X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 23 වන සඳුදා


මුදල් පලහිලව්වකට ගුටි ඇනගෙන අම්මයි දුවයි පොලිස් කූඩුවේ

”සිඟාලෝවාද සූත‍්‍රයේ සඳහන් වෙනවා දරුවන්ගෙන් මවුපියන්ට ඉටුවිය යුතුකම් හා මවුපියන්ගෙන් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම්. ඒ දෙකම පැහැර හරිමින් ඔබ දෙදෙනා උඩ බලාගෙන කෙළගසා ගැනීම ලැජ්ජාවට කරුණක් යැයි” බණ්ඩාරගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඩබ්ලිව්.ඒ.ආර්. කරුණාරත්න මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ බණ්ඩාරගම බොල්ගොඩ එකම නිවසක පදිංචි වයස අවුරුදු 52ක මවක් හා වයස අවුරුදු 25ක දියණියක් අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සිදුවූ ගුටිබැට හුවමාරුවක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමේන් අනතුරුව දෙදෙනාම නිල කාමරයට කැඳවා පැමිණිල්ල විභාග කරමිනි.
දියණියගේ කරුණු සාවධානව අසා සිටි ස්ථානාධිපති වයස කීයදැයි විමසීය. වයස අවුරුදු විසිපහක් බව ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව මව ද කාමරයට ගෙන්වා කරුණු විමසීමට ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.
අනතුරුව දියණිය දෙසට හැරුණු වැඩබලන ස්ථානාධිපති, අම්මා කෙනෙක් දරුවෙක්ගේ අතක් පයක් නොකඩා ලොකු මහත් කිරීමට පුදුමාකාර කැප කිරීමක් කරනවා. ඒ බව තමන්ට නොතේරෙන්න විදියක් නැහැ. තමනුත් වයස අවුරුදු පහක දියණියකගේ මවක්. කවදා හෝ තමාගේ ඔය කුඩා දියණිය ලොකු මහත් වී තමන්ටත් ඔය ලෙස වෙනස් කම් කළොත් සිතට දැනෙන සිතුවිලි කෙබඳු ද? එම නිසා දස මසක් කුස හොවා ලේ කිරි කර පොවා ඇති දැඩි කළ මෑණියන්ට එකට එක කරන්න යන්න එපා. බුද්ධිමත්ව වගේම ආදර්ශමත් ජීවිතයක් ගත කිරීමට මේ මොහොතේ සිට හෝ සිතට ගන්න.
මව දෙසට හැරුණු ස්ථානාධිපති තමන් දියණියට වඩා මුහුකුරා ගිය අත්දැකීම් ඇති ගැහැනික්. තමන් මේ ගැටුම් ඇති කර ගන්නේ තමන්ගේ ලේ වලින් ඇති දැඩි වුණු දියණියත් සමගයි. මිනිසත් බව ලබා තිරිසනුන් මෙන් හැසිරීම මිනිසත් බවටත් ලැජ්ජයි. ආයෙත් මේ වගේ වෛරක්කාරයෝ ලෙස හැසිරී ජීවිතයක් නැති වුණාට පසු පොලිසියට දොස් කියන්න එපා.
දෙදෙනාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.
මවට ලොකු දියණියත් ඇප වූ අතර දියණියට ඇයගේ ස්වාමි පුරුෂයා ඇප වීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරීමට ස්ථානාධිපති නියෝග කළේ යළි අධිකරණයට පැමිණිමට නියමිත දිනය ද දන්වන ලෙස සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට පවසමිනි.



අදහස් (0)

මුදල් පලහිලව්වකට ගුටි ඇනගෙන අම්මයි දුවයි පොලිස් කූඩුවේ

වරුණ Tuesday, 11 June 2013 11:34 AM

ඕකෙන් තේරුම් ගන්න පුළුවන් එක දෙයයි අස්චාර්ය එක්කම රටේ මිනිස්සු දරුවන් දෙමව්පියන් අතර බෙදීම් පිරිහිලා තාත්ත දුවව අදුනන්නේ නැහැ අයිය, නංගිව අදුනන්නේ නැහැ. සල්ලිවලට මිනි මරා ගන්න යුගයක් මේක. මට නම් මේවා දැක්කම කණගාටුවක් එන්නේ. රටේ පවතින දේශපාලන ක්‍රමය හා පාලකයන් මේවට වග කිව යුතුයි.(නදී)

:       0       0

සෂීමාල් Tuesday, 11 June 2013 01:48 PM

ආදර්ශවත් පොලිස් නිලදාරියෙක්.(ස)

:       0       0

උපාලි Tuesday, 11 June 2013 03:13 PM

මේ දෙන්නම මහා නැහැදීච්ච අම්මෙකුයි දුවකුයි වගේ. මොනතරම් මුදල් ප්‍රශ්න තිබුනත් පොදුවේ ගත්තොත් අපේ සමාජයේ පවුල් අභ්‍යන්තරයේ අම්මලා දුලා අතර අතරේ ගුටි ගසා ගැනීම් ඇතිවෙන්නේ නැහැ මුදල් බෙදා ගන්න. (නි)

:       0       0

චින්තක Tuesday, 11 June 2013 03:48 PM

පොලිස් නිලධාරියාගේ උපදෙසට ගරු කරමි. (ස)

:       0       0

සාලිය Tuesday, 11 June 2013 06:01 PM

කෝ කෝ අපේ සේනාව? (නි)

:       0       0

ලලිත් Tuesday, 11 June 2013 07:55 PM

වරුණ නිකම් මෝඩයෙක් වගේ හැම දෙයකටම දේශපාලනය , ආශ්චර්ය ගාවගෙන අදහස් දමන්න එපා. සමහර මිනිස්සුන්ගේ තියන අශිලාචාර ගති වලට රජයකට, දේශපාලන දර්ශනයකට සමාන කරලා දොස් කියන්න තරම් කුහකයෙකු වීම ගැන ඔබ ඔබ කෙරෙහිම කණගාටු විය යුතුය.(නදී)

:       0       0

නිසාම් Wednesday, 12 June 2013 12:01 AM

සාලිය, සේනාව අශෝක මාලා ව හොයාගෙන ගිහින්. ඔයාටත් ගියොත් මොනවහරි කරගන්න පුළුවන්. (නදී)

:       0       0

දම්මිකා Wednesday, 12 June 2013 06:01 AM

අනේ අපොයි මෙහෙමත් නාටක (නි)

:       0       0

තුෂාර Wednesday, 12 June 2013 08:23 AM

වරුණ වගේ අය ඉන්නකන් අපේ රට ගොඩ ගන්න බැහැ. ගෙදර ප්‍රස්න බලන්නෙත් ආණ්ඩුව කල දේවල් කියා. අම්මල දුල මුදලට තමන්ගේ කම අමතක කලාට ආණ්ඩුව පලිද ? නැහැ අපි හැදුනොත් අපේ රට ඉබේම හැදෙනවා.(නදී)

:       0       0

වික්‍රම Wednesday, 12 June 2013 12:38 PM

අපේ ගෙවල් වල පවුල් වල ඇති වන සෑම ප්‍රශ්නයක්ම ආශ්චර්යය පිට දාලා ආණ්ඩුවට බැන බැන ඉන්න එක පිරිහුණු මිනිසුන්ගේ ලක්ෂණයක් කියලයි මට නම් හිතෙන්නේ. අපේ ප්‍රශ්න අපිම විසඳා ගන්නෙ නැතුව ආණ්ඩුවෙන් ‍විසඳලා දෙනකල් බලා ඉන්න එකත් දැන් කලාවක් වෙලා. වරුණලා ගැන අපි අනුකම්පා කළ යුතුයි. (නි)

:       0       0

චානක Thursday, 13 June 2013 04:20 PM

හොඳ පොලිස් නිලධාරියක් හැබැයි ඔය වගේ දේවල් ලොකුවට හිතන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site