මීනී පෙට්ටියක් ගොඩ ගැනීමට ගොසින් මහසෝනා සරම ගලවාගත් සිද්ධියකි. මියගිය තැනැත්තා ප‍්‍රදේශයේ යමක් කමක් ඇති පුද්ගලයෙකි. හදිසි අනතුරකින් ඔහු මියගිය පසුව ඔහුගේ මිනිය මිහිදන් කළේ වටිනාකමින් වැඩි මිනී පෙට්ටියකයි. ”පෙට්ටිය ගොඩ දාගත්තොත් නම් මිනී පෙට්ටි සාප්පුවට ගෙනහින් දීලා කැත නැතුව රුපියල් දහදාහක් නම් ගන්න පුළුවන්. ප‍්‍රදේශයේ තරුණයෙක් සිය මිතුරාගේ කනට කොඳුරා කීවාලූ. එසේ කිව්වේ මියගිය පුද්ගලයාගේ හත්දින බණ අසා එමින් සිටියදීයි. කතා කරගත් පරිදි මිතුරන් දෙදෙනා අවශ්‍ය ආයුධ සපයාගෙන එදිනම රාත‍්‍රියේ මිනී කනත්තට එන විට මධ්‍යම රාත‍්‍රිය පසුවී මිනිත්තු කීපයකි. ගම්මායිමෙන් ඈතක තිබෙන කනත්ත කිසිවෙකුටවත් නොපෙනෙන නිසා තැන්පත් කළ අලූත් සොහොනේ පස් තට්ටුව ඉවත් කර කොන්ක‍්‍රීට් බැම්ම කඩා පෙට්ටිය ගොඩට ගැනීමට වැඩි වේලාවක් ගත නොවීය. සීතලෙන් වෙළාගත් අන්ධකාර රාති‍්‍රය තවත් බියකැර වූයේ රැහැයියන්ගේ ලතෝනියක් වැනි හඬයි. මිනී කනත්ත සිසාරා ඇසෙද්දී මිතුරන් දෙදෙනාගේ සිතට චකිතයක් ඇති නොවුනාම නොවේ. පෙට්ටියේ පියන් දෙක විවෘත කර මිනිය ඉවත් කරද්දීම මිතුරාගේ සරම ගලවා ගත්තේ කවුරුද්දැයි සිතා ගැනීමට කාලයක් නොවීය. ”බුදු අම්මෝ...” යැයි කෑ ගැසිණි. පෙට්ටියයි මිනියයි සොහොන් බිමේම අත හළ මිතුරෝ දෙදෙනා පණකඩාගෙන දුවගියේ කෙනෙකුගේ සරමක් නැතිවය. මිනී පෙට්ටිය සොරාගන්න ගිය මිතුරන් දෙදෙනාට තවමත් ප‍්‍රකෘති සිහිය නැතිලූ. සොහොන් පිටියේදී සරම කඩාගත් මහසෝනා කවුදැයි පසුදින සොහොන් පිටිය පරීක්‍ෂා කළ ගම්වාසීන්ට දැන ගන්නට ලැබිණි. මළ මිනිය නැවත වලට තල්ලූ කිරීමට උත්සාහ කරද්දී මිනියේ කකුලක පැටලී සරම ගැලවී ඇති බව අවබෝධ විය. තවමත් තොවිල් කරන මිතුරන් දෙදෙනාගෙන් කිසිදු තොරතුරක් ලබාගැනීමට අපොහොසත් වී ඇත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනී පෙට්ටියක් ගොඩගනිද්දී මහසෝනා සරම ගලවාගෙන
sumi Tuesday, 07 February 2012 03:52 PM
නියම වැඩක්
හරේන්ද්‍ර Friday, 10 February 2012 11:28 AM
හොරවැඩ කරනකොට ඔහොම තමයි. හිත ගැස්සෙනවා
දුලංජලී මධුශංකා Friday, 10 February 2012 02:21 PM
ඉතා වැදගත් ලිපියක්
MACwolf Monday, 13 February 2012 02:51 PM
මරු වැඩේ!