ඒ හැටි උගත්කමක් නැති එදිනෙදා කුළියක් කර ජීවත්වන ඔහු සිය කුඩා මිණිබිරියට දැක්වූවේ අසිමිත ආදරයකි. දැරියට හදිසියේ ඇති වූ උණ රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා ගමේ රෝහලට රැගෙන ගියාය.
දැරියට වැළඳී ඇත්තේ මැලේරියා රෝගය යයි සැක සිතු වෛද්‍යවරයා ඇගේ ලේ සාම්පලයක් පරීක්ෂා කිරීමට තීරණය කළේය. මෙහිදී ඇතිවූ වේදනාව නිසා දැරිය නොනවත්වාම හැඬීමට පටන්ගත්තා ය. නිවෙසට යන තුරුත් දැරියගේ හැඬීම පැවතිණි.
”මොකද... මොකද...? කෙල්ලේ මේ දරුව මොර දෙන්නේ?” කලබල වූ ඔහු දැරිය වඩා ගනිමින් ඇසුවේය.
දැරියගේ මව ඔහුට සියල්ල පැවැසුවාය.
”මගේ පුංචි එකාගෙ ලේ හොලවන්න එක එකාට එහෙම පුළුවන් ද” මෙයින් දැඩි කෝපයට පත් ඔහු මිදුලට බැස්සේ ”ලේ ගත් පුද්ගලයාට හොඳ පාඩමක් උගන්වමියි” කියමිනි.
මෙම ගාල්ගෝට්ටිය ඇසී අසල්වැසි නිවැසියෝද සීයාගේ නිවෙසට දිව ආහ.
”බලාපල්ල මේ නොදරුවගේ ලේ හොල්ලල”
”ඈ.. මොකාද අප්පේ මේ අපරාදෙ කළේ” මෙහි අගමුල නොදත් ඔවුහු ද විමසූහ.
පසුව කාරණය තේරුම් ගත් අසල්වැසියන් ඔහුගේ ගමන වළක්වමින් ප්‍රදේශයේ මැලේරියා රෝගය පැතිරීමේ අවදානමක් නිසා මෙසේ පරීක්ෂා කිරීම් කළ බව පැවසුවේ සිරිසේනගේ සිත නිවීමටය.
”ඒකට ඉතිං මේ නොදරුවගෙන් පළි ගන්න එක හරියැ” ඔහුගේ ගමන වැළකුණත් ඔහුගේ හිතට නම් ඒ හැටි හරිගියේ නැත.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිනීපිරිට සීයාගේ අරුම පුදුම ආදරය
හංසිකා Monday, 24 March 2014 11:13 AM
දරු සෙනෙහස උතුරා ගියාවත්ද ? (ත)
හේමන්ත Monday, 24 March 2014 03:05 PM
මැලේරියා ගැන නම් දැන් ඕනම කෙනෙක් දන්නවා. මේ සීය කොහේ කෙනෙක්ද අනේ? (ස)
ධම්ම Monday, 24 March 2014 03:17 PM
තම දරුවන්ට වඩා දරුවන්ගේ දරුවන්ට පුදුමාකාර සෙනෙහසක් දැනෙන්නේ. සීයා කෙනෙක් වෙන්නම ඕන එය දැනෙන්න. (ස)
බමුණු Monday, 24 March 2014 07:26 PM
මැලේරියාව මෙරටින් තුරන් කලා කියල නේද පහුගිය දවස් වල කීවේ.(නදී)
පිටිගල Tuesday, 25 March 2014 08:32 AM
මෝඩ අසරණයෙක්! (නදී)
අමිල - බලන්ගොඩ Tuesday, 25 March 2014 08:38 AM
මම හිතන්නේ මැලේරියාව කියල ලියල තියෙන්නේ වැරදිලා. ඩෙංගු කියල සැක කරන්න ඇති. කොහොම උනත් හරිම අව්‍යාජ සීය කෙනෙක්. අද කාලෙ සීයල මිනිබිරීලට කරන දේවල් දිහා බලපුවම මේ සීය මොනතරම් හොඳද? (නදී)
චන්දි Tuesday, 25 March 2014 02:13 PM
මේ සීයා අපේ මහත්තයාගේ තාත්තවත්ද කියලා හිතෙනවා, තරහ යන විදිය බැලුවහම. (ස)
චන්දි Tuesday, 25 March 2014 04:08 PM
දැනට අවුරුදු 4 කට කලින් ඒ කියන්නේ මම මහත්තයත් එක්ක යාලු වෙලා ඉන්න දවස් වල අපේ ප්‍රේම සම්බන්දය මාමන්ඩිට අහු වෙලා අපි දෙන්නව පාරේ දනගස්සුවා. දැන්නම් එයාට ඇවිද ගන්නවත් බැහැ. (නදී)
කුමාරි Tuesday, 25 March 2014 04:48 PM
හේමන්ත, ඇත්තටම මමත් කල්පනා කලේ ඇත්තටම මෙපමනම නොදැන ඉන්න මේ සිය කොහේ කෙනෙක්ද? (නදී)
කුෂී Tuesday, 25 March 2014 05:30 PM
ඔහුගේ නොදැනුවත්කම ගැන මට දුකයි (නි)
ශාන්ති Wednesday, 26 March 2014 01:19 AM
මට දුක ඔහුගේ බොරුවට කලබල වීම ගැනය (දී)
රන්දික Wednesday, 26 March 2014 07:55 AM
පවු,අහිංසක මිනිස්සු... (නි)
හිල්මි සමදරා Wednesday, 26 March 2014 05:58 PM
චන්දි ඔයාට හොඳ වැඩේ. පොටෝ එකකක් තිබුනානම් දාන්න බලන්න ආසයි. (දී)
හිල්මි සමදරා Wednesday, 26 March 2014 06:06 PM
අන් කිමද දරු සෙනෙහස හැර. (දී)
චන්දි Wednesday, 26 March 2014 11:00 PM
හිල්මි,සමදරා,මේ අදහස් දෙකම මගේ නමින් කවුදෝ ලියූ ඒවා. දැන් මේ ලියන්නෙත් ඔයා ලියූ දේ දුටු නිසයි.බේද බින්න නොවී කවුරුත් සතුටින් ලියමු. ඔයා සමදරාම නම් නැවත ලියා ඒ බව දැනගැනීමට සළස්වන්න. (නි)
දිලූ Thursday, 27 March 2014 12:44 PM
ලේ වුණත් ගත්තේ මොකටද කියල හොයල බලලා කෑ ගහන්න එපායැ. (ස)