X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 06 වන ඉරිදා


මුඛවාඩම් හදිස්සියට හං ගඳ අමුඩ ලෙන්සුවක්

මුඛ වාඩම අමතකව තේ දලු‍ කැඩීමට ගිය කාන්තාවකට සිය සැමියාගේ අමුඩ ලේන්සුවෙන් මුඛ වාඩමක් බැඳගෙන වැඩකිරීමට සිදුවූ පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


සිද්ධිය සැකෙවින් මෙසේය,


තම දූදරුවන් තමන්ගෙන් වෙන්ව දීග තල ගොස් ඇති බැවින් නිවසේ ජීවත්වන්නේ මෙම වයෝවෘද්ධ යුවළ පමණි. තේ වගාව තම එකම ජීවනෝපාය කර ගත් මෙම දෙන්න දෙමහල්ලන් උදේ පටන් සවස් වන තුරුම ගතකරන්නේ තම තේ ඉඩමේය.


පසුගිය දිනෙකද සිරිත් පරිදි දෙදෙනා තේ ඉඩමේ වැඩෙහි යෙදී සිටියහ. කාන්තාව දලු‍ නෙළීමේ නිරතව සිටි අතර ස්වාමියා වල් පැළ නෙළමින් සිටියේය.


නගරයේ තරම් කොරෝනා බියක් ගම්බද ප්‍රදේශයට දැනී නොතිබුණද සෞඛ්‍ය උපදෙස් උපරිම ආකාරයෙන් අනුගමනය කිරීමට සියලු‍ දෙනා උනන්දුවූහ. 


දෙදෙනා එදින වැඩෙහි යෙදෙමින් සිටින අතර කිසියම් පිරිසක් බඩවැටිය දිගේ ගමන් කරනු දක්නට ලැබී ඇත. විපරම් කර බැලීමේදී කාකි ඇඳුමක් ඇඳගත් අයෙක්ද එහි සිටි බැව් ඇයට පැහැදිලි විය.


මේ යන්නේ පොලිස් නිලධාරි මහත්තයෙක් හෝ සෞඛ්‍ය නිලධාරි මහත්තයෙක්ම විය හැකි යැයි කල්පනා කළ ඈ මුඛවාඩමක් පැළඳ සිටීම කොහොමටත් ඇඟට ගුණ යැයි සිතා තරමක් ඈතින් වැඩෙහි යෙදී සිටි ගෙහිමියාට කතාකර කාරණාව කියා ඉක්මනින් තමාට මුඛවාඩමක් ගෙනත් දෙන ලෙස ඉල්ලා සිටියාය.


දවසේ වැඩි කාලයක් රහමෙර පානය කර සිටින ඔහුට කාකි කෝට් එකක් ගැන ඇසෙන විටත් උතුර දකුණ මාරුවිය. වහා නිවෙසට දිව ගොස් රෙදි වැල් සහ අල්මාරිය අවුස්සා බැලු‍වද මුඛවාඩමක් සොයා ගැනීමට ඔහු අසමත් විය.


 මිදුලට පැන්න ඔහුට වැලේ වනා තිබූ තම අමුඩ ලේන්සුව දිස්විය. එය රැගත් ඔහු වහා දිවගොස් එය බිරිඳ අතට දුන්නේ”‍ දැනට මෙන්න මේකවත් මූණෙ බැඳගනින්,  ගෙදර ඇති මුඛවාඩමක්  නෑ”‍ කියමිනි.


එය අතට ගත් බිරිඳ අපෝ මේකෙ හං ගඳ ”‍කියා නහය හකුළා ගත්තත්”‍ යෝදියෙ ඕකෙ ගඳ සුවඳ බලන්නෙ නැතුව ඉක්මනට බැඳගනින් මූණෙ”‍යැයි කියූ ඔහු තේ ගස් අතර නොපෙනී ගියේය.

(පොල්ගස්ඕවිට එස් වික්‍රමආරච්චි)

 



අදහස් (0)

මුඛවාඩම් හදිස්සියට හං ගඳ අමුඩ ලෙන්සුවක්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site