මීට මාස 8කට පමණ ඉහත දී සාලියවැව ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළදී අතුරුදන්වූ බව කියන රන් මුදුවක් සමග සැකකරුවකු නොච්චියාගම ගාලදිවුල්වැවදී අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
සාලියවැව පළුගස්සේගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකොට මුදුව සමග සැකකරු අත්අඩංගුවට ගත්බව ද පොලිසිය පවසයි.
පැමිණිලිකරු සේම සැකකරු ද ව්‍යාපාරිකයන් වන අතර එළවළු වෙළෙන්දකු වන සැකකරු පැමිණිලිකරුගේ වෙළෙඳසලට අලෙවිකිරීම සඳහා එළවළු තොග රැුගෙන එයි. වෙළෙඳ සලේ තිබූ බව කියන පවුම් භාගයක් පමණ බරැති තම රන් මුදුව අතුරුදන් වී ඇත්තේ එවන් දිනක බව ද පැවසේ.
කාලය මෙසේ ගෙවීගියේය. මේ අතර මුදුවේ හිමිකරු (පැමිණිලිකරු) කිසියම් අවශ්‍යතාවකට පසුගිය දිනක තම ව්‍යාපාරික මිතුරා වන සැකකරු හමුවීමට ඔහුගේ නිවෙසට ගොස් තිබේ. මීට මාස 8කට උඩදී අතුරුදන්වූ තමාගේ රන් මුදුව සැකකරු ඔහුගේ අතක ඇඟිල්ලක පැළඳ සිටින අයුරු පැමිණිලිකරුට එහිදී දැක ගැනීමට හැකිවූ අතර පැමිණිලිකරු මුදුව හඳුනාගත් බව සැකකරුට දැනී ඔහු එය පැමිණිලිකරුගෙන් වසන් කිරීමට උත්සාහ ගෙන ඇත.
සිද්ධිය පිළිබඳව පොලිසියට කළ පැමිණිල්ලක් මත ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසු ඔහු පවසා ඇත්තේ එළවළු ගෝනියක් තුළ තිබියදී මෙම මුදුව තමාට හමුවූ බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු හා මුදුව පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මාස 8කට පෙර නැතිවුණ මුද්ද මිතුරාගේ ඇඟිල්ලක
සමදරා Wednesday, 20 November 2013 06:40 AM
දිසෝ එන්න අපිත් එක්ක.(නදී)
හේරත් Friday, 22 November 2013 06:28 AM
තාත්තා කිරි කන්න ගිහින් පැණි බෝතලේ අරගෙන,කවුද දරුවනේ මේ පැණි බෝතලේ ඉවර කළේ කියලා ඇහුවලු. අපේ චුටි නංගි අපි කාටත් කලින් දුවලා තාත්තා ළගට ගිහින් කියනවාලු,මං නම් පැණි කෑවේ නෑ තාත්තේ,කියලා ගවුමෙන් කට පිහදමමින්.ඒ වගේ තමයි අපෙන් අහනවා මුද්දට මොකද වුණේ කියලා (නි)
හේරත් Friday, 22 November 2013 06:22 AM
පුහුල් හොරා කරෙන් දැනේ... (නි)
ශන්ති Wednesday, 20 November 2013 10:49 PM
ඒ කියන්නේ මුද්ද නෝනට දීලද (අ)
මනමෝහිනි Wednesday, 20 November 2013 10:47 PM
එසැන දෙවගනත් එනවලු උඩින්...අලි කෙලි එතකොට...මුලුයි මදැයි...මැද මැද හිටිය මදැයි.. (අ)
පැන්චි Wednesday, 20 November 2013 09:20 PM
අන්න, පුහුල් හොරා කරෙන් දැනෙයි කිවුවා.. (නි)
සමදරා Wednesday, 20 November 2013 06:41 PM
සමකෝණී ත්‍රිකෝණයකි දිසයි, මමයි ,කටයි හිදින.... මම එක මුල්ලක හිටියා, දිසා අනිත් කොන හිටියා..... නෙත් සයකම පහස ලබා සමදරා කෙලී මැද හිටියා...... (නි)
සමදරා Wednesday, 20 November 2013 06:07 PM
කටා මාමා, වන්නි තිලක්, ඔය දෙන්නත් එන්න අපේ ගෙදර. (නි)
දිසානායක Wednesday, 20 November 2013 02:19 PM
පාලිතගේ කතාව ඇතුලේ සැග උන ලොකු කතාවක් කියවෙනවා. කට්ටියම හිතලා බැලුවා නම් හොදා. අර මුද්ද හම්බුවෙලා තියෙන්නේ මාස 8 කට පස්සේ ඔන්න මම ලේසි කලා (නදී)
කඩේ මල්ලි Wednesday, 20 November 2013 07:38 AM
"පාලිත අයියාගේ" කතාවට මටත් හිනා.... (නි)
සාමා Wednesday, 20 November 2013 07:31 AM
කොහොමහරි ලැබුනනේ (නි)
ධම්ම Tuesday, 19 November 2013 10:20 AM
පැමිණිල්ල කරන්න තිබුනේ මුද්ද නැතිවුන දවසේනේ. මාස අටක් තිස්සේ මුද්ද නැතිවුන බවක් දැනගෙන හිටියේ නැද්ද. මේක වෙන මොකක්දෝ උප්පරවැට්ටියක්. (ස)
පාලිත Tuesday, 19 November 2013 08:40 PM
මහත්තයෝ...මුද්දද නැති උනේ? ඇගිල්ල හෙම නැතිකර ගන්නවා නෙවෙයි.හොඳ වෙලාවට ඇගිලි 10 ට එක මුද්දයි... තව මස දෙකක් ගියා නම් මුද්ද බබාගේ අතේ..(අ)
කටා මාමා Tuesday, 19 November 2013 05:17 PM
පොඩි කොමිස් එකක් තියාගෙන විදේශ මුදල් හුවමාරු කරමින් නගරයේ වීදියක උදේ සිට සවස ඇදිරි වැටීගෙන එනතුරු ස්වයං රැකියාවක යෙදෙන මැදිවිය ඉක්මවූ කාන්තවක් පවුම් දහයක් පහළොවක් විතර බර රන් මාලයක් කරේ දාගෙන ඉන්නවා දැකලා, “බය නැද්ද මාල කඩන හොරුන්ට“ කියලා ඇසුවාම අපුරු පිළිතුරක් දුන්නා. මාලේ කවුරු හරි කඩයි කියලා බයට ඉක්මනින් මාලේ පැළදගෙන ඉන්න නිසා එහෙ මෙහෙ යන්න හිතෙන ආශාව යටපත් වී ඉක්මණට නිවාස කරා පය ඔසවන්න පොළඹවන එක ඇතිකර ගන්නලු වටිනා රන් මාලේ පැළදීමේ අරමුණ. (නි)
ලාල් - නුවර Tuesday, 19 November 2013 04:28 PM
''ටයිටැනික් '' නම් ලස්සන ෆිල්ම් එක හැදෙන්නෙත් ඔය මුද්දක් නිසා. (ස)
ධම්ම Tuesday, 19 November 2013 03:39 PM
කිරිබොන අත දරුවෙකුට පළඳවා තිබු රත්රන් මුද්ද මොනවා හරි හේතුවක් නිසා නැති උනා. මාපියෝ ගෙයි අස්සක් මුල්ලක් නෑර සොයා බලා නැති තැන පේන කරුවකුගේ කීම පිට අසල්වාසීන් සමඟ රණ්ඩු කළා මුද්ද හොරකම් කල බවට චෝදනා කරමින්. කලක් ගත වුනා මෙහෙම. හදිසියේම දරුවා අසනීප උනා. වෛද්‍යවරු දරුවාට නියුමෝනියාවට බෙහෙත් කළා. අසනීපය උග්‍රවුනා. වැඩිදුර පරීක්ෂණ වලදී හොයාගත්තා දරුවාගේ ස්වාසනාලයේ ලෝහමය යමක් හිරවී ඇති බව. එය ඉවත් කිරීමේදී දරුවා මිය ගියා. මෙයට මුහුණ දුන් මාපියන් මෙය කියවූවොත් නැවත මතක් වේවි අතීතයේ සිදුවූ අත්වැරැද්ද. (ස)
දයා අලහකෝන් Tuesday, 19 November 2013 02:57 PM
මුද්දකට කරන්න පුළුවන් වැඩ බොහොමයි. (ස)
වන්නි තිලක් Tuesday, 19 November 2013 11:18 AM
එක්තරා පුද්ගලයෙක්ගේ මව මියගිය පසු ආදාහනයට පෙර ඇගේ අත පැළඳ සිටි මුද්ද ගලවා ගෙදර ගෙනවුත් තිබුනා. මෙය සිහිවටනයක් ලෙස සළකා බිරිඳ ඒක ප්‍රවේශම් කරලා තැබුවා. කලකට පසු මහත්තයාගේ ඔෆිස් එකේ මිතුරෙක්ගේ විවාහ මංගල්‍ය උත්සවයට මේ යුවලම සහභාගී වුනා. එහිදී බිරිඳ අහම්බයෙන් දුටුවා මවගේ මුද්දට සමාන මුද්දක් එක්තරා කාන්තාවක් පැළඳ සිටිනවා. අනේ ලස්සන මුද්දක්. මේක බොහොම පැරණි මෝස්තරයක් නේද? දැන් කාලේ හදන ඒවා මෙහෙම නැහැනේ කියලා අතින් අල්ලලා පරීක්ෂා කරලත් බැලුවා. ගෙදර ඇවි්ලලා මුද්ද තැබූ තැන බැලුවම එතන නැති නිසා බිරිඳ ඇහුවා කෝ මේ මුද්ද කියලා. එවිට මහත්තයා කිව්වා මම දන්නේ කොහොමද ඒක ඔයාමනේ පරෙස්සම් කරලා තිබ්බේ කියලා. බිරිඳ කිව්වා මුද්ද තියෙන කෙනා කව්ද කියලා. එදා ඉඳලා මේ ගෙදර ප්‍රශ්න. (නි)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 19 November 2013 11:08 AM
මිතුරන් නම් ඉන්නවා මේ වගේ.අවංක අවස්ථාවට.වාසිතකා,ඒ වගේම දුකේදී සැපේදී සිටිනා අයත්.කාලයක් යන විට ඔවුන් තේරුම් ගන්න පුලුවන්.ඉතින් මේ වගේ වංක මිතුරන් ඔහුට නොදැනම ඈත් උනානම් මේ වගේ දෙයකට මුහුණ පාන්න සිදු වන්නේ නැ.නොගැලපෙන මිතුරු ඇසුරේ පල තමා මේ.අපි කාටත් මේක හොඳ උදාහරණයක්. (ස)
නුගේගොඩ Tuesday, 19 November 2013 10:54 AM
පාසල් කාලයේ යහළුවන් සහ සේවා ස්ථානයන්හිදී හමුවන යහළුවන් අතර වෙනස. (ස)
කුමාරි Tuesday, 19 November 2013 10:37 AM
පරම කල්‍යාණ මිත්‍රයෙක්..... (ස)