෝ.!!!!!!!!!!!!!!

:       0       0

ජගත් Friday, 13 July 2012 02:35 PM

ජීවන වියදම අහස උසට බව ඇත්ත.ඒත් හොරකම නරකයි

:       0       0

හොරා Friday, 13 July 2012 02:54 PM

මම මගට ගියාමනේ දැක්කේ ඉමිටේෂන් කියලා.ඒකයි තරහා ගිහින් කණට ගැහුවේ

:       0       0

සුජීව Friday, 13 July 2012 07:16 PM

බයිසිකල් චේන් වලට වැඩිය ටයර් මාලේ හොද නැද්ද

:       0       0

වසු Monday, 16 July 2012 09:49 PM

ඉන්දුමනී,මාර මොළයක්නේ ඔයාට තියෙන්නේ.ගෑණුන්ගේ මොළේ දැන් හැදි මිටට වැඩිය දිගයි කියලා කවුරුත් තේරුම් ගනී

:       0       0

සුදු පුංචා Tuesday, 17 July 2012 05:09 PM

අඩා....... හොරාට ගිය කලක්

:       0       0

විනිශ්යකරු Friday, 20 July 2012 08:17 PM

කතාවේ කිසි තේරුමක් නෑ (දී)

:       0       0

දර්ශන Tuesday, 10 July 2012 01:22 PM

අනිත් දවසේ කඩන්න කලින් ඉමිටේශන් කියලා කියන්න....

:       0       0

සදුනි Tuesday, 10 July 2012 11:07 AM

ඔහොම තමයි හොරකම් කරන්න ගියාම...

:       0       0

සජි Tuesday, 10 July 2012 11:21 AM

මේ වගේ අය කිඹුලන්ට කන්න දාන්න ඕන....

:       0       0

ලක්ෂ්මන් Tuesday, 10 July 2012 10:49 AM

සිප වැලඳගෙන ගියානම් මීට සැපයි නේ.....

:       0       0

පුංචා Tuesday, 10 July 2012 10:51 AM

කෙල්ලටත් තිබුණේ අතදිගහැරල ගහන්නනේ ....

:       0       0

ඉන්දුමණී Tuesday, 10 July 2012 11:35 AM

කම්මුල් පාර කෑවත් මොකෝ, ඒ මෝඩයා මගේ පවුම් දෙකේ මාලය විසිකරලනේ ගියේ.

:       0       0

සරනපාල Tuesday, 10 July 2012 12:25 PM

ඕකට වෙන්න ඇති අශ්චර්‍යය කියන්නේ...

:       0       0

වරැණ Tuesday, 10 July 2012 12:37 PM

අල්ලල අත කැඩුවනම් හරි.. අහල පහළ කවුරැවත් හිටියෙ නැද්ද?

:       0       0

රුවන් ගමරාළගේ Tuesday, 10 July 2012 12:40 PM

සමහර විට මේ හොරා කෙල්ලගෙ පරණ පෙම්වතාද දන්නෙ නැහැ..

:       0       0

රුවන් Tuesday, 10 July 2012 12:40 PM

කෙල්ලගේ පරණ පෙම්වතාද දන්නේ නෑ.....

:       0       0

තිසා හාමි..... Tuesday, 10 July 2012 10:58 AM

අම්මප මෙයා කැලේ කොටියම කන්න එපැයි..... හොරකම් කරල තව ගහන්නත් එනවා.....

:       0       0

රිවිහාරි සතිල් Tuesday, 10 July 2012 03:14 PM

හැමෝම දැන් රත්තරං දාගෙන ගිහින් හොරාට හිනාවුනාම හිතයි දැන් හැමෝම දාන්නේ ඉමිටේෂන් කියලා හොරට හුලං

:       0       0

පී.එස්. Tuesday, 10 July 2012 04:04 PM

දැං හොරුන්ට පුදුම හයියක්නෙ ලැබිල තියෙන්නෙ.. ඉස්සරනම් මිනිසුන්ගෙන් හොරු ගුටිකනවා.. දැං හොරුන්ගෙන් මිනිස්සු ගුටිකනවා.. ලංකාව දැං පල්හොරුන්ටම ගිය රටක් වෙලා..

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 10 July 2012 04:07 PM

මෙහෙම අවස්තාවල අපි ළඟක නෑනේ...හිටියනම් දනියි කරන වැඩේ....

:       0       0

සමන්ත Tuesday, 10 July 2012 05:18 PM

එයාගෙ වෙලාව හොද ඇති...

:       0       0

නුවන් Tuesday, 10 July 2012 06:40 PM

මන්සිවෙලා මාලේ කැඩුවම එක ඉමිටේශන් කියල කිවුවම කාටද තරහ යන්නේ නැත්තේ ..හොඳ වෙලාවට කනේ පාරකින් බේරුනා ..වෙන මොනව හරි වුනානම් කාට කියන්නද

:       0       0

අකිල Tuesday, 10 July 2012 07:22 PM

මේ අයට පාරක් පාරක් ගාණේ ගල් ගහලා මරන්නයි තියෙන්නේ

:       0       0

රුවන් Tuesday, 10 July 2012 11:50 PM

‍‍ලොක්කෙ‍කු‍ගෙ හයියක් ඇති ඒකයි මෙහෙ‍ම කරන්නෙ..

:       0       0

සමන් Wednesday, 11 July 2012 02:13 AM

හොරැන්ට ගිය කලක්.. මේ ගෑණු ළමයා විතරද මේ පාරෙ හිටියෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site