නිවසේ ජීවත් වූයේ සැමියා සහ බිරිඳත්, ඇයගේ සුරතල් පූසන් දෙදෙනාත් පමණි. බිරිඳගේ ඇඳේ නිදාගැනීම පූසන්ගේ සිරිතය. පූසන් සතෙක් දඩයම් කළොත් උන්ගේ කටින් දඩයම උදුරාගෙන නිදහස් කිරීම ඇයගේ සිරිතය.
මස් මාළු යහමින් ලැබෙන නිසා පූසෝ දෙදෙනා කිසිම දඩයමක් නොකර ඇය අසලට වී කාලය ගත කළහ. පූසන්ගෙන් කරදරයක් නොවූ නිසා නිවසේ මීයෝ රජ කරන්නට වූහ.
දිනක් කුස්සියට ගිය සැමියාට, මේසය මත මීයෙකු දිවයනු දැක, කේන්තිය ඉහවහා ගියේය.‘‘බලන්නකෝ ඔයාගේ හුරතල්කම හින්දා පූසෝ මීයන් අල්ලන්නේ නැහැ. මීයෝ කුස්සියේ බල්ටි ගහනවා’’ඔහු කෝපයෙන් පැවසීය.
‘‘පූසන්ට සත්තු අල්ලන්න දෙන්න හොඳ නැහැ.’’ ඇය සිනාසෙමින් කීවාය.
නගරයට ගිය සැමියා නිවසට පැමිණියේ මී කතුරක්ද රැගෙනය. රාත්‍රියේ පොල් කෑල්ලක් පිළිස්සූ ඔහු එය මී කතුරට සවිකර කුස්සියේ ඇටවූයේය. කාමරයට පැමිණි ඔහු නිදන්නට විය. තද පිපාසයක් ඇතිවී මැදියම් රැයේ අවදිවූ හෙතෙම වතුර බීමට කුස්සියට ගියේය. නිදිමතේ ඔහු පය තැබුවේ මී කතුරටය.
‘‘අම්මෝ’’ යි ඔහු මරහඬ දුන්නේය.‘‘අැයි මොකද’’ කියමින් බිරිඳ හනික කුස්සියට පැමිණියාය. බළලුන් දෙදෙනා ඇය පසු පසය.
සැමියාගේ පාදයේ ඇඟිලි මී කතුරේ තදින් හිරවී ලේ ගලමින් තිබිණි. මීකතුරත් සමඟම ඔහුට රෝහලට යෑමට සිදුවිය.
අනුරාධපුරය ක්‍රිස්ටෝපර් සීපියන්
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මීයාට ඇටවූ මී කතුරේ සැමියා හිරවෙලා