(කටුගස්තොට - ධම්මික ගුණවර්ධන)
වියළි මිරිස් කරල් කිහිපයක උපායකින් තම බිරියගේ සොර සැමියා අතටම අල්ලාගෙන බිරිය සමඟ සොර සැමියාද බිරියගේ මවුපියන්ට බාරදුන් පුද්ගලයකු පිළිබඳව කන්ද උඩරට ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු මැදිවියේ පසුවන වෘත්තියෙන් පෙදරේරුවකු ලෙස සේවය කරන අයෙකු වන අතර තවමත් දරු මල්ලන් නොමැති ඔහුගේ බිරියද මැදි වයසේම පසුවුවත් ඇයට ඇත්තේ තරුණ පෙනුමකි.
වෘත්තියේ ඇති මනා නිපුනතාව නිසාම ඔහුට දුර බැහැර ප්‍රදේශවල පවා වැඩ ලැබුණු අතර එවැනි අවස්ථාවල ඔහු දින තුනක් අනිවාර්යයෙන් නැවතී වැඩකර යළි පැමිණීම සිරිතක් කොට ගෙන සිටියේය.
මේ අතර ඇය නිවෙස ආසන්නයේ සිටි තරුණයකු සමඟ අනියම් සම්බන්ධතාවක් ඇතිකර ගත්තේ සැමියාගේ දින තුනේ නිවාඩුවද ප්‍රයෝජනයට ගනිමිනි.
ඒ පිළිබඳව ඔහුටද කනින් කොණින් ආරංචි වුවද එය සත්‍යයක් බවට පසක් කරගත් පසු එදිනත් ඔහු දුර බැහැර වැඩකට යන මුවාවෙන් නිවසින් පිටව ගියේ තම බිරියට ද කිසිදු සැකයක් නොසිතෙන පරිදිය.
එසේ ගිය ඔහු හදිස්සියේ දෙවැනි දින රාත්‍රියේ නිවසට පැමිණ ඇත්තේ ඇගේ මවුපියන් හා ඇගේම සොයුරන් දෙදෙනෙකුද සමගිනි.
එසේ පැමිණි ඔහු ඇය නිවෙසින් එළියට කැඳවා තම අතෙහි වූ වියළි මිරිස් කරල් කිහිපයක් නිවසේ සාලයේ ගිනි තබා නැවත එළියට පැමිණ ඔවුන් සමග සුහද කතා බහක නිරතව සිටීමටද අමතක නොකළේය.
තවත් සුළු මොහොතකින් මිරිස් දුම වැදී කහිමින් හා කිවිසුම් අරිමින් එසේ ඇය සමග නිවසේ සිටි අසල්වැසි තරුණයාට එළියට පැමිණීමට සිදුවූ අතර කිසිදු ආරවුලක් ඇති කර නොගත් ඔහු තවදුරටත් ඇය සමග දීග කෑමට නොහැකි බව පවසා එම තරුණයා සමග ඇයද ඇගේ මව්පියන්ට බාර කළේය.
ඉන්ද නොනැවතුනු ඔහු ඒ පිළිබඳව ඇගේ දෙමාපියන්ට පසු දිනම තමා සමග පොලිසියට පැමිණ පැමිණිල්ලක් කිරීමට එන ලෙසට සුහදව ඇරියුම් කිරීමටද අමතක නොකළේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිරිස් කරලෙන් හොරේ අල්ලා බිරිය තරුණයකුට දන් දීලා
wijesundera Monday, 30 April 2018 11:24 AM
ඔබ ඉතාම යහපත් කෙනෙක් .මිනී මැරුමක් නොවී ගැටලුව විසඳීම ඉතාම විශිෂ්ටයි
vihanga Wednesday, 02 May 2018 07:19 AM
ඉතා හොඳ මනුස්සයෙක්...