තම කාර්යාලීය මිතුරාගේ මංගල උත්සවයට සහභාගීවන්නට මිතුරන් පිරිස සමග එකමග ගොස් මිතුරන්ට කලින් ඉක්මනින් නිවසට යන්න ගැසූ ප්ලෑන අකුරට ක්‍රියාත්මකවී මුදල් පසුම්බියත් නැතිව මහමගට වැටුණු මිතුරෙකු පිළිබඳ පුවතක් අගනුවරින් වාර්තා වේ.
විවාහ මංගල උත්සවයට සහභාගීවන ලෙසට ලැබුණු ආරාධනාව ඉහළින් පිළිගත් මේ මිතුරු පිරිස එදින මංගල උත්සවයට පිටත්ව යන්නේ තම කාර්යාලයටම ගෙන්වාගත් කුලී වෑන් රථයෙනි. උත්සවය තිබුණේ හංවැල්ල පැත්තේ හෝටලයකය.
විවිධ හේතූන් මත ඉක්මනින් සිය නිවෙස්කරා යාමට අවශ්‍යතා ඇති මිතුරන් දෙදෙනකු පමණක් වාහනයේ පසුපස අසුනේය. එකෙක් පස්දුන් පැත්තේය. අනෙකා සියනෑ පැත්තේය. “මේවාට ගියාම ආයි ඉතින් එන වේලාවක් හිතාගන්නවත් බැහැ. දන්නවනේ අපේ කට්ටියගේ හැටි. අරුන්ව රැග් කරන්න ඕනෑ කියයි. උන්ව ගෙදරට ඇරලවන්න යන්න ඕන කියයි. ඒකෙන් මේකෙන් වෙන්නේ මචං අපිට ගෙදර යන්න රෑ වෙන එකයි. හා නැද්ද හොඳයි.”
“උඹටත් ඉක්මනින් ගෙදර යන්න ඕනෑ නිසා අපි හොඳ ප්ලෑනක් ගහමු.” සියනෑ මිතුරා අනෙකාට කීය. මොකක්ද?. පස්දුන් මිතුරා ඇසීය. අපි මෙහෙම කරමු. ගිය ගමන්ම ජෝඩුවට කතා කරල ටක් ගාලා අතෙන්ට යං. බයිට් නැතත් කමක් නැහැ ළඟ ළඟම වනමු. පුළුවන්නම් කමු. බැරි නම් ඒකත් එහෙමයි. ඊට පස්සේ ජෝඩුවත් ඇදගෙන නටමු. පස්සේ ඔක්කොම නටන්න ගත්තාම අපි හීන් සැරේ පාරට පැනල දෙන්නා දෙපැත්තට එන බස් එහෙක නැගල මාරු වෙමු. අන්න හරි නියමයි. උඹට මොළෙත් තියනවා. ගිහින් අනිත්වුන්ට කෝල් එකක් දෙමු. එතකොට හරිනේ පස්දුන් මිතුරා කීය.
ප්ලෑන එලෙසම ක්‍රියාත්මක විය. පස්දුන් මිතුරා නිවසට ගොස් සියනෑ මිතුරා ඇමතීය. මචං උඹෙ ප්ලෑන නම් නියමෙට වැඩ කළා. මම දැන් ගෙදර. ඔව් ඔව් ප්ලෑන නම් නියමෙට වැඩ කළා. මං ඉන්නේ තාම කිරිඳිවැල. බස් එකේදි මට නින්ද ගිහින් කොන්දා තමයි ඇහැරෙවුවේ. මගේ පර්ස් එකත් නැහැ. බස් එකේදී කවුද උස්සලා. සියලු සේසතම පර්ස් එකේ. විස්තරේ කියලා දිගාට කෝල් කළා මාව එක්කන් යන්න එන්න කියල උන් ඔක්කොම ජෝඩුවගේ ගෙදර ගියාලු. අතේ සතේ නැහැ මචං. මං මේ තනියම තව ප්ලෑනක් ගහනව “ඒ මොකක්ද?” “මීරිගමට යන්න විදියක් ගැන.” කොහොම හරි එළිවෙන්න කලින් ගෙදෙට්ට යන්න එපැයි ඒකයි. සියනෑ මිතුරා කීය.
(සුමති කුඩලිගම)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිතුරාගේ මඟුල් දා කලින්ම මාරුවෙන්න ප්ලෑන් හදා සේසතම සුන්
bandara Monday, 30 September 2019 06:16 AM
අපිට නම් ඔය වගේ ප්‍රශ්න නෑ. අපි බොන්නේ නෑ. හොඳට නටලා, කාලා, අාතල් එකේ ගෙදරත් එනවා. අපේ මෝඩ සිංහල හරකුන්ට බීම නවත්තගන්න බැහැ. මුන්ගේ ටෝක් රට හදන්න... මගේ යාලුවෙක් බීලා බීලා බිම වැටිලා ඇඟපුරා වැලි නාගෙන.. හැමෝම ඉදිරියේ නෝණ්ඩි වෙලා තමයි ගෙදර යැව්වේ.. මොන ජීවිතද අප්පා මෙව්වා.. යකුනේ නොබී ඉන්න පුරුදු වෙයල්ලා... මේ පෝස්ට් එක බලලා 10ක් හැදුනොත් එ්ත් ප්‍රමාණවත්.. මන් නම් හිතන්නේ නෑ එ්ත් බොන එක නවත්තයි කියලා.. බුදු සරණයි !