(උනවටුන ඞී.ජී. සුගතපාල)
දකුණේ ගම්බද ප‍්‍රදේශයක පුද්ගලයකු පොල්ලී මඩුවක් පටන් ගත්තේය. පිට ප‍්‍රදේශවලට ගොස් පොල් ගස් කපා ගෙනැවිත් ඒවා පරාල යටලී බාල්කවලට ඉරා විකිණීම කළේය.
ඔහු තරමක් නාහෙට නාහන අයකු වුවද ලී මඩුව සාර්ථකව කරගෙන ගියේය.
මේ අතර දිනක් රාත‍්‍රී කාලයේ ඔහුගේ ලී මඩුවේ තිබූ හයරියන් පරාල පහක් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණි. පොලිසියට ගොස් පැමිණිල්ලක් කරන ලෙස අසල්වැසියන් කීවත් ඔහු කල්පනා කළේ එය නිශ්ඵල ක‍්‍රියාවක් බවය.
එහෙත් ලී සොරකම් කළේ කවුද යන්න දැනගැනීමට ඔහුට ලොකු ඕනෑකමක් තිබිණි. මෙය තනි පුද්ගලයකුට එක්වර ගෙන යාමට බැරිය. එක්කෝ වාහනයක පටවාගෙන යා යුතුය. නැතිනම් දෙතුන් දෙනෙකු පැමිණ කර තබාගෙන යා යුතුය.
සිදුවූ අලාභයට වඩා මෙය තමාට සිදුවු මදි පුංචිකමක් ලෙස කල්පනා කරමින් සිටියදී මිතුරකු අපූරු යෝජනාවක් කළේය. ”අපි යමු පේනයක් අහන්න” පොලිසියට යනවාට වඩා ඔහු මිතුරාගේ යෝජනාවට එකඟ විය.
ගමේ සිට කිලෝ මීටර් පහක් හයක් දුරින් සිටි පේනකරුවා සොයා ඔවුහු ගියහ. බුලත් අතක් සමඟ රුපියල් තුන්සිය දහයක් මල්බුලත්තටුව මත තැබීමෙන් පසු රතු රෙද්දක් ඉණවටා දමාගත් පේනකරු කුඩා සීනුවක් නාද කරමින් ස්ත්‍රෝත‍්‍ර ගායනා කරමින් පරල වන්නට විය.
”හ්ම් හ්ම් මේ දරුවා ඇවිල්ලා තියෙන්නේ නැතිවූ දෙයක් ගැන අහන්නයි. හරිද හරිද?” පේනකරුවා හති දමමින් ඇසුවේය.
ඔහුගේ ඉහේ මලක් පිපුණා සේ විය. ”එහෙමයි සාමි එහෙමයි”
”මේක සොරකම් කරල තියෙන්නෙ ගෙදරකට නිතර යන එන පුද්ගලයෙක් හරිද හරිද තේරුණාද දරුවා”
”එහෙමයි සාමි මොනවගේ කෙනෙක්ද? කොහොමද අරගෙන ගිහිල්ලා තියෙන්නේ”
”දරුවා මිටි පුද්ගලයෙක් මේක ඉනේ ගහගෙන සඟවාගෙන ගිහිල්ලා තේරුණාද?”
පොල්ලී පහක් ඉනේ ගසාගෙන යන්නේ කොහොමදැයි ඇසූ ඔහු මල් බුලත්තටුව වෙත තැබූ රුපියල් තුන්සිය දහයද ආපසු රැුගෙන මිතුරා සමඟ යතුරුපැදියට නැග ගියේ මහ හඬින් සිනා සෙමිනි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිටි පුද්ගලයෙක් පොල් ලී හයක් ඉනේ ගහගෙන ගිහින්
රෙජි-සිඩ්නි Monday, 01 June 2015 05:35 AM
මිනිස්සු රවටලා බඩ ගොස්තරය රැකගන්න පේනකරුට හොඳ පාඩමක්. මින් මනතට පේන නොකියන්න. ඔයවාගේ මිනිසුන්ට හුඟක් අසුවන්නේ අපේ කාන්තා පක්ෂය කියලයි මට හිතෙන්නේ. (ස)
පැතුම් Monday, 01 June 2015 06:07 AM
හැබැයි බෙන්තර ගඟෙන් එහා පැත්තේ ඔය වගේ කට්ටිය සුලභයි (බ)
සඳුන් Monday, 01 June 2015 07:56 AM
රෙජි, කාන්තා පක්ෂය අහුවෙලා තව ගොඩක් දේවල් කරගෙන තමයි නවතින්නේ.(ම)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Monday, 01 June 2015 03:31 PM
පැතුම් හරියට බැලුවේ නැද්ද පේන.... බලන්න ගිහින් තියෙන්නෙත් එහේම කෙනෙක් තමා.....ඔයාලගේ පැත්තේ කෙනෙක් අාවනම් ?ගෙදර ගිහින් පැත්තේම ඉන්න මිටි මිනිස්සුත් එක්ක යකා නටාගන්නවා.....මොලේ තියන කෙනෙක් නිසා තමා සල්ලිත් අරගෙන හිනා වෙලා ගියේ.......දරුවා කට පරිස්සම් කරගන්න...රාහුල හාමුදුරුවොත් ඔය පැත්තේම තමා හරිද?..හරිද? (බ)
දයා නන්දසිරි Monday, 01 June 2015 03:45 PM
දකුණේ අය මේ වගේ මෝඩ වැඩ කරයි (බ)
චන්න බුවනක Monday, 01 June 2015 03:57 PM
පේන කියන මිනිහා තමන් ළඟට එන මිනිහගේ කටින්ම තොරතුරු දැනගෙන තමයි කියන දේ කියන්නේ. (නි)
නිහාල් Monday, 01 June 2015 04:00 PM
අංජනම්කාරයෝ ඒ පැත්තේ සුලබයි. වශී ,වශී උග්‍ර වශී, කැවීමක් පෙවීමක් නැත වරු තුනෙන් දෙපා මුලට. (නි)
පිටබැද්දර ජයා Monday, 01 June 2015 10:11 PM
සීසීටීවී දාගන්නකෝ. එතකොට තමුන්ටම බලාගන්න පුළුවන් (නි)
අනුෂ්ක.... Wednesday, 03 June 2015 05:10 AM
දකුෙණනේ, ඔහොම තමයි ඉතින් ගනන් ගන්න එපා (නදී)
ගුණසේකර Wednesday, 03 June 2015 09:39 AM
රටක්කට ගිය කලක්. (ර)