X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මිනිහගෙ ඔට්ටුව මැද්දට ගෑනි පැනලා ජංජාලයක්

ප්‍රධාන දේශපාලන පක්ෂයකින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ තම අපේක්ෂකයා දිනන බවට මිතුරෙකු සමග මුදල් ඔට්ටුවක් අල්ලා ඒ බව තම බිරියට කීමට ගොස් ඇගෙන් හොඳ හැටි බැනුම් ඇසූ බව කියන පුද්ගලයකු පසුව ඔට්ටුව සමකර ගැනීමට අපූරු උපක්‍රමයක් යෙදූ පුවතක් වයඹ පළාතේ එක්තරා ගමකින් වාර්තා විය.

එම වාර්තාවට අනුව අදාළ පුද්ගලයා මෙවර ජනාධිපතිවරණයෙන් එක් අපේක්ෂකයකු දිනන බවට මිතුරෙකු සමග රුපියල් විසිපන්දහසක ඔට්ටුවක් අල්ලා ඇත.


පසුව ඔහු මේ බව සිය බිරියටද පවසා ඇත්තේ ඇගෙන් මේ සම්බන්ධව සතුටුදායක ප්‍රතිචාරයක් තමාට ලැබේවි යැයි බලාපොරොත්තුවෙනි. නමුත් සිදු වී ඇත්තේ ඔහු කිසි විටෙකත් බලාපොරොත්තු නොවූ දෙයකි.
තමුසෙට පිස්සුද ඕයි. ඔහේ කොහොමද හරියටම කියන්නෙ මහත්තය දිනනවා කියලා. බැරිවෙලාවත් පැරදුණොත් එහෙම අපරාදෙ රුපියල් විසිපන්දහ. ඒ නිසා අපිට ඒ කාගෙන්වත් වැඩිපුර සල්ලි ඕනෙ නෑ. ගිහින් ඔට්ටුවට අල්ලපු සල්ලි ටික ඉල්ලගෙන එනවා.


මේ ආදි වශයෙන් බිරිය ගෝරනාඩු කරන්නට වූවාය. ඇය එසේ කීවත් දැන් ආපසු ඒ ඔට්ටුව අවලංගු කරන්නටද ඔහුට බැරිය. එසේ වුවද බැරිවෙලාවත් ඔට්ටුව පැරදුණහොත් ගෙදර වසන්නටද බැරි බව වටහා ගත් ඔහු ඒ සඳහා විසඳුමක් කල්පනා කළේය.


ඒ අනුව ඔහු තවත් පුද්ගලයෙකු සමග අනෙක් අපේක්ෂකයා දිනන බවටද රුපියල් විසිපන්දහසක ඔට්ටුවක් අල්ලා ඒ බවද බිරියට දැනුම්දීමට පියවර ගෙන ඇත. එවිට කවුරු දිනුවත් ඔහුට ඔහුගේ මුදල් පමණක් ආපසු ලැබෙන්නේය.



අදහස් (0)

මිනිහගෙ ඔට්ටුව මැද්දට ගෑනි පැනලා ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site