X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මීයාගෙන් බේරන්න සබන් කැටය ශීතකරණයට දාලා

මෙම නිවසේ කාලයක සිට මීයෙකු ගැවසෙන්නට විය. නිවැසියන්ගෙන් ඌට කරදරයක් නොවූ නිසා මීයාගෙන්ද කරදරයක් නොවීය. මීයා රාත‍්‍රි කාලයේදී නිවස තුළ දිව්වත් නිවසේ පියා, මව සහ කුඩා දියණිය ඌ දෙස බලා සිටියා විනා හිරිහැර කළේ නැත. දිනක් ඥාති පුත‍්‍රයෙක් දින කිහිපයක් ගතකිරීම සඳහා නිවසට පැමිණියේය.

මීයා ඔහු ඉදිරියේද රැඟුම් දක්වන්නට විය. ඥාති පුතාට මීයාව දිරෙව්වේ නැත. හෙතෙම පොලූ කැබැල්ලක් රැගෙන කාමරයේ ගමන් කළ මීයාට  පහරක් ගැසීය. පහර කෑ මීයා කෑ ගසමින් නොපෙනී ගිය අතර එදා සිට නිවැසියන්ට හිරිහැර කරන්නට විය. නිවසට ගෙනෙනා පලතුරු වර්ග කමින්, සහල් මලූ ඉරා දමමින් එපමණක් නොව ඔවුන්ගේ නින්දට බාධා වනසේ යම්යම් දේ පෙරළමින් සහ ශබ්ද කරමින් හැසිරෙන්ට විය. මියා සබන් වර්ග ද ලෑටි ගෑම නිසා ඒවා ඉවත දැමීමට සිදු වූ  වාර අනන්තය. ඥාති පුත‍්‍රයාට කොතෙකුත් එපා කීවත් ඔහු මාර පුත‍්‍රයාවී නිදි මරාගෙන මීයා ඝාතන මෙහෙයුම ක‍්‍රියාත්මක කළත් සාර්ථක වූයේ නැත.

දිනක් ගෙහිමියා මුහුණ සෝදා ගැනීම සඳහා සබන් කැටය සෙවූ විට දියණිය පැවසුවේ මීයාගෙන් ආරක්ෂා කිරීම සඳහා සබන් පෙට්ටිය ශීතකරණයේ තැබූ බවය. සබන් සුවඳ යැවීම සඳහා ශීතකරණය පිරිසිදු කොට දොර විවෘතව තැබීමටද එනිසා සිදුවිය. ඥාති පුත‍්‍රයා එදිනම තම ගම්බිම් බලා පිටව ගිය අතර මීයාගේ කරදරයද එදා සිට නැවතී ගියේය.
 



අදහස් (0)

මීයාගෙන් බේරන්න සබන් කැටය ශීතකරණයට දාලා

හේරත් Wednesday, 25 September 2013 10:05 AM

බොරු කතාවක්... (ස)

:       0       0

සරත් Wednesday, 25 September 2013 10:06 AM

මීයාගෙන් සබන් කැටය බේරා ගන්නම බැරි නම් කරන්න තිබුනේ රජකාලෙ වගේ සබන් පෙට්ටියටම ඉබ්බෙක් දාල තියන එකයි! ශීතකරණයේ තැබීමෙන් අපරාදේ වැඩ දෙකක් උන එක විතරයි උනේ! කොහොම උනත් මීයෝ වැඩි වෙන්න කලින් ඥාති පුත‍්‍රයා ආපහු ගිය එකනම් බුද්දිමත් තීරණයක්! එහෙම නොවුනා නම් තාත්තට වෙන්න දියණියවත් ශීතකරණයට දාල තියන්නයි! (ස)

:       0       0

බණ්ඩාර Wednesday, 25 September 2013 10:35 AM

ඥාති පුත‍්‍රයාත් හරියට වරුණ වගේ, වෘෂභ රාජයෙක් . ඒක නෙමෙයි වරුණ, කෝ අර උරුලෑවා? තාම ගරු කරනවද? හිකිස් ! (ස)

:       0       0

ශානුක ප්‍රියන්ත Wednesday, 25 September 2013 10:37 AM

සතෙක් වුනත් ඌට අපෙන් හිරිහැරයක් නැත්නම් සතාගෙන් අපිට හිරිහැරයක් වෙනවා අඩුයි. ඒත් කුඩා ළමුන් ගෙදර ඉන්නවා නම් මීයෝ වගේ සතුන්ගෙන් ආරක්ෂා කරගන්න වැඩිහිටියන් වග බලාගන්න ඕනේ. (ස)

:       0       0

දිසානායක Wednesday, 25 September 2013 10:43 AM

කොහෙන්ද අප්පා මේ වගේ කතා ........................අද නම් මම හරියට හිනා උනා ..අතින්ම කිචි කවා ගත්තා. (ස)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 25 September 2013 11:08 AM

අප්පේ, මේකට හිනා යන්නේ නෑනෙ. මීට වඩා හිනා යනවා පහන්ගේ කතා වලට. පහන්, ඔයාට අද නම් මොනවා හරි කතාවක් ලියන්නම වෙනවා. (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Wednesday, 25 September 2013 11:13 AM

කෝ පහන් ??? (ස)

:       0       0

පහන් Wednesday, 25 September 2013 11:19 AM

ඉහිරුණු කිරට නාඩන සතකු බැවින් මම මීයාට වඩා පුසාට ගරු කරමි. (ස)

:       0       0

පහන් මඩුගල්ලේ Wednesday, 25 September 2013 11:21 AM

ඔන්න තරුණියක හා තරුණයෙකු චිත්‍රපටියක් බලන්න ගියාලු .එක පාරටම තරුණියගේ ඇඳුම ඇතුලට මදුරුවෙක් ගියාලු .මදුරුවා දෂ්ඨ කරලා තියෙන්නේ කොහෙද කියල දන්නවද ?තරුණයාගේ අතට. (ස)

:       0       0

අරුණි Wednesday, 25 September 2013 11:36 AM

කෝ අද තාම වරුණ නෑ වගෙයි. බණ්ඩාර කියන දේ ඇත්ත වගේ. (ස)

:       0       0

කටා මාමා Wednesday, 25 September 2013 11:43 AM

සමාජ ජීවිතය එපා වී වනගත වූ තාපසෙකුට තමාට කියා තිබුනේ විලි වසාගැනිමට අමුඩ දෙකක් පමණි. නා පිරිසිදු වී අනිකෙන් විලිවසාගෙන තෙමුන අමුඩේ වේලෙන්න දැමු කල මීයෙක් එය හපා කපා දැමුයෙන් ඌ මෙල්ල කරන්න පුසෙක් ගෙනාවේය, පුසාට කිරි දෙන්න හරකෙක් ගෙනාවේය, හරකා රැක බලාගන්න තරුණයෙක් ගෙනාවේය, තරුණයාගේ තනියට අඹුවක් ගෙනාවේය, දන්නෙම නැතිව දරු මල්ලන් පිරි නිවසක සිරි ගත්තේය. (නි)

:       0       0

සරත් Wednesday, 25 September 2013 11:50 AM

පහන්, නියමයි. අපේ කාලේ ඔය මදුරුවා හිටියා නම් අත ගන්නම දෙයක් නැතිවෙයි විදලම. (නි)

:       0       0

සෙනරත් Wednesday, 25 September 2013 12:23 PM

අය්යෝ !! කවුරුවත් ආවා ගියා කියලා මීයාගේ වැඩ නවතන්න බෑ. අර මී කුඩුවක් ගෙනැල්ලා අල්ලලා ඈතකට ගෙනිහින් දාන්න. (ස)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 01:20 PM

පහන්, ඔයත් මාර මිනිහෙක් තමයි. මදුරුවා විද්දේ ඔයාගේ කොයි අතටද? (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 02:14 PM

අයියෝ පහන්, කොහෙන්ද අනේ ඔයාට මේ කතා? නියමයි මල්ලි නියමයි. තව ලියන්න. තනියෙන් පාලුවෙන් ඉන්න අපිට ඔබ රස සාගරයක් !! (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Wednesday, 25 September 2013 02:23 PM

නියමයි පහන්. හරියට ඩීසීඩී නැති කිරි වගේ. කොටින්ම කියනවා නම් "එළකිරි". (ස)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 25 September 2013 02:32 PM

මමයි, රූපවතී අක්කයි කන්ඩලමේ ගිය දවස්වල නම් එක මදුරුවෙක්වත් කෑවේ නෑ. මොකද අපි දෙන්නා නැවතිලා හිටියේ අර ජපන් රජ කුමරිය නැවතිලා හිටිය කාමරේමයි. මාර සැප ඒ කාමරේ. (ස)

:       0       0

ප්‍රේමකුමාර Wednesday, 25 September 2013 02:34 PM

චන්දි අක්කේ පාලුව නැති වෙන්න පොඩි වෙනසකටත් එක්ක අපි දෙන්නත් යමුද කන්ඩලමේ? (ස)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 02:56 PM

අනේ සහෝදරයා !! රූපා කියන්නේ මගේ සහෝදරියක්, ඉතින් ඔයා එයත් එක්ක එදා කන්ඩලමේ ගිහින් ඇවිත් .., අද මට යමුද කියන්නේ !!!! ෂි..,ෂි කැතයි .!! බෑ..බෑ .කැතයි !!! ලජ්ජා නැද්දෝ .. කියන්නකෝ අයියේ . ඩිංගක් හිතන්නකෝ අයියේ .., දැන්වත් හැදෙන්නකෝ අයියේ (ස)

:       0       0

පහන් මඩුගල්ල Wednesday, 25 September 2013 03:20 PM

ඉන්දු ,අමිල ,සරත් ,අසෝක ,චන්දි ඔයාලා මගේ කථා අගය කරන නිසා තමයි මම කොච්චර වැඩ තිබුනත් .දෙයියෝ සාක්කි තීරයට ඇවිත් යන්නේ . ඔයාලා මේ කථා වලට හිනා උනාට මගේ වයිෆ්ට මේ කථා වලට හිනා යන්නේ නැහැ .ටියුබ් ලයිට් එකක් වගේ .මම එයාගේ යාලුවෝ ඉන්න තැන ඔය කථා ඉඳහිට කියනවා .උන් පැලෙන්න හිනා වෙනවා. එතකොට ඔන්න එයත් යාළුවෙකුගෙන් තේරුම අහගෙන හිනාවෙනවා . (ස)

:       0       0

සරත් Wednesday, 25 September 2013 05:30 PM

පහන්, ඔයාගේ වයිෆ් ගැන දාලා තියෙන එකත් නිකන් කතාවක් වගෙයි! ඒ කතාවට මට ඔක්කොටම වඩා හිනා ගියා.වැඩියෙන්ම හිනායන්න කාරණය තමයි මගේ වයිෆ් ඉන්නවනේ, එයත් ඔය කියන ජාතියෙමයි (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Wednesday, 25 September 2013 07:16 PM

පහන්ගේ වයිෆ්ගේ කතාවට තමා මට හරියට හිනා ගියේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 September 2013 07:25 PM

මී කතුරක් පාවිච්චි කරන්න. මීයෝ නිසා නොයෙකුත් රෝග බෝ වෙනවා. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 25 September 2013 07:49 PM

පහන්, මදුරුවෝ අදුරු තැන් වල ගැවසෙනවා වැඩියි. ඒක නිසා අදුරු තැන් වලට අත්‍ දැමීමෙන් වළකින්න (නි)

:       0       0

හේරත් Wednesday, 25 September 2013 07:53 PM

ඥාති පුත‍්‍රයාගෙන් මීයාත් සබන් කැටයත් දියණියත් බේරුනානේ. අනේ! (නි)

:       0       0

ඉන්දු Wednesday, 25 September 2013 07:56 PM

මීයා සම්බන්ධයෙන් වැඩවලට සහ කතා වලට නම් පහන්ගේ වයිෆ් කට ඇරලා හිනා වෙනවානේ. පහන්ගේ මොකක් හරි අවුලක් ඇති. (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 07:58 PM

පහන්, එහෙනම් ඔයත් වයිෆ්ව ෆිල්ම් එකකට ගෙනියන්න. ටිකක් වෙලා යනවිට මදුරුවෙක් එයි.පහන්ගේ අතට විදියි.එතකොටවත් වයිෆ්ට හිනා යයි (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 08:02 PM

අනේ පව් සරත් ඔයා !!! ඔයා අර කොහිල වළවල් වල ගිහින් හොයා ගත්ත කෙනා ගැනද මේ ලියලා තියෙන්නේ. ඒ කාලේ දකුණට ආවා නම් ඇතිවෙන්න අපිට හිනා වෙන්න තිබුනනේ (නි)

:       0       0

දුමින්ද Wednesday, 25 September 2013 10:26 PM

මීයා අල්ලන්න ක්‍රම ඕනෑතරම් තිබෙනවා. (නි)

:       0       0

රූපවතී Wednesday, 25 September 2013 10:35 PM

සරත් මල්ලි,ඔයාට ෂුවර්ද ..? ෆිල්ම් එක බලද්දීද මදුරුවා කෑවේ? (නි)

:       0       0

රූපවතී Wednesday, 25 September 2013 11:03 PM

අනේ මම නම් කැමති නැහැ ඔය මීයෝ ගැන කතා කරන්න. මම දවසක් මට මල් කඩපු කොල්ලෙක් හමුවෙන්න ගියා කුරුණෑගලට.. අම්මට කිවුවේ අයියයලාගේ ගෙදර යනවා කියලා. ටෙලි‍ෆෝන් ආවේ මෑතකනේ.හිතුවේ නැහැ එළිවෙයි කියලා.ඔය නගර දෙකටම අතරේ උන්නා මම හීන ගොඩාක් මවාගෙන.කිලෝ මීටර් 2ක් විතර පයින් ගමෙන් බස් පාරට යන්න මගට බහින්න හදනවිට මෙන්න බොලේ අපේ අම්මා.අලුත වැලේ හැදුනා කියලා පුතාට ගෙනිහින් දීපන් චුටි මැණිකේ..කියලා හෙන එළවලු මල්ලක් අතේ තියාපි.මොනවා කරන්නද? ඕකත් අතේ තියාගෙන කරන්නේ මොකද්ද ..? කල්පනා කරමින් යන මගේ අර ඒ දණ්ඩ ඔයට දමපු තැන ඒ වෙනකොට පාලමකුත් තිබුණා.විසිකළා ඔය එළවලු මල්ල ඔයට.ගියා මගේ පෝතකයා බලන්න.හැබැයි ගෙදර ඇවිල්ලා අම්මට කිවුවා. අම්ම එදා කම්බුලේ අතක් තියාගෙන දත් මිටිකෑවට අම්මා මිය යන දවසේ රාත්‍රීයේ පව්ලේ සියල්ලම රැස්වී සිටිතැන ඒ සිදුවීම පව්ලේ හැමටම කියලා හිනා වුණා..මගේ මෑණියන්ට නිවන් සුව ලැබේවා ...! (නි)

:       0       0

මලිති Thursday, 26 September 2013 12:13 AM

ස්තුතියි පහන් ඔබේ රස කතා වලට (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 12:32 AM

පහන්, තාම අත මදුරුවා කනවද?ගන්න එපා අත එහෙම. ඌ අත කාපුදෙන්...මදුරුවා නේ.මුහුන බේරා ගන්න. මොකද හෙට යාලුවෝ අහවි කව්ද මුහුන කෑවේ කියලා. මට පෙනෙන්නේ චන්දි මදුරු දැලක් කියලයි (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 26 September 2013 12:47 AM

මොනවා වුණත් සත්තුන්ට හිංසා කරන්න හොද නැහැ.මට මතක් වුණේ ඉන්නකම් දස අකුසල් ඔක්කොම කරලා අපායේ ගිය අපේ ඇමතිතුමෙක් ගැන. අපායේ ගියාට පසු යම රජ්ජුරුවෝ කිවුවලු , ඔබතුමා කැමති දඩුවමක් තෝරාගන්න කියලා. මෙහෙ වගේ තමා ඇමතිට සැළකිලි.රජතුමා දඩුවම් විදින ඒ ඒ තැන්වලට එක්කගෙන ගියාලු.එකකටවත් ඇමතිතුමා කැමති වුණේ නැහැලු.අන්තිම තැන තියනවලු එක කට්ටියක් අසුචි වලකට බැහැලා සිගරට් බොන දඩුවමක්. ඒක විතරයි දුටු දඩුවම් වලින් ටිකක් හරි සහනයක් තියෙන දඩුවමක් කියලා හිතපු ඇමතිතුමා ඒ දඩුවම තෝරා ගත්තලු.යම රජතුමාගේ නියෝගය පරිදි වලට බැහැලා සිගරට් බොන්න ගත්තලු. ටික වෙලාවක් ගත වුණාලු.මේ දඩුවම බාරව ඉන්න යම පල්ලා එතනට ඇවිල්ල විසිල් පාරක් එහෙම ගහලා. අර අපේ පොලිසියේ මහත්තුරු ගාව තියන විසිල් එකම තමා. සද්දෙට මෙහෙම කිවුවලු ..හා.. හා ...දැන් විවේක කාලේ ඉවරයි, හැමෝම ඔලුවෙන් හිට ගනිල්ලා .... (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 01:28 AM

සරත් අයියේ, මීයා සනීපෙන්ද? (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 06:23 AM

"අයියෝ පහන්, කොහෙන්ද අනේ ඔයාට මේ කතා?" " මගේ පෝතකයා" හා හා හොරේ දැනුනා..දැනුනා... මට හෝ හෝ ගගා .... මේ අර පෝතකයාගේ අහවලා නෙව රූපා කියන්නේ. (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 06:43 AM

" සරත් මල්ලි,ඔයාට ෂුවර්ද ..? ෆිල්ම් එක බලද්දීද මදුරුවා කෑවේ?" අතද නැතිනම් ඇඟිල්ලක්ද? ඉගිමුණාද?කහනවද?රූපා කියන්නේ ෆාමසියක ලොක්කෙක්. බේතක් අහලා බලන්න. (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 06:51 AM

පහන් ඔයා බබෙක්ද?. (නි)

:       0       0

සරත් Thursday, 26 September 2013 08:33 AM

හේරත් ෂුවර් එකටම රූපවතී අක්කා කියයි ඕකට ෆාමසියේ නම් බෙහෙත් නැහැ. මම දන්නා කෙම් ප්‍රතිකාරයක් තියෙනවා,කියලා කියයි! (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 08:45 AM

සරෝ, නුඹ හරි. (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 08:53 AM

කටා මාමා තාපසයෙකු වෙලා තපස් රැකපු කාලේ තාම මතකද? (නි)

:       0       0

තිලක් Thursday, 26 September 2013 09:09 AM

සමගියෙන් ආදරෙන් කල් ගෙවන වියපත් අඹු සැමි යුවලක් හිටිය. පොඩි පොඩි ආරවුල් ඇති වෙන්නේ නැති ගෙවල් නැනේ ඒවා බත ඉදෙනකම් විතරනේ.මේවගේ දවසක් දෙන්න දෙමාල්ලෝ විරසක වෙලා. දවසම ගනු දෙනු කලේ කතා නොකර. රෑට නිදා ගන්න බිරිඳ කාමරය සුදානම් කලත් සැමියා අල්ලපු කාමරේ නිදාගත්තා. බිරිඳ බලා ඉන්නවා ඉන්නවා එන්නේ නෑ. බැරි තැන විදුලි පහන නිවල නිදාගත්තා. ටිකකින් බිරිය යටිගිරියෙන් කෑගහන සද්දයක් ඇහුන. සැමියා බලන්න ගියා. මීයෙක්! මීයෙක්!! බිරිඳ බය වෙලා දෙන්නම එකතු වෙලා මීයව හෙව්වත් හමු වුනේ නෑ. ඉතින් මීයට බයේ ඔය කාමරේ නිදාගන්න බැරිනම් යමු අර කාමරේට ඒ විරසකයත් ඔන්න ඔහොම සොඳුරු ලෙසින් අවසන් වුනා (අ)

:       0       0

චන්දි Thursday, 26 September 2013 09:09 AM

මෙන්න බොලේ ., අපේ සරා .., හේරා එක්ක එකතු වෙලා ''ආසියා'' කපනෝ .(අ)

:       0       0

කටා මාමා Thursday, 26 September 2013 09:14 AM

පසු වදන: ගොඩක් ඉස්සර මන් අහපු තාපස කතාව කෙටි කර කිවත් බිරින්දෑවරුන්ට තේරෙනවද මන්දා. හුදෙක් සරල ජිවිතයක් සොයන කෙනකුට අවම වශයෙන් මොනවා හරි දෙයක් එකට වැඩියෙන් තිබුනොත් ඇතිවෙන ගැටළු මතුවීම නිරුපනය කරන සරල කතාවක් ලෙස තේරුම් ගනිත්වා. (අ)

:       0       0

කටා මාමා Thursday, 26 September 2013 09:34 AM

තිලක් එක්සේලන්ට් ඔබේ කතාව. (අ)

:       0       0

චන්දි Thursday, 26 September 2013 11:04 AM

තිලක්,කතාව නම් පංකාදුයි.මල් පහයි.මගෙන් සිනා මල් මිටක් !!! (නි)

:       0       0

සරත් Thursday, 26 September 2013 11:23 AM

පහන්, බලාගෙන යනකොට මදුරුවෝ කලා තියෙන්නේ මගේ විතරනේ. අනෙක් කවුරුවත් මදුරුවො කලාම නැහැ වගේ..... පවු.... (ස)

:       0       0

රොහාන් Thursday, 26 September 2013 11:27 AM

අපේ ගෙදරත් මීයෝ හිටියා.ඒත් මගෙන් ගැලවිලා යන්න බෑ.... (ස)

:       0       0

ඉන්දු Thursday, 26 September 2013 11:49 AM

පහන්, තිලක්, කටා මාමා , ස්තුතියි ඔබ හැමදෙනාගේ රස කතා වලට. අමතක වුණා විශේෂයෙන් රුපවති අක්කටත් ස්තුතියි. දැන් මේ කතාවේ ප්‍රධාන චරිත දෙක මීයා සහ මදුරුවා ! (නි)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 26 September 2013 12:32 PM

චන්දි මොනවා? රූපවතී ඔයාගේ සහෝදරී? ඔයලා එකම මවකගේ දරුවෝද? නැත්නම් එකම පියෙකුගේ දරුවෝද? (නි)

:       0       0

අහිංසක Thursday, 26 September 2013 12:42 PM

සරත්ගේ කතාවට මට හොඳටම හිනා...... (ස)

:       0       0

කුමාරිහාමි Thursday, 26 September 2013 01:35 PM

රූපවතී, ඔය දැන් බැඳලා ඉන්නේ ඒ පෝතකයද? (නි)

:       0       0

ජය Thursday, 26 September 2013 01:40 PM

රූපවති, ඕවා ගිහින් දෙන්න එපායැ ඔයාගේ මලට (නි)

:       0       0

කටා මාමා Thursday, 26 September 2013 02:19 PM

රූපවති මොකද අම්මට කිවුවේ කුරුණෑගලට ගියා කියලා. (නි)

:       0       0

රූපවතී Thursday, 26 September 2013 03:15 PM

අනේ ..නැහැ කුමාරි .අක්කේ.. .?ඔය යක්කු එකෙක් වත් හරි හමන් කළු යක්කු නෙවේ..?උන්ට පින නැහැ ...? (ස)

:       0       0

රූපවතී Thursday, 26 September 2013 03:22 PM

කටා මාමේ, තිලක්, දිසා, පහන්, ඔයාලගේ හැමෝගෙම අදහස් ගොඩාක් විනෝද බරයි ..ස්තුතියි !මොහොතකට සිනා සයුරේ ..පීනුවා ..?..විහිළුවක් නෙවී ..ප්‍රශ්නයක් මම හැමෝගෙන්ම අහන්නේ ..මෙතන ඉන්න කවුරුවත් ..විදේශයන්හිදී .."වෝර්ටර් පාර්ක් " ගිහින් තියනවද ....? බලන්න කියන්න .? අපේ ලංකාවේ නම් තියනවද දන්නේ නැහැ ..නැතුව ඇති ..මගේ හිතේ ..? (ස)

:       0       0

රූපවති Thursday, 26 September 2013 03:33 PM

මගේ නම කියල කෑගහනවා එලිවෙච්ච වෙලේ ඉදන් වැඩක් කරගන්න නැහැ ..?විභාගේ ෆේල් උනොත්..මේ නම කියල අඩගහන කට්ටියන්ගේ ගෙදරකට ගිහින් නවතිනවා ...? (අ)

:       0       0

සරත් Thursday, 26 September 2013 03:35 PM

රුපවති අක්කේ, කුමාරිහාමි නගාටත් වැඩ නැද්ද මන්ද නේද. (අ)

:       0       0

රූපවති Thursday, 26 September 2013 03:36 PM

ප්‍රේම කුමාර ..අයියේ ..චන්දි.නංගියි මමයි හදවතින් එකම අම්මෙකුගෙයි එකම තාත්තෙකුගෙයි..කෙල්ලෝ දෙන්නෙක් ...ඇයි..උප්පැන්නේ දෙන්නද ..අහල බැලුවේ ..? (අ)

:       0       0

දිසානායක Thursday, 26 September 2013 04:17 PM

පළමුව රෑපවතිගේ ප්‍රශ්නෙට පිළිතුරු, විදේශයේදී ගිහින් තියනවා ..ලංකාවෙත් තියනවා බියගම කැලණිය පාරේ තියෙන්නේ නම වෝටර් විලේච් ....කොහෙද කුරුණෑගල වෙල් කිරිල්ලියෝ ඕවා දන්නේ නැහැනේ. මිනී ඔලු ඇහිදින්න විතරද දන්නේ ...ගමේ වට්ටක්කා ඇට කාල රට ආවහම අමතක වෙනවා ලංකාව ... (ස)

:       0       0

දිසානායක Thursday, 26 September 2013 04:24 PM

වැහි දිය මහා බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද ...........රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද .......විහඟුන් පෙම් ගී ගැයුවාට ගී කියන්නේ උන් විතරද ......මට රූප විතරක් උනාට රූපට ඉන්නේ මම විතරද ..............දීපල්ලකෝ උත්තර .ලොවි ගහෙත් නැහැ.....එහෙනම්. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 26 September 2013 06:44 PM

රූපවති, හරිහමන් කළු යකෙක් ඉන්නවා.හරියට ලිපිනය පළකරන්න. එසැනින් කකුල් දෙක ළග (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 07:45 PM

බිම තෙමෙනා මහා වැස්සට දිසෝ අනේ තෙමෙන්නෙපා අහසේ ඇති තරු ගනින්න මද්දහනේ බලන්නෙපා විහගුන්ගේ ගී අහන්න මහ වනයට යන්න එපා රුපාට කොච්චර හිටියත් දිසෝ අනේ අඩන්නෙපා // (මටත් දුකයි...). (නි)

:       0       0

පහන් මඩුගල්ල Thursday, 26 September 2013 08:11 PM

බිම තෙමන්නේ වැහි වලින් විතරක් නෙමෙයි.මුත්‍රා කරනකොටත් බිම තෙමෙනවනේ (නි)

:       0       0

හේරත් Thursday, 26 September 2013 08:54 PM

"ඇයි..උප්පැන්නේ දෙන්නද ..අහල බැලුවේ" .....හ්ම් හ්ම්ම්ම් ...කොහොමද ඔලුව හදන්නේ? කවදට කොහොම කොරන්නද?

:       0       0

චන්දි Thursday, 26 September 2013 08:56 PM

මන් වැඩ ඉවර වුන ගමන් දඩි බිඩි.., ගාල පත්තරේ පිටු පෙරලා ගත්තා . මෙන්න බොලේ .., රෙජිස්ටර් කන්තෝරුවෙන් ඇවිත් උප්පැන්නේ ලියන්න මගේ දයාබර සහෝදරි උත්තරේ දීල නිසා මන් නිහඩ උනා (නදී)

:       0       0

හේරත් Thursday, 26 September 2013 09:29 PM

රූපා තාම නැහැ. අන්න රහස මෙන්න..... "පිස්සුව වැඩි කරන බේත් විකුණන පාමසි අල්ලනවලු" .කව්රුත් කොට උඩ වගේ.... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 26 September 2013 09:41 PM

බිම තෙමෙනා මහවැස්සට මම මොකටද බය වෙන්නේ ....... මද්දහනට මොන තරුවද අහස් මාලිගා හදන්නේ ........ විහගුන්ගේ ගී රාවෙට මොන සතාද ගෙට දුවන්නේ ....... රූපා නැති වුණත් දුක නැහැ හේරතයගේ නගා ඉන්නේ.. (නි)

:       0       0

කටා මාමා Friday, 27 September 2013 04:32 AM

ඉස්සර අපේ ගෙදර රේඩියෝ එකක් තිබුනා. ඒකේ රාත්‍රී දහය හමාරට හින්දි සින්දු අපි අහනවා. දවසක් අපේ පූසා තරහවෙලා වගේ අහක බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ සුදු මී පැටියෙක් වහලෙන් වැටුනා, මීයා වනාහි නපුරු සතෙකි. මීයාට අපි කවුරුත් කැමති නැත. මීයා පාන් කන්න කැමතිය. මීයා පුසට බයය. මීයාට කකුල් හතරක් ඇත. මීයා අපේ පාසලේද දක්නට ඇත. මීයා ගැන කියනවා නම් තව ගොඩක් ඇත. (නි)

:       0       0

කටා මාමා Friday, 27 September 2013 04:42 AM

මියන් වඳ කිරීමේ ක්‍රම 100 ඇතුලත් පොතක් ඉස්සර තිබුනා. එය කියවා බලන්න කාටත් අතපසු විය. ගේ මුල්ලක දමා තිබු ඒ පොත මීයෙකු විසින් විකා විනාශ කළෙන් තාමත් මීයන් නොනැසී සිටිති. ඒ පොතෙන් වැඩක් ගත්තේ මීයන්ම පමණි. (නි)

:       0       0

ප්‍රියා Friday, 27 September 2013 05:31 AM

ඔයගොල්ලෝ හරි ජොලි අනේ. මං හැමදාම කියවනවා ආසාවෙන්. (නි)

:       0       0

fyar;a Friday, 27 September 2013 06:38 AM

දීග නොගිය මගේ නගා (78) එක පයින්ය දීග යන්න - මගේ වයසත් අසු පහයි (85) අත පය නැහැ වැඩ කොරන්නේ - උඹ වගේ මචං කෙනෙක් කාලෙකින් නොව හම්බ වෙන්නේ - අනේ මචෝ දැන්ම ඇවිත් ඒ ආච්චිව අරන් යන්න.(නදී)

:       0       0

දිසානායක Friday, 27 September 2013 09:51 AM

fyar ට පිළිතුරු .....,වයස ගියත් නැහැ අඩුවක් මට නම් ඒ ගැන දැනෙන්නේ .........දෑවැද්දට කෝටි ගණන් මට එනවනේ නැහැ සැලෙන්නේ ...........ඕනා නම් උඹත් වරෙන් උඹ මැරුණම ගේ ලැබෙන්නේ .......නංගිගේ නාඩිය වැඩ නම් හනිමුන් යන්නට වඩින්නෙ............... (ස)

:       0       0

චන්දි Friday, 27 September 2013 10:12 AM

ආච්චි උනත් මොකද ..?හොඳට ලව් කරනවා නම් .., හනිමුන් යන්න බැරිය දෑවැද්දෙන් සල්ලි අරන් ..,!!! (ස)

:       0       0

සංක Friday, 27 September 2013 10:22 AM

ගෙවල් දොරවල් පිරිසිදු කරනවානම් මියෝ ඉන්නේ නැහැ (දී)

:       1       0

මදුරන්ගි Friday, 27 September 2013 10:40 AM

දිසා ඔයාගේ නාඩි බලන්න මීටර් එකක් එහම තියනවද (දී)

:       0       0

හේරත් Friday, 27 September 2013 11:01 AM

නාඩ් බලල බෙහෙත් බොන්න්- ඔන්න බබෝ මේ අහන්න - කණ කොකාගේ සුදපෙන්නේ - ඌ ඉගිලෙන විටනේ අන්න.//(නදී)

:       0       0

මදුරන්ගි Friday, 27 September 2013 11:14 AM

අනේ හේරත් මාමේ මට ඔය කවි ලියන්න තේරෙන්නේ නෑ නේ.... (ස)

:       0       0

තිලක් Friday, 27 September 2013 11:19 AM

රුපවති අක්කේ මම වෝටර් පාර්ක් දෙකක් දැකල තියෙනවා. එකක් තායිලන්තේ පුකෙට් වල ඒක වතුරට බැහැල ජල ක්‍රීඩා කරන්න පුළුවන් රබර් ටියුබ් වල නැගල තෙමෙන්න නටන්න පුළුවන් දිස්නිලන්තේ වගේ නිර්මාණය කරපු තැනක්. (අ)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 27 September 2013 02:18 PM

දැන් කට්ටියටම සබන් කෑල්ල සහ මීයා අමතක වෙලා. කවි ටික සහ කතා ටික නම් හරි ෂෝක්. (ස)

:       0       0

සරත් Friday, 27 September 2013 02:46 PM

මදුරන්ගි, හිතන්නේ නැතිව ලියන්න, අපි හැමදේම කරන්නේ තේරිලා නෙවිනේ. (නදී)

:       0       0

ඩේවිඩ් Friday, 27 September 2013 03:58 PM

කොහෙද පහන් ඔයා ඉන්නේ ? අපට බලන්න පුලුවන්ද ? මමත් හරිම රස විඳිනවා ඔයාගේ හිත පිනවන ආශ්චර්ය කතා කියවලා. මැරෙන කොටත් හිනා වෙන ඔයා වගේ කෙනෙක් ලබන්න ඔයාගේ වයිෆ් මොන පින් කන්දරාවක් කරන්න ඇතිද ?(නදී)

:       0       0

චන්දි Friday, 27 September 2013 04:06 PM

ඒ වුනාට ඩේවිඩ් , පහන්ගේ වයිෆ් කිති කැව්වත් හිනාවෙන්නේ නැතිලු. ඔන්න අපි ලග හිටියානම් බලන්න තිබුනා පහන්ට. හිනාවෙන්නේ කොහොමද කියලා. කෝ පහන්ගේ ෆෝන් නම්බ එකවත් දෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

හේරත් Friday, 27 September 2013 04:32 PM

නමින් කපුරු හාමි - කට ඇරියම ගඳේ බැරිලු.(නදී)

:       0       0

චන්දි Friday, 27 September 2013 04:40 PM

හේරත් ඔයා මොකටද කපුරු හාමිගේ කට ඉබින්න ගියේ. මන් කියන්නම් කෝ අම්මට.(නදී)

:       0       0

ප්‍රේමකුමාර Friday, 27 September 2013 04:45 PM

රූපවතී අක්කේ, චන්දි අක්කේ, ඔයාලා දෙන්නා කැමති නම් තව මාස දහයකින් විතර, මාත් එක්ක රෙජිස්ටර් කන්තෝරුවට යන්න පුලුවන්. (ස)

:       0       0

හේරත් Friday, 27 September 2013 04:46 PM

අනේ අපේ අම්ම දන්නවා මන් ගැන. කට ඉබින්න ඕනේ නෑ අනේ. නහය තියෙන අයට ඉබේ දැනෙනවා.. හෙම්බිරිස්සාව නම් දැනෙන්නේ නෑ නාහේ වමට නම් වැඩකුත් නෑ චන්දි.(නදී)

:       0       0

හේරත් Friday, 27 September 2013 04:48 PM

චන්දි, උරුලෑවා කියන සතාගේ කට ඉඹින්නම ඕනෑද ගඳ දැනෙන්න. (නි)

:       0       0

චන්දි Friday, 27 September 2013 04:49 PM

අර මොකටද බන් මල්ලියේ ..!! (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 04:52 PM

ආදරේටනේ අක්කේ? (නි)

:       0       0

සරත් Friday, 27 September 2013 04:53 PM

චන්දිල, හේරත්ලා වැඩ පටන් අරගෙන වගේ. අපේ කන්තෝරුවේ ලොක්කත් බරටම සද්දේ. අපි නම් හීනියට ඕවා බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 27 September 2013 05:03 PM

මම මේ කියන සිද්ධිය නම් වාර්තා වුනේ කුරුණෑගල පැත්තෙන්, බිත්තර නානා පොල් බිස්නස් කරන කාලේ වෙච්ච සිද්ධියක් ගැන.. ඔන්න එක දවසක් බිත්තර නානා කුලියට හිටපු ගෙදර මීයන්ගෙන් හරිම කරදර නිසා නානාගේ බිරිඳ සුද්දී කියා සිටියේ වෙන ගෙයක් බලමු යනුවෙනි. නානා කියනවලු මොන පිස්සුද, මම ඉපදෙන්න ඉන්න දරුවන්ගේ ඔලුව හදල තියෙනවා, යක්කු එලවලා තියෙනවා, මීයෝ අල්ලන එක සුළු වැඩක්නේ කියමින් නානා තම කොලුවව කඩේට යැව්වේ මී කතුරක් රැගෙන එන්නටය. කඩේට ගිය කොලුවා ගෙදර ආවේ කඩේ මී කතුරු නැති බව කියමිනි. පසුව කඩේ මුදලාලි ඔහුගේ ගෝලයාට බැන වැදුනේ මී කතුරු නැත්නම් මී පාසානම් විකුණපන්..... සබන් නැත්නම්සබන් කුඩු... හාල් මැස්සෝ නැත්නම් කට්ටා කරවල විකුණපන් යනුවෙනි. මුදලාලි එසේ කියා දුන්නේය. ඔන්න දවසක් බිත්තර නානා මේ කඩේට ඇවිත් කොලුවෝ මට අත පිහීන ටිෂු පෙට්ටියක් දෙන්න යැයි ඉල්ලා සිටියේය. එවිට කඩේ කොලුවා කියා සිටියේ අනේ නානා ටිෂු නම් ඉවරයි.. නොම්මර එකේ වැලි කඩදාසි තියෙනවා දෙන්නද? යනුවෙනි (නි)

:       0       0

හේරත් Friday, 27 September 2013 06:31 PM

මදුරංගි දුවේ, 1. කවි ලියන්න පෙර කවි කියවන්න. හා ..හා..හරි හාවා ...දැන් මෙතනට ආවා - රස ගෝවා මේවා -කාපන් පොඩි හාවා// 2. බලන්න මේ පේළියකට අකුරු කීය ගානේ තියේද කියලා. 3. ඊට පස්සේ ගළපලා එකක් ලියන්න. (නි)

:       0       0

සකු Friday, 27 September 2013 08:26 PM

වැලි කඩදාසි තියෙනවා....තීන්ත පොගන කඩදාසි තියෙනවා ..... වැඩක් නෑ මුදලාලි..මට දෙනවද ගඩොල් බාගයක්. (අ)

:       0       0

ප්‍රේමකුමාර Friday, 27 September 2013 09:20 PM

චන්දි , වෙන මොකටද ඉතින් පොඩි උන්ගේ නම් රෙජිස්ටර් කරන්න මිසක් (අ)

:       0       0

චානක Friday, 27 September 2013 10:17 PM

මෝඩ මිනිස්සු

:       0       0

චන්දන Friday, 27 September 2013 11:26 PM

ලොබ කම වෙන මොකද්ද (දී)

:       0       0

චන්දි Friday, 27 September 2013 11:37 PM

මදුරන්ගි අපිත් ඉස්සර කවි ලිවේ ඉගෙනගෙන නොවෙයි .. එක දෙයක් ගැන නිකන් හිතන්න, හිතෙන දේ කොලේක ලියන්න, ඔයා දන්නෙම නැතිව ලස්සන කවියක් ලිවිලා තියේවි .., මේ විදියට ..!! හදවත ඔබේ එක තැනකට ගෙන එන්න.., මනසට ඔබේ එක කරුණක් අරගන්න..,දැනෙනා ලෙසට හැම වචනෙම කොලයක රදවන්න .. නොදනිම ඔබට කවියක් ලියවී මෙන්න ..!! (දී)

:       0       0

සකල බුජන් Friday, 27 September 2013 11:54 PM

රෙජිස්ටර් කරල තැපෑලෙන්ද යවන්නේ? නැතිනම් ඉන්දියන් යාලුවා අතේ කටුනායක හරහාද යවන්නේ?

:       0       0

රූපවතී Saturday, 28 September 2013 04:36 AM

ඔව් ..තිලක් මල්ලි,ඔයා කියන වෝර්ටර් පාර්ක් එක ගැන තමා මමත් කියන්නේ.මෙහෙ අපේ නිවසට ආසන්නයි. අපි නිතර යන වෝර්ටර් පාර්ක් දෙකක් තියනවා. අපේ ලංකාවේ සෑම නගරයකම මේ වගේ වෝර්ටර් පාර්ක්වත් ඉදිකළොත් මිනිසුන්ගේ ඔය පීඩාකාරී මනසට ගොඩාක් පිටුවහලක් (නි)

:       0       0

හේරත් Saturday, 28 September 2013 04:47 AM

චන්දි, කවි ලියන එක කලාවක්. මාත්‍ර විද්‍යාව, අක්ෂර විද්‍යාව වෙනම කලාවක්. ඒ අනුව තමයි සෙත් කවි වස් කවි ලියන්නේ , කියවන්නේ...ඒවාට බලයක් තියෙනවා. අහලා තියෙනවද ගුත්තිලය වෑත්තෑවේ හාමුදුරුවන්ගේ කතාව. අපේ සීයා වස් කවි සෙත් කවි ලියන්න හරි දක්ෂ හාමුදුරු කෙනෙක්. තාත්තාත් ඒකම කළ කෙනෙක්. එයාලා මට ශාස්ත්‍රය ඉගැන්නුවා. අඩුම ගානේ මාත්‍ර ටික ගලපන්න උත්සාහ ගන්න. අපායක්ෂර කවි පටන් ගන්න නරකයි .අයුතු පල ලබනවා.ගොඩක් දෙනා කියවනකොට ඒක ජපවෙලා මන්තරයක් වෙනවා.... නොදැනිම ඔබට කවියෙන් අවැඩ/වැඩ වෙන්න පුළුවන්. නුඹට සෙත්! (නි)

:       0       0

මලිති Saturday, 28 September 2013 05:45 AM

තිලක් කොහොමද ගැහැණු මොලේ? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 28 September 2013 06:51 AM

පහන්, ඔයා කොහොමටත් ටිකක් පරෙස්සම් වෙන්න, මේ ඩේවිඩ්ගෙයි, චන්දිගෙයි අදහස් ටිකක් බරපතලයි. (නි)

:       0       0

චන්දි Saturday, 28 September 2013 08:01 AM

පහන් මල්ලි ,කෝ ලස්සන කතාවක් කියන්නකෝ.ඔයා මොකෝ හැංගිලා? ඉන්දු මෙබර්න්ට බය වෙන්න එපා.එන්න එන්න ඇවි්ලලා අපිට මොකක් හරි කතාවක් කියන්න (නි)

:       0       0

සරත් Saturday, 28 September 2013 09:20 AM

චන්දි, ඔය දන්නේ නැද්ද, පහන්ට, නිවාඩුනේ, එයා ගෙදර ගියා. ඔයා ඔපදුපාවක් වත් දන්නේ නැහැනේ. (දී)

:       0       0

චන්දන Saturday, 28 September 2013 10:50 AM

අනේ කාලේ වනේ වාසේ

:       0       0

චන්දි Saturday, 28 September 2013 03:44 PM

ඉතින් සරත් ඔයා මට කලින් කියන්න එපැයි..!! හරි හරි මන් හෙට ඉදල ඕපා දුප හොයන්නම්කො ..!!! හැබැයි ඔයා ගැනත් හොයනවා හොදේ (අ)

:       0       0

ඩේවිඩ් Saturday, 28 September 2013 05:28 PM

මම නම් ඉන්නේ ඉර නොබසින අධිරාජ්ජයට ටිකක එහා. චන්දී කොයි පළාතේද ? ඔයත් මරු කතා කියනවා ; අහන්න පහන් කොහෙද ඉන්නේ කියල .ඉන්දු නම් හරිම ජෙලස්.(නදී)

:       0       0

ශාන්ති Saturday, 28 September 2013 06:03 PM

ඔයලගේ කතා හරේ රසවත් මම හරේ ආශාවෙන් බලනවා තව ලියන්න.(නදී)

:       0       0

චන්දි Saturday, 28 September 2013 06:34 PM

ආන්න ..!! ඩේවිඩ්ට විතරයි ඉන්දු ගැන හරියටම තේරුනේ. මට ඔය ටික කියා ගන්න බැරුව හිටියේ. ඩේවිඩ් ,සහෝදරයා මන් ලංකාවේ දකුණේ ., මෙහෙ ඉන්නේ මැදපෙරදිග රටක. පහන් කොහේ ඉන්නවද දන්නේ නහැ. බලමු පහන් කියයිද කියලා.(නදී)

:       0       0

හේරත් Saturday, 28 September 2013 09:50 PM

පහන් අයියේ,කියන්නකෝ අයියේ ඔයා කොහෙද කියලා (නි)

:       0       0

මලිති Saturday, 28 September 2013 09:57 PM

පහන් ඉන්නේ හදේද පහන්? (නි)

:       0       0

ගාමිණී Sunday, 29 September 2013 04:14 AM

ෂාහ්! නියම කට්ටියක්නේ සෙට් වෙලා තියෙන්නේ. අපිටත් බැරිද ඔයගොල්ලන්ට එකතු වෙන්න? හැබැයි කවි නම් ලියන්න දන්නේ නැහැ (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 06:29 AM

කවි එපා සහෝ ...කයිය ගහන පහන් කෝ? (නි)

:       0       0

ලලිත්-එස්.එල් Sunday, 29 September 2013 08:42 AM

අනේ මන්ද මේ මීයා ගැහැණු එකෙක්ද කොහෙද ඒකනේ මෙතරම් දරුණු.(නදී)

:       0       0

දිසානායක Sunday, 29 September 2013 09:14 AM

පහන්, තම තමන්ගෙන් රටට වෙන්න තියන යුතුකම් ගැනත් හිතන්න. නුබලා නොදන්නා දේවල් ගොඩක් සිද්දවෙනවා යටින්. එක්කෙනෛක්වත් නැහැ ඔලුව උස්සලා බලන්නේ. එහෙනම් අහගනිල්ලා. ගමනක් තිබේ යාමට විදිමින් ගහැට විනයක් කටියි දඩබල්ලන් මගේ රටට සමහරු නටයි බටහිරයාගේ පද වලට නොබියව යමව් අරනලු ඇති ලොවට.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 29 September 2013 09:15 AM

පහන් මේ තීරය අදුරු වෙලා ඉක්මනට ඇවිත් ආලෝකය කරන්න.(නදී)

:       0       0

චන්දි Sunday, 29 September 2013 10:33 AM

ගාමිණි. ඕකත් අහන්න දෙයක්ද ..?? එන්න එන්න .!! අපිත් එක්ක දුක,කදුළ වේදනාව සහ සැප සතුට බෙදා ගමු අපි එක්ක සතුටු වෙන්න කිවි ලියන්න දැනගන්නම ඕන නැහැ ,අපේ හිතවත් කතෘ තුමා මේ පිටුව ,මා.., ඔබ,අපි වෙනුවෙන් දීල තියෙන්නේ දුකින් ඉන්න අපිට සහනයක් සලසන්න ඔහුට මගේ ස්තුතිය පුදමි (හරේ...!! යං,යං අපේ බස් එකට ගාමිනිත් නැග්ගා) හැබැයි කව්රුවත් ඉස්සරහා හෝල්ඩ් බහිනවා කියන්න එපා.(නදී)

:       0       0

චන්දි Sunday, 29 September 2013 10:40 AM

ඔන්න පහන් ඔයා අදවත් ආවේ නැත්නම්.., අපිට කතාවක් කිවේ නැත්නම් ...,!! ''මම'' රේල්ලට බෙල්ල තියනවා ., ජිවිතේ එපා කියනවා .., කෝච්චිය ලං වෙනකොට මන් .....නැ . නැ, නෑ....එහෙම්මම ඉන්නවා...!!!(නදී)

:       0       0

ඩේවිඩ් Sunday, 29 September 2013 11:57 AM

පහන්ට,චොකලට් එකක් දෙමුද චන්දි.(නදී)

:       0       0

ඩේව්ඩ් Sunday, 29 September 2013 12:05 PM

අපි මොනවා කරන්නද දිසා, අපි අහසේ බැබලෙන පුංචි තාරුකා වගේ.ඉර ,හඳ වගේ තවත් ග්‍රහලෝක විශ්වයේ තියෙනවා නේද ?ඒවා අපිට වඩා සිය දහස් වරක් බලවත්. (නි)

:       0       0

ඩේව්ඩ් Sunday, 29 September 2013 12:08 PM

මොකද දිසා අපේ පහන අඳුරු කළේ? (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි Sunday, 29 September 2013 12:29 PM

ඡන්දි අක්කේ මේක අහලා පොඩ්ඩක් හිනාවෙන්කෝ. හිරේ හිටපු මිනිහෙක් විවාහයක් කර දෙන්න කියලා ගහකට නැග්ගලු. එතනට වෛද්‍යවරු පිරිසක් ඇවිත් කිව්වලු අපි ඒක කරලා දෙන්නම් බහින්න කියලා. මේ මනුස්සයා බැස්සේම නැතිලු. පස්සේ වෛද්‍යවරු කිව්වලු බැස්සේ නැත්නම් ගහ කපනවා කියලා. ඒත් බැස්සේ නැතිලු. ඔය අතරේ එතනට ආපු පිස්සෙක් කිව්වලු සර් මම එක් විනාඩියෙන් බස්සනම් කියලා. වෛද්‍යවරු පුදුම වුනාලු. පිස්සු මනුස්සයා ගහ ලගට ගිහින් කිව්වලු බැහැපන් නැත්නම් ගහ කපනවා කියලා. කියපු ගමන් අර මනුස්සයා රූස් ගහලා ගහෙන් බැස්සලු. වෛද්‍යවරු ඇහුවල් ඇයි අපි බහින්න කිව්වම බැස්සේ නැහැ ඇයි දැන් බැස්සේ කියලා. එතකොට කිව්වලු පිස්සුද සර් මේ මිනිහා ෂුවර් එකටම ගහ කපනවා ඒකයි බැස්සේ කියලා.(නදී)

:       0       0

චන්දි Sunday, 29 September 2013 12:33 PM

එක තමයි ඩේවිඩ් ..!! මන් හිතන්නේ චොකලට් දීලත් බැහැ වගේ .., පහන්ව හොයා ගන්න . මෙයා හැංගි මුත්තන් සෙල්ලමවත් කරනවාද..?(නදී)

:       0       0

නිලූ Sunday, 29 September 2013 05:08 PM

චන්දි අක්කේ, මම ඔයාටයි කතාව ලිවුවේ. හැබැයි පොඩි වැරදීමක් වෙලා (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 06:34 PM

කෝ මේ කොලුවා...පහන්, මම පහන්ට බඩුවක් ගෙනාවා.ආවොත් දෙනවා. (නි) .

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 06:52 PM

මේ මීයා කාට හෝ අයිති එකෙක්ද? (නි)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:26 PM

අනේ කොහොම අයිතිය කියන්නද? මීයාව කාලනේ මේ බැළලියෝ? (නි)

:       0       0

ඩේවිඩ් Sunday, 29 September 2013 10:36 PM

පහන් ගේ නෝනා එයාව කාමරයකට දමලා අගුලු දමළලු. කාන්තා පක්ෂයෙන් බේරගන්න බැරි නිසා.අපිට හුලං කතා තමා අහන්න වෙන්නේ.උද්ගෝෂණයක් දමමුද චන්දි? (නි)

:       0       0

දොන්සේතං Monday, 30 September 2013 12:50 AM

ඔන්න එක ගමක කොලුවෙක හිටියා. ඒ කොලුවා වෙලට ගොස් පලාවර්ග කපාගෙන ඇවිල්ලා පොළට රැගෙන ගොස් විකුණනවා.ඒ කොලුවා පොළේදී මේ ආකාරයට කෑගසමින් පලා විකුණනවා.එන්න එන්න පලා ගන්න එන්න.අර නෝනත් පලා ගත්තා . මේ මහත්තයත් පලා ගන්න එන්න.ඉතින් හුගක් අය මේ කොලුවා ළගට ඇවිල්ලා පලා අරගෙන යනවා. (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 06:24 AM

ඉතින් දොන්, ඔයත් පලා ගත්තද? මට නම් දුකයි.මම යනකොට ඉවරයි. (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 09:01 AM

ඔය කොල්ලා කෑගහනකොට රූපනේ ගිහින් ඉස්සෙල්ලම පලා ගත්තේ .... (නි)

:       0       0

හේරත් Monday, 30 September 2013 09:31 AM

පහනට බඩුවක් ගෙනාවා කිව්වත් සද්ද නැහැ.හනික වරෝ.... (නි)

:       0       0

චන්දි Monday, 30 September 2013 10:30 AM

මං හිතන්නේ නම් ඩේවිඩ් .. පහන් ගේ වයිෆ් පහන්ව ඩිවෝස් කරන්න නඩු දාලා ., දැන් එයා දික්කසාද පෝලිමේ වෙන්නැති .. ඕක ඉවරවෙලා පහන් කවද එයිද මන්දා !! කවදා ආවත් මං නොමැරී ඉන්නවා පහන් ඔයා එනකම් (කතාවක් අහන්න විතරයි හොඳේ. ) (ස)

:       0       0

චන්දි Monday, 30 September 2013 10:36 AM

නිලූ නංගි, කතාව හොදයි. මට ටිකක් හිනා ගියා. මමත් දැන් හදන්නේ මරු වැඩක් කරන්න.මමත් නගිනවා ගහකට. පහන් එනතුරු බහින්නේ නැහැ (නි)

:       0       0

සරත් Monday, 30 September 2013 11:24 AM

දොන් නොකියා කිවුවා නේද. හොඳ හොඳා. (ස)

:       0       0

චන්දි Monday, 30 September 2013 01:05 PM

කෝ මේ අපේ බස් එකට ගාමිණි කියලා කෙනෙක් ගොඩ වුනා.., පේන්න නැත්තේ මොකෝ .!! ටිකට් අරන් නැතුව ගිහින් ටික්කො පැනලා අල්ලන් ගියාවත්ද ,,!! (ස)

:       0       0

අමරසේන Monday, 30 September 2013 01:34 PM

ඒතකොට දොන් සේතං ඔය නෝනා කොයි පලාතේ කෙනෙක්ද? (නදී)

:       0       0

හේරත් Monday, 30 September 2013 06:37 PM

මොන පළාතේ වුණත් නෝනා නෝනාම තමයි නෝනා මහත්තයෝ. (නි)

:       0       0

චන්දි Monday, 30 September 2013 07:02 PM

නෝනා නාන්න නම් නාන්න .., නොනාන්න නම් නොනාන්න (නදී)

:       0       0

අමර ෙස්න Monday, 30 September 2013 08:03 PM

‍දොං සේතන් කියලා තියෙන්නේ ඇග කිලි පොලා යන කතාවක්නේ?(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Monday, 30 September 2013 11:31 PM

අමරසිංහ මහත්තයා, ඒ නෝනා වයඹ පලාතේ (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 03:07 AM

ඔන්න අද උදේ මම මාකට්ටුවට ගියා පලා ගන්න. ඔක්කොම පලා ගැනිලි නවත්තල පොල් ගැනිලි දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා. පොලීසියෙනුත් ආවා. හමුදාවෙනුත් ආවා. එක්කෙනෙක් කියාපි, බැහැපිය ගහෙන් විනාඩි 10 දෙනවා, කියලා. කොල්ලෙක් කිව්වා මම විනාඩි 60 දෙනවා බහින්න එපා කියලා. කිට්ටු කරලා බැලින්නම් ගහේ ඉන්නේ චන්ඩි නෝනා නේ. කොල්ල පහන් නෙව.මමත් නගිනවා ගහට සරම මුහුනේ ඔතාගෙන. ලැජ්ජාවේ බැහැ. (නි)

:       0       0

කටා මාමා Tuesday, 01 October 2013 03:59 AM

දවසක් කන රිදෙනවට බෙහෙත් ගන්න ගියාම ටැමිල් ලේඩි ඩොක්ටර් කෙනෙක් මගෙනුත් අහපි, "ආ.. ඔයා ආවේ කන පලා ගන්නද" කියලා.. (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 05:31 AM

කටා මාමාටත් වැදිලා කන හරහා... කව්ද?කොහෙදිද? (නි)

:       0       0

හේරත් Tuesday, 01 October 2013 06:43 AM

පත්තරේ බැලුවට, ආඩාපාලි ලිව්වට, ෆෝන් එකවත් කනට නම් ගන්නේ නැහැ. කටා මාමාටත් වැරදුනු කොට... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 01 October 2013 09:00 AM

හි..හි..හි..හිනා හිනා හිනා හිනා වෙන්න හිනා ඇගිල්ල ..කිහිල්ලේ ගසා පොඩ්ඩක් වෙන්න හිනා .... (නි)

:       0       0

ජානී Wednesday, 02 October 2013 05:19 AM

මට දැන් මතක් වුනේ.දවසක් මම මාර්කට් ගිය වෙලේ වෙළෙන්දෙක් මට කිව්වා ආ ,නෝනා බටු ගන්න ,පලා ගන්න කියලා. මං එපා කිව්වා. (නි)

:       0       0

පෙත්තා Wednesday, 02 October 2013 06:13 AM

ගෙදර කලින් ගෙනාපුවා තිබුන නිසා නේ ජානි එහෙම කිව්වේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 06:59 AM

අර එංගලන්තේ ඉන්නවා කිව්ව නරිය ඔය පැත්තේ ඒවිද බලාගෙන අනේ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 02 October 2013 01:10 PM

මොකද අනේ ඔයාල මේ පරණ නිවුස් අලත් කර කර ඉන්නේ, දැන් මාරු වෙන්න අලුත් දෙයියෝ සාක්කි එකට, මට තව ටිකෙන් මේකේ තියෙන කොමෙන්ට්ස් ටික මිස් වෙනවා බැලුවේ නැත්නම්. පරණ වෙනකොට මාරු කරන්න පුරුදු වෙන්න!(නදී)

:       0       0

පෙරේරා Wednesday, 02 October 2013 07:35 PM

මොනවද ඉන්දු මේ උපදෙස්? ඒ කියන්නේ හැමදාම අලුත් ඒවාද? (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 03 October 2013 04:52 AM

මෙච්චර කියලත් නැවතත් ආවා නේද පරණ එකට. ඔව් පෙරේරා, මම කියන්නේ පරණ වෙනකොට මාරු කරන්න කියලයි. (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 05:38 AM

ඉන්දු නගා හැඩකාරයි - ආදරයක් නැති ගානයි - දවස් තුනෙන් මාරු කරයි මේවා අහලා මගෙ පන යයි..... (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 03 October 2013 11:42 AM

අයියා පෙරේරා, ගන්න හරියට බේරා... තෝරා කිව්වේ මම බේරා... මාරු කරමුද "පුවත් " බීරා !... ජීවිතේ පළමු වතාවට කවියක් ලිව්වා ලංකාදීපයට පින්සිද්ධ වෙන්න. (නි)

:       0       0

පෙරේරා Thursday, 03 October 2013 09:27 PM

මේ දවස් තුනේ නිතිය ආවොත් දැන් මමත් මාරු වෙන කාලේ හරි. මාරු වෙලා ඊළඟට කොරන්න දන්නෙත් මේකම තමයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site